ඇමති ලාල්ගේ වත්කම් බැරකම් ප්‍රකාශය ලීක් වෙයි.. වත්කම් ප්‍රකාශයේ කෝටි හතක දේපල.. අලුත් තෙමහල් සුපිරි නිවස එහි නෑ..
තමන් ඉතා අසීරු ආර්ථික ජීවිතයක් ගත කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ 2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශය යැයි කියනු ලබන ලේඛනයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්වෙමින් පවතී.
ප්‍රවීණ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇති මෙම ලේඛනයට අනුව, මින් පෙර ඇමතිවරයා විසින් සිදුකළ ප්‍රකාශ සහ ඔහුගේ වත්කම් අතර පරස්පරතාවයක් පවතින බවට චෝදනා එල්ල වේ.
කුරගමගේ දොන් ලාල් කාන්ත යන නමින් පෙනී සිටින මෙම ප්‍රකාශය 2025 දෙසැම්බර් 26 වන දින සහතික කර ඇති අතර, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ඒ සඳහා අත්සන් තබා ඇත. එම ලේඛනයට අනුව අමාත්‍යවරයා සතු දේපළ කිහිපයක් මෙසේය.
- රුපියල් ලක්ෂ 670ක පමණ වටිනාකමකින් යුත් ගොඩනැඟිලි සහ නිශ්චල දේපළ.
- රුපියල් ලක්ෂ 46ක් පමණ වටිනා රන් පවුම් සහ ආභරණ.
- මිතුරෙකු ලබාදුන් මුදලින් මිලදී ගත් බව කියන රුපියල් ලක්ෂ 45ක් වටිනා මෝටර් රථයක්.
- කොටස් වෙළඳපොළේ ලියාපදිංචි සමාගම් 10ක සිදුකර ඇති ආයෝජන.
- බැංකු ගිණුම්වල ඇති රුපියල් ලක්ෂ 9ක මුදලක්.
උවිඳු කුරුකුලසූරිය මහතා පෙන්වා දෙන්නේ පසුගිය කාලසීමාවේ දැඩි ආන්දෝලනයට තුඩු දුන් කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ පිහිටි අමාත්‍යවරයාගේ සුපිරි තෙමහල් නිවස මෙම වත්කම් ප්‍රකාශයට ඇතුළත් කර නොමැති බවයි.
තමන්ට පෙන්වීමට තරම් වත්කමක් නොමැති බවට අමාත්‍යවරයා මීට පෙර මාධ්‍ය හමුවේ පවසා තිබුණද, මෙම ලේඛනය මඟින් හෙළිවන කරුණු ඊට පටහැනි බව ඔහු පවසයි.
"බිරිඳගේ වැටුපෙන් ජීවත් වන, දුවගේ ටියුෂන් ගාස්තු ගෙවා ගැනීමට නොහැකිව පක්ෂ සහෝදරයන් ලබාදෙන සහල් සහ පොල්වලින් ජීවිතය ගැටගසා ගන්නා" බව පවසන දේශපාලනඥයෙකු සතුව මෙවැනි වත්කම් පැවතීම පිළිබඳව විවේචන එල්ල වෙමින් පවතී.
මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අවධානය යොමු විය යුතු බවද අදාළ සටහන මඟින් අවධාරණය කර ඇත.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා