News Category
From Date
To Date
Maximum Number of Result

ෆෙඩරල් නාඩගමේ සැබෑ අරමුණ

Aug 3, 2026 at 11:55 AM
|

එදා පොන්නම්බලන්ල නිදහසට පෙර ර`ග දැක්වූ ‘‘පනහට පනහ’’ සම අයිතිවාසිකම් නා`ඩගමේ තිර පිටපත බණ්ඩාරනායක සහ චෙල්වනායගම් විසින් 1957දී ෆෙඩරල් නාඩගම බවට සංස්කරණය කළේය. නමුත් එය වේදිකාවේ ර`ග දක්වන්නේ ජේ .ආර් ජයවර්ධන සහ ජේ.එන් ඩික්සිත් දෙපළ විසින් 1987දීය. එහෙත් ඒ ෆෙඩරල් ලේබලය ගලවා දමා ඒකීය ලේබලය යටතේය. ඒකීය ලෙබලය යටතේ ෆෙඩරල් තිර පිටපත ර`ග දැක්වීමට වේදිකාව සකස් කරන්නේ ඉන්දියානු රෝ ඔත්තු සේවාව විසිනි.


ජේ .ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තමාට අවශ්‍ය ලෙස නිර්වචනය කරමින් පාර්ලිමේන්තුව පවා නොමග යවමින් ජනමත විචාරණයකින් තොරව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ෆෙඩරල් ව්‍යවස්ථාවක් බවට පත් කළේය. එහි භයානකත්වය වසාගනු ලැබුවේ නාමිකව ‘‘ඒකීය’’ වගන්තිය ඉදිරිපත් කිරීමෙනි. එදා ඒ විනිසුරු මඩුල් නියෝජනය කළ හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතා ප‍්‍රකාශ කළේ 13 වැන් සංශෝධනය තුල ඉන්දියාවටත් වඩා බරපතල ෆෙඩරල් ලක්්ෂණ අඩංගු වන බවය.  ඒ බව ඔප්පු කිරීම සදහා ඔහු ප‍්‍රභල උදාහරණයක් ගෙන හැර දැක්වීය. ඉන්දියානු පාර්ලිමේන්තුවට ප‍්‍රාන්ත රාජ්‍යයක විෂය පථය අභිබවා යන පනතක් සම්මත කිරීමට සාමාන්‍ය බහුතරයක් පමණක් අවශ්‍ය වුවත් ශ‍්‍රී ලංකාවේ 13වැන්ි සංශෙෘ්ධනය අනුව තුනෙන් දෙකක විශේෂ බහුතරය අවශ්‍ය වේත ඉන් ගම්‍ය වන්නේ පළාත්සභාවලට අවශ්‍ය පරමාධිපත්‍ය බලයක් ඇති බවය. ඔහුට අනුව ඒ ඒ බරපතල ෆෙඩරල් බල  තල යම් පමණකට යටත් වන්නේ විධායක බල තල යටතේය.


නමුත් දැන් 19 වැනි සංශෙෘ්ධනය යටතේ විධායක බල තල යම් පමණකට සීමාවන තත්වයක් යටතේ සහ මහජන ආරක්ෂක පනතේ ජනාධිපතිවරයාට බල තල පැවරෙන ප‍්‍රතිපාදන සංශෝධනය කිරීමට යෝජනාවී ඇති තත්වයක් යටතේ යටපත් කරන ෆෙඩරල් ලක්ෂණ වලට පණ එනු ඇත. එවැනි තත්වයක් තුල 13වැනි සංශෝධනයේ මෙතෙක් ක‍්‍රියාත්මක නොවූ ෆෙඩරල් බල තල තුනක් වන පොලිස්, ඉඩම්, සහ ඇමති අරමුදල් බල තල උතුරු පළාත්සභාව විසින් ලබාගතහොත් ඉන්දියාවටත් වඩා එහාට යන ෆෙඩරල් රාජ්‍යයක් බිහිවනු ඇත. එකම වෙනස ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ ඒකීයභාවයට අදාළ වගන්තියක් ඇතුලත්කොට තිබීම සහ ඉන්දියානු ව්‍යවස්ථාවේ ඒ පිලිබදව සදහන් නොවීමය. මෙම බලතල නීතියට අනුව දැනටමත් ලබාදී ඇති බැවින් එ්වා නැවත ලබා ගැනීමක් අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ ලබාදී ඇති බලතල ක‍්‍රියාත්මක කිරීම සදහා ප‍්‍රඥප්ති සකස්කර ගැනීම පමණි.දැන් ෆෙඩරල්වාදී ආණ්ඩුකාරවරයෙකුද ද පත්කොට ඇති තත්වයක් යටතේ ඊට බාදාවක් එල්ල නොවෙනු ඇත.


