News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාව මවන කොටි භීතිකාවේ ඇත්ත - නැත්ත

Aug 20, 2026 at 07:51 AM
|

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට එරෙහිව රාජිව් ගාන්ධි ඝාතනයේ පටන් පවත්වාගෙන ආ තහනම තවදුරටත් දිගු කොට ඇත. ඉන්දියානු ඔත්තුසේවා ‘‘මහා පරිශ‍්‍රමයකින් ’’ පසු සොයාගත් ආකාරයට ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ සහ තමිල්නාඩු ප‍්‍රාන්තයේ පවතින භාෂාමය සහ සංස්කෘතික සමානකම් කොටි සංවිධානයේ වාසියට හේතු වී ඇත. කෙසේවෙතත් කොටි සංවිධානය නැවත වටයකින් සංවිධානය වන්නේ ආයුධ සන්නද්ධවද යන්න ඔවුන් ප‍්‍රකාශ කොට ඇත. එහෙත් එහි වැදගත්කමක් නැත්තේ ආයුධ මිලදී ගැනීම යනු මුදල් ගෙවා ඇනවුම් යැවීම් පිළිබඳ ප‍්‍රශ්නයක් පමණක් නිසාය. එසේත් නැතහොත් එය ඉන්දියානු ඔත්තුසේවාවේ ඉහල නිළධාරින් ඒ පිළිබඳව තීන්දුවක් ගන්නා තෙක් බලපාන ප‍්‍රශ්නයක් පමණි.

ඉන්දියාවේ හින්දු පුවත්පත මේවා අළුත්ම අළුත් ප‍්‍රවෘති ලෙස පළකලද ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට නම් එම ප‍්‍රවෘතියේ ඇති අරුමයක් නැත. කොටි සංවිධානය වැනි අධිරාජ්‍යවාද රටවල කුලී හමුදාවක ඉහළ මට්ටමේ නායකත්වය විනාශ වූ පමණින් එම සංවිධානය සහමුලින්ම විනාශ නොවන බව තේරුම් ගැනීමට හැකියාවක් පොදු ජනතාවට ඇත. එහිදි ‘‘විනාශ නොවන බව’’ යන්නට වඩාත් සුදුසු වන්නේ ‘‘විනාශ වී යෑමට ඉඩ නොදෙන බව’’ යන්න බවද කිව යුතුය. එදා ඉන්දියාව ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුව සමග කේවල් කිරීමට යොදාගන්නේ තමා විසින්ම කොටි සංවිධානයට ලබාදුන් ආයුධ වල බලයයි. අදද ඒ බලය විවිධ මට්ටමින් සහ ආකාරයෙන් යොදා ගැනීමට ඉන්දියාව අකමැති යයි සිතන්නට තරම් අප රටේ ජනතාව බොළද නැත. කෙසේවෙතත් ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අනතුරු අඟවන්නේ කොටි සංවිධානයේ නැගිම ඉන්දියාවේ ස්වයිරිභාවයට සහ භෞමික අකන්ඩතාවයට හානිකර බවටය. අඩුතරමින් ඔවුන් ඉන්දියාවේ පවතින තත්ත්වය ශ‍්‍රී ලංකාවේ භෞමික අකණ්ඩතාවයට අනතුරක් නිසා කොටි සංවිධානයේ තහනම දිගුකලා යයි පැවසුවා නම් එය අපට පිළිගත හැක. ඉන්දියාව එදා කල්පනාකළේ තමා සතු අතිමහත් හමුදා බලය සමඟ සැසදීමේදි කොටි සංවිධානය සන්නද්ධ කිරිමේ තීන්දුව අනතුරු දායක නැති බවටය. මේ තත්ත්වය තුළ ඉන්දියාව හදිසියේ නින්දෙන් අවධිවුනා සේ කොටි සේ කොටි සංවිධානයේ නැවත නැතිවීම පිළිබඳ කෑ ගසන්නේ කුමක් නිසාදැයි තේරුම් ගැනිම නම් අප රටේ භෞමික අකණ්ඩතාවය රැක ගැනීම සඳහා වැදගත් වනු ඇත.

