News Category
From Date
To Date
Maximum Number of Result

පලස්තීන අරගලය ඉවර ද?

Jun 16, 2025 at 06:12 PM
|

(නලින් ද සිල්වා මහතා විසින් 2023/10/14 දින පළ කරන ලද ලිපියක්, එහි ඇති කාලීන වැදගත්කම සලකා බලා මෙලෙස නැවත පළ කරන්නෙමු.)

අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට  නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ද  අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ ද  බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.

මට හිතෙනවා අප දැන් පලස්තීන කතාවේත් අවසානයට ඇවිත් කියා. පහුගිය  අවුරුදු හැට තුළ සිදු වී ඇති දේ විශ්වාස කරන්න බැරි තරම්. සෝවියට් දේශයේ බිඳ වැටීම, චීනය රාජ්‍ය ධනවාදයෙන් පෞද්ගලික ධනවාදයට පිවිසීම, වියට්නාමය ඇමරිකානු කඳවුරේ රටක් බවට පත් වීම, දකුණු කොරියාව ලෝකයේ සශ්‍රීක රටක් බවට පත් වී අපේ ශ්‍රමිකයන් එහි රැකියා සඳහා යැම, අප කොරියාවක් වීම, කියුබාවට ආධාර දීමට ලංකාව ඉදිරිපත් වීම සහ මාක්ස්වාදය පද්ධතියක් ලෙස බිඳ වැටී ඇති බව බොහෝ පඬි නැට්ටන්ට ද කල් ගත වී හෝ තේරුම් යෑම, වම යන්න නැති වී ඒ ඒ රටට හා එහි විශේෂිත සංස්කෘතියට විරුද්ධ වීම පමණක්  වමාලාගේ  කාර්යභාරය වීම ඉන් ප්‍රධානයිඅසූවේ මුල මාක්ස්වාදය විද්‍යාත්මක ද කියා ඇසූ ප්‍රශ්නයට පිළිතුර දැන් කාටත් තේරෙනවා ඇති. ඒ සෝවියට් දේශය කඩා වැටීමට කලකට පෙර. බර්ලින් තාප්පය බිඳ දැමීමට පෙර.

මෑතක සිදු කළ හමාස් ප්‍රහාරය කාගේ වැඩක් ද කියන සැකයත් දැන් මතුවෙනවා. එහි මහා මොළකරු කවුද? ඒ ප්‍රහාරය ගැන කාදිනල්තුමා නම් ප්‍රශ්න අහන්නෙ නැහැ. බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යය මුලින් ම පරාජය කෙළේ කතෝලික ආධිපත්‍යයි. මාටින් ලූතර් පූජකතුමා පමණක් නොව එංගලන්තයේ අටවැනි හෙන්රි රජු ද එයට බලපෑවා. පාප්තුමාගේ කිරීටය එංගලන්තයේ රජුට හිමි වුණා. අද එය ඇමරිකාවේ ජනාධිපතිට හිමි වෙලා. හමාස් ප්‍රහාරය ගැන ඊශ්‍රායලය නොදැන සිටියා කියන්න බැහැ. හමාස් ප්‍රහාරය අනුමත කරන්නන් අද ඉන්නේ ඉතා ම ටිකයි. මා දැක්කා හාවඩ් විශ්වවිද්‍යාලයේ සංවිධාන තිස්එකක් පලස්තීනයට පක්‍ෂ ව ප්‍රකාශයක් නිකුත් කරල තිබුණා.  ඒ එරට වම ක්‍රියාත්මක වන ආකාරයයි. කෙසේ වෙතත් හමාස් ප්‍රහාරය ඊශ්‍රායලයට පලස්තීනයට පහර දීමට බලපත්‍රයක් දී තියෙනවා.

යුදෙවුවන්ගේ ඉතිහාසය ඉතා පැරණියි. අවුරුදු හාරදාහකට වඩා ඈත අතීතයට යනවා. එකල යුදෙවුවන් ඊශ්‍රායලය හා ජුදා කියා රාජ්‍ය දෙකකට වෙන් වී තියෙනවා. පසුව ඊශ්‍රායලයත් ඉන් කලකට පසුව ජුදා රාජ්‍යයත් බිඳ වැටුණා. යුදෙවුවන් ඒ ඒ රටවලට විසිරී ගියා. ඊජිප්තුවට ගිය අයට ආපසු ඊශ්‍රයලයට ඒමට නායකත්වය දුන්නේ මෝසෙස්. කෙසේ නමුත් ඊශ්‍රායලයේ යුදෙවුවනුත් ජුදා රාජ්‍යයේ යුදෙවුවනුත් රටෙන් පිට වී ගියා. ඔය ඩයස්පෝරා කියන වචනය හැදුණේත් තම මව්බිමෙන් පිට වී විවිධ රට රාජ්‍යවල වාසය කළ යුදෙවුවන් හැඳින්වීමට.

