News Category
From Date
To Date
Maximum Number of Result

සයිටම් අහෝසි කිරීම දේශපාලන යථාර්තයක්ද?

Aug 3, 2026 at 11:50 AM
|

සයිටම් නමින් හදුන්වන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කළ විරෝධතා ව්‍යාපාරය අඛණ්ඩව වර්ධනය වෙමින් ඇත. රජයේ වෛද්‍ය විද්‍යාල වල සිසුහු මේ වන විට මාස 3කට අධික කාලයක් අඛණ්ඩව පන්ති වර්ජනයක නියැලී සිටිති. එම තත්වය ඉතා සුවිශේෂී බවට විවාදයක් නැත. ශිෂ්‍ය සටන් ඉතිහාසය දෙස බලන විට මෙම සටන දෙවැනි වන්නේ 1989 දී සිසුන් ජීවිත වලින් වන්දි ගෙවූ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී සටන් ව්‍යාපාරයට පමණි. නමුත් වර්තමාන සහ හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් කල්පනා කරන බව පෙනෙන්නේ විවිධ ව්‍යාජ විසදුම් වලින් සිසුන් ගොනාට ඇන්දවිය හැකි බවය. සමහර විට ඔවුන්  ඕනෑම ගොනෙකුට වර්ජන කරන්න පුළුවන් යැයි කල්පනා කරනවා විය හැක.

විශ්ව විද්‍යාල සිසුන් ඔවුන්ගේ හදවතට හදවතට සමීප නොවන සටනක දිගු කාලයක් රදවා තබා ගැනීම ලෙහෙසි නැත. විශේෂයෙන්ම රට තුල පොදුවේ සටන් උණුසුමක් නොමැති තත්වයක් තුල එය වඩාත් දුශ්කර වේ. අප රටේ බහුතරයක් සිසුන් අතර දේශපාලන බේදයකින් තොරව නිදහස් අධ්‍යාපනය රැක ගත යුතුය යන උතුම් හෘද සාක්‍ෂිය බලවත්ව පැවතීම නිසා සයිටම් විරෝධී සටන මෙසේ දිගු කාලයක් පවත්වාගෙන යාමට හැකිවී ඇත. ඊට අමතරව නිදහස් අධාපනයෙන් උපරිම ඵල නෙලා ගත් වෛද්‍යවරුන් සහ සෙසු වෘතිකයන් බහුතරය අතරද නිදහස් අධ්‍යාපනය රැක ගත යුතුය යන පොදු සම්මතයට විශාල ගෞරවයක් තිබෙන බව රහසක් නොවේ. වෛද්‍යවරුන්ගේ ප‍්‍රභල මැදිහත්වීම නිසා වෛද්‍ය සිසුන් සහ පොදුවේ විශ්ව විද්‍යාල සිසුන් තුල සටන අත් නොහැර පවත්වාගෙන යාමට ප‍්‍රභල මානසික බලපෑමක් සිදුවන බවට විවාදයක් නැත. 

නමුත් කුමන හෝ හේතුවක් මත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තමාගේ සටන නිදහස් අධ්‍යාපනය සුරකීමේ උතුම් පූජනීය චේතනාවෙන් දියත් කෙරෙන්නක් බව දිව නමා සෘජුව ප‍්‍රකාශ කිරීමට ධෛර්යක් නැත. ඒ නිසා ඔවුන් වෛද්‍යවරුන්ගේ ගුණාත්මක තත්වය රැක ගැනීම වැනි දියාරු සටන්පාඨයක් ඉදිරිපත් කිරීමටද පෙළඹී ඇත. වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගන්නා වෛද්‍යවරයෙක් විසින් ලබාගත යුතු  අවම අධ්‍යාපන මට්ටම ඔහුගේ හෝ ඇයගේ ප‍්‍රතිකාරවල ගුණාත්මක තත්වයට ප‍්‍රභල බලපෑමක් ඇති කරන බවට කිසිදු විවාදයක් නැත. එහෙත් යම් නිශ්චිත පහසුකම් ප‍්‍රමාණයක් යම් වෛද්‍යවිද්‍යාලයක් සතුවීම සහ සිසුන් විභාග වලින් යම් අවම ලකුණු ප‍්‍රමාණයක් ලබා ගැනීම යන කොන්දේසි වෛද්‍යවරුන්ගේ ගුණාත්මක මට්ට්ම මත ඇතිකරන්නේ සීමා සහිත බලපෑමක් පමණි. ඒවා අවම කොන්දේසි ලෙස සැලකිය හැකි අතර ඒමත බොහෝ දේ ගොඩනැගිය යුතු බවට විවාදයක් තිබිය නොහැක. ප‍්‍රායෝගිකව වෙද්‍ය සංගමය ‘‘ඒ තවත් බොහෝදේ’’ ගැන අවධානයක් යොමු කරන බවක් පෙනෙන්නේ නැත. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමා විසින් ස්වයංව පනවාගෙන තිබෙන මානසික බාධකයෙන් ගැලවෙන්නේනම් නිදහස් අධ්‍යාපනය නම් වූ උතුම් ප‍්‍රජනීය දේව කන්‍යාවිය සුරැකීම තම සටනේ මූලික අරමුණ බව හඩනගා කිව හැක. එම කන්‍යාවිය ¥ෂණයකොට ඝාතනය කිරීම සදහා වෙළදපල බලවේග නමු වූ සල්ලාලයෝ නිරන්තරයෙන් කඩා වදිති. ඇය සුරැකියයුතු බවට සමාජ සන්තානයේ සැගව පවතින සම්මතය නිසා දශක 6ක කාලයක් තිස්සේ වෙළදපල බලවේග වල ප‍්‍රහාර වලින් ඇයට බේරීමට හැකි විය. එම ප‍්‍රහාර වලින් විවිධ අවස්ථාවල ඇයට සුළු තුවාල ඇති වුවත් ඇය විනාශ කිරීමට ඒ දුශ්ඨ බලවේග වලට හැකියාවක් ලැබුනේ නැත. ඇය සුරැකීම සදහා විශ්වවිද්‍යාල සිසුන් සිය ගණනින් ජීවිත පුදා ඇති බව වර්ථමාන සමාජයට අමතක විය හැකිද? 1980දී වර්ථමාන අගමැතිතුමා අධ්‍යාපන ඇමතිවරයාව සිටියදී ‘‘අධ්‍යාපන ධවල පත‍්‍රිකාව’’ නමින් නිදහස් අධ්‍යාපන කන්‍යාවිය පණපිටින් වල දැමීම සදහා ප‍්‍රතිපත්තිමය මිනී වලක් කැපීමට උත්සාහ කළ අවස්ථාවේදී සිසුහු ලේ හලා එය ව්‍යවර්ථ කළහ. අද ක`දුලූ ගෑස්,  ජල ප‍්‍රහාර සහ බැටන් ප‍්‍රහාර වලට මුහුණ දෙමින් සිසු සිසුවියන් කරනු ලබන්නේ ඉතිහාසය නැවත නිර්මාණය කිරීම නොවේද?

නිදහස් අධ්‍යාපනය රැකීම සදහා වචනයෙන් හෝ දායක වීම ආඩම්බර වීමට කරුණක් මිස ලැජ්ජෑවට කරුණක් නොවේ. ඒනිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පමණක් නොව ශිෂ්‍ය ප‍්‍රජාවද ඒ බව හ`ඩ න`ගා කිව යුතුය. නිදහස් අධ්‍යාපනය නොමැතිනම් අද නිදහස් සෞඛ්‍ය සේවයද පවතින්නේ නැත. එසේ වූවානම් අප රට සහ අප‍්‍රිකාවේ නොදියුන රාජ්‍යන් අතර වැඩි වෙනසක් දක්නට නොලැබෙනු ඇත. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය අහසින් කඩා වැටුන වරප‍්‍රසාදයක් නොව අප රටේ ෙඓතිහාසික උරුමයකි. එය විශේෂයෙන්ම බුදු දහම මත ගොඩ නැ`ගුණු සභ්‍යත්වයේ මූලික අංගයකි. ඒ නිසා එය සුරැකීම සදහා සමාජ සම්මතයෙන් සහ සමාජ ක‍්‍රියාකාරීත්වයෙන් පමණක් නොව ව්‍යවස්ථාවෙන් සහ නීතියෙන්ද ප‍්‍රතිපාදන පැනවිය යුතුය. සයිටම් විරෝධී සටනට සාධාරණය ඉටු කරන්නේනම් එය අවසන් විය යුත්තේ ඒ මතවාදය තහවුරු කරමිනි.