මීට මාස කිහිපයකට පෙර ඉන්දියාව අපට කියා සිටියේ දැන් කොටි සංවිධානය විනාශ කොට ඇති බැවින් උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල හමුදා කදවුරු ඉවත්කල යුතු බවයි. එසේම ඔවුන් කියා සිටියේ සාමය උදාවී ඇති බැවින් කොටි සංවිධානයේ හිටපු දේශපාලන කුලීකරුවන්ට බලය ලබාදීම සඳහා පලාත් සභා ඡුන්ද කඩිනමින් පැවැත්විය යුතු බවයි. ඉන්දියාව එසේ දෙමළ ජාතික සංවිධානයේ ජාතිවාදි නායකයිනට බන්දේසියක තබා බලය බෙදාදීම පිළිබඳ කථා කලත් ජනතාවට ලැබිය යුතු බලය පිළිබඳව වචනයක්වත් කතා කරන්නේ නැත. එසේම ඔවුන් රේල් පාරවල්, මහපාරවල් සහ වරායවල් හදන කොන්ත‍්‍රාත් ලබාගැනීම සඳහා චීනය සමග පොර ඇල්ලූ බවද රහසක් නොවේ. එහෙත් ඔවුන් කන්තලේ සීනි කර්මාන්තශාලාව, පරන්තන් රසායනික කර්මාන්තශාලාව හෝ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව නැවත ගොඩනැගීමට එසේ පොරකන්නේ නැත. තවද අවතැන් ජනතාව නැවත පදිංචි කිරිමේ ක‍්‍රියාවලිය ගැන ඔවුන් කොතෙක් අවලාද නැගුවත් තමා පොරොන්දු වු නිවාස ව්‍යාපෘතිය වසර 3ක් පමාවීම පිළිබඳව වචනයක්වත් කථා කරන්නේද නැත.

ඉතා සරලව කියන්නේ නම් ඉන්දියාව උතුරු නැගෙනහිර ජනතාවගේ නාමයෙන් ජාතිවාදි නායකයින්ට බලය බෙදිමට කථාකලාට ඒ ජනතාවට රටේ ආර්ථිකයට දායකවිය හැකි ලෙස ඔවුන්ගේ ජවනෝපාය දියුණු කිරිම පිළිබඳ කථාකරන්නේ නැත. පසුගිය වසර 3ක කාලය ගෙවී ගියේ ඒ ආකාරයට ජනතාව අමතක කරමින්ය. ඒ නිසා ඉන්දියාව ඒ ආකාරයට ජනතාවගේ ආර්ථික මට්ටම දියුණු කිරිම පිළිබඳව බලපෑම් නොකරන්නේ ඒ ජනතාවගේ අසරණකමද කෙවල් කිරිමේ උපාංගයක් ලෙස භාවිතා කිරිමටදැයි ප‍්‍රශ්න කිරිම ආසාධාරණ නැත. පසුගිය මානව හිමිකම් සැසියේදි ශ‍්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාවට පක්‍ෂව ඡුන්දය දීම ඉන්දියාව විසින් සිදුකරන ශ‍්‍රී ලංකාවේ අත්කරකැවීමේ ක‍්‍රියාවලියේ උච්චතම අවස්ථාව ලෙස සැලකිය හැක. ඒ තත්වය තුළත් ශ‍්‍රී ලංකාව ඔවුනට අවශ්‍ය ප‍්‍රමාණයට නම්මාගත නොහැකි තත්ත්වය තුල ඉන්දියාව දැන් ශ‍්‍රී ලංකාවේ අත කරකැවීම සඳහා වෙනස් ආකාරයක අඩුවක් භාවිතා කිරිමට උත්සාහ කරන බව පෙනේ. 