ව්‍යවස්ථාවේ පවතින ඒකීය වගන්තිය බෙදුම්වාදී න්‍යායේ පත‍්‍රයට ගැටළුවක් නොවන බව පැහැදිලි කිරීමට ප‍්‍රඪල සාක්ෂි ඇත. ඒ 215 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළ ා දැමීමට ට්.එන්.ඒ පක්ෂාය් සහ මුස්ලිම් පක්ෂ වල සහාය ලබා ගැනීම සදහා සංගප්පූරුවේදී ඇතිකර ගත් සිංගප්පූරු එකගතාවයයි. එම කථිකාවට සහභාගී වූ සුමන්තිරන් මන්ත‍්‍රී වරයා ඒකීය වගන්තිය ව්‍යවස්ථාවේ ඉදිරියට ප‍්‍රශ්නයක් නොවන බවත් ලේබලය වැදගත් නොවන බවත් සදහන්කොට තිබුණි. ඔහු එහිදී අවධාරණය කළේ නව වටයකින් බලය බෙදීමේ කථිකාව උඩට ගැනීම පමණි. ඊට එක`ග නොවූ යම් පාර්ශව ටැමිල් නෙට් වෙබ් අඩවිය මගින් මෙම කරුණු අනාවරණය කර තිබුණි. ‘‘ඒකීය’’ වගන්තිය දෙමළ බෙදුම්වාදීන්ට ආශිර්වාදයක් වන්නේ ඊට මුවිවී සිංහල ජනතාව රයටා බරපතල ෆෙඩරල් ලක්ෂණ දිනා ගැනීමට ඉඩක් ලැබෙන නිසාය. ව්‍යවස්ථාවේ ඒකීය වගන්තිය තිබේනම් රට බෙදීම වළකන බවට මෝඩ, අන්ධ විශ්වාසයක් බහුතර සිංහල ජනතාව අතර ඇත. අනෙක් පැත්තෙන් ගත් විට ලෝකයේ බෙදිා වෙන් කළ කිසිදු රටක් එම රටේ ව්‍යවස්ථාවට අනුකූලව නීත්‍යානුකූලව බෙදා වෙන්කොට නැත. දැනට එසේ බෙදා වෙන්කොට ඇති රටවල් 26 ම දෙකඩ කර ඇත්තේ එම රටවල ව්‍යවස්ථාවන්ට පටහැනිව ජාත්‍යන්තර මැදිහත්වීමෙන් සහ බලහත්කාරයෙනි. ව්‍යවස්ථාවේ ඒකීය ව්‍යවස්ථාව තුල වලංගු වන්නේ නැත.සඅඩානය වැනි රටක් ජනතාවගේ කැමැත්තෙන් ඉනමත විචාරණයකින් බෙදී වෙන් වූ බවට යම් බෙදුම්වාදීන් තර්ක කරති. නමුත්එසේ ජනමත විචාරණයක් පවත්වන්නේ එම රටේ ව්‍යවස්ථාවට පිටින් ආයුධ බලයෙන් සහ ජාත්‍යන්තර මැදිහත්වීමෙන් ඇතිකරගත් ගිවිසුමක් මගිනි. ශී‍්‍ර ලංකාව ද එවැනිම උගුලකට තල්ලූ කිරීමට සුානයට මැදිහත්වූ නෝර්වේ මැදිහත්කරුවන් උත්සාහ කළේය. ඒ සදහා ඔවුන් යෝජනා කළේ ව්‍යවස්ථාවට පිටින් පවතින තාවකාලික ආන්ඩුව නමැති ව්‍යුහයක් ජාත්‍යන්තර ගිවිසුමක් මගින් ඇති කිරීමටය.


