
සීනි බදු ලාභයෙන් අරගලයට බුරියානි සැපයීමේ චෝදනාව අහෝසිද?
කුප්‍රකට සීනි බදු වංචාව පිළිබඳව සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ජනමාධ්‍යයේ සඳහන් විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ, සීනි බදු රුපියල් 50 හේ සිට ශත 25 තෙක් අඩු කිරීමට කල තීරණය මඟින් රජයට පාඩුවක් සිදුවී තිබේදැයි සොයා බැලීම සඳහා යන්න ලෙසටද ජනමාධ්‍යයේ සඳහන්ව තිබුණි.
රජයට පාඩුවක් සිදුව තිබේදැයි සොයා බලන ලෙස පැමිණිලි කල විට ඉන් අපරාධමය වරදක් සිදුවී නොමැති බවට තීන්දු කර ඇතැයි සඳහන්ව තිබීම ජනමාධ්‍යයේ සියල්ල සංයුක්තව තිබුණේදැයි යන්න පිළිබඳව සැකයක් ඇතිවන නමුත් ප්‍රධාන කාරණය වන්නේ පහුගිය කාලයේදී චෝදනාවක්වූ සීනි බදු වංචා කිරීමක් මගින් ඊට වගකිවයුතු දේශපාලන බලවතුන් හොරා කෑවාය යන මතය සහ ප්‍රචාරය සාවද්‍ය බව තහවුරු කිරීමයි.
සීනිබදු වංචාවෙන් හොරා කෑවාය යන චෝදනාවෙන් නිදොස් උවද එම චෝදනාව නිසා සිදුවූ පාඩුව සහ අලාභය නිදොස්වූ චූදිතයින් හට දරා ගැනීමට සිදුව ඇත. එසේම එයින් අනිසි වාසියක් ලැබූ කණ්ඩායම එම වාසිය භුක්ති විඳිනු ඇත.
උසාවිගිය චෝදනාව මෙසේ අසත්‍ය යැයි ඔප්පු වන්නේනම් උසාවි නොගිය අනෙක් චෝදනාවද එසේම අහෝසි විය යුතුය. එනම්, අරගලය සඳහා බුරියානි සැපයූවේ අනිසි ලාභයෙන් උපයාගත් මුදලින් යන චෝදනාවයි.
එය එසේ අහෝසි වේද? පාඩුවක් සිදුව ඇත්දැයි ඇසූ විට එහි අපරාධමය වරදක් නැතැයි යන්න පැවසීම සාමාන්‍ය ජනවහරේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් වශයෙන් හැඳින්විය හැකි වර්ගයේ උවත් ඉහත සඳහන්කර ඇති පරිදි එය ජනමාධ්‍යයේ සංක්ශිප්තකරණයේදී සිදුවූ කර්ත්‍රවයක් ලෙස සැළකිය හැකි උවත් උසාවි නොගිය දෙවන චෝදනාව නිසි ආකාරයෙන් සොයා නොබලා බැහැර කල හැකිද?
මේ පිළිබඳව මහේස්ත්‍රාත්තුමාගේ තීන්දුවෙන්ම පිළිතුරු ලබාගත හැක.
එනම්, මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, මෙම සිද්ධියේදී අනාගතයේදී යම් දූෂණයක් හෝ අල්ලසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන්නේ නම්, මෙම නඩු ගොනුව අදාළ ආයතන වෙත යොමු කර තවදුරටත් විමර්ශන සිදු කිරීමට හැකියාව පවතින බවයි.
එසේනම් කලයුත්තේ උසාවි නොගිය දෙවන චෝදනාව උසාවි ගෙන යෑමයි. එනම්, සීනි බදු අඩුවූ ලාභයෙන් අරගලයට බුරියානි සැපයුවේද යන්න ව්මර්ශණය කිරීම සඳහා චෝදනා ගොනු කිරීමයි.
මෙය නිවැරදිව සොයා නොගතහොත් අරගලයට කලු පැල්ලමක් ඉතිරිවනු ඇත.
-යසස් ධර්මදාස
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
