News Category
From Date
To Date
Maximum Number of Result

ආසනික් මාරයින්ට කුමක් කළ යුතුද?

Aug 3, 2026 at 12:14 PM
|

මනුෂ්‍යය ආත්මයකට තිබිය යුතු අවම හෘදසාක්‍ෂිය සහිත සියළු දැනුවත් මිනිසුන් මේ දිනවල බලා සිටින්නේ රජරට වකුගඩු රෝගයෙන් දිනපතා මිය යන දහස් සංඛාත අහිංසකයින් වෙනුවෙන් රජය කුමක් කරන්නේද යනුවෙනි. මේ වන විට ඉතිහාසයේ අප ජාතිය මුහුණ දෙමින් සිටින දරුණුතම සෞඛය ඛේදවචකයක් වන හේතුවක් සොයාගත නොහැකි යයි හඳුන්වන වකුගඩු රෝගයෙන් දිනකට රජරට ප‍්‍රදේශයේ ගොවීන් දෙදෙනෙකු මිය යති. ඒ මිය යන පෝලිමේ තවත් 20,000 ක් දෙනා අසරණව බලා සිටිති. ඒ පෝලිමට එක්වීම සඳහා තවත් ලක්‍ෂයක් දෙනා මූලික රෝග ලක්‍ෂණ පෙන්වමින් බලා සිටිති. මෙසේ මියයන්නේ ආර්ථික අඟහිග කමින් පමණක් නොව 30 වසරක යුද්ධයෙන්ද පීඩාවිදිඋතුරු දිග තැනිතලාවේ ශිෂ්ඨාචාරය ගොඩනැගූ රටට බත සපයන ගොවි ජනතාවය.


මෙසේ මිය යන මිනිසුන්ගේ කථාව වෙනත් කිසිදු රෝගයකින් මිය යන මිනිසුන්ගේ කථාවන්ට වඩා ඛේදජනකය. අද මිය යන පවුලේ පියා එසේ මිය යන්නේ හෙට දිනයේ තමාගේ දරුවන්ද ඒ ඉරණමටම ගොදුරු වනවා යන වේදනාව සිත්හි දරාගෙනය. උදාහරණයක් ලෙස වාන් ඇල ගොවි ජනපදයේ 800 කට ආසන්න ගොවීන් පිරිසක් රෝගයට ගොදුරු වී ඇත. දැනට රෝග ලක්‍ෂණ නොපෙන්වන එහෙත් නුදුරු අනාගතයේ රෝගයට ගොදුරු වන පිරිස් ඊට වඩා වැඩිවිය හැකි බවට ඇස්තමේන්තු කොට ඇත. රෝගයේ අවසාන අදියර ගෙවන ඉන් එක් රෝගියකුට මහනුවර රෝහලට පැමිණ ‘‘ඩයලයිසීස් ’’ ප‍්‍රතිකාරය ලබාගැනීමට රු. 30,000 ක පමණ මුදලක් වැයවේ. එම ගොවීන්ගෙන් අති බහුතරය තම ගම්බිම් උගස්තබා ඇත. කඳුළු සලමින් ඔවුන් කියා සිටින්නේ තමන් මියයන්නේ තම දරු මුනුබුරන්ගේද ජීවිත උගසට තබමින් බවයි. වාන් ඇල යනු කොටි ත‍්‍රස්තවාදින්ගේ මුල් වටයේ මිලේච්ඡු තම ප‍්‍රහාරයන්ට ලක්වූ ගොවි ජනපදයකි. ඒ ගම්වැසියන් සියළු දෙනා එක හඩින් කියා සිටින්නේ තමාට කොටියාට මුහුණ දීමට ධෛර්්‍යය තිබුනත් වසර ගණනාවක් තිස්සේ එකා බැගින් ගිලගන්නා වකුගඩු මාරයාට මුහුණ දීම තුලින් තමාගේ සියළු ධෛර්්‍යයන් සිදීගොස් ඇති බවයි. දිඟු  කාලයක් කදුළු සලා දැන් ඔවුන්ගේ කදුළුද සිදීගොස් ඇත. එහෙත් ඒ ඛේදවාචකය සියැසින් දකින හෘද සාක්‍ෂිය දශමයක් සහිත  ඕනෑම පුද්ගලයකුගේ ඇසට කදුළු ඉනීම වැලැක්විය නොහැක.


එහෙත් එම රෝගය පාලනයට අදාලව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීහු සඟවාගෙන සිටිති. මේ මිනිසුන්ගේ දුක සියැසින් දැක ඇත්නම් මේ නිලධාරීන්ට කිසිදු දිනෙක රාත‍්‍රියේ නිදාගැනීමට නොහැකි වනු ඇත. අප රටේ නිලධාරීන් විසින් එදිනෙදා කරනු ලබන දහසක් වැරදි වලට අද ජීවත්වන මිනිසුන් සමාව දී නිහඩව සිටින බව සත්‍යයකි. එහෙත් මේ ඛේදවාචකය පාලනය කිරීමට අදාල ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහිත වාර්තාව වසරකට අධික කාලයක් සඟවා තබාගෙන සිටීම පිළිබඳව නම් මේ නිලධාරීන්ට අනාගත පරපුරෙන් කිසිදු සමාවක් නොලැබෙනු ඇත. රටක් ලෙස සහ ජාතියක් ලෙස අප මේ සෙල්ලම් කරන්නේ අපේම ශිෂ්ඨාචාර මූලයන්ගේ පැවැත්ම පිළිබඳවය. මේ පිළිබඳව වගකිව යුතු දේශපාලකයින්ට සහ නිලධාරීන්ට ඉසිවර නුවන පහල වී මේ ප‍්‍රශ්නය පිළිබඳව අද දින යම් තීන්දුවක් ගතහොත් සහ එය ක‍්‍රියාත්මක කළහොත් එහි ප‍්‍රතිඵල ලැබීමට තව පරම්පරාවක දෙකකට වැඩි කාලයක් ගතවනු ඇත. ඒ කාලය තුල, අදටත් වෙනත් සමාජ ආර්ථික හේතුමත අහෝසි වී යාමේ අනතුරට මුහුණ දී සිටින ජන කොටසක් වන රජරට ගොවි ජනතාව සහමුලින්ම වඳ වී යනු ඇත.


මීට වසර දෙකකට ආසන්න කාලයකට පෙර කැළණි විශ්ව විද්‍යාලයේ සහ රජරට විශ්ව විද්‍යාලයේ විද්වතුන් පිරිසක් රජරට වකුගඩු රෝගයට ප‍්‍රධාන වශයෙන්ම හේතු වන්නේ කෘෂි රසායන මඟින් පසට සහ ජලයට එකතු වන ආසනික් නැමැති උග‍්‍ර විෂ මූලද්‍රව්‍යය බව ප‍්‍රකාශයට පත් කලේය. මහාචාර්ය නලින් ද සිල්වා, කෘථිකාචාර්ය චන්න ජයසුමන, මහාචාර්්‍ය ප‍්‍රියානි පරණගම, මහාචාර්්‍ය මාලා අමරසිංහ, විශේෂඥ වෛද්‍ය කුමුදු දිසානායක ඇතුළු විද්වත් පිරිස එම පර්යේෂණ දියත් කලේ රජයෙන් ශතයක්වත් මුදලක් ලබාගෙන නොවේ. තමන්ගේ පුද්ගලික වැටුප යොදවා පර්යේෂනයක නියැළුණු විද්වතුන් පිරිසක් එහි ප‍්‍රතිඵල රටට හෙළිදරව් කරන විට පළමුව කල යුත්තේ ඒ ආකල්පයට ජාතියේ ගෞරවය පිළිගැන්වීමය. නමුත් සිදුවූයේ ඔවුන්ගේ හඩට වඩා සිය දහස් ගුණයක උස් හඩින් ඔවුනට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කිරීමය. ඒ යුද්දයේදී රාජ්‍ය නිලධාරීන්, ආසනික් සහිත පළිබෝධනාශක රටට ගෙන්වන වෙළදුන්, විශ්ව විද්‍යාල වල ඊනියා විද්වතුන් සහ පර්යේෂකයින් ආදී විවිධ පාර්ශව එක පෙළට සිටගත් ආකාරය පුදුමය එළවන සුළුය. ඒ ආකාරයට රටේ වෙනත් ප‍්‍රශ්ණ වලදී මේ පිරිස් නැගී සිටියා නම් මේ රටේ කල නොහැක්කේ මොනවා දැයි සිතන තරමට ඒ මැදිහත් වීම ආගන්තුක විය.


එදා ඒ ආසනික් ගැටුමේදී වෙනස් ආකාරයට හැසිරුනේ ශ‍්‍රී ලංකා රේගුව පමණක් බව ගෞරව පූර්වකව සඳහන් කල යුතුය. එදා ඒ පර්යේෂණ දත්ත මත පදනම්ව රේගුව විසින් ආනයනික පළිබෝධනාශක තොගයක් අත්-අඩංගුවට ගෙන පරීක්‍ෂා කළේය. ඒ අනුව පළිබෝධනාශක වර්ග 30 කට අධික ප‍්‍රමාණයක ඉතා ඉහල මට්ටමින් ආසනික් සහ රසදිය වැනි උග‍්‍ර විෂ මූල ද්‍රව්‍යය අඩංගු බව සොයා ගැනුනි. ඊට ප‍්‍රතිචාර ලෙස පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා සහ කාර්මික පර්යේෂණ ආයතනයේ විද්වතුන් මහපොළවේ හැපී කියා සිටියේ ඒ යොයාගැනීම් පිළිගත නොහැකි බවයි. පසුව රේගුව සහ පර්යේෂනය සිදුකල විද්වතුන් තවදුරටත් සාක්‍ෂි ඉදිරිපත් කිරීමේදී මොවුන් එම පළිබෝධනාශක වල ආසනික් සහ රසදිය අඩංගු බව පිළිගත්තේය. එහෙත් නීතිය අනුව කුඩා ප‍්‍රමාණ වලින් විෂ අඩංගු වීම වරදක් නොවන බවද ප‍්‍රකාශ විය. නීතියේ වචන නිර්වචනය කිරීමේ ගැටළුවට මුවා වී ආසනික් සක‍්‍රීය ද්‍රව්‍යය ලෙස කිබිය නොහැකි වවත් අපද්‍රවයය ලෙස තිබිය හැකි බව ඔවුන් කිසිදු ලැජ්ජාවක් නැතිව ප‍්‍රකාශ කළේය. නමුත් සාමාන්‍ය දැනුම අනුව ලොවම පිළිගත් සත්‍යය වන්නේ එම විෂ වර්ග වලට නීතිය අනුව කුමන ලේබලය ඇලෙව්වත් ඒවා සොභාවිකවම සක‍්‍රීය උග‍්‍ර විෂ මූලද්‍රව්‍යයය බවය. එසේ පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා පමණක් නොව කෘෂිකර්ම අමාත්‍යංශයේ අමාත්‍යවරයා ඇතුළු අති බහුතරයක් නිළධාරීන් කබරගොයා තලගොයා කිරීමේ පිළිකුල් සහගත උත්සාහයට දායක විය.


ඒ ඉතිහාස කථාව දැන් නැවත වතාවක් පිළිකුලෙන් යුතුව මතක් කිරීමට සිදුවන්නේ ලෝක සෞඛය සංවිධානයේ වාර්තාවක් මඟින් රජරට කුගඩු රෝගයට හේතුව ආසනික් සහ කැඩිමියම් වැනි උග‍්‍ර විෂ මූල ද්‍රව්‍යය බව සාක්‍ෂි සහිතව ඔප්පු කිරීම නිසාය. නමුත් හාස්‍යයට කාරණය වන්නේ එම වාර්තාව නිකුත් වූ පසුවත් පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා කියා සිටින්නේ කුඩා ප‍්‍රමාණ වලින් එම විෂ තිබුනාට කමක් නැති බවය. එහිදී ඔහු එම විෂ ජීවීන් තුල එකතු වන බව සහ ආහාර දාමයේ ඉහල සිටින සතුන් තුල ඒවා ඉහල මට්ටමින් එකතු වන බවට උසස් පෙල පන්තියේදී ඉගෙනගත් දේ කිසිදු ලැජ්ජාවක් නැතිව අමතක කරයි. ඒ අනුව ඔවුන් විශ්ව විද්‍යාලයේදී ඉගෙනගත් දේ ගැන කථා කොට පලක් නැත. වෙළදුන්ගේ මුදල් බලය තුලින් කොතරම් දුරට රාජ්‍ය නිළධාරීන්ගේ සහ විද්වතුන්ගේ මොළ සේදිය හැකිද යන්න පිළිබඳව ඊට වඩා උදාහරණ අවශ්‍ය නැත.