කෙසේ වෙතත් මහා බ‍්‍රිතාන්‍ය සහ කැනඩාව වැනි ප‍්‍රාන්ත රාජ්‍යයකට ජනමත විචාරණයක් මගින් බෙදා වෙන්යවීමට ප‍්‍රතිපාදන සලසා ඇතත් එම රටවල ජනතාව එසේ බෙදී වෙන්වීමට කැමති නැත. කැනඩාවේ ක්විබෙක් සහ මහා බ‍්‍රිකාන්‍යයේ සිකොට්ලන්තය වෙන්වීම සදහා පැවැත්වූ ජනමත විචාරණ වලදී බහුතර ජනතාව බෙදී වෙන්වීමට විරුද්ධ විය. එහිදී අමතක නොකළයුතු කාරණය වන්නේ ව්‍යවස්ථාවකින් නීත්‍යානුකූලව බෙදී වෙන්වීමට ප‍්‍රතිපාදන සලසා ඇති රටවල් ෙඓතිහාසිකව වෙන්වී තිබී බලහත්කාරයෙන් ඈ`දා ගත් රටවල් බවය. දියුණු රටවල ජනතාව බෙදී වෙන් වීමට අකමැති වන්නේ බෙදී වෙන්වූ කතුඩා රාජ්‍ය දුර්වල තත්වයට පත්වන නිසා. ශ‍්‍රී ලංකාව වැනි දැනටමත් ජාත්‍යන්තර කොල්ල කෑමට ලක්ව තිබෙන දුර්වල රාජ්‍යයකින් කොටසක් කැඞී ගිය විට එම රාජ්‍ය දෙකම දුර්වල වන බව අප වැනි රටවල වාමාංශික ව්‍යාපාර පවා තේරුම් නොගැනීම කණගාටුදායක තත්වයකි. ඔවුන් බලය බෙදීමට පක්ෂ වන්නේ ඒ මගින් බෙදී වෙන් වීම වැලැක්විය හැකිය යන තර්කය මතය. නමුත් ප‍්‍රායෝගිකව බලය ඉල්ලා සිටින්නේ බෙදුම්වාදීන්ගේ පළමු පියවර ලෙස බව ඉතා පැහැදිලිය.


එම නිසා මහජන ගැටුම් දඩමීමා කරගනිමින් කරනු ලබන ජාත්‍යන්තර මැදිහත්වීමක් හරහා ඒ වන විටත් වෙනම රාජ්‍යයකට ආසන්න බල තල තිබෙන ප‍්‍රාන්ත රාජ්‍යයක් බෙදා වෙන් කරන විට ව්‍යවස්ථාවේ ඊට එරෙහිව තිබෙන ප‍්‍රතිපාදන වලින් වැඩක් වන්නේ නැත. එහිදී වැදගත් වන්නේ බෙදුම්වාදී සැලසුම සහ ජාත්‍යන්තරව එය සම්බන්ධීකරණය කළ හැකිද යන්න පමණි. රටක් බෙදා වෙන් කිරීම සදහා යම් නිශ්චිත දේශ සීමා වෙන්කොට ඇත. භූමියක සුවිශේෂී වෙනම අනන්‍යතාවයක් පෙන්විය හැකි ජනකොට්ඨාශයක් දීර්ඝ කාලීනව ස්වයං පාලනයක් ඉල්ලන සටනක නියැලී සිටිය යුතුය. එහිදී එම ජනකොටස් අදාළ භූමියේ යම් පාලන තන්ත‍්‍රණයක් පවතිවාගෙන යාමද වැදගත්වේ. බෙදඅම්වාදී තිම්පු මූලධර්මය ලෙස හදුන්වන්නේ ඊට අදාළ සංකල්පීය රාමුවයි. ඔවුන් දෙමළ ජනතාවගේ නිජ භූමිය උතුරු නැගෙනහිර ප‍්‍රදේශය බවත් එම ජනතාව වෙනම ජාතියක් ලෙසත් ඓතිහාසිකව පැවති බවටත්  ඔවුන්ට ස්වයං පාලන අයිතිය ඇති බවති දිගින් දිගටම තහවුරු කිරීමට උත්සාහ කරන්නේ එම ජාත්‍යන්තර කොන්දේසි සැපයීම සදහාය.


සම්බන්ධන් මහතා 2012 මැයි 25 දින මඩකලපුවේ ටී.එන්.ඒ මහ සමුළවේදී තමාගේ ඉදිරි න්‍යාය පත‍්‍රය ඉතා නිරවුල්ව තම සාමාජිකයන්ට පැහැදිළි කළේය. ඔහු කියා සි්ටින්නේ ඊළමේ අරමුණ අත්හැර නැති බවත් ඒ කරා ලගාවෙන උපාය මර්ගය පමණක් වෙනස් කරන බවය. එහිදී ඔහු යුද්ධය වෙනුවට අවිහිංසා වාදී මහජන වීදි සටන් ආදේශ කරන බවත් අවසාන අරමුණ දිනා ගැනීම සදහා ජාත්‍යන්තර මැදිහත්වීම අපේක්ෂා කරන බවත් පැවසීය. පසුගිය දින වල ඔහු හමුදා කදවුරුවල නිරායුදව බලහත්කාරයෙන් ඇතුල් වන්නේ ඒ අවිහිංසාවාදී වීදි සටන්වල පෙරමුරුවක් බව පෙනේ. ඒ අනුව ඊළම කරා යන ගමනේ යම් දුරක් නීත්‍යානුකූලව

