News Category
From Date
To Date
Maximum Number of Result

ගෝඨාගේ නව ව්‍යවස්ථාව සමඟ බෙදුම්වාදී 13 සංශෝධනය ඉදිරියට

Oct 2, 2023 at 09:48 AM
|

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට (ඒකීය තත්ත්වය අහිමි කිරීමට) ජාත්‍යන්තරය කිසිදු අධිකරණ ක්‍රියාවලියක් තුළ ඔප්පු නොවූ යුද අපරාධ චෝදනා සහ රට බංකොළොත් වීම පාවිච්චි කරයි. චීන සාධකය ද මෙම තත්ත්වයට තදින්ම බලපා තිබේ. 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය විමසා බැලිය යුතු වන්නේ ඉහත සඳහන් කරුණු දෙකටද අවධානය යොමු කරමිනි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස 2022 ජූලි මාසයේ පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කර ගැනීමෙන් පසුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නැවතත් සාකච්ඡාවක් ඇතිවී තිබේ.

ඊට පසුව පිහිටුවා ගනු ලැබූ ‘ශ්‍රී ලංකාව බෙදීමට එරෙහි සන්ධානය’ (Coalition Against Partition of Sri Lanka) විසින් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් මෑතකදී දියත් කළේය. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ නායකත්වයෙන් ක්‍රියාත්මක එම ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙස විශ්‍රාමික ලුතිනල් ජෙනරාල් ජගත් ඩයස් ඊට සම්බන්ධ වීම විශේෂ තත්ත්වයකි.

බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කළ හතරවන ඊළාම් යුද්ධයේ වන්නි පෙරමුණේ සටන් කළ 57 වන සේනාංකයට අණදුන් ගජබා රෙජිමේන්තුවේ ජගත් ඩයස් කොළඹදී සහ මාතරදී සංවිධානය කර තිබූ රැස්වීම්වලදී අවධාරණය කළේ යම් හෙයකින් ඉන්දියාවේ මැදිහත් වීම මත 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළහොත් රට දෙකඩ වන බවයි. ‘රුහුණු රට භික්ෂු පෙරමුණ’ සහ ‘තුන්හෙල ජාතික ව්‍යාපාරය’ ද ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගයට සම්බන්ධ වී ඇත. එම සන්ධානයේ ප්‍රකාශකයකු වන ආචාර්ය දුලිප් පලිහවඩන ප්‍රකාශ කළේ ජනතාව දැනුවත් කිරීමේ විදිමත් ක්‍රියාමාර්ගයකට ‘ශ්‍රී ලංකාව බෙදීමට එරෙහි සන්ධානය’ අවතීර්ණවී ඇති බවයි. එහිදී සමාජ මාධ්‍ය ජාලා පාවිච්චි කිරීම උපරිම ආකාරයෙන් කරන බවද ඔහු සඳහන් කළේය.

ලුතිනල් ජෙනරාල්වරයා කොළඹදී සහ මාතරදී පැවැත්වූ රැස්වීම්වලදී වර්ධනය වෙමින් පවතින රට දෙකඩ වීමේ තර්ජනය අවධාරණය කළේ කොටි ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් හමුදාව අතට පත්වීමට ඉතාමත් ආසන්න මොහොතකදී ඉන්දියාව මැදිහත්වී එම ත්‍රස්තවාදියාව බේරා ගත් ආකාරය ද මතක්කර දීමෙනි. ඉන්දියා හමුදා යාපනයට 1987 ජුලි 29 වන දින ගුවනින් පැමිණෙන විට තරුණ හමුදා නිලධාරියකු ලෙස තමන් පලාලි කඳවුරට ඉන්දු – ලංකා ගිවිසුම හරහා කොටු කළ ආකාරය එතුමා මතක් කළේය.