දහනවවැනි සියවස අග සියොන් නැත්නම් යුදෙව් ව්‍යාපාරයක් ලෝකයේ ඇති වුණා. ආපසු ඊශ්‍රායලයට යෑමේ වුවමනාව ඇතැම් යුදෙවුවනට ඇති වුණා. ඔය කාලයේ මුස්ලිම් ඔටෝමාන් අධිරාජ්‍යය බිඳ වැටුණා. ඒ සඳහා ද බිරිතානානින් වහාබ්වාදය යොදා ගත් බව කියනවා. ඔටෝමාන් අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු බිරිතානීන් අතට පත් වූ කොටසක තමයි ඊශ්‍රායලය පිහිටුවා ඇත්තේ. එය සිදු වූයේ 1948 මැයි මස. යුදෙවුවන් අයින්ස්ටයින්ට ආරාධනය කළා ඊශ්‍රායලයේ පළමු ජනාධිපති වීමට. ඔහු එය ප්‍රතික්‍ෂෙප කළ බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.

යුදෙවු - පලස්තීන ඉරාන (පර්සියන) ගැටුම හුඟක් පරණයි. එහි කොටසක් ඩේරියස් රජුගේ කාලයේත් තිබුණා. ඒ අරාබි ලෝකය මුස්ලිම් වීමට පෙර. මෙය මුස්ලිම් වීම නිසා ඇති වූ ගැටුමක් නො වෙයි. අද එය යුදෙවු මුස්ලිම් ගැටුමක් ලෙස රූපාන්තරකරණය වී තිබෙනවා. බටහිරයන්ට බලපාන ප්‍රධාන සංස්කෘතීන් තුනයි තියෙන්නේ. ඒ ග්‍රීක යුදෙවු හා රෝමන්. බටහිරයන් තමන්ගේ මුල් අරාක්‍ෂා කර ගන්නවා. යුදෙවුවන් රටින් පිට වී ඉන්න කාලෙක තමයි බහු දේවවාදයෙන් ඒක දේවවාදයට ගියේ. යෙහෝවා ඔවුන්ගේ දෙවියන් වහන්සේ. අද ඒ දෙවියන් වහන්සේ යුදෙවුවනට විතරක් නො වෙයි කතෝලික ක්‍රිස්තියානි ඉස්ලාම් ආගම්වලටත් පොදුයි. යුදෙවුවන් තමයි වියුක්ත චින්තනය ලොවට දුන්නේ. යෙහෝවා දෙවියන් වහන්සේ වියුක්ත සංකල්පයක්. බ්‍රහ්මන් වගේ නො වෙයි.

යුදෙවුවන් අවුරුදු දහස් ගණනකට පසුව තම භූමිය වූ ඊශ්‍රායලයට පැමිණ තියෙනවා. අද ඔවුන් එතැනින් එළවන්න බැහැ. පලස්තීනුවන් එළවන්නත් බැහැ. එහෙත් පලස්තීන අරගලය දැන් අවසානය කරා ළඟා වී ඇති බව පෙනී යනවා. බටහිරයන්ගේ සැලැසුම් අපට හිතාගන්න තරමක් අපහසුයි. හමාස් ප්‍රහාරය බටහිර සැලැස්මක් ද කියා හිතන්න වෙන්නේ පලස්තීන අරගලයට සිදුවන්න යන දේ ගැනත් සැලකීමේ දී. ඒ සියලු සැලසුම් අප නම් නන්දිකඩාල් කලපුවේ ගිල්ලුවා. බටහිරයන් අපට කිසි දා එයට සමාව දෙන්නේ නැහැ. පරගලය මොකක් ද කියා හිතෙන දේ දැන් දැන් සිදුවෙනවා.  මට තේරෙන විධියට මෙරට ජාතික ව්‍යාපාරයත් අද බටහිරයන් මෙහෙයවනවා.  අපි බලමු. 

2022 ජනවාරි 17 වැනි දා පළ කළ කාදිනල්තුමා වහාබ්වාදය ෆට්වා හා සංහිඳියාව ලිපියෙන් තරමක දිග කොටසක් උපුටා දක්වනවා.