සහ ව්‍යවස්ථානුකූලව බල තල ලබා ගනිමින් සහ භුක්ති විදිමින් ඉදිරියට යා යුතුය. එම නීත්‍යානුකූල ගමන තුල භුක්තිවිදීමේදී ඇතිවන ගරටුම් උත්සන්න කරන අවස්ථාවේ සිට නීත්‍යානුකූල නොවන ලෙස ගමන් කරන දුර ප‍්‍රමාණය ආරම්භ වේ. නීත්‍යානුකූලව යාහැකි දුර වැඩිවන තරමට නීත්‍යානුකූල  නොවන ලෙස යායුතු දුර අඩුවේ.

තුල භුක්තිවිදීමේදී ඇතිවන ගරටුම් උත්සන්න කරන අවස්ථාවේ සිට නීත්‍යානුකූල නොවන ලෙස ගමන් කරන දුර ප‍්‍රමාණය ආරම්භ වේ. නීත්‍යානුකූලව යාහැකි දුර වැඩිවන තරමට නීත්‍යානුකූල  නොවන ලෙස යායුතු දුර අඩුවේ. අප විසින් නීත්‍යානුකූලව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් බන්දේසියක තබා තව දුරටත් ෆෙඩරල් බල තල ප‍්‍රමාණයක් ලබා දුනහොත් බෙදුම්වාදීන් එය සතුටින් භාරගනු ඇත. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියෙන් පමණක් ලබා දිය හැකි සමගාමී ලයිස්තුව ඉවත් කිරීමේ ඉල්ලීම ඉටු කළහොත් නීත්‍යානුකූලව ඊළම කරා යා හැකි දුර වැඩිවේ. එවිට ඔවුන්ගේ ගමන පහසුවේ. ඒ සදහා ජනමත විචාරණයකට ගොස් ඒකීය ලේබලය ඉවත්කොට ෆෙඩරල් ලේබලය ගැසීමට අවශ්‍ය වන්නේ නැත. කෙසේ වෙතත් සම්බන්ධන් මහත්තයල දැන් ඉල්ලා සිටින ෆෙඩරල් බල තල ප‍්‍රමාණයක් ලැබුනහොත් නී්තියට පිටින් ගැටුම් සහිතව අමාරුවෙන් යායුතු යායුතු දුර තව දුරටත් අඩුවේ. එහෙත් ෆෙඩරල් ලේබලය හෝ නොන්ෆෙඩරල් බලතල නොලබුනහොත් බෙදුම්වාදීන් ඊළාම් මාර්ග සිතියම අකුලා ගන්නවාද ? පැහැදිලි උත්තරයක් නැත යන්නයි.


බෙදුම්වාදී මාර්ග සිතියමට අනුව ෆෙඩරල් හෝ නොන්ෆෙඩරල් හන්දියට නොගොස් ඊට මෙහා 13වැනි් ව්‍යවස්ථා සංශෝධන හන්දියෙන් හෙවත් ලේබලය නැති ෆෙඩරල් හන්දියෙන් හැරී ඊළම දක්වා ගමන් කළ හැක. එකම වෙනස ඉහත් සදහන් කළ ආකාරයට නීත්‍යානුකූල නොවන ගැටුම් හැරී යායුතු දුර යම් පමණක් වැඩි වීමය. එහෙත් ප‍්‍රභල ජාත්‍යන්තර මැදිහත්වීම නිසා ඒ ගමන එතරම් දුශ්කර වන්නේ නැත. කෙසේ වෙතත් කාපට් දැමු මාවතේ ඊළම දක්වා යාම සදහා අංග සම්පූර්ණ ෆෙඩරල් හෝ කොන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ලබා රැැනීම පහසු වන්නේ නැති බව බෙදුම්වාදී  බලවේග ඉතා හොදින් දනති. ඊට හේතුව ඒ සදහා ජනමත විචාරණයක් අවශ්‍ය වීමයි. ඔවුන් බහුතර සිහල ජනතාවගේ අනුකම්පාවෙන් දෙමළ ඊළම ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නැත. ඒ එක් පැත්තකින් එසේ කිරීම කළ සිංහල බහුතර ජනතාවට ඊට එරෙහිව සංවිධානය වීමට උත්තේජනයක් ලැබෙන බැවිනි. අනෙක් පැත්තෙන් ව්‍යවස්ථාව සම්පාදක මණ්ඩලය නැමති ව්‍යාජ ව්‍යුහය හරහා ජනමත විචාරණයකින් තොරව සම්පූර්ණයෙන්ම නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට නීතිවිරෝධී උත්සාහයක් ගතහොත් ඊට එරෙහිව ජනතා පෙළ ගැස්ම වඩා සාධාරණීයකරනයවේ. එය එක්තරා ආකාරයක ඉල්ලන් කෑමකි.


