ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.
ඇය විසින් අනාවරණය කරන කරුණු පහළින්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එන නව ලෝක යුධ වාතාවරණයකදි ශ්‍රී ලංකාවට එන අභියෝගය..!!
සාම්ප්‍රදායික යුධ ක්‍රමය අවසන්. දැන් රාජ්‍ය නායකයන්ගේ විඥානය විනාශ කරන බුද්ධිමය යුධය අරඹා ඇත.
ලෝකය මේ මොහොතේ මුළුමනින්ම අවධානය යොමු කර ඇති ඉරානය සහ ඊශ්‍රායල් අතර ඇතිවූ ගැටුම, ගාසා යුද්ධය, සහ දැන් ඉන්දියානු සාගරයේ සිදුවන අමුතු සිදුවීම් දෙස සමීපව නිරීක්ෂණය කළ විට මේවා එකිනෙකට වෙන්වූ ගැටුම් මෙන් පෙනෙයි. නමුත් මේවා හුදකලා සිදුවීම් නොවෙයි. මෙය ලෝකය තුළ දැන් ක්‍රියාත්මක වන නව යුධ උපක්‍රම මාලාවකි.
ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයන්, යුධ හමුදා නායකයන්, බුද්ධිමය සැලසුම්කරුවන් ඉලක්ක කරමින් සිදු කළ ප්‍රහාර මගින් දැක්වෙන්නේ “බුද්ධිමය නායකත්ව විනාශය” ලෙස හැඳින්විය හැකි නව යුධ ක්‍රමයක්ය. මෙය සම්ප්‍රදායික යුධයක් නොවෙයි.
මෙය රාජ්‍යයක පැවැත්ම තීරණය කරන තීරණාත්මක මර්මස්ථාන සහ නායකත්ව විඥානය විනාශ කිරීමේ වැඩපිළිවෙළකි.
මෙම ක්‍රමවේදය යටතේ රාජ්‍යය තුළ සිටින උසස් මට්ටමේ නායකයන්, ආචාර්යවරු, බුද්ධිමතුන්, ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති සැලසුම්කරුවන්, ආර්ථික විශේෂඥයන් සහ රටක මූලික නීති පද්ධතිය සෘජුවම ඉලක්ක කරයි. මේවා විනාශ වීමෙන් රාජ්‍යය තුළ විශාල නායක හිඟයක්, තීරණ ගැනීමේ අසම්පූර්ණතාවයක් සහ ආරක්ෂක අසමතුලිතතාවයක් මතුවෙයි.
ගාසා ගැටුමෙ දෙවැනි මට්ටමේ දි එය පැහැදිළිය. එය සාම්ප්‍රදායික යුද්ධයක් පමණක්ම නොවේ. එය රටක ජනතාව විනාශ කරමින් මනෝවිද්‍යාත්මක ලෙස රටක ආරක්ෂක සහ ව්‍යුහමය බිඳ දැමීමක් වේ. ජනතාවම විනාශ කර එමගින් විරෝධය අහෝසි කිරීම මේ ක්‍රමවේදයෙහි දෙවැනි අතුරුඵලයයි.
මෙම මට්ටමෙන් ඉන්දියානු සාගරයද දැන් ක්‍රියාත්මක වීමේ ලකුණු පෙන්වයි. අහසෙහි හා සාගරයෙහි සිදුවන ගුවන් අනතුරු, නාවික හමුදා චලනයන්, අභිරහස් නෞකා චලන යන මේවා වහාම අවධානය යොමු කළ යුතු බරපතල කරුණුය.
මෙය ප්‍රකාශ කළ යුධයක් නොවෙයි. මෙය “ප්‍රකාශ නොකළ බහුමුඛී යුධ ක්‍රමවේදය” වේ. රාජ්‍යයන්ට මතුපිටින් පවතින පෙනුමක් තිබුණද, අභ්‍යන්තරයෙන් ජනතාවගෙ මානසිකත්වය, නීතිය, ආණ්ඩු ක්‍රමය, නායකත්වය, ආර්ථිකය සහ සංස්කෘතිය ව්‍යුහාත්මකව විනාශ කරමින් එම රාජ්‍යය පාලනය කළ හැකිය.
ශ්‍රී ලංකාව මේ සියල්ල තුළ දැඩිව සම්බන්ධිතය. ශ්‍රී ලංකාව පිහිටන්නේ ඉන්දියානු සාගරයේ මධ්‍යස්ථානික සංග්‍රාම කලාපය තුළයි.
• ආර්ථිකව දුර්වලවී ඇත.
• විදේශ ණය සහ විදේශ බලපෑම් යටතේ ඇත.
• නීතිමය ස්වෛරීභාවය කඩාවැටී ඇත.
• විදේශ සංස්කෘතික හා න්‍යායමය ආක්‍රමණයන් විහිදී ඇත.
• ආණ්ඩු ක්‍රමය තුළ නායක හිඟය පැවතියි.
මෙවැනි පසුබිමකදී ශ්‍රී ලංකාවට මෙම නව යුධ ක්‍රමයෙහි ගමන තවදුරටත් ඉතා භයානක වේගයකින් පැමිණෙනු ඇත.
ජාතික ආරක්ෂාව දැන් යුධ භූමියක් තුළ පිහිටයි.
• නායකත්ව බුද්ධිය ආරක්ෂා කරන්න.
• නීති පද්ධතිය ස්වෛරීභාවයෙන් රැක ගන්න.
• ආණ්ඩු ක්‍රම ව්‍යුහය සංවර්ධනය කරන්න.
• සංස්කෘතික හා බුද්ධිමය ආක්‍රමණවලට එරෙහිව සටන් කරන්න.
• ආරක්ෂක සහ ආර්ථික ස්වයංපෝෂණය ගොඩනගන්න.
අද ලෝකයෙහි නව යුධය පවතින්නේ විනිවිද දසුනෙන් සඟවාගෙනය. අපි දැන් ඉන්නෙ ඒ සැඟවුණු සිතියමේ අරයේය.
- ජිහාන් හමීඩ්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..