News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

Jun 14, 2025 at 11:25 AM
|

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි. ඊශ්‍රායල ප්‍රහාර "නිර්ලජ්ජිත ආක්‍රමණයක්" ලෙස ටෙහෙරානය හෙළා දුටු අතර "ප්‍රති ප්‍රහාර මගින් කුඩු පට්ටම් කරන බවට" ඊශ්‍රායල  ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් සපථ කළේය.

මෙම ප්‍රහාර එල්ල වූයේ හෙට(13) ඕමානයේ පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජනපදය සහ ඉරානය අතර හයවන වටයේ න්‍යෂ්ටික සාකච්ඡාවලට දින කිහිපයකට පෙරය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉරානයේ න්‍යෂ්ටික සහ හමුදා මර්මස්ථාන වලට බෝම්බ හෙළයි

ඊයේ(13) අලුයම, ඉරානයේ නටාන්ස් හි යුරේනියම් වැඩිදියුණු කිරීමේ මධ්‍යස්ථානයක් ඇතුළුව ඉරානය පුරා ඉලක්ක වලට ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා 200 කින් පමණ පහර දුන්හ. ෆෝඩෝ සහ ඉස්ෆහාන් හි න්‍යෂ්ටික ස්ථානවලට මෙන්ම හමාදාන් සහ ටැබ්‍රිස් නගර අසල හමුදා ගුවන් තොටුපළවලට ද ප්‍රහාර එල්ල වූ බව වාර්තා විය.

එක්සත් ජාතීන්ගේ ඉරාන තානාපතිවරයාට අනුව, ප්‍රහාරවලින් පුද්ගලයින් 80 ක් පමණ මිය ගොස් 320 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. ඉරානයේ ප්‍රභූ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් හොසේන් සලාමි, ඉරාන සන්නද්ධ හමුදාවන්හි මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොමඩ් බගෙරි සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ අභ්‍යවකාශ අංශයේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෙනරාල් අමීර්-අලි හජිසාදී ඇතුළු ඉහළ හමුදා නායකයින්ගේ මරණ සම්බන්ධයෙන් ටෙහෙරානය තහවුරු කළේය. ප්‍රවීණ න්‍යෂ්ටික විද්‍යාඥයින් කිහිප දෙනෙකු ද ප්‍රහාරයෙන් මිය ගියහ. කෙසේ වුවද නටාන්ස් යුරේනියම් වැඩිදියුනු කිරීමේ මධ්‍යස්ථානයට "මතුපිටින් පමණක් හානි සිදුවිය" යනුවෙන් ඉරානය පැවසීය.

නෙතන්යාහු 'පූර්ව අනතුරු අඟවන' ප්‍රහාරය සාධාරණීකරණය කරයි

ඉරානය න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහා "ඔපරේෂන් රයිසින් ලයන්" ලෙස නම් කරන ලද මෙම ප්‍රහාරවල අරමුණ වූ බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසීය. "අපි ඉරානයේ න්‍යෂ්ටික අවිකරණ වැඩසටහනේ හදවතට පහර දුන්නා,"අගමැති බෙන්ජමින් ගුවන් ප්‍රහාරවලින් පසුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලබාගෙන තිබෙන සංවර්ධනීය තත්වය හේතුවෙන් තත්වය "ආපසු හැරවිය නොහැකි ස්ථානයකට ළඟා වී ඇති" බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා මාණ්ඩලික ප්‍රධානී ඊයල් සමීර් පැවසීය. ටෙහෙරානය නැවත නැවතත් ප්‍රකාශ කර ඇත්තේ එහි වැඩසටහන සාමකාමී ඉලක්ක පමණක් අනුගමනය කරන බවත් එය න්‍යෂ්ටික අවි නිපදවන්නේ නැති බවත්ය.

ඉරානයෙන් ටෙල් අවිව් වෙත මිසයිල ප්‍රහාර 

ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි මෙම ප්‍රහාර  අසාධාරණ ප්‍රහාර ලෙස හෙළා දුටු අතර ඊශ්‍රායලය සිවිල් වැසියන් ඝාතනය කළ බවටද චෝදනා කළේය. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පැවසුවේ මෙම ප්‍රහාර "යුද ප්‍රකාශයක් ලෙස සලකන" බවයි.