එසේම ආසනික් හිතවාදී ලෙස පෙනී සිටින තවත් විශ්ව විද්‍යාල මහ ඇදුරකු කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව ව්‍යාජ එකක් බවය. මේ විද්වතුන්ට අනුව ඔවුන් අසන්නට අකමැති දේ කියන සියල්ල ව්‍යාජ ප‍්‍රකාශණයන්ය. එතුමාට ඇත්තේ විද්වත්භාවයට අදාල ප‍්‍රශ්නයකට වඩා රජරට වකුගඩු රෝගයට අදාලව තමා විසින් ඉදිරිපත් කල ප‍්‍රවාදය ප‍්‍රතික්ක්‍ෂේප වීම පිළිබඳ දුකට අදාල මානසික ප‍්‍රශ්නයක් බව පැහැදිලිව පෙනේ. රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් සහ කැඩිමියම් වැනි විෂ සහිත පළිබෝධනාශක හා රසායනික පොහොර බව පර්යේෂණ මඟින් තහවරු වීමත් සමඟ දුකට පත්වූවත් අතර වෙනත් විවිධ ප‍්‍රවාද ඉදිරිපත් කල විද්වතුන් රාශියක් ඇත. එතුමා ඇතුළු තවත් විද්වතුන් 12 දෙනෙකුට ආසන්න පිරිසක් ජාතික විද්‍යා පදනමෙන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යාන්තර ආයතන වලින් එම පර්යේෂණ සඳහා මිලියන ගණනින් මුදල් ලබාගෙන ඇත.