දැන් ඒ අළුත් උපාංගය අනුව කොටි සංවිධානය නැවත නැගී සිටිය යුතුය. එසේම ඒ නැගිසිටිම පිළිබඳව ශ‍්‍රී ලංකාව කලබලයට සහ බියට පත් වී ඉන්දියාවේ උදව් ඉල්ලා සිටිය යුතුය. මෙදාපාර කොටි සංවිධානය කොතරම් බලවත් විය හැකිද යනු එම තත්ත්වය ඉන්දියාවේ භෞමික අකන්ඩතාවයටද තර්ජනයකි. ඒ නිසා ශ‍්‍රී ලංකාවේ අකණ්ඩතාවය පිළිබඳ කවර කථාද? යකඩත් දියවී යැතැයි බිය වන විට අයිස් ගැන කුමන කථාද? මේ ආකාරයට ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව දියත්කරන නවතම මානසික යුද පෙරමුණ වන්නේ කොටි සංවිධානයේ නැවත නැගීසිටිම බව පැහැදිලිය. ඒ නිසා ඉන්දියාව එදා කථාකලදේ සහ අද කථා කරන දේ අතර වෙනස තේරුම්ගත යුත්තේ ඒ මානසික යුධ උපක‍්‍රමික යථාර්ථය තුලය. එසේ උපාය උපක‍්‍රම වෙනස්වුවත් ඉන්දියාවේ ෙඓතිහාසික දේශපාලන උවමනාව හෙවත් අරමුණ දශමයකින් වෙනස් නොවන බව අප තේරුම්ගත යුතුය.

ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ දකුණුදිග ප‍්‍රාන්තය බවට පත්කරගැනීමේ උවමනාව ඒ රටේ ෙඓතිහාසිය උපායමාර්ගික අවශ්‍යතාවයකි. එය ඉන්දියානු සාගර නාවික ගමනා ගමන කලාපය පාලනය කිරිම හරහා සමස්ථ ලෝකයේම නාවික ගමනාගමනයෙන් අඩකට වඩා පාලනය කිරිමට ඇති උවමනාව සමඟ ගැට ගැසී ඇත. අද කොළඹ වරායට ගොඩබාන භා්ණඩ තොග වලින් 70% නැවත නැව්ගත කෙරෙන්නේ ඉන්දියාවටය. එසේම තව වසර 30-40 කින් පසුව ලෝකයේ භාවිතාවන මහා පරිමාන නාවික යාත‍්‍රා වලින් ගෙනඑන භාණ්ඩ ඉන්දියාවට යැවිය හැක්කේ හම්බන්තොට වරාය හරහා පමණි. දැන් ඉන්දියාව ත‍්‍රිකුණාමලය මධ්‍යස්ථානය කරගනිමින් තෙල් ටැංකි සංකිර්ණ, කර්මාන්ත කලාප, විදුලි බලාගාර ඉදිකරමින් ඉන්දියාව දක්වා රේල් පාරක්ද යෝජනා කරන්නේ එම තත්වයට යම් පමණකින් මුහුණදීම සඳහා බව පැහැදිලිය. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ භූගෝලිය පිහිටිම නිසා ඉන්දියාවේ නාවික හමුදාව නැගෙනහිර සහ බටහිර කලාප වශයෙන් දෙකට බෙදී ඇත. ඊට අමතරව තෙල් සම්පත් සහ අනෙකුත් ආර්ථික සම්පත් කොල්ලකෑමේ උවමනාව ගැන කථා කිරිම අවශ්‍ය නැත. ඒ සියලූ උවමනාවන් සපුරාගැනීම සඳහා අවශ්‍ය යටත්කිරිමේ ක‍්‍රියාවලිය දියත්වන්නේ ශ‍්‍රී ලංකාව දෙකඩ කොට දුර්වල කිරිම යන උපායමාර්ගික පදනම මත පිහිටාය. 

පසුගිය කාලයේදි ඉතා පැහැදිලිව පෙනීගිය ආකාරයට දෙමළ ජාතිවාදින්ට සහ ඉන්දියානු ඔත්තුසේවාවලට ඒකට වැඩ කිරිමට සිදුවන්නේ ඒ පොදු අරමුණ ඉටුකරගැනීම සඳහාය. ඉන්දියාවේ එදා අරමුණ අද බටහිර අධිරාජයවාදින්ගේ සමස්ථ ලෝක ආධිපත්‍ය ලබාගැනීමේ අරමුණට උදව්කරන්නක් මිස ඊට එරෙහිව යන්නක් නොවේ. චීනයේ නැගී සිටිමට පෙර ඉන්දියාව සහ බටහිර අතර යම් උපායමාර්ගික ප‍්‍රතිවිරෝධතා පෙනෙන්නට තිබු නමුත් චීනයේ නැඟී සිටිමත් සමග ඒවා සමනය වෙමින් ඇත. දැන් ඉතා පැහැදිලිවම බටහිර අධිරාජ්‍යවාදි බලවේග උත්සාහ කරන්නේ ඉන්දියාවේ අධිපතිවාදය හරහා චීනය මට්ටු කිරිමටය. නමුත් අප රටේ බොහෝ දේශපාලනය පක්‍ෂ විශේෂයෙන්ම පැරණි වාමාංගික පක්‍ෂ මේ යථාර්ථය තේරුම් නොගෙන ඇමෙරිකාවට එරෙහිව ඉන්දියාව රැකිමේ සටන්පාඨ තේරීමට පටන් ගත්බව රහසක් නොවේ.