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරිය අනුරාධා යහම්පත් ද වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ව්‍යායාමයට එරෙහි ක්‍රියාමාර්ගයට එකතු වී ඇත. යාපනයේ සිවිල් සංවිධාන නියෝජනය කරමින් අරුන් සිද්ධාර්ත් මෙම ව්‍යායාමයට සම්බන්ධ වීම ඉතාමත්ම වැදගත්ය. ඔහු මාතරදී සිංහල භාෂාවෙන් චතුරව කළ කථාව රට මුහුණ දෙන තර්ජනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සෑම දෙනකුම ඇසිය යුතු කතාවකි. ඊට අමතරව නීතිඥ කල්‍යානන්ද තිරාණගම, නීතිඥ කනිෂ්ක විතාරණ සහ සමාජ ක්‍රියාකාරිනි ජෙහාන් හමීඩ් ද වර්තමාන අර්බුදකාරී තත්ත්වය අවධාරණය කළේය.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවට කළ ප්‍රකාශය යථාර්ථයක්ද? පාර්ලිමේන්තුවේ එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් තිබෙන එජාපයට හීනයකින්වත් හිතන්නට පුළුවන් දෙයක් ද? භූමියේ සැබෑ තත්ත්වය කුමක්ද?

විශේෂයෙන්ම ඉන්දියාව තම දේශපාලනික සහ ආරක්ෂක උපායමාර්ගය යටතේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ ත්‍රස්තවාදය 2009 මැයි මාසයේ 19 වැනි දින පරාජය කළ පසුව 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් උද්ගතවූ තත්ත්වය කුමක්ද?

සැප්තැම්බර් 17 වැනි දින මාතර පැවැත්වූ රැස්වීමේදී අදහස් ප්‍රකාශ කිරීමට මෙම ලියුම්කරුට ද අවස්ථාවක් ලැබිණි. වික්‍රමසිංහ ජනාධිපතිවරයා 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීම සහ ඉන්දියාව එම සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවට කරන බලකිරීම සම්බන්ධයෙන් පූර්ණ විමසීමක් කළ යුතුය. කිසිදු සිද්ධියක් යටපත් නොකර සමස්ත තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතුය.

ඇමෙරිකා එක්සත් ජනපදය 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ඉන්දියාවේ මතයේම සිටින බව අමතක කර කටයුතු කිරීමට වර්තමාන ආණ්ඩුවට හෝ කෙසේ හෝ බලයට ඒමට තටමණ විපක්ෂයට නොහැක. ලෝක බලවතා සහ මෑතකදී තම රටේ බෙදුම්වාදය වෙනුවෙන් කැනඩාවේ සිට හඬනැඟූ ඉන්දීය සම්භවයක් ඇති කැනේඩියානු ජාතිකයකු මරා දැමූ බවට චෝදනාවට ලක්වී ඇති කලාපීය ප්‍රබලයා ශ්‍රී ලංකාවේ ෆෙඩරල් පන්නයේ ‘ආණ්ඩුවක්’ ද්‍රවිඩ කතා කරන ප්‍රදේශවල පිහිටුවීමට කටයුතු කරන බව රහසක් නොවේ.

● 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට

ශ්‍රී ලංකා 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට නැතහොත් 13 ‘ප්ලස්’ සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කළේ 2012 ජනවාරි මාසයේදීය. නැවතත් එම අදහස ශ්‍රී ලංකාව 2012 අප්‍රේල් මාසයේදී ඉදිරිපත් කළේය. ඒ එවකට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. එම්. ක්‍රිෂ්ණා (ජනවාරි 2012 කොළඹදී) සහ ඉන්දීය විපක්ෂ නායක සුෂ්මා සිවරාජ් (අප්‍රේල් 2012 කොළඹදී) මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවලින් පසුවය. ඉන්දීය අමාත්‍යවරයා එම ප්‍රකාශය ජනවාරි 17, 2012 වැනි දින කළ අතර විපක්ෂ නායකවරිය අප්‍රේල් 21, 2012 වැනි දින එම අදහස ඉදිරිපත් කළේය.

ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් වසර තුනකට පසුව මෙවැනි ප්‍රකාශයක් කිරීමට රාජපක්ෂ ජනාධිපතිවරයා පෙළඹුණේ ඇයි ? ඉන්දියාවේ බලපෑම නිසාද? තමන් පෝෂණය කළ ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට ඉන්දියාව පූර්ණ සහයෝගය ලබා දුන්නේ යුද්ධයෙන් පසුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවට ශ්‍රී ලංකාව වෙනුවෙන් එවකට රජය දුන් පොරොන්දුවක් මතද?

ශ්‍රී ලංකාවේ දශකයකට වැඩි කාලයක් ඉන්දියාව පෝෂණය කළ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට සටන් කළ අප රටට කොන්දේසි පැනවීම කෙතරම් සාධාරණද? එය ඉතාමත් අසාධාරණ බලපෑමක් බව රාජ්‍යතාන්ත්‍රිකව ලෝකයට කීමට ශ්‍රී ලංකාවට ශක්තියක් නොමැතිද? අපිට රටේ කතාව කීමට අවශ්‍යතාවයක් නොමැතිද?

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරිය කළ ප්‍රකාශ කිසිසේත් අභියෝගයට ලක් කිරීමට නොහැකිය. ජාතික ප්‍රශ්නය කියා යම් පිරිසක් හඳුන්වන අර්බුදකාරී තත්ත්වය විසඳීමට ත්‍රස්තවාදය පරාජය කර රැකගත් රටේ ඒකීය අහිමි කර ගැනීමට නොහැකිය. ජිනීවාහිදී පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම්වලදී සෑම වසරකම 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව කරන බලපෑම සුළුපටු නොවේ. ඉන්දියාවේ අවශ්‍යතාවය 13 වැනි සංශෝධනය යටතේ පිහිටුවනු ලැබූ පළාත් සභා පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමයි. වසර 5 කට ආසන්න කාලයක් පළාත් සභා ඡන්දය පැවැත්වීම ප්‍රමාද කර ඇති බව රහසක් නොවේ.

ශ්‍රී ලංකා දේශපාලන සහ ආරක්ෂක හමුදා නායකත්වය සහ ජනතාව හොඳින් මතක තබාගත යුතු කාරණාවක් ඇත. එනම් ඉන්දියාව 80 දශකයේදී ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ස්ථාපිත කරන්නෙම 13 වැනි සංශෝධනය ඇති කිරීමට බව කවුරු කවුරුත් තේරුම්ගත යුතුය. ශ්‍රී ලංකාවේ හුස්ම හිරකර 1987 ජුලි 29 කොළඹදී අත්සන් කළ ගිවිසුම් අනුව ඉන්දියානු හමුදා මැදිහත් වීම අහඹු සිදුවීමක් නොවේ. වේලුපිල්ලේ ප්‍රභාකරන් එම ගිවිසුම ප්‍රතික්ෂේප කිරීම නිසා ශ්‍රී ලංකාව දෙකඩ නොවූ බව ද තේරුම්ගත යුතුය. ඔහුට අවශ්‍ය වූයේ ඉන්දියාවේ බලයට යට නොවූ තමන්ගේම පාලන ප්‍රදේශයකි.

තිලීපන් නමැති එවකට 26 හැවිරිදි කොටි ත්‍රස්තවාදියාව සැමරීමට කටයුතු කළ පිරිස් උත්සහා කළේ ඔහු නිරාහාරව 1987 සැප්තැම්බර් 26 වන දින නල්ලූර් කන්දසාමි කෝවිලේ මරණයට පත්වූයේ එවකට ශ්‍රී ලංකා රජයට එරෙහිව කියාය. නමුත් කොටි සංවිධානය එදා තිලීපන්ව එම මෙහෙයුමට පාවිච්චි කළේ ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලින් වහාම ඉවත් විය යුතු බවට බල කරමිනි.

ඉන්දීය හමුදා 1987 ජුලි මාසයේ ශ්‍රී ලංකාවේ මැදිහත් වීම කරන අවස්ථාවේ 17 හැවිරිදි ළමා ත්‍රස්තවාදියකු වූ නියෝමි දී සොයිසා ලෙස (ඇයගේ සැබෑ නම නොවේ) 2011 දී එළිදැක්වූ ද්‍රවිඩ කොටිදේනුව (Tamil Tigress) නමැති ග්‍රන්ථයේ තිලීපන්ගේ කතාව කිසිවකුට අභියෝග කළ නොහැකි ආකාරයට අවධාරණය කර ඇත. කතුවරිය පෙන්වා දුන්නේ තම නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තිලීපන් වැනි ශාරීරිකව දුර්වල නමුත් සංවිධානයට වටිනා පුද්ගලයෙක්ව නිරාහාරව මියයෑමට සැලැස්වීම තමන්ට තේරුම්ගත නොහැකි බවයි. තිලීපන් සියදිවි නසාගැනීම මගින් බල කළේ විදේශ හමුදා ශ්‍රී ලංකාවෙන් පිටවිය යුතු බවට මිසක් වෙන කිසිදු හේතුවකට නොවේ. ඒ ත්‍රස්තවාදී සංවිධානය තමන්ට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා පරාජය කිරීමට ශක්තිය ඇති බවට විශ්වාස කළ නිසාය.