කෙසේ වෙතත් රජරට වකුගඩු රෝගයට අදාලව එහි හේතුකාරක වල සෞභාවය සහ තවත් අතුරු සාධක ඊට බලපානවාද යන්න පිළිබඳව තවදුරටත් පර්යේෂණ කිරීමේ කිසිදු වරදක් නැත. එහෙත් දැන් සාපේක්‍ෂව වඩාත් තහවරු වූ මතය පිළිගෙන ඊට අනුව රෝගය උග‍්‍ර වීම සහ තවදුරටත් පැතිරීම වැලැක්වීම සඳහා වහාම ක‍්‍රියාත්මක වීම  ඕනෑම විද්වතෙකුගේ අවම සදාචාරය බව අප පිළිගත යුතුය. ඒ ගුණය යම් පුද්ගලයෙකු විද්වතකු ලෙස හැදින්වීමට අවශ්‍ය අවම සුදුසුකම බව නොකිවමනාය. ඒ සියල්ලටම වඩා අන්තර්කාලීනව හෝ වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායන වල අඩංගු ආසනික් වැනි විෂ මූලද්‍රව්‍යය බව පිලිගෙන කටයුතු කිරීමෙන් රටට කිසිදු අවාසියක් වන්නේ නැත. ඊට හේතුව ආසනික් යනු ලෝකයේ අංක එකේ පිළිකාකාරකය බව ලෝකය පුරා දහස්වාරයක් ඔප්පු වී තිබීමය. පසුගිය දශක කිහිපය තුල අප රටේ පිළිකා රෝගය බහුලව දක්නට ලැබීමට හේතුවද ආසනික් විය හැක. ඒ පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදුකල යුතුව ඇත. දැන් රජය විසින් පර්යේෂණ වල නියැලෙන වෛද්‍යවරුනට වැටුපට අමතරව රු. 10,000 ක දීමනාවක් ගෙවීමට තීරණය කොට ඇත. ඒ නිසා ආසනික් ප‍්‍රශ්ණය පිළිබඳව මෙතෙක් නෑසූ කන් ඇතිව සිටි බොහෝ වෛද්‍යවරුන්ට සහ සෙසු විද්වතුන්ට සක‍්‍රීය වීම සඳහා දැන් නිමිත්තක් ලැබී ඇත.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව තුල රජරට වකුගඩු රෝගයට හේතුකාරක වන්නේ ආසනික් සහ කැඩිමියම් වැනි විෂ රසායන බව තර්කානුකූලව ඔප්පු කොට ඇති බවට විවාදයක් නැත. නමුත් එම නිර්දේශ තුළ සාමාන්‍ය දැනුම අනුව විෂ ද්‍රව්‍යය පාලනය සඳහා තර්කානුකූලව අඩංගු විය යුතු සියළු නිර්දේශ අඩංගුව නොමැති බවද කිවයුතුය. එහෙත් ලෝකයේ කෘෂි රසායන සමාගම් වල පීඩනය හමුවේ එවැනි වාර්තාවක් හෝ ලබාදීමට පිටකොන්දක් තිබීම පිළිබඳව මහාචාර්්‍ය ශාන්ති මෙන්ඩිස් මහත්මියට අප හිස නමා ආචාර කල යුතුය. කෙසේ වෙතත් මේ මහා ඛේදවාචකය ආපසු හැරවීම සඳහා මහජනතාවට පළිබෝධනාශක භාවිතය පිළිබඳ දැනුම ලබාදීම පමණක් සෑහෙන්නේ නැත. ලෝකයේ බහුතරයක් රටවල් කටයුතු කරන ආකාරයට ආසනික්, කැඩිමියම් සහ රසදිය වැනි උග‍්‍ර විෂ අඩංගු කෘෂි රසායන වර්ග සිලල්ල (පළිබෝධ නාශක සහ රසායනික පොහොර* රට තුලට ගෙන ඒම තහනම් කළ යුතුය. ඒ සඳහා පවතින නීති රීති සංශේධනය කොට ශක්තිමත් කල යුතුය.


ඊට අමතරව රෝගය සිතියම් ගත කොට ඇති ප‍්‍රදේශ වල පානීය ජලයේ ගුණාත්මකභාවය නිරතුරුව පරීක්‍ෂා කල යුතුව ඇත. එම ප‍්‍රදේශ වල ජනතාවට බීමට සුදුසු ජලය ලබාදීම සඳහා මහජන සහයෝගය ඇතිව නිර්මාණශීලී විවිධ ක‍්‍රමවේද යොදාගනිමින් කඩිනම් පියවර ගත යුතුව ඇත. එසේම දැනට රෝගයට ගොදුරු වී ඇති සහ රෝග ලක්‍ෂණ නොපෙන්වන එහෙත් නුදුරු අනාගතයේදී රෝගයට ගොදුරු වීමට නියමිත මහජනතාවගේ සුභ සිද්ධිය සඳහා ජාතික අරමුදලක් ගොඩනැගිය යුතුය. අප රටේ රජය සහ පොදු මහජනතාව පුද්ගලිකව නාස්තිකරන මුදල් වලින් සොච්චමක් ඒ අරමුදලට බැර කල හැක. අප රටේ මිනිස්සු වසරකදී එක් සමාගමක් හරහා ලබාගන්නා දුරකතන ඇමැතුම් වල වටිනාකම පමණක් රුපියල් මිලියන 44,000 කි. එයින් 1‍්‍ර පරිත්‍යාග කළහොත් මහා වෙනසක් සිදුකල හැක. කෙසේ වෙතත් රටට බත සපයන ගොවියා වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කිරීමට අප රටේ මහජනතාව අදිමදි නොකරන බවට සැකයක් නැත. අවම වශයෙන් කෘෂි රසායන සියල්ල සඳහා සෙස් බද්දක් පනවා ඒ අරමුදල් රෝගීන්ගේ සුභසාධනය සඳහා යෙදවිය හැක. මේ ප‍්‍රශ්නයේදී ආන්ඩුවට හෝ මහා භාන්ඩාගාරයේ ඉහල නිලධාරීන්ට කෘෂි රසායන වෙළදුන්ගේ අපේක්‍ෂා නොසලකා හැරිය නොහැකි නම් හෝ ඊට බියක් දක්වන්නේ නම් එම බද්ද යම් කෙටි කාලයකට පමණක් පැනවිය හැක. කෙසේවෙතත් කෘෂි රසායන භාවිතය සීමා කිරීමේ අවම උපාංගය වන්නේ ඊට සෙස් බද්දක් පැනවීමයි. අප රටේ කෘෂි රසායන භාවිතය ඉන්දියාවට වඩා දෙගුණයකටත් වඩා ඉහල අගයක් ගන්නේ ඒවාට සහනාධාර ලබාදීම නිසා බව පැහැදිලි සත්‍යයකි. කෘෂි රසායන වලට බදු හෝ වෙනත් සීමා පැනවීම ආරම්භ කල සැනින් පළිබෝධනාශක වෙළදුන් සහ කෘෂිකර්ම ක්‍ෂෙත‍්‍රයේ විද්වතුන් කියන ආකාරයට අහස කඩා වැටෙන්නේ නැත.