ජපාන වැසියන් විසින් තමා අත්විදි හිරෝෂිමා - නාගසාකි ඛේදවාචකය නිසා තම රට කිසි දිනෙක න්‍යෂ්ඨික අවි භාවිත නොකළ යුතුයැයි සමාජ සම්මතයක් පනවාගෙන ඇත. 1989 දී පෞද්ගලික විශ්වවිද්‍යාල නිසා අප රට මුහුණදුන් ඛේදවාචකය නැවත ප‍්‍රතිනිර්මාණය කිරීමට තරම් අප නහීන විය යුතුද? එක් පුද්ගලයකුගේ ලාභය ස`දහා මහා සමාජයක් වන්දි ගෙවිය යුතුද? එසේ නොවේනම් සයිටම් ප‍්‍රශ්නය පොදු සමාජ ප‍්‍රශ්නයක් බවට පත්විය යුතුය. එසේම එම ප‍්‍රශ්නයට මැදිවී සිටින සියළු පාර්ශව වලට පිළිගත හැකි විිසදුමක් ඒ සදහා ඉදිරිපත් කළ යුතුය. එසේනම් සයිටම් සටන සයිටම් වෛද්‍යපීඨ උගුලට හසුවූ සිසුන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ටද සාධාරණය ඉටු කරමින් අවසන් විය යුතුය. දැනට එම උගුලට ගොදුරුවූ දහසකට අධික සිසුන් සියලූ දෙනා අනාථකොට ප‍්‍රශ්නය විසදිය නොහැක. එමනිසා ‘‘සයිටම් අහෝසි කරනු’’ යන සටන්පාඨය මහා සමාජයට හෙවත් සියලූ පාර්ශව වලට පිළිගත හැක්කක් නොවේ.

අනෙක් පැත්තෙන් ගත් විට නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් ‘‘සයිටම් ජනසතු කරනු’’ යන සටන් පාඨය ඉදිරිපත් කිරීමේදී විවිධ පාර්ශව වලින් මතු කරන තර්ක වලටද සාධාරණ පිළිතුරු ලබා දිය යුතුය. එවැනි තර්ක හෙවත් වෙනස් හෝ විරුද්ධ මතවාද 05ක් සමාජය තුල කතාබහට ලක්වෙමින් ඇත.පළමුවැන්න මහින්ද රාජපක්‍ෂගේ පාලන කාලයේදී කටවල් වසාගෙන සිටි පිරිස් දැන් සයිටම් විරෝධී වන්නේ දේශපාලන ව්‍යාපෘතියක කොටසක් ලෙස බවට චෝදනා කිරීමය. ඇත්ත වශයෙන්ම එදා හිටපු උසස් අධ්‍යාපන ඇමති එස්. බී  දිසානායක මහතාගේ මගපෙන්වීම යටතේ සයිටම් අයිතිකරුවන් විසින් අමාත්‍ය මණ්ඩලය පවා නොමග යැවූ බව දැන් ඔප්පුවී ඇත. එදා පළමුවෙන්ම  ආයෝජන මණ්ඩලය හරහා එම ව්‍යාපෘතිය සදහා අනුමැතිය ලබා ගන්නේ රුසියානු විශ්වවිද්‍යාලයක් සමග ඒකාබද්ධව ක‍්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් ලෙසය. ඊට අනුව එහි ලියාපදිංචි වන සිසුන්ට ශ‍්‍රී ලංකාවේදී ලබා දෙන්නේ පූර්ව සායනික පුහුනුවක් පමණි. සායනික පුහුණුව සහ අවසානයේදී උපාධිය ලබා දෙන්නේ රුසියානු විශ්වවිද්‍යාලය   මගිනිි. එවැනි තත්වයකදී ඒ සදහා උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ අනුමැතිය පමණක් සෑහෙන අතර වෛද්‍ය සභාව විසින් සැලකිල්ලට ගත යුත්තේ රුසියානු විශ්වවිද්‍යාලයේ තත්වය පමණි. සයිටම් අයිතිකරුවන් එම උපක‍්‍රමය භාවිතා කරන්නේ වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමෙන් පසුව කෙසේ හෝ රජයේ රෝහල් වල පුහුණුව ලබා ගනිමින් ශ‍්‍රී ලංකාවේ උපාධියක් පිරිණැමීමේ ඉඩ ලැබෙනු ඇතැයි යන අපේක්‍ෂාවෙනි. එහෙත් එය සඵලවූයේ නැත. ඒ අනුව සැබෑ සයිටම් විරෝධය පසුකාලීනව පැන නැගීම තර්කානුකූලවේ.

