විදුලිය උත්පාදනයට වික්ටෝරියා ජලාශයෙන් සීමාව ඉක්මවා ජලය ගන්න ආණ්ඩුව තීරණය කරලා - දුමින්ද නාගමුව
විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ආකාරයෙන් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
එහි ලේකම් දුමින්ද නාගමුව මහතා නුගේගොඩ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අනාවරණ කළේය.
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය හේතුවෙන් තාප විදුලි උත්පාදනය අඩුවීමට පිළියමක් ලෙස මෙම පියවර ගැනීමට යෝජනාවී ඇති බව ද ඔහු අවධාරණය කරයි.
පසුගිය මාර්තු 24 වෙනිදා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බව බහුජන ලේකම්වරයා පෙන්වා දුන්නේය.
"බාල ගල්අඟුරු හේතුවෙන් නොරොච්චෝලෙ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනය අඩාල වීම නිසා විදුලි නිෂ්පාදනයට ඩීසල් බලාගාරවල විදුලිය ජනනය කිරීමේදී අධික පිරිවැයක් දරන්නට සිදුවෙන බව දැනටමත් වාර්තා වෙනවා. සිදුවන පිරිවැය පාරිභෝගිකයන් මත පැටවීමට එරෙහි විරෝධතා මතුවන නිසා ආණ්ඩුව මෙම තීන්දුව අරන්. 'එකක් කඩතොලු වසා ගන්නට ගිහින් මට වූ කාරියා' කියලා අර ඉඳුරුවෙ ආචාරියා ගැන කියනවා වගේ දැන් ආණ්ඩුව මේ බාල ගල්අඟුරු ප්‍රශ්නය නිසා සීයක් කඩතොලු ඇතිරමින් තිබෙනවා.
අපට තොරතුරු ලැබී තිබෙන ආකාරයට වික්ටෝරියා ජලාශයේ ජලය, පානීය ජල අවශ්‍යතා වනුවෙන් භාවිත කිරීම සඳහා මුහුදු මට්ටමේ සිට මීටර් 422 පට්ටමේ පවත්වාගෙන යාම අවශ්‍ය වන නමුත් මේ ආණ්ඩුවෙ හිතුවක්කාර තීරණ නිසා එම සීමාව පහත වැටීමක් වෙනවා.
ජලාශවල ජලය අධික වශයෙන් විදුලි බල උත්පාදනයට යොදවා ගැනීම හේතුවෙන් මේ වනවිට මහනුවර, කුණ්ඩසාලේ හා දිගන ප්‍රදේශ කිහිපයකට පානීය ජලය සපයන බලගොල්ල පොම්පාගාරය අකර්මන්‍ය වන තත්වයක් මේ වනවිට උද්ගතව තිබෙනවා.
මේ වනවිට ජල සැපයුම් සබඳතා 17000කට පානීය ජලය සැපයුම ගැටලුවක් වෙලා. බවුසර් මගින් ජලය සැපයීමට පියවර ගෙන ඇතත් පාරිභෝගික අවශ්‍යතාව ඝන මීටර් 12000ක් වුවත් දෛනිකව බෙදාහරින්නට හැකිව තියෙන්නෙ ඝනමීටර් 500ක් පමණයි.
ඒ විතරක් නෙවෙයි, මේ හේතුව නිසා පල්කෙැලේ ආයෝජන කලාපයේ ඇතැම් කම්හල්වල නිෂ්පාදන ඉලක්ක සැපිරීම අභියෝගයක් වෙලා, මොකද ජලය නැති නිසා අප්‍රේල් 10 වැනිදා කම්හල් වසා දමන්නට පියවර අරන්."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා