News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුව: සිහිනය සහ යථාර්තය අතර

Aug 3, 2026 at 12:17 PM
|

මේ වන විට ආණ්ඩුව දේශපාලන, ආර්ථික, සමාජ සංස්තෘකිත ආදී සියළු පැතිකඩවල් වලට අදාලව තම පාලනය ගෙනයන්නේ කිසියම් සිහිනයක ගැලී සිටිමින් දැයි ප‍්‍රභල ප‍්‍රශ්ණයක් මහජන මනස තුළ ගොඩනැගෙමින් ඇත. එක් පැත්තකින් ආණ්ඩුව විග්නේෂ්වරන් නැමැති රූමත් අභිසාරිකාව තම ඇඳිවත එහා මෙහා කරමින් රඟන රංඟනයට වශී වී සිහින දකිමින් ඇත. ඔහු පෙන්වන්නේ මධ්‍යස්ථවාදී තමා සහ අන්තවාදී දෙමළ නායකයින් අතර ගැටුමක් පවතින බවය. ඒ නිසා රජය කල්පනා කරන්නේ ඔහු සමඟ සාමකාමීව පළාත් සභාව පාලනය කල හැකි බව පමණක් නොව රජයේ කණ්ඩායම සහ විග්නේෂ්වරන්ගේ කණ්ඩායම එකතුව පළාත් සභාවේ බලය අත්පත් කර ගත හැකි බවය. ඒ අනුව ඒ සිහිනය සැබෑ වේ යයි බලා සිටීම හැර විග්නේෂ්වරන්ගේ ඊනියා සාමකාමී කාලයෙන් පසුව උදාවන සැබෑ ගැටුමට සූදානම් විය යුතු නැත. ඔහු ඉඳහිට භාවිතාකරන බෙදුම්වාදී වාග්මාලව ගැන කළබල විය යුතුද නැත. ආණ්ඩුවේ සමහරුන්ට අනුව ඔහු එසේ කරන්නේ අන්තවාදීන් සමඟ ගැටුමේදී දෙමළ ජනතාව තමා පැත්තේ තබා ගැනීම සඳහාය. ඔවුනට අනුව ඒ සඳහා ඔහුට උදව් කළ යුතුය.

නමුත් යථාර්තය ඒ ආකාරයට සරල සහ සුභවාදී යයි දැනුම් තේරුම් ඇති මහජනයා නම් කල්පනා කරන්නේ නැත. එහෙත් දැන් ආණ්ඩුවට මහජන මතය ඒ තරම් වැදගත් නැති බව පෙනේ. එම තත්වය  ඕනෑම ආණ්ඩුවකට අවසාන භාගයේදී වැළදෙන හිස ඉදිමීමේ රෝගී තත්වයක් යයි හිත හදාගත හැකිද? අවුරුදු 40 ක බෙදුම්වාදී උපාය මාර්ගික ගමන්මඟ තේරුම්ගත හැකි මහජනයා නම් කල්පනා කරන්නේ විග්නේෂ්වරන් යනු ඇන්ටන් බාලසිංහම් ගේ දියුණුතම අවතාරයක් බවය. බාලසිංහම් යනු ඉන්දියාව සහ බටහිර රටවල් විසින් ප‍්‍රභාකරන්ට මඟ පෙන්වීම සඳහා තෝරාගත් උපාය මාර්ගික විශේෂඥයාය. ඔහු තිරය පිටපස භූමිකාවට දක්ෂයකු වූවත් මහජන ක‍්‍රියාකාරකම් වලදී පසුගාමීත්වයක් පෙන්වූ පුද්ගලයෙකි. නමුත් විග්නේෂ්වරන් යනු මඟපෙන්වන්නෙකු නොව ඇත්ත භූමිකාව ඉටුකරන්නා ලෙස එසේ තෝරාගත් තැනැත්තාය. ඔහු නව ඊළාම් උපායමාර්ගය මත සෘජුව සිටගෙන සිටින අතර තම සතුරා ඇන්ඳවීම සඳහා මහජන සබධතා හැකියාවන්ද ඉතා දක්‍ෂ ලෙස යොදාගන්නෙකි. මේ වන විට සිංහල ජනාතාව අතර පවා ඔහු දිනාගෙන සිටින විශ්වාසය ඊට හොදම උදාහරණයකි.