දෙවන තර්කය වන්නේ සයිටම් සිසුන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබාදිය නොහැක්කේ කුමක් නිසාද යන්නයි. සයිටම් රෝහලේ ප‍්‍රතිකාර සදහා පැමිණෙන ඉතා සුළු පිරිසක් වන මුදල් ගෙවා ප‍්‍රතිකාර ලබා ගන්නා රෝගීන් එම රෝහලට ඇතුල් වන්නේ තමා එම ආයතනයට මුදල් ගෙවා ඉගෙන ගන්නා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වලට සහාය දිය යුතුය යන දැනුම්වත් භාවයෙනි. එම රෝහලේ ප‍්‍රමාණය සහ සංයුතිය වෛද්‍ය සභාවට පිළිගත නොහැකි මට්ටමක පැවතීම වෙනම කරුණකි. නමුත් ලාභ උපයන ව්‍යාපාරයකට රජයේ රෝහල්වල රෝගීන් යොදා ගැනීම ඒ ආකාරයට සාධාරණීය කරණය කළ නොහැක. එම වෛද්‍ය විද්‍යාලය ලාභ නොලබන ආයතනයක් ලෙස රජය සමග ගිවිසුමකට එළඹ  මුදල් අයකිරීමකින් තොරව රජයේ රෝහලක් නඩත්තු කිරීමේ පදනමින් ආරම්භ වූවානම් ඇතිවන්නේ වෙනස් තත්වයකි. නමුත් පවතින ආයතනය කොටස් වෙළ`දපලට යොමු කිරීම මගින් ඒ ප‍්‍රශ්නය විසදෙන්නේ නැත. ඒ මගින් ලාභ අපේක්‍ෂාව පමණක් නොව අධ්‍යාපනය විකුණමින් තවදුරටත් ලාභ ඉපයීම සදහා ප‍්‍රාග්ධනය යෙදවීමද දිරිගැනිවේ.