ඉරාන හමුදාව තම භූමියට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර වලින් පැය කිහිපයකට පසු ඊශ්‍රායලයට ඩ්‍රෝන යානා 100 කට වැඩි ප්‍රමාණයක් දියත් කළ අතර, පසුව බැලස්ටික් මිසයිල ප්‍රහාරද එල්ල කරනු ලැබීය. සමහර මිසයිල ඊශ්‍රායල ආරක්ෂක වළලු බිඳ දමා ටෙල් අවිව් වෙත පතිත විය. ඊශ්‍රායල මාධ්‍යවලට අනුව අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් 60 කට වැඩි පිරිසක් ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ඇත.

ඊශ්‍රායලය දවස පුරාම  ඉරානයේ විවිධ ස්ථාන වලට තව තවත් ප්‍රහාර එල්ල කළේය.

ට්‍රම්ප්ගෙන් 'විශිෂ්ට' ඊශ්‍රායල මෙහෙයුමට ප්‍රශංසා හිමි වෙයි

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊශ්‍රායල ප්‍රහාරවලට ඇති ඇමරිකානු සම්බන්ධය ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆොක්ස් නිව්ස් වෙත පැවසුවේ සැලසුම් කළ මෙහෙයුම පිළිබඳව තමා දැන සිටි බවත් එම ප්‍රහාර වලින් අත්පත් කරගත් "විශිෂ්ට" ප්‍රතිඵල අගය කළ බවත්ය. ට්‍රම්ප් ඉදිරිපත් කළ "දින 60ක අවසාන නිවේදනය" යටතේ ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ ගිවිසුමකට එළඹීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔහු ඉරානය විවේචනය කළේය.

රුසියාව ගැටුම් අවම කරන ලෙස ඉල්ලා සිටී

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(13 පස්වරුවේ නෙතන්යාහු සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ දුරකථනයෙන් කතා කළේය. ජාත්‍යන්තර නීතිය යටතේ ඊශ්‍රායලයේ ප්‍රහාර නීති විරෝධී බව ඔහු හෙළා දුටු අතර ඉරානයේ සිවිල් වැසියන්ගේ මරණ වෙනුවෙන් ශෝකය පළ කළේය.

ක්‍රෙම්ලිනයට අනුව, රුසියාව “ගැටුම උත්සන්නවීම අවම කිරීමට ” උත්සාහ කරන බව පුටින් අවධාරණය කර තිබේ. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සමඟ ගොඩ නැගෙන ආතතීන් රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයෙන් විසඳා ගත යුතු බව ඔහු තවදුරටත් පැවසීය.

න්‍යෂ්ටික සාකච්ඡා අනතුරේ

හෙට(15) පැවැත්වීමට නියමිතව තිබූ න්‍යෂ්ඨික අවි හරණය සම්බන්ධයෙන් ඕමානයේ මැදිහත්වීමෙන් එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල හයවන වටයට ඉරානය සහභාගී වීම අත්හිටුවා තිබේ. ට්‍රම්ප් මීට පෙර ටෙහෙරානය සාකච්ඡා “මන්දගාමීව ගමන් කරන” බවට චෝදනා කළ අතර එහි න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම විසුරුවා හැරිය යුතු බවටද අවධාරණය කළේය.

ටෙහෙරානය ට්‍රම්ප්ගේ ඉල්ලීම් පිළිගත නොහැකි යැයි ප්‍රතික්ෂේප කළ අතර, සිවිල් අරමුණු සඳහා න්‍යෂ්ටික පර්යේෂණ දිගටම කරගෙන යන බව දැඩිව පැවසූහ.

Unprecedented escalation between Israel and Iran: What we know so far

සම්බන්ධිත පුවත් | Related News

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.
කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබේ.
බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් පවතින මූල්‍ය අවභාවිත නඩුව සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බව අල්ලස් කොමිසම විසින් අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
පසුගිය පලාත් පාලන මැතිවරණයේදී පැහැදිලි බහුතරයක් කිසිවෙකුට හිමි නොවූ කුරුණෑගල මහ නගර සභාවේ පාලන බලය ජාතික ජන බලය විසින් පිහිටුවා තිබේ.
බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
වත්මන් ආණ්ඩුව ද මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රමුඛතාවය දී නොමැති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසනවා.
මේ වනවිටත් ඉරානය හා ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය අතරතුර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් කර ඇත.
කථානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයට සහ අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන බව විපක්ෂය පවසයි.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.