අනෙක් වැදගත් කාරණය වන්නේ ලෝක වෙළඳපලේ එම විෂ වර්ග අඩංගු නැති කෘෂි රසායන විකිණීමට තිබීමය. ලෝකයේ බොහෝ රටවල් එම විෂ අඩංගු නොවන බවට තහවරු කරගැනීම සඳහා නිරන්තරව පරීක්‍ෂණ සිදු කරති. අප පළිබෝධනාශක වෙළෙදුන්ගේ සහ ඔවුන්ගෙන් ප‍්‍රතිලාභ ලබාගන්නා විද්වතුන්ගේ යහපත තකා ශිෂ්ඨාචාරයක පැවැත්ම අනතුරේ දැමිය යුතුද? ලෝකයේ අප වැනි රටවලට කෘෂි රසායන විකුණන වෙළෙදුන් අලෙවිකරණ වාසි ලබාගැනීම සඳහා (විෂ වැඩි කිරීම සඳහා* ආනයනයෙන් පසුව ආසනික් වැනි උග‍්‍ර විෂ එකතු කරන බවටද යම් සාක්‍ෂි ලැබී ඇත. අප රටේදී නම් එවැනි දේ අතට හසුවුනත් බේරී යාමේ පහසු ක‍්‍රම ඇති බව නොදන්නේ කවුද ? ඇමෙරිකාවේ ආසනික් අඩංගු පළිබෝධනාශක තහනම් කිරීමෙන් පසුව යම් කාලයකට පමණක් කපු වගාව සඳහා ආසනික් මිශ‍්‍ර කිරීමට අවසර ලබාදුනි. නමුත් පසු කළෙක එය සම්පූර්ණයෙන්ම තහනම් කළේය.


මේ වන විට ඉතා පැහැදිලිව පර්යේෂණ මඟින් ඔප්පු වී ඇති ආකාරයට රසායනික පොහොර වල පළිබෝධනාශක වලට වඩා ආසනික් අඩංගු වේ. ඒ කුමකටදැයි මහජනයා ඇස් උඩතබා ගන්නවා ඇත. එහෙත් බහු ජාතික සමාගම් අප වැනි රටවල ගොවියාට එරෙහිව දියත් කොට ඇති දුෂ්ඨතම වානිජ මෙහෙයුම එය බව ඔප්පු වී ඇත. එම පරීක්‍ෂණ අනුව පොහොර තොගවල මිල කි.ග‍්‍රෑ 1 කට ආසනික් මිලි ග‍්‍රෑම් 300 ක් දක්වා ඉහල ප‍්‍රමාණයක් තිබෙන බව ඔප්පු වී ඇත. පොහොර වලට ආසනික් එකතු කරන්නේ කන්න තුන හතරක් පොලවට ආසනික් දැමූ විට පසේ අඩංගු වන පස සරුකරන ක්‍ෂද්‍ර ජීවීන් විනාශ වන නිසාය. එවිට පසේ සරු බව විනාශ වන බැවින් දිගින් දිගටම රසායනික පොහොර භාවිතා කිරීමට සිදුවේ. දැන් අප රටේ සිදු වන්නේ ඒ විනාශයයි.