කෙසේ වෙතත් ‘‘ලාභ නොලබන ’’ ලේබලය ගැසූ පමණින් ඒ ‘‘ට්‍රෝජන් අශ්වයාට’’ නිදහස් අධ්‍යාපන දෙවොලට ඇතුලූ වීමට ඉඩදිය යුතු යැයි එම පැහැදිලි කිරීම මගින් අදහස් කෙරෙන්නේ නැත. සයිටම් අයිතිකරුවන්ට තම සද්භාවය පෙන්වීම සදහා අවශ්‍යනම් එම විශ්වවිද්‍යාලය මගින් රජයේ රෝහලක මෙන් නොමිලේ ප‍්‍රතිකාර ලබාදෙන ශික්‍ෂණ රෝහලක් ආරම්භ කළ හැක. නමුත් එවැන්නක් කළ නොහැක්කේ එවිට අයිතිකරුවාගේ ලාභය අඩුවන නිසා සහ පාඨමාලාවේ මිල වැඩිවන නිසාය. එවැනි තත්වයකදී පිට රට විශ්වවිද්‍යාලවලින් ඉදිරිපත් කරන මිල ගණන් සමග තරගකාරීව මෙරටදී වෛද්‍ය උපාධි විකිණීම ලාභදායි ව්‍යාපාරයක් වන්නේ නැත.දැන් ආණ්ඩුව ඊට විසදුමක් ලෙස යෝජනා කරන්නේ සයිටම් රෝහල රජයේ වියදමින් නඩත්තු කිරීමටය. එනම් සයිටම් අයිතිනකරුවන්ගේ ලාභය ආරක්‍ෂාකර ගැනීම සදහා රජයේ අරමුදල් යෙදවීමටය. ඔනෑම ගොනෙකුට එම හාස්‍ය ජනක කූඨ උපක‍්‍රමය තේරුම් ගත හැකියැයි උසස් අධ්‍යාපන ඇමතිවරයාට නොතේරීම පුදුමයක් නොවේ.

තුන්වන තර්කය වන්නේ ශ‍්‍රී ලංකාව තුල මුදලට අධ්‍යාපනය විකිණීම මගින් විදේශ විනිමය ඉතිරි කර ගත හැකි බවය. එම තර්කය පිළිගන්නේනම් ශ‍්‍රී ලංකාවේ රුපියල් වලින් ඩොලර් මිලදීගෙන  විවිධ විනෝද ක‍්‍රියා සදහා විදේශ ගතවන පිරිස් විසින් එසේ තම ආශාවන් සන්තර්පනය කිරීම සදහා විදේශ විනිමය වැය කිරීම වැලැක්වීම සදහා එම සේවාවන් රට තුල දී පැසසිය යුතුයි. යම් සිසුන් ප‍්‍රමාණයක් විදේශීය රටවල වෛද්‍ය අධ්‍යාපනය ලැබීම නිසා විදේශ විනිමය ප‍්‍රමාණයක් වැයවන බව සැබෑය. නමුත් දෙමාපියන් සතුව මුදල් තිබේනම් සහ රටේ විදේශ විනිමය ප‍්‍රතිපත්ති අනුව යම් සීමාවන්ට යටත්ව විදේශ මුදල් මිලදී ගත හැකිනම් එය වැලැක්වීම සාධාරණ නොවේ. ඊට අමතරව දැන් එසේ විදේශ වලදී අධ්‍යාපනය ලබා ගන්නා දරුවන්ට එම විශ්වවිද්‍යාලවල ප‍්‍රමිතීන් පිළිගත හැකි මට්ටමේ තිබේනම් වෛද්‍ය සභාවේ පොදු විභාගයකට මුහුණ දීම මගින් එම සභාවේ ලියාපදිංචිය ලබාගත හැකිය. ඒ මගින් ඒ  සිසුන්ට සාධාරණයක් ඉටුවේ. එසේ වුවද විදේශ විනිමය ඉතිරි කිරීමමේ නාමයෙන් නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තියේ යම් තීරණාත්මක වටිනාකම් විනාශ කිරීම පිළිගත නොහැක. එහිදී තවත් අතුරු තර්කයක්ද පැන නගියි. එනම් පිට රට අධ්‍යාපනය ලබන සිසුන්ට වෛද්‍ය සභාවේ විභාගයට ඉදිරිපත් වීමට ඉඩ ලබාදෙන අතර සයිටම් සිසුන්ට එම අවස්ථාව ලබා නොදීම අසාධාරණ බවය. ඊට හේතුව සයිටම් ආයතනය වෛද්‍ය සභාවේ අවම ප‍්‍රමිතීන් සම්පූර්ණ කිරීමට අසමත් වීමය.