නව ඊළාම් සැලසුම තුළ විග්නේෂ්වරන්ට පැවරී ඇති භූමිකාව පැරණි සැලසුම තුළ ප‍්‍රභකරන්ට වැරදුන දේ නිවැරදි කිරීමය. ප‍්‍රභාකරන් තමා ආයුධ බලයෙන් ලබාගත් දේශපාලන ජයග‍්‍රහණ තහවුරු කර ගනිමින් අවසාන අදියර සඳහා ජත්‍යාන්තරය මැදිහත්කර ගැනීමේ උපාය මාර්ගයට නිවැරිදිව අනුගත වූයේ නැත. ඊට ප‍්‍රධාන වශයෙන් බලපෑවේ ඒ වන විට ඔහු ඇඳගෙන සිටි කෘර ඝාතක ඇදුම පිටින් මහඇමති පුටුවක වාඩිවීමට තිබූ පුද්ගලික බාධාවකි. මහ ඇමැති තනතුර සඳහා ‘‘බොඩි ආමර්’’ ගැලවුවහොත් තමාගේ භූමිකාව භෞතිකව අහෝසිවන බව ඔහු ඉතා හොදින් දැන සිටියේය. අද විග්නේෂ්වරන්ට ලැබී තිබෙන භූමිකාව ප‍්‍රභාකරන් අතින් ගිලිහුණු යෂ්ටිය අතට ගෙන ‘‘සහාය දිවීම’’ ජයග‍්‍රහණයෙන් අවසන් කිරීමය. සිංහල ජනතාවට මොනරවිල කැප්පෙටිපොල මෙන් දෙමළ ජනතාවට ප‍්‍රභාකරන් වීරයකු වන බව ඔහු කියන්නේ ඒ නිසාය.

ප‍්‍රභාකරන් ඝාතනය වූවත් ඔහු විසින් වසර 30 ක් යුද්ධකොට ලබාගත් පළාත් සභාව දැන් ඉතා පහසුවෙන් විග්නේෂ්වරන් අතට ලැබී ඇත. ඒ අනුව විග්නේෂ්වරන්ට දිවීමට ඇත්තේ කෙටි දුරක් පමණී. නමුත් ඒ කෙටිදුර ඉතා සූක්‍ෂම සහ රාජ්‍යතාන්ත‍්‍රික ඥණයෙන් යුතුව අවසන් කළ යුතු බව විග්නේශ්වරන් අවබෝධ කොට ගෙන ඇති බව පෙනේ. ඔහු දැන් ආණ්ඩුවට ව්‍යාජ සාමයේ හස්තය දිගු කරමින් ඇත. ඒ නිසා ආණ්ඩුව තුළ සිටින බෙදුම්වාදී උපදේශකයින් කියන්නේ ආණ්ඩුවද ඊට අනුව ආරක්‍ෂණවාදී ස්ථාවරයකට ගොස් සාමය සඳහා හිස පහත්කර ගත යුතු බවය. හිස පහත් කිරීම ක‍්‍රමයෙන් අවසන් වන්නේ මුළු කඳම පහත් කිරීමෙන් බව මේ උපදේශකයෝ ඉතා හොඳින් දනිති.

ඒ ගමනේ එක්තරා සන්ධිස්ථානයකදී, බොහෝ විට ඉන්දියාවේ මහ ඡුන්දය පැවැත්වීමට පෙර, විග්නේෂ්වරන් මහ ඇතැති තමාගේ අනෙක් අතේ සඟවා ගෙන සිටින ආයුධය අතට ගන්නා විට ආණ්ඩුව වික්‍ෂිප්ත වනු ඇත. එහිදී ඊනියා උපදේශකයින් සහ ජාත්‍යාන්තර ප‍්‍රජාව ආණ්ඩුවටම චෝදනා එල්ල කරනු ඇත. ඒ ආණ්ඩුව විග්නේශ්වරන් සතුටුවන තරමට ‘‘දෙකට නැමීමට’’ අසමත්වූ නිසා ඔහුට ආයුධය අතට ගැනීමට සිදුවූ බවට තර්ක කරමිනි. නමුත් ඒ ආයුධය ප‍්‍රභාකරන්ගේ ආයුධයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආයුධයක් නිසා එම අවස්ථාවේදී ආණ්ඩුව ආයුධ අතට ගැනීම සාධාරණීකරණය කිරීමට හැකි වන්නේ නැත. විග්නේෂ්වරන්ගේ ආයුධය වන්නේ ‘‘පළාත් සභාවට ලැබිය යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලතල ලබානොදීමට එරෙහි අවිහිංසාවාදී හෙවත් නිරායුධ සටනයි’’. එය ඔසවන්නේ ජාත්‍යන්තරයේ මැදිහත් වීම සාධාරණීකරණය කෙරෙන ආකාරයට රජය පළාත් සභාවට හිමි ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලතල ලබානොදී ඊට එරෙහිව මර්ධනය දියත් කරන බව ප‍්‍රකාශයට පත්කරමිනි.