එසේනම් ටී.එන් .ඒ පක්ෂය ෆෙඩරල් ව්‍යවස්ථා ඉල්ලමින් පළාත් සභාවේ යෝජනා සම්මත කරමින් විවිධ ආකාරයේ ප‍්‍රචන්ඩත්වය මුසුවූ ක‍්‍රිටාමාර්ග හරහා ආණ්ඩුව සෘජුව සහ වක‍්‍රව තර්ජනය කරන්නේ කුමක් නිසාද? එය රජයේද අනුදැනුම ඇතිව කරන ර`ගපෑමක් බව ඉතා පැහැදිලිව පෙනේ. එය බෙදුම්වාදීන් දිගින් දිගටම අනුගමනය කළ වැඩි දෙයක් ඉල්ලා ඊට මෙහා දෙයක් ලඉා ගැනීමේ සරල න්‍යාය අනුව සිදුවේ. ෆෙඩරල් ව්‍යවස්ථාව ප‍්‍රතික්ෂේප කරන විට 13 වැනි සංශෝධනයේ බරපතල ෆෙඩරල් බල තල වන පොලිස්,ඉඩම්, සහ මහ ඇමති මුදල් බලය ලබා ගැනීම සාධාරණීයකරනය වේ. දැනටමත් ඔවුන් කියන්නේ 13 වැනි සවංශෙෘ්ධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කළානම් ෆෙඩරල් ඉල්ලීම අවශ්‍ය නොවන බවය. ඒ සමගම ඔවුහු එය වඩාත් සාධෘරණීයකරනය කිරීම සදහා ඊළම අවශ්‍ය වන්නේ ෆෙඩරල් ලබා නොදෙන තත්වයක් යටතේ පමණක් බවද  වක‍්‍රව තර්ජනය කරති.


එවැනි තත්වයක් තුල පළාත් සභා ඉඩම් පොලිස් සහ ඇමති ඉඩම් සහ මහ ඇමති මුදල් බලතල ඒක පාර්ශවීයව ක‍්‍රියාත්මක කිරීමට අදාළ ප‍්‍රඥප්ති සම්මත කරනවිට ආණ්ඩුව පමණ්ක් නොය ජනතා විමුක්ති පෙරමුණ වැනි බලවේගද නිහඩව සිටීම සාධාරණීයකරනය වේ. අනෙක් පැත්තෙන් පොදු මහජන මතය තුලද  ෆෙඩරල් දෙන්නේ නැතිනම් 13 දුන්නාම මක්වෙනවාදැයි’’ මනෝ භාවයක් ඇතිවෙයි. ඒ අනුව යුද්ධයෙන් පසුව නව ඊළාම් සැළසුම නාඩගමක ස්වරූපය ගැනීම අරුමයක් නොවේ. අප ජාතියක් ලෙස ඒ නාඩගම දෙස

බලමින් ඊනියා ෆෙඩරල් හන්දියේ පොල්ල තියාගෙන බලා සිටින විට බෙදුම්වාදීන් 13 වැනි සංශෝධන හන්දියෙන් හැරී බෙදුම්වාදී හන්දියෙන් හැරී බෙදුම්වාදී මාර්ග සිතියමේ ඉදිරියට යනු ඇත. ඒ නිසා දැන් සැබෑ ජාතකවාදී බලවේග විසින් තිරය කඩා තිරය පිටුපස සිටින පිරිස් සහ ඔවුන්ගේ නාඩගම් පිටපත ’’ එළිදරව් කළ යුතුය. එසේම පොදු මහජනයා අවධි කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂයට ව්‍යාජ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියෙන් එළියට බසින ලෙස බලපෑම් කළ යුතුය. අවසාන වශයෙන් ෆෙඩරල් නාබගම බලමින් ඒ හන්දියේ පොලූ තබාගෙන සිටින පිරිස් 13වැනි සංශෝධන හන්දියට  ඕනෑම මොහොතක කැදවීම සදහා සටන් බිම සූදානම් කළ යුතුය. එහෙත් බොරුවට නින්දට වැටුනාසේ සිටීමට සැලසුම් කරන පිරිස් වලට අයිස් වතුර ගසා ඔවුගේ සැළසුම් අවුල් කළ යුතුය.


වෛi වසන්ත බණ්ඩාර


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.