“වහාබ්වාදය කියන එක අවුරුදු තුන්සීයක් පමණ පැරණියි. එහි ඉතිහාසය ගැන මෙහි ඇති  සබැඳියෙන් දැන ගන්න පුළුවන්. ඒ අනුව 1710 දී ඔටෝමාන් අධිරාජ්‍යය කඩා බිඳ දැමීමේ අභිලාෂයෙන් බිරිතානි බුද්ධි අංශ හෙම්ෆර් නමැත්තකු තුර්කියේ ඉස්තාන්බුල් නගරයට යවා තිබෙනවා. ඉස්තාන්බුල් කලින් හඳුන්වා ඇත්තේ කොන්ස්ටැන්ටිනෝපල් කියා. හෙම්ෆර් එහි දී ඉස්ලාම් ආගම වැලඳ ගෙන මොහමඩ් ඉබන් අබ්දුල් වහාබ් නමැත්තකු සමග මිත්‍ර වී ඔහු ලවා ඊනියා අලුත් ආගමක් දේශනා කරවා තියෙනවා. ඒ වහාබ්ගේ ආගම තමයි වහාබ්වාදය නමින් ප්‍රචලිත වෙලා තියෙන්නෙ. වහාබ්වාදය මුලධර්මවාදී අන්තවාදී දේශපාලනයක්. එහි එක් කොන්දේසියකට අනුව වහාබ්වාදය විශ්වාස නොකරන්නන් ඝාතනය කිරීම යහපත් නැත්නම් හලාල් කියාවක්. හලාල් යන අරාබි වචනයෙහි තේරුම අවසර ඇති කියා කියනවා. හලාල් ආහාර ගැන කියැවෙන්නෙත් ඒ අර්ථයෙන්. විශ්වාස නොකරන්නන් මරා දැමීමටත් අවසරය තියෙනවා. බිරිතානින්ට අවශ්‍ය වූයේ අබ්දුල් වහාබ් මගින් මුස්ලිමුන් අතර ඇණකොටා ගැනීම් ඇති කිරීමට.

වහාබ්වාදය පසුකලෙක බටහිරයන්ගේ සුරතලකු වූ සෞදි අරාබිය වැළඳ ගත්තා. ඒ සම්බන්ධයෙන් එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් ප්‍රභූ පාසලේ හා කේම්බ්‍රිජ් විශ්වවිිද්‍යාලයේ ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙන ගත් ජෝන් ෆිල්බි නමැත්තකු ගැන කියැවෙනවා.  සෞදි අරාබිය වහාබ්වාදයේ මූලස්ථානය වුණා. ඔවුන් වහාබ්වාදය ප්‍රචාරය කිරීම සඳහා මූල්‍යාධාර සැපයුවා. පහුගිය කාලෙ සෞදි සල්ලි මළු අපි නම් දැක්කෙ රූපවාහිනියෙන් පමණයි. අද වන විට අයිසිස් සංවිධානය ආදිය බිහි වී තියෙන්නේ වහාබ්වාදය මුල් කරගෙන.

ජෝන් නැත්නම් ජැක් ෆිල්බි ලංකාවටත් සම්බන්ධයි. ඔහුගේ පියා මොන්ටි ෆිල්බි බදුල්ල ප්‍රදේශයේ කෝපි වැවිලිකරුවකු ව සිට මහා ධනයක් උපයා ගෙන තියෙනවා. එහෙත් කෝපි වගාව නැතිවීමෙන් පසු ඔහු දුප්පතකු වෙලා. ජැක් ෆිල්බි දෙමවුපියන් සමග බදුල්ලේ ජීවත් වෙලා තියෙනවා. එහෙත් මොන්ටි ෆිල්බිගේ බිරිඳ ජැක් ෆිල්බි හා අනෙක් දරුවන් සමග ආපසු එංගලන්තයට ගිහින්. ජැක් ෆිල්බිගේ පුතා කිම් ෆිල්බි අර කේම්බ්‍රිජ් පස්දෙනාගේ කල්ලියේ. කිම් ෆිල්බි බිරිතානි ඔත්තු සේවයේ ඉන්න අතර සෝවියට් දේශයටත් සේවය කරලා. කිම් ෆිල්බි ඉපදී තියෙන්නෙ ඉන්දියාවෙ ඔහුගේ පියා ජැක් එරට සේවය කරන කාලයෙ.”

අපට කටයුතු කරන්න සිද්ධවෙලා තියෙන්නෙ එවන් බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයක් සමග.

-  නලින් ද සිල්වා ඇදුරුතුමා

2023/10/14


සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.