උපාලි පුවත්පත් සමාගමේ ‘The Island’ පුවත්පතේ කර්තෘ මණ්ඩලයට නවකයකු ලෙස 1987 ජුනි 1 දින සම්බන්ධවූ මෙම ලියුම්කරුට ආරක්ෂක සහ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විමසා බැලීමට අවස්ථාව ලැබිණි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉන්දීය හමුදා ඉවත් කිරීම 1988 පැවති ජනාධිපතිවරණයේදී තම ප්‍රධාන පොරොන්දුව නොකළේ නම් ශ්‍රී ලංකාවේ ඉරණම මීට හාත්පසින්ම වෙනස් විය හැකිව තිබිණි. ඉන්දීය හමුදා 1990 මාර්තු මාසයේ ඉවත් වී වසරකට පසුව ද්‍රවිඩ ත්‍රස්තවාදීන් රජීව් ගාන්ධි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් විනාශ නොකළේ නම් අද ඉන්දියානු නායකයා නරේන්ද්‍ර මෝඩි නොවීමට බොහෝ ඉඩකඩ තිබූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් සෑම තත්ත්වයක් යටතේම 13 වැනි සංශෝධනය යටතේ පළාත් සභා ක්‍රමය ඉදිරියට මෙහෙයවීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කටයුතු කර ඇත. පළාත් සභා පැවැත්වීම දින නියමයක් නොමැතිව ප්‍රමාද කර ඇති නමුත් ඉන්දියාව ඇති කළ ක්‍රමය ක්‍රියාත්මක බව අවධාරණය කළ යුතුය. ඇත්ත වශයෙන් ඡන්දය නොමැතිව පවා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලංකාව ඔප්පු කර ඇත.

● පාර්ලිමේන්තුවට 13 ඕනෑ

ඉන්දියාව බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවට පැටවූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා ක්‍රමය පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට අවශ්‍යද? ඒ පක්ෂ මොනවාද? එම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල ස්ථාවරය නිසියාකාරව නොදැන පළාත් සභා ක්‍රමයට එරෙහිව ජනතාව දැනුවත් කළ නොහැක. විධායකය (වික්‍රමසිංහ ජනාධිපතිවරයා) සහ ව්‍යවස්ථාදායකය (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැතහොත් අති බහුතරය හිමි පොහොට්ටු පක්ෂයට) මෙම සංශෝධනය සම්බන්ධයෙන් එක ස්ථාවරයක බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නියමයෙන් රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යෝජනා කළ කමිටුව හෙළිදරව් කර ඇත. ඒ වාර්තාව 69 ලක්ෂයකගේ ජනවරමකින් ජනාධිපතිවූ ගෝඨාභය රාජපක්ෂ සිය තනතුර අතහැරීමට සතියකට පමණ පෙර එම වාර්තාව භාරගත බව රහසක් නොවේ. ඔහු සිය ධුරයෙන් ඉවත් වූයේ 2022 ජුලි 13 වැනි දිනය.

එම වාර්තාව අනුව නව ව්‍යවස්ථා යෝජනා සැකසූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා නායකත්වය දුන් 9 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමේ අති බහුතරය 13 වැනි සංශෝධනය රටට සෑම ආකාරයකින්ම අහිතකර බව අවධාරණය කළත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ එම සංශෝධනය තව දුරටත් අවශ්‍ය බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. එලෙසෙම පාර්ලිමේන්තුවෙන් පිටත සිටින කණ්ඩායම් ද රොමේෂ් ද සිල්වාගේ විශේෂඥ පිරිසට පවසා ඇත්තේ පවතින ක්‍රමයම අවශ්‍ය බවයි. සමහරුන් පළාත් සභා ක්‍රමය දිස්ත්‍රික්ක කවුන්සිල බවට පත් කිරීමට ඉල්ලා ඇත.