ඔවුන් කියා සිටියේ ඉන්දියාව කැබැලි වලට කැඩිමේ බටහිර උවමනාව නිසා ශ‍්‍රී ලුංකාවේ දෙමළ බෙදුම්වාදි ව්‍යාපාරය බටහිරයන්ගේ පමණක් ව්‍යාපෘතියක් බවය. එදා ඉන්දියාව කොටි ත‍්‍රස්තවාදින් පුහුණු කරන බව එලිදරව්වු විට මෙම පිරිස් කියා සිටියේ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ ඇමෙරිකානු ගැතිභාවය නිසා ඉන්දියාව එසේ ප‍්‍රතිචාර දක්වන බවය. ඒ නිසා එදා ශ‍්‍රී ලංකාව බෙදා වෙන්කිරිමේ පලමු සාර්ථක මෙහෙයුම වූ ඉන්දු ලංකා ගිවිසුමට පළමුව සුභ පැතුවේ ඇමෙරිකානු රජය බව ඔවුන් අදටත් කියන්නේ නැත. මේ වරද නිසා ශ‍්‍රී ලංකාව තුළ බෙදුම්වාදි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විකෘති කථිකාවක් ගොඩනැගුණි. බටහිර ගැති දේශපාලන කණ්ඩායම් සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් රට බෙදිම වැලැක්විම සඳහා 13 වැනි ව්‍යවස්ථාව ඉක්මවා යන බලයක් වුවද ලබාදිය යුතුය යන මතය ඉදිරිපත් කරන්නේ මේ විකෘති මතවාදය තුල පවතින ඉඩ ප‍්‍රයෝජනයට ගනිමින්ය. ඒ අනුව බටහිර සහ ඉන්දියානු උවමනා එකට සම්පාතවන බලය බෙදිුමේ බෙදුම්වාදි කථිකාවට සුදු හුණු ගැමට ඒ මඟින් ඉඩක් ලැබී ඇත. ඉන්දියාවට තම බෙදුම්වාදි නිරුවත වසා ගනිමින් ශ‍්‍රී ලංකාවේ ගැලවුම් කරුවාගේ භූමිකාව රඟපෑමට ඉඩක් ලැබී ඇත්තේ ඒ තත්ත්වය තුළය. 

ඉන්දියාවට කිසිදිනෙක ශ‍්‍රී ලංකාව පිළිබඳව උපායමාර්ගික පැටලැවිල්ලක් හෝ අරමුණ වෙනස්කිරිමේ ගැටළුවක් මතුවී නැත. එදා ඉන්දියාවට තිබු එකම බාධකය ප‍්‍රභාකරන් නැමැති නහයට අහන්නේ නැති වදුරාගේ හැසිරීමයි. ප‍්‍රභාකරන් විනාශ කිරිමට එකඟ වීම බෙදුම්වාදයට විරුද්ධවිමක් ලෙස අර්ථ දැක්වීමට උත්සාහ කිරිම මාරාන්තික වැරැද්දකි. ඉහත සඳහන් කල ආකාරයට ඉන්දියාවේ බෙදුම්වාදී නිරුවත වැසිම සඳහා අද ප‍්‍රභාකරන්ගේ සමද භාවිතයට ගැනේ. අද ප‍්‍රභාකරන් නොමැති ඊළමක් සඳහා ඉන්දියාව කිසිදු දෙගිඩියාවකින් තොරව ක‍්‍රියාකරන් බව පිළිගැනීම සඳහා මහා තර්ක විතර්ක අවශ්‍ය වන්නේ නැත. එදා ප‍්‍රභාකරන් ජිවත්ව සිටියදි භාවිතා වූ උපාය මාර්ග ත‍්‍රිත්වයෙන් අද වෙනස් වී ඇත්තේ එකක් පමණි. ඒ ශක්තිමත් සහ සෘජු මහාපරිමාන යුද්ධය වෙනුවට වක‍්‍ර හෙවත් භෞතිකව දුර්වල එහෙත් දේශපාලන වශයෙන් ශක්තිමත් යුද්ධයක් ආදේශ කිරිමය. එදා එම උපායමාර්ග ත‍්‍රිත්වයෙන් මුලිකම උපායමාර්ගය වූ බලය බෙදිමේ ක‍්‍රියාවලිය හරහා බෙදුම්වාදය නීතිගත කිරිමට අවශ්‍ය බලපෑම එල්ලුකලේ එම සෘජු යුද්ධය හරහාය. නමුත් අද ඒ වෙනුවට වක‍්‍ර යුද්ධයක් හෙවත් ඊ නියා අවිහිංසාවාදි මහජන සටන් සමඟ බද්ධකරගන්නා සීමා සහිත යුදමය ක‍්‍රියාකාරකම් යොදාගැනීමට ඔවුන් තීන්දු කොට ඇත. මෑතකදි සම්බන්දන් මහතා මඩකලපුවේදි පැවති ඔවුන්ගේ පක්‍ෂ සමුළුවේදි ඒ බව එලිදරව් කළේය. එහිදි සම්බන්දන් මහතා මේ උපායමාර්ග ත‍්‍රිත්වයේ තුන්වැන්න වන ජාත්‍යන්තර මැදිහත් වීමට විශාල බරක් තබා කථාකරන්නේ ඉන්දියාව කෙරෙහි විශාල විශ්වාසකින් බව පැහැදිලිය.

ඒ අනුව සම්බන්දන්ලා කියන අවිහිංසාවාදි මහජන විදි සටන් දියත්වන අවස්ථාවේදි මේ දිනවල ඉන්දියාවේ සංවිධානය වෙනවා යයි කියන කොටි සංවිධානයට භූමිකාවක් හිමිවනු ඇත. අවසානයේදි එම ක‍්‍රියාවලිය හරහා ඇතිවන මහජන පීඩනය ඉන්දියාව ප‍්‍රමුඛ බටහිර බලවේග විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව මැදිහත් වීමක් සඳහා යොදාගනු ඇත. කෙසේවෙතත් මේ දිනවල ඉන්දියාව කොටින්ගේ නැවත නැගිටීමට බරතබා කතාකරන්නේ අනාගතය පිළිබඳව මේ බියකරු පින්තුරය ශ‍්‍රී ලංකා ආණ්ඩුව ඉදිරියේ මවා පෑමට බව පැහැදිලිය. ඒ මගින් ඉන්දියාව උත්සාහකරන්නේ ආණ්ඩුව බියට පත්කොට තව තවත් බෙදුම්වාදි උගුල දෙසටම තල්ලූ කිරිමටය. වෙනත් වචන වලින් කියනවා නම් කොටින්ගේ නැගිසිටිම පාලනය කිරිම සඳහා හැකිතාක් උපරිම ලෙස බලය බෙදා ‘‘දෙමළ ජනතාව දිනාගැනීමට’’ ආණ්ඩුව පෙළඹවීමටය. එය ඉන්දියාවේ මුල්ික උපායමාර්ගික අවශ්‍යතාව ඉටුකිරිම සඳහා 1987 ට ආපසු ගමන්කරන ලෙස බලකිරිමක් මිස අන් යමක් නොවේ. 

නමුත් මේ නරකම තත්වය තුලත් ශ‍්‍රී ලංකාවට අවස්ථාවක් නිර්මාණය වීම ඉන්දියාවට වැලැක්විය නොහැක. ඒ අනුව ශ‍්‍රී ලංකා රජයට උතුරින් හමුදාකදවුරු ඉවත් නොකර සිටිමට ප‍්‍රභල නිදහසට කාරණයක් ලැබී ඇත. එසේම කොටි සංවිධානයේ ක‍්‍රියාකාරිත්වය ප‍්‍රභල වෙමින් පවතින තත්ත්වයක් තුල පළාත් සභාවලට වැඩිබලතල දීම භයානක තත්වයක් බවද ප‍්‍රකාශකල හැක. ඒ නිසාම උතුරේ මැතිවරණ පැවැත්වීමට පෙර එම ප‍්‍රදේශවල ආරක්‍ෂක තත්තවය තහවුරු කිරිම අවශ්‍ය නිසා එම ප‍්‍රදේශයේ මැතිවරණ යම් කාලයකට කල් දැම්මටද රජයට හැකියාවක් ලැබේ. සමස්ථයක් ලෙස ගත්විය නව තත්ත්වය තුල බලය බෙදිම පිළීබඳව මෙතෙක් පැවති කථාව වෙනස් තැනකට ගෙනගොස් 13 වැනි ව්‍යවස්ථාව මත බලය බෙදිම මගින් අනාගතයේදි රට බෙදෙන තත්ත්වයක් ඇතිවන බව ප‍්‍රකාශ කිරිමට දැන් වැඩි සාදාචාර බලයක් රජයට ලැබේ. විශේෂයෙන්ම මීට පෙර රජය විසින් ප‍්‍රකාශයට පත්කොට ඇති පරිදී පොලිස් සහ ඉඩම් බලතල ලබාදීමේ භයානක කම රටට පෙන්වාදිය යුතුව ඇත. රට බෙදීමට පහසුකම් සලසන්න යයි හෝ රට බෙදීම වලක්වන්න එපා යයි කිසිවකුට රජයට බලකළ නොහැක. රට බෙදීම වැලැක්වීම යනු ව්‍යවස්ථාව මඟින් රජයට පවරා ඇති පරම වගකීමකි.

රට බෙදිමේ ඉන්දියානු සහ බටහිර උපාය මාර්ගික මෙහෙයුම පරාජය කිරිම සඳහා දියත් කල යුතු ප‍්‍රති උපාය මාර්ගික ප‍්‍රවේශයේ මුලිකම අංගය 13 වැනි ව්‍යවස්ථාවේ බෙදුම්වාදි අංග ඉවත්කිරිම බව රජය තේරුම් නොගන්නේ නම් නව තත්වයට මුහුණදීම සඳහා ශක්තිමත් පදනමක් ලැබෙන්නේ නැත. ඒ බව ජනතාව සමග විවෘතව සංවාදයට ලක්කරන්නේ නැති නම් අවශ්‍ය ජනතා සහය ලැබෙන්නේද නැත. දැනට පෙනෙන ආකාරයට රජය උත්සාහ කරන්නේ උගුරට හොරා බෙහෙත් බීමටය. එසේ නැතහොත් ජනතාවට හොරා ඔවුන්ගේ ඉරණම තීන්දු කිරිමටය. අද කොටි සංවිධානයට වඩා ඉන්දියාවට ප‍්‍රයෝජනවත් වන්නේ රජයේ මේ අවිනිශ්චිත භාවය බව පෙනේ. ඒ නිසා දැන් රජය දේශියව සහ ජාත්‍යන්තරව රට බෙදිම වැලැක්වීම සහ උතුරු සහ නැගෙනහිර ජනතාවට සාධාරණය ඉටුකිරිම සඳහාවන තම ස්ථාවරය සෘජුව ප‍්‍රකාශකල යුතුව ඇත. එවිට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව තුල කථාකළ හැක්කේ එතැනින් මෙහා දේවල් පමණී. එසේ නොවී ගතවන සෑම පැයක්ම සතුරාට සේවය කරනු ඇත. 

ඉන්දියාව දැන් තම මානසික යුද මෙහෙයුම නවතම පෙරමුණකින් ආරම්භ කරන්නේද මේ වාසි සහගත තත්තවය ප‍්‍රයෝජනයට ගනිමිනි.


වෙද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

මහ ලේකම්

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය


සම්බන්ධිත පුවත් | Related News

මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය
පහත පළකෙරෙන අතිගරු ජනාධිපතිතුමාට යොමුකෙරෙන ලිපියෙන් ඉල්ලා සිටින පරිදී රජරට වකුගඩු රෝගය පාලනය කිරීමට අදාල මූලික පියවරක් ලෙස කෘෂි රසායන භාවිතය පාලනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එම අමාත්‍යාංශයේ

ප්‍රධාන පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.