අප රටේ පොහොර සහනාධාරය නිසා පොහොර වැරදි ලෙස සහ අධික ලෙස භාවිතා වන රටවල් අතුරින් අප ඉදිරියටම පැමිණ ඇත. ඒ අනුව අප සිටින්නේ ඉන්දියාවට වඩා බොහෝ ඉදිරියෙනි. ගොවියාට සෘජු සහනාධාර දෙනවා වෙනුවට පොහොර සහනාධාරය වැනි වක‍්‍ර සහනාධාරයක් ලබාදීම සියදිවි නසාගන්නා විනාශකාරී ක‍්‍රියාවක් බව දැන් අප රටේදීම ඔප්පු වී ඇත. ඉන්දුනීසියාව වැනි අපට වඩා දුර්වල පරිපාලන යාන්ත‍්‍රණ සහිත රටවල පවා ලබාගන්නා අස්වැන්න මත පදනම්ව ගොවියාට සෘජුව සහනාධාර ලබාදීමේ ක‍්‍රමවේද භාවිතා වේ. ඒ නිසා පොහොර සහනාධාරය සඳහා වැය කරන මුළු මුදල සෘජුව ගොවියා අතට ලැබෙන නිර්මාණශීලි ක‍්‍රමයක් සකස් කිරීම අද අප ඉදිරියේ ඇති අභියෝගයකි. පොහොර සඳහා ගෙවන මුදල නවතින්නේ පිටරට සමාගම් වල සේප්පු වලය. නමුත් සෘජු සහනාධාර ග‍්‍රමීය ආර්ථිකය තුල සංසරණය වීම තුලින් ආර්තිකයටද උද්දීපනයක් ලැබේ. කෙසේ වෙතත් එක්තරා යුගයක පොහොර සහනාධාරය වෙනුවෙන් පෙනීසිටි පිරිස් වලට උදව් කිරීම මඟින් රටට කරන ලද අපරාධයට මේ ලියුම්කරුටද කිසියම් දිනෙක සෞභාවධර්මය විසින් දඩුවම් නියම කරනු ඇත.


අද වන විට රසායනික පොහොර යෙදීමට විකල්ප ලෙස නිර්දේශ කරන ඊනියා කාබනික ගොවිතැන්ද ප‍්‍රශ්නයේම කොටසක් බවට පත් වී ඇත. කාබනික වගාව නැමැති තාක්‍ෂණික හැදින්වීම වැරදි ආකාරයට තේරුම් ගන්නා සමහර ඉහලම රාජ්‍ය නිලධාරීන් ප‍්‍රශ්න කරන්නේ රසායනික පොහොර ආනයනය අඩු කිරීම සඳහා අවශ්‍ය කාබනික පොහොර ප‍්‍රමාණය වෙළඳපලේ තිබෙනවාද යනුවෙනි. ඒ නිසා ඒ තකතීරු නිළධාරීන්ගේ මොළේ පෑදීම සඳහා බාහිර යෙදවුම් හෙවත් පළිබෝධනාශක සහ රසායනික පොහොර යොදානොගන්නා ගොවිතැන් ක‍්‍රම (සොභාවික ක්‍ෂද්‍ර ජීවීන් බාහිරින් එකතු කරන ක‍්‍රමවේදන් ඇතුලත්ව* සොභාවික ගොවිතැන් ක‍්‍රම ලෙස හැදින්විය යුව ඇත. එවැනි ක‍්‍රමවේද රාශියක් ලෝකයේ සාර්ථකව භාවිතා වේ. අප රටේද පරිසරයට ආදරය කරන ස්වාධීන විද්වතුන් පිරිසක් මෙම ක‍්‍රමවේද පිළිබඳව ඔවුනට හැකි අයුරින් ගොවීන් දැනුවත් කරමින් ඇත. එහෙත් ඒ උඩුගංබලා යන මිනිසුන්ට එරෙහිව පළමුව යුද්ධ ප‍්‍රකාශකරන්නේ අප රටේ විශ්වවිද්‍යාල වලින් පිටවන සම්ප‍්‍රදායනුකූල කෘෂි විද්වතුන් බව කණගාටුවෙන් යුතුව සඳහන් කළ යුතුය. ආසනික් පිළිබඳව පර්යේෂණ වල යෙදුණු විද්වතුන් විසින්ද ස්වාභාවික ගොවිතැන් ක‍්‍රම ප‍්‍රචලිත කිරීමේ වැඩසටහනක් ආරම්භ කොට ඇත. ඔවුනට අනුව බාහිර රසායනික යෙදවුම් යොදාගන්නා ගොවීන්ට වඩා වැඩි අස්වැන්නක් ඔවුන් විසින් පුහුණු කල සෞභාවික ක‍්‍රම භාවිතා කරන ගොවීන් විසින් ලබාගෙන ඇත.