විශේෂඥ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් වන්නේ ජනාධිපති නීතිඥයන් වන ගාමිණී මාරපන, මනෝහර ද සිල්වා (ශ්‍රී ලංකාව බෙදීමට එරෙහි සංවිධානය කොළඹදී කැඳවා තිබූ රැස්වීම ඇමතුවේය), සංජීව ජයවර්ධන, නසීමා කමුරුදීන්, සමන්ත රත්වත්තේ, ආචාර්ය ඒ. සර්වෙශ්වරන්, මහාචාර්ය ජී. එල්. පීරිස් සහ මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න යි.

එම වාර්තාවේ සඳහන් ආකාරයට විශේෂඥ කණ්ඩායමට තම පක්ෂවල ස්ථාවරය පහත සඳහන් මැති ඇමැතිවරුන් සහ අනෙකුත් පුද්ගලයන් ඉදිරිපත් කර ඇත. බැසිල් රාජපක්ෂ (පොහොට්ටුව), ආර්. සම්පන්තන් (කොටි ත්‍රස්තවාදීන්ගේ අතකොළුවක් වූ ද්‍රවිඩ ජාතික සන්ධානය), දිනේෂ් ගුණවර්ධන (මහජන එක්සත් පෙරමුණ නායක වර්තමාන අග්‍රාමාත්‍ය), උදය ගම්මන්පිල පිවිතුරු හෙළ උරුමය), විමල් වීරවංශ (ජාතික නිදහස් පෙරමුණ), ටිරාන් අලස් (එක්සත් ජනතා පක්ෂය), වාසුදේව නානායක්කාර (ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ), අනුර දිසානායක (ජාතික ජන බලවේගය), රාජා කොල්ලුරේ (සමාජවාදී සන්ධානය) සහ ඩිව් ගුණසේකර (කොමියුනිස්ට් පක්ෂය), නිමල් සිරිපාල ද සිල්වා (ශ්‍රීලනිප), රුෂ්ඩි හබිබ් (සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය), ඩග්ලස් දේවානන්දා (ඊ.පී.ඩී.පී. හිටපු ත්‍රස්තවාදී නායකයෙකි), බන්දුල චන්ද්‍රසේකර (ජාතික හෙළ උරුමය), මනෝ ගනේෂන් (Tamil Progressive Alliance), සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (ටී. එම්. වී. පී. හිටපු ප්‍රාදේශීය කොටි ත්‍රස්තවාදී නායකයෙකි. වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරයෙකි), සෙන්තිල් තොන්ඩමන් (ලංකා කම්කරු කොංග්‍රසය), මහාචාර්ය තිස්ස විතාරණ (එල්. එස්. එස්.පී.), වී. රාජක්‍රිෂ්ණන් (කඳුරට ජනතා පෙරමුණ), සී. විග්නේස්වරන් (තමිල් මක්කල් තේශීය කුටානි) සහ අසංක නවරත්න (ශ්‍රී ලංකා මහජන පක්ෂය).

පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ෆාමන් කාසිම් සහ තිසත් විජේගුණවර්ධන විශේෂඥ කණ්ඩායමේ සභාපතිවරයා වූ රොමේෂ් ද සිල්වා ව යෝජිත සාකච්ඡාව සම්බන්ධයෙන් මුනගැසුනත් පක්ෂයක් ලෙස අදාළ කොමිටිය ඉදිරියේ අදහස් දැක්වීමෙන් වැළකී සිටියේය. ඇත්ත වශයෙන්ම සමගි ජන බලවේගය මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලජ්ජා විය යුතුය. ප්‍රධාන විපක්ෂය දැන්වත් ස්ථිර අදහසක් ඉන්දීය සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යුතුය.

මීට අමතරව මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නායකයන් සහ සිවිල් සංවිධානවල අදහස් ගැනීමෙන් පසුව විශේෂඥ කණ්ඩායමේ යෝජනාව වූයේ 13 වැනි සංශෝධනය යටතේ පළාත් සභා ක්‍රමය ඡන්ද නොපවත්වා අවශ්‍ය මහජන නියෝජිතයන් පළාත් පාලන ඡන්දය හරහා තෝරා ගැනීමටයි. වෙනසක් නැත. පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මකය.