එදා වරධරාජා පෙරුමාල්ට එරෙහිව ආණ්ඩුව බලය පාවිච්චි කිරීම සාධාරණීකරණය වූයේ ඔහු නීති විරෝධීව පොලිස් හමුදාවක් සෑදීම සහ වෙනම රාජ්‍යයක් ප‍්‍රකාශයට පත්කිරීම නිසාය. විග්නේෂ්වරන් ඒ වරද නැවත කරමින් ඉතිහාසයේ සරදමට ලක්නොවන බව ඉතා පැහැදිලිය. විග්නේෂ්වරන් ගැටුම හදාගන්නේ ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල නීත්‍යානුකූලව ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහය තුළය. එසේම විග්නේෂ්වරන් කිසිදිනෙක වෙනම රාජ්‍යයක් ප‍්‍රකාශයට පත්නොකරනු ඇත. ඒ අවසාන නිවේදනය නිකුත්කෙරෙන්නේ ජාත්‍යන්තර මැදිහත්වීම අවසානයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක‍්‍රමවේද තුළය. ඒ අනුව විග්නේෂ්වරන්ගේ සැබෑ භූමිකාව වන්නේ සාමකාමීව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව දෙමළ ජනතාවගේ අපේක්‍ෂා ඉටුකිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා අතර ඊට කිසිදු ඉඩක් නැති බව තහවුරු කිරීම පමණී.

කෙසේවෙතත් විග්නේෂ්වරන්ගේ අඩනිරුවත් රැගුම් අභියස ඇස් නිලංකාරවී සිටින ආණ්ඩුවට ජාත්‍යන්තර බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය පමණක් නොව යුධ අපරාධ න්‍යාය පත‍්‍රය සහ ආණ්ඩු වෙනස් කිරීමේ නයාය පත‍්‍රයද නොපෙනීම පුදුමයට කාරණයක් නොවේ. අද ආණ්ඩු වෙනස් කිරීමේ න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා ප‍්‍රභලතම භූමිකාව ඉටුකරන්නේ ආණ්ඩුව විසින්මය. දශක දෙකක් තිස්සේ තම නොහැකියාව පමණක් පෙන්වූ නිළධාරියකුට මුදල් ඇමැති ලෙස කටයුතු කිරීමේ පූර්ණ බලය ලබාදීම හරහා මේ වන විට ආණ්ඩුව බරපතල ආර්ථික අර්බුදයක් කරා ගමන්කරමින් ඇත. ඒ ගමනේ අවසානය පිළිබඳව ආණ්ඩුවට යම් අවබෝධයක් තිබෙන බව පෙනුනත් ඔවුන් කල්පනා කරන්නේ මේ ගැලවුම්කාරයාගේ වෙස්ගෙන සිටින ආර්ථික ඝාතකයා විසින් පටලවන ලද නූල් බෝලය ඔහුට හැර අන් අයෙකුට ලිහාදිය නොහැකි බවය. දැන් මේ ගැටය ලිහා ගැනීමට නොහැකි බැවින් එය කපා දැමිය යුතු යයි කීමට ධෛර්්‍යය ඇති ඇමැතිවරුන් ඇත්තේ එකකු දෙන්නෙකු පමණී. ආර්ථික කළමණාකරණය පිළිබඳව ‘‘අ’’ යනු ‘‘ආ’’ යනු නොදන්නා අති බහුතරයක් ඇමැතිවරු නිවටයින් සේ මේ ඝාතකයා ඉදිරියේ හිස කසන බව පෙනේ.

