සීනි බදු ලාභයෙන් අරගලයට බුරියානි සැපයීමේ චෝදනාව අහෝසිද?
කුප්‍රකට සීනි බදු වංචාව පිළිබඳව සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ජනමාධ්‍යයේ සඳහන් විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ, සීනි බදු රුපියල් 50 හේ සිට ශත 25 තෙක් අඩු කිරීමට කල තීරණය මඟින් රජයට පාඩුවක් සිදුවී තිබේදැයි සොයා බැලීම සඳහා යන්න ලෙසටද ජනමාධ්‍යයේ සඳහන්ව තිබුණි.
රජයට පාඩුවක් සිදුව තිබේදැයි සොයා බලන ලෙස පැමිණිලි කල විට ඉන් අපරාධමය වරදක් සිදුවී නොමැති බවට තීන්දු කර ඇතැයි සඳහන්ව තිබීම ජනමාධ්‍යයේ සියල්ල සංයුක්තව තිබුණේදැයි යන්න පිළිබඳව සැකයක් ඇතිවන නමුත් ප්‍රධාන කාරණය වන්නේ පහුගිය කාලයේදී චෝදනාවක්වූ සීනි බදු වංචා කිරීමක් මගින් ඊට වගකිවයුතු දේශපාලන බලවතුන් හොරා කෑවාය යන මතය සහ ප්‍රචාරය සාවද්‍ය බව තහවුරු කිරීමයි.
සීනිබදු වංචාවෙන් හොරා කෑවාය යන චෝදනාවෙන් නිදොස් උවද එම චෝදනාව නිසා සිදුවූ පාඩුව සහ අලාභය නිදොස්වූ චූදිතයින් හට දරා ගැනීමට සිදුව ඇත. එසේම එයින් අනිසි වාසියක් ලැබූ කණ්ඩායම එම වාසිය භුක්ති විඳිනු ඇත.
උසාවිගිය චෝදනාව මෙසේ අසත්‍ය යැයි ඔප්පු වන්නේනම් උසාවි නොගිය අනෙක් චෝදනාවද එසේම අහෝසි විය යුතුය. එනම්, අරගලය සඳහා බුරියානි සැපයූවේ අනිසි ලාභයෙන් උපයාගත් මුදලින් යන චෝදනාවයි.
එය එසේ අහෝසි වේද? පාඩුවක් සිදුව ඇත්දැයි ඇසූ විට එහි අපරාධමය වරදක් නැතැයි යන්න පැවසීම සාමාන්‍ය ජනවහරේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් වශයෙන් හැඳින්විය හැකි වර්ගයේ උවත් ඉහත සඳහන්කර ඇති පරිදි එය ජනමාධ්‍යයේ සංක්ශිප්තකරණයේදී සිදුවූ කර්ත්‍රවයක් ලෙස සැළකිය හැකි උවත් උසාවි නොගිය දෙවන චෝදනාව නිසි ආකාරයෙන් සොයා නොබලා බැහැර කල හැකිද?
මේ පිළිබඳව මහේස්ත්‍රාත්තුමාගේ තීන්දුවෙන්ම පිළිතුරු ලබාගත හැක.
එනම්, මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, මෙම සිද්ධියේදී අනාගතයේදී යම් දූෂණයක් හෝ අල්ලසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන්නේ නම්, මෙම නඩු ගොනුව අදාළ ආයතන වෙත යොමු කර තවදුරටත් විමර්ශන සිදු කිරීමට හැකියාව පවතින බවයි.
එසේනම් කලයුත්තේ උසාවි නොගිය දෙවන චෝදනාව උසාවි ගෙන යෑමයි. එනම්, සීනි බදු අඩුවූ ලාභයෙන් අරගලයට බුරියානි සැපයුවේද යන්න ව්මර්ශණය කිරීම සඳහා චෝදනා ගොනු කිරීමයි.
මෙය නිවැරදිව සොයා නොගතහොත් අරගලයට කලු පැල්ලමක් ඉතිරිවනු ඇත.
-යසස් ධර්මදාස
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..