වික්‍රමසිංහ – රාජපක්ෂ රජයටද රොමේෂ් ද සිල්වා ගේ ලියවිල්ල නිල වශයෙන් භාර දීම සිදුවිය. අදටත් මෙම වාර්තාව සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් ඇතිවී නැත. බලය බෙදීමේ යෝජනා සෑම තලයකම ඡන්දවලදී ජනතාව තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරවීමට යොදා ගැනීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ අඩු වැඩි වශයෙන් කරයි.

ජේ. ආර්. ‘ශ්‍රීමතාණන්ගේ’ අත් අඹරවා ඉන්දියාව නීතිගත කළ 13 වැනි සංශෝධනය ඉන්දු – ලංකා ගිවිසුමටත් පටහැනිය. රටේ අවාසනාවට එම තත්ත්වයවත් නිසියාකාරව තේරුම්ගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවයක්වත් ශ්‍රී ලංකාවට නැත. ඇත්ත වශයෙන්ම එම ගිවිසුම ක්‍රියාත්මකවීම සම්පූර්ණයෙන්ම රඳා පැවතුනේ සටන් ගිවිසුම අත්සන් කර පැය 72 තුළ ඉන්දියාව සන්නද්ධ කළ සියලුම ත්‍රස්තවාදීන් ස්ව කැමැත්තෙන් නිරායුධ වීම මතයි. එම මූලික කරුණ සිදුනොවුනත් ශ්‍රී ලංකාව ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක තුනෙන් සමන්විත නැගෙනහිර පළාත උතුරු පළාත සමඟ එකතු කළේය. එකතු කළ එම පළාතට ඉන්දියාවේ අවශ්‍යතාවය මත ඡන්දයක් පවත්වා ඉන්දියානු හමුදාවේ අතකොළුවක් වූ ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයට එම පළාත භාර දුන්නේය. ඉන්දියානු හමුදාව ඡන්දය පැවැත්වූ ආකාරය රහසක් නොවේ. කෙසේ වෙතත් ප්‍රේමදාස ජනාධිපතිවරයා 1990 ඉන්දීය හමුදාව පිටත්කර හැරීමට නොබියව කටයුතු කිරීම තුළ 2006 ඔක්තෝම්බර් මාසයේදී නැගෙනහිර පළාත උතුරු පළාතෙන් ඉහළ උසාවියේ නඩු තීන්දුවකින් වෙන්කිරීමේ අවස්ථාව උදාවිය. 2009 මැයි මාසයේදී ද්‍රවිඩ ත්‍රස්තවාදී ශක්තිය නන්දිකඩාල් කලපුවේදී අවසන් කළ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන අභියෝගය අවියෙන් ලබා ගැනීමට නොහැකි වූ වෙනම රාජ්‍ය බටහිර සහ ඉන්දියානු මැදිහත්වීමෙන් සාකච්ඡා මේසයේදී ලබා ගැනීමයි.

- ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු -

(දිවයින)


සම්බන්ධිත පුවත් | Related News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,
2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.
ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ ගැන අහලත් ඇති. අපේ උරුමය ගැන බොහොම ලස්සනට ලියන Samarasinghe NH මැතිතුමාත් මේ ගැන වරක් මතක් කරල තිබුනා.
මේ අවුරුද්දේ ජනවාරි 18 සහ 19 දවස් දෙක ඇතුලේ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නීති විරෝධී විදිහට මුදාහරින්න ආණ්ඩුව කටයුතු කළා.ඊට උපදෙස් දුන්නේ ජනාධිපති අනුර කුමාර සහ වරාය ඇමති බිමල් රත්නායක බව කියමින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය පවා නිකුත් කළා.ඒ වගේම රේගු වෘත්තීය සමිති එකමුතුවෙන් කිව්වේ මේ බහාලුම් ඇතුලේ මත්ද්‍රව්‍ය,අවි ආයුධ,ප්‍රමිතියෙන් තොර බෙහෙත් සුවඳ විලවුන් වර්ග ඇතුළු නීති විරෝධී බඩු ඕනි දෙයක් තියෙන්න පුලුවන් කියලයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ද අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ ද බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .
කුප්‍රකට සීනි බදු වංචාව පිළිබඳව සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ජනමාධ්‍යයේ සඳහන් විය.
මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.