අවසාන වශයෙන් කිවයුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කල විද්‍යාත්මක සොයාගැනීම් සහ නිර්දේශ කුමන හෝ හේතුමත වසරකට අධික කාලයක් සඟවා තැබීම පිළිබඳව සෞඛය අමාත්‍යතුමා විසින් පරීක්‍ෂණයක් සිදුකල යුතු බවයි. ඒ පිළිබඳව සෞඛ්‍ය ඇමැතිතුමාද වරදකරුවකු බව පෙනෙන්නේ නම් ඒ සඳහා ජනාධිපති කොමිසමක් ඉල්ලා සිටීමට මහජනයාට අයිතියක් ඇත. අප රටේ පාර්ලිමේන්තුවේ සිටින සියළු පක්‍ෂ වලට අයත් මන්ත‍්‍රීවරු මේ පිළිබඳව කිසිදු හඩක් නොනගින තත්වයක් තුල ඒ වගකීමද පැවරෙන්නේ මහජනයාටමය. එයද ඉටු නොවන්නේ නම් දිනපතා මිය යන ගොවීන්ගේ දරුවන් අනාගතයේ කිසියම් දිනෙක ජනතා අධිකරණයක් මඟින් හෝ වැරදිකරුවන්ට දඩුවම් දෙනු ඇත. කෙසේවෙතත් අවසාන පැයේදී හෝ කැබිනට් මණ්ඩලයේ අවධානය මෙම ප‍්‍රශ්නය වෙත යොමුවීම යම් සුභවාදී ලකුණක් ලෙස සැලකිය හැකිද?



වෙද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර





සම්බන්ධිත පුවත් | Related News

’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය
පහත පළකෙරෙන අතිගරු ජනාධිපතිතුමාට යොමුකෙරෙන ලිපියෙන් ඉල්ලා සිටින පරිදී රජරට වකුගඩු රෝගය පාලනය කිරීමට අදාල මූලික පියවරක් ලෙස කෘෂි රසායන භාවිතය පාලනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එම අමාත්‍යාංශයේ
පසුගිය දිනවල සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල ප‍්‍රචාරයක් ලබාදෙමින් ‘‘ආහාර සුරක්‍ෂිතතාව’’ තහවුරු කිරීම සඳහා මෙහෙයුමක් දියත් කරන්නට යෙදුනි. එහෙත් ඔවුන්ට එම වචන වල නිවැරිදි තේරුම පිළිබඳවත් අවබෝධයක් නොතිබිනි. ඔවුන්ට අනුව ‘‘ආහාර ආරක්‍ෂාවට’’ :ත්‍දදා ී්ෙැඑහ* අදාලව ගන්නා පියවර මඟින් ‘‘ආහාර සුරක්‍ෂිතතාව’’ :ත්‍දදා ීැජමරසඑහ* තහවුරු වේ. එය ඉතා කණගාටුදායක තත්වයකි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.