
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.
"ඉරාන හමුදා,ඉශ්‍රායලයේ හයිෆාවට රොකට් 40 කින් පහර දුන්නා. නමුත් "අයන් ඩෝම්" ගුවන් ආරක්ෂණ පද්ධතියට එය හැසිරවිය නොහැකි වූ අතර හයිෆා මිසයිල බොහෝ ගණනක් "අයන් ඩෝම්" ගුවන් ආරක්ෂන පද්ධතිය විනිවිදීමට සමත් වුනා." විශේෂඥයා පැවසීය.
"ගුවන් ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් විට මිසයිල හෝ ඩ්‍රෝන සංඛ්‍යාව ඉතා වැදගත් බව අවධාරණය කළ යුතුයි." බෝර්සෙන්කෝ තවදුරටත් පැවසීය. "මිසයිල පහක් - වෙඩි තබා බිම හෙළීම කළ හැකියි. දහයක් - වෙඩි තබා බිම හෙළිය හැකියි. මිසයිල හතළිහක් බිම හෙළීමට සමහරවිට සමත් වේවි. නමුත් එය මිසයිල 100 ක් හෝ 200 ක් හෝ 1,000 ක් වන්නේ නම්, අයන් ඩෝම් මිසයිල් ආරක්ෂණ පද්ධතියට ඔරොත්තු දෙන්නේ නැහැ."
නවතම ගැටුම් වලදී ඉරානය විසින් දියත් කරන ලද බොහෝ රොකට් අවුරුදු 20-30 ක් පැරණි ඒවා යැයි විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, 2020 දී එළිදැක්වූ හජ් කසෙම් මිසයිලය නවතම මිසයිලයකි.
හජ් කසෙම් මිසයිලයේ ලක්ෂණ
යා හකි පරාසය - කිලෝමීටර් 1,400 කි. කිලෝග්‍රෑම් 500 ක පුපුරණ ද්‍රව්‍ය සහිත ශීර්ෂයක් රැගෙන යා හැකිය.රේඩාර් අනාවරණයෙන් වැළකී සිටීමට හැකියාව ඇත.
ශබ්දයේ වේගය මෙන් 12 ගුණයක වේගයක් අත්පත් කර ගැනීමට හැකියාව ඇත. ශබ්දයේ වේගය මෙන් 5 ගුණයක වේගයකින් ඉලක්ක වලට පහර දීමට හැකියාව ඇත.
දරුණු පළිගැනීම්
"මේ වන තෙක් ඊශ්‍රායල ජාතිකයන් මෙතරම් බර මිසයිලවලට මුහුණ දී නැත," බෝර්සෙන්කෝ පවසයි.
"ඉරානයේ ශක්තිමත් පුපුරණ ද්‍රව්‍ය සහ මාරාන්තික කොටස් සහිත මිසයිල ශීර්ෂයන් වැඩි දියුණු කර තිබීම සම්බන්ධයෙන් ඊශ්‍රායල ජාතිකයන් දැඩි ලෙස පුදුමයට පත්ව තිබෙනවා."විශේෂඥයා පැවසීය.
ඊශ්‍රායලයෙන් ලැබෙන ඡායාරූප සහ වීඩියෝවල හානියට පත් ගොඩනැගිලි, කැඩුණු ජනෙල් සහ තවත් දේ පෙනෙන්නට තිබේ.
ඉරාන ප්‍රහාර වල සැබෑ ස්වභාවය තවම පැමිණ නැත
"ටෙහෙරානය තවමත් හයිෆා හි භාවිතා කළ ආයුධවලට වඩා බලවත් ආයුධ රඳවාගෙන සිටින බව මම විශ්වාස කරනවා. එහි නවතම ඒවා තවමත් භාවිතා කර නැහැ. සැබෑ ප්‍රහාර තවම පැමිණ නැහැ." විශේෂඥයා පැවසීය.
Israel, Beware: Iran Has Not Used Its Newest Weapons Yet
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