අමුම අමු බොරු සංඛ්‍යා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව නොමඟ යවන මේ ඝාතකයා දැන් විශ‍්‍රාම අරමුදල් ඇතුළු සියළුම රාජ්‍ය අරමුදල් වල පතුල අතගා අවසාන කොට ඇත. මොහු දැන් සෘජුව ණය ගැනීමේ සීමා ඉක්මවා ගොස් ඇති නිසා බැංකු හරහා ණය ලබාගනිමින් බැංකු පද්ධතියද අනතුරට ලක්කරමින් ඇත. එහි සීමාවද ඉක්මවා යන විට රාජ්‍ය බැංකු වල කොටස් විකිණීමටද ඔහු උත්සාහ කළේය. එයට විරෝධය එල්ලවන විට ණයකර නිකුත්කරමින් අර්ථසාධක අරමුදලේ ඉතිරි මුදල් ටික පවා ආයෝජන නාමයෙන් ණයට ගැනීමට ඔහු උත්සාහ කරමින් ඇත. මේ සියල්ලේ අවසානය රාජ්‍ය වැය පියවා ගැනීමට නොහැකි දිනය උදාවන විට බැංකු පද්ධතියද කඩා වැටී බරපතල ආර්ථික අර්බුදයකට රට තල්ලූවීමය. ‘‘පාන් ’’ කියා ගැනීමටවත් නොහැකිව හතරගාතේ වැටී සිටින විපක්‍ෂය මේ ගැන කථා නොකරන්නේ හඩක් නැගීමට පනක් නොමැති නිසාම නොවේ. ආණ්ඩුව මේ යන ගමන මඟින් තානාපති කාර්යාල හරහා තමාගේ අතට බලය ලබාගැනීමේ මෙහෙයුම ඉක්මන් කෙරෙන බව ඔවුහු ඉතා හොදින් දනිති.

අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර මෙහෙයුමට සාපේක්‍ෂවද ආණ්ඩුව ක‍්‍රියාකරන්නේ සිහිනෙන් ඇවිදින්නෙකුටත් අන්ත ලෙස බව පෙනේ. ඇත්තවශයෙන්ම සිහිනෙන් ඇවිදීම යනු බලයෙන් මත් වී මහජන හඬට ඇහුම්කන් නොදී වෙරි කාරයකු සේ ගමන් කරනවාටත් වඩා භයානක තත්වයකි. ඉන්දියාව නැමැති ස්ත‍්‍රී ¥ෂකයා ඉදිරියේ ආණ්ඩුව නැමැති කාන්තාව හැසිරෙන්නේ ¥ෂකයාගේ තරම පිළිබඳව කිසිදු අවබෝධයකින් නොවේ. ඇඳිවත එහා මෙහා කොට අඟ පසඟ පෙන්වමින් මේ ¥ෂකයා මෙල්ල කිරීමට ආණ්ඩුව උත්සාහ කලත් ඔහු තම අවසාන අරමුණ ඉටුකරගන්නා තෙක් පියවරෙන් පියවර ඉදිරියට එන බව ආණ්ඩුවට පෙනෙන්නේ නැත. උතුරේ ඡුන්දය තිබ්බත් ඉන්දියාව සතුටුවූයේ නැත. සාම්පූර් දීලා බැලූවත් ඉන්දියාව සතුටු වන්නේ නැත. ‘‘සීපා’’ දුන්නත් සතුටු නොවන බවට කිසිඳු සැකයක් නැත. ආණ්ඩුව උත්සාහ කරන්නේ ටික ටික දීලා බේරෙන්නටය.

ඉන්දියාව අවසානයේදී පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගී නොවීමට තීරණය කළේය. එසේ කිරීම මඟින් ආණ්ඩුවේ මොළේ පෑදීම සඳහා ටොක්කක් ඇනීම පිළිබඳව අප රටේ ජනතාව මනමෝහන් මහතාට ස්තූතිවන්ත විය යුතුය. ඬේවිඞ් කැමරන්ලා සහ කැලම් මැක්රේලා රට තුලට පැමිණ කරනදේම මනමෝහන්ලා පැමිණීම වර්ජනය කරමින් කරන බව ආණ්ඩුව දැන්වත් තේරුම්ගත යුතුය. දැන් ලබන මාර්තු මාසයේදී ඔවුන් එකට එකතුව ජිනීවාහිදී කරන්නට බලාපොරොත්තු වන දේ පිළිබඳව අනතුරු ඇඟවීමක් සිදුකොට ඇත. ඒ අතර සාමයට ලැදි අහිංසක විග්නේෂ්වරන් මහ ඇමැති දැන් ආණ්ඩුව නොසිතූ මොහොතක පළමු වෙඩි මුරය පත්තුකොට ඇත. ආණ්ඩුව ඔහු කියන ආකාරයට ව්‍යවස්ථා විරෝධීව වර්තමාන ආණ්ඩුකාරවරයා ඉවත්කළහොත් එය පරාජයෙන් අවසන්වන සටනක ආරම්භය බවට කිසිදු සැකයක් නැත. එවැන්නක් කිරීමට තරම් සියදිවි හානිකර ගැනීමේ මනසක් ආණ්ඩුවට පහළ වුවහොත් මහජනයා කල යුත්තේ කුමක්ද?


වෙද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර


   

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.