
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.
“මට ආරංචි වුණා ජනාධිපතිතුමාගේ ඉහළම පිරිසක් වාඩි වෙලා කතා කරලා මාව ICCPR යටතේ දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ජාතිවාදය ඇවිස්සුවා කියන පදනමෙන් අත්තඩංගුවට ගත්තොත් මට ඇප නොදී දීර්ඝ කාලයක් අත්තඩංගුවේ තියාගෙන ඉන්න පුළුවන් කියලා සාකච්ඡා වෙලා තියෙනවා.
බහළුම් වල අවිායුධ තිබෙන්නට පුළුවන් කියන සැකය මාධ්‍ය හරහා මතු කරේ අපි නෙවෙයි රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා.
මම ජනාධිපතිතුමා ජර්මියේ ගියාම කොටි නායක නෙදියවන් හමුවෙනවාය කිව්වා කියලා ජාතිවාදය ඇස්සුවාය කියලා ප්‍රකාශ කරනවා.
එතනත් මේ අය පොට පටලවගෙන මොකද මගේ ප්‍රකාශයේ මම කියන්නේ සමාජ මාධ්‍යවල යනවා ජනාධිපතිතුමා ජර්මනියේ සංචාරය කරන්නේ කොටිනායක නෙදිවන් ඊට සමගාමීව ඇවිල්ලා එහෙදි හමුවන්නයි මොකද ලංකාවේ හමුවනොත් ඒක ප්‍රශ්නයක් වන නිසා අපි ගාව ස්ක්‍රීන් ශොට් තිබෙනවා.
ජර්මනියේ ආණ්ඩුවේ ප්‍රධානියා තමයි චාන්සලවරයා. හරියට අපේ ජනාධිපතිතුමා ඉන්දියාව ගියාම ජනාධිපතිතුමිය හමුවීම නෙවෙයි වැදගත් වුණේ නරේද්‍ර මෝදි අගමැතිතුමා හමුව.
අන්න ඒ වගේ ජර්මනියේ ජනාධිපති කියන්නේ නාම මාත්‍ර ජනාධිපති කෙනෙක් වැදගත් පුද්ගලයා වෙන්නේ ආණ්ඩුවේ ප්‍රධාන වෙන්නේ චාන්සලර් කියන තනතුර දරන්නා.
ජනාධිපතිතුමා චාන්සලවරයාටගේ වෙලාවක් ඉල්ලලා එයා වෙලාව දෙන දිනයේ යන්නේ නැතුව ඔහු හමුනොවී කඩිමුඩියේ යනවා නම් මේ කියන කටකතා සමාජයේ තහවුරු වෙනවා.
ඒ නිසා ජනාධිපති තුමනි මෙහි ඇත්ත රටට පැහැදිලි කරන්න කියන අපි ඉල්ලීමයි කරේ මම නීතිඥයෙක් ඒ නිසා ඉතාම ප්‍රවේශමෙන් මම වචන පාවිච්චි කරලා තියෙන්නේ.
ජනාධිපති දිසානායක මැතිතුමනි උදේ ගම්මම්පිල හිරේ දානවා කියලා වෙඩි තියලා මරලා දානවා කියලා නම් බය කරන්න හම්බ වෙන්නේ නෑ. මම කතා කරන එක නතර කරන්න කාටවත්ම බෑ”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
