අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට පෙර ලාල් කාන්තට අධ්‍යාපනයක් ලබා දී ඔහුව ප්‍රතිසංස්කරණය කළ යුතුයි..
මිහින්තලා රජමහා විහාරාධිපති නායක හිමියන්ට 'වනචාරියා' යැයි ආමන්ත්‍රණය කරමින් අගෞරව කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාට අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ දැඩි ලෙස දොස් පවරා සිටිති.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ සැබෑ 'වනචාරියා' කවුද යන්න රටේ ජනතාව හොඳින් හඳුනාගෙන ඇති බවයි.
අමාත්‍යවරයාගේ අතීතය පිළිබඳව අදහස් දක්වමින් සුමංගල හිමියන් සඳහන් කළේ, අමාත්‍යවරයා අනුරාධපුරයේ කසිප්පු තිප්පොළවල ගැවසෙමින් කිසිදු නිසි අධ්‍යාපනයක් නොලැබූ අයෙකු බවයි.
මීට පෙර හෙද සහෝදරියන්ගේ ශරීර අවයව පිළිබඳව අශෝභන ලෙස ප්‍රකාශ නිකුත් කරමින් අසභ්‍ය ලෙස හැසිරුණු ආකාරයෙන්ම, අද මහා සංඝරත්නයට අපහාස කිරීම මගින් ඔහුගේ සැබෑ ස්වරූපය පැහැදිලි වන බව උන්වහන්සේ අවධාරණය කළහ.
මිහිඳු හිමියන් විසින් මෙරටට දායාද කළ මහින්ද සංස්කෘතිය හා මහා විහාර අධ්‍යාපන සම්ප්‍රදාය පිළිබඳව අමාත්‍යවරයාට කිසිදු අවබෝධයක් නොමැති බව උන්වහන්සේ පැවසූහ.
විද්‍යාලංකාර සහ විද්‍යෝදය වැනි මහා විශ්වවිද්‍යාල බිහිවූයේ මෙම ඓතිහාසික අධ්‍යාපන දිගුවක් ලෙස බවත්, අනුරාධපුරයේ ඉපදී වැලි පෑගූ පමණින් එම උතුම් ඉතිහාසය පිළිබඳව මෙවැනි පුද්ගලයන්ට දැනුමක් නොමැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 30ක පළපුරුද්දක් ඇති ගුරු-විදුහල්පතිවරුන් ලෙස තමන් මෙරට දරුවන් දහස් ගණනක් ගුණවතුන් කර ඇති බව පැවසූ සුමංගල හිමියන්, "අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට පෙර ලාල් කාන්තට අධ්‍යාපනයක් ලබා දී ඔහුව ප්‍රතිසංස්කරණය කළ යුතු" යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ,.
වසර 400ක් පුරා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සහ මිෂනාරි ආක්‍රමණවලින් මෙරට අධ්‍යාපන ක්‍රමය ආරක්ෂා කරගත්තේ මහා සංඝරත්නය බව උන්වහන්සේ සිහිපත් කළහ.
වත්මන් රජය සිදු කිරීමට යන "අධ්‍යාපන පරිවර්තනය" යනු සංස්කෘතිකව ගොඩනැගුණු අධ්‍යාපනයට 'කුණුහරුප' ඇතුළු කිරීමක් බවත්, එවැනි ක්‍රියාවලට එරෙහිව නොබියව පෙනී සිටින බවත් පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්