හතරවන තර්කය වන්නේ උසස්පෙළ සමත්ව වෛද්‍යවරු වීමේ සිහින දකින සහ ඒ සදහා මුදල් වැය කළ හැකි පිරිස්වල සිහින රටතුලම සැබෑ කරන්නේ කෙසේද යන්නයි. එසේම රටක සියලූ ජනතාවගේ සිහින සැබෑ කිරීම ප‍්‍රායෝගික යථාර්තයක් නොවේ. විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය වැනි තීරණාත්මක ජාතික ප‍්‍රතිපත්තියක් සමග සූදු කෙලිමින් එවැනි සිහින සැබෑ කිරීමට රටක් ලෙස තීන්දු ගැනීම තර්කානුකූල නොවේ. එහෙත් එසේ සිහින දකින යම් පිරිසකට විදේශීය විහ්වවිද්‍යාල වලින් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව තිබේ. ඊට එරෙහිව පවතින සීමාව වන දෙමාපියන්ට එම වියදම් දැරිය හැකිද යන්න පමණි. රජය විසින් ඊට සීමා පනවා නැත. කෙසේවෙතත් එසේ සිහින දකින යම් පිරිසක් විදේශගතව සිටීනම් සහ විදේශ විනිමය මගින් ගෙවීම් කරන්නේනම් ඔවුන් සදහා යම් සීමා සහිත අවස්ථාවක් දැනටමත් රජයේ වෛද්‍ය විද්‍යාලය මගින් ලබාදී ඇත. සයිටම් වෛද්‍ය පීඨය ජනසතු කළ අවස්ථාවක එහි පවතින අවස්ථා වලින් යම් ප‍්‍රතිශතයක් එසේ සිහින දකින දරුවන්ට ලබා දීමේ වරදක්ද නැත. එහෙත් එම ප‍්‍රවේශය අවසානයේදී පුද්ගලීකරණ උපාංගයක් ලෙස රජය විසින් යොදා ගැනීම වැලැක්වීම සදහා ප‍්‍රතිපාදන අවශ්‍ය වනු ඇත. ඒ සදහා අවශ්‍ය වන මූලික ප‍්‍රතිපාදන වන්නේ සයිටම් ප‍්‍රශ්නයේදී රජය විසින් සාධාරණත්වය සහ සද්භාවය පෙන්වීමය. 

පස්වන තර්කය වන්නේ වෛද්‍ය අධ්‍යාපනය  පුද්ගලීකරණය කිරීමට එරෙහිව පමණක් විරෝධය පළ කරන්නේ කුමක් නිසාද යන්නයි. ඒ සදහා සුවිශේෂී ප‍්‍රති තර්කයක් ඉදිරිපත් කළ හැක. එක් පැත්තකින වෛද්‍ය අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයේ මුදුන් මල්කඩ ලෙස හදුනා ගත හැක. අනෙක් පැත්තෙන් ගත් විට අධ්‍යාපන වෙළදපලක් බිහි කිරීමේ ක‍්‍රියාවලියේදී වැඩි අවධානය යොමු වන්නේ වෛද්‍ය අධ්‍යාපනයටය. ඊට හේතුව ඒ සදහා වැඩි ඉල්ලූමක් පැවතීම සහ ඒ මගින් වැඩි ලාභයක් ඉපයීමට හැකි වීමය. ඒ නිසා වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය නොකිරීමේ ප‍්‍රතිපත්තිය තුලින් නිදහස් අධ්‍යාපනය සුරකීමේ උවමනාව වඩාත් තහවුරුවේ. රට පුරා විවිධ තැන්වල පවතින බුදු පිළිම යම් පිරිස් විසින් කඩා දමන විට ඒ පිළිබද දැඩි මහජන අවධානයක් යොමු වන්නේ නැත. නමුත් දළදා මාළිගාවට පහරදීම යනු බරපතල යුද්ධ ප‍්‍රකාශ කිරීමක් ලෙස සැලකේ. නිදහස් අධ්‍යාපනය රැකීම යනු පෞද්ගලික අධ්‍යාපනය සහමුලින්ම අහෝසි කිරීම නොවේ. නිදහස් අධ්‍යාපනය යනු ආර්ථික සමාජමය සංස්කෘතික හෝ භූ ගෝලීය සාධක වලින් ව්‍යූක්තව රටේ ඔනෑම දරුවෙක්ට මූල්‍යමය බාධකයකින් තොරව සමාජ හිනිමගේ හෙවත් අධ්‍යාපන හිනිමගේ ඉහළට නැගීමට ඇති අයිතිය සහ හැකියාව තහවුරු කිරීමයි.

මෙම සියළු තර්ක විවිධ පාර්ශව වල උවමනාවන්ට අනුව සලකා බැලීමේදී පෙනී යන්නේ ප‍්‍රශ්නය විසදීම සදහා මේ වන තුරු සාධාරණ විසදුමක් ඉදිරිපත්වී නොමැති බවය. යම් දේශපාලන බලවේග වලට සටන ඇවිලවීමට සහ සටන තුල තමාගේ නියෝජනය ආරක්‍ෂා කරගන්නා අතර ආණ්ඩුවද ආරක්‍ෂා කිරීමේ උවමනාව තිබිය හැක. ඒ උවමනාවට අනුව සටන දිගටම ඇදීගොස් පරාජය විය යුතු අතර සටන්කරුවන් අසතුටට පත්විය යුතුය. එවිට සටන්කරුවන් අතර දීර්ඝකාලීනව රැදී සිටීමේ අවස්ථාවද එම බලවේග වලට ඉතිරිවේ. ඊට ගොදුරු නොවී සිටීමට නම් ‘‘ සයිටම් අහෝසි කිරීමේ’’ සටන් පාඨය ‘‘ජනසතු කිරීම’’ බවට වෙනස් විය යුතුය. එසේම එම සටන් පාඨයට සයිටම් දරුවන් සහ දෙමාපියන්ද එකතුකර ගත යුතුය. සයිටම් සිසුන් ලාභ ඉපයීමේ අරමුණින් තමා අමාරුමේ දැමූ සයිටම් අයිතිකරුවන් ආරක්‍ෂා කිරීමට තවදුරටත් ඉදිරිපත් නොවිය යුතුය.මහා සමාජය විසින් සයිටම් ජනසතු කිරීමේ සටන්පාඨයට තවත් අතුරු සටන්පාඨයක්ද එකතු කළ යුතු. එනම් නැවත කිසි දිනක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති නොකරන බවට රජයෙන් සහතිකයක් ලබා ගත යුතුය.


අවසාන වශයෙන් ආණ්ඩුව සහ සයිටම් අයිතිකරුවන්ද ඇතුළුව සියලූ පාර්ශව වලට පිළිගත හැකි විසදුමක් පිළිබදව මහා සමාජය තුල  කථිකාව අවදි කළ යුතුය.  ඒ සදහා කොන්දේසි 10කින් සමන්විත විසදුමක් මෙසේ ඉදිරිපත් කළ හැක. පළමුවැන්න උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමේ පූර්වාදර්ශය අනුව සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පමණක් වහා ජනසතු කිරීමය. දෙවැන්න සයිටම් රෝහල ආපසු අයිතිකරුවන්ට බාරදී සෙසු සම්පත් සදහා රජය තක්සේරු කරන වන්දියක් ඔවුනට ගෙවීමය. තුන්වැන්න මේ වන විට සයිටම් ආයතනය සිසුන්ගෙන් අයකර ඇති පාඨමාලා ගාස්තු ආයතනයේ වියදම් ලෙස සලකා එම වගකීමෙන් ආයතනය නිදහස් කිරීමය.

හතරවැන්න ගෙවීම් සම්පූර්ණ කර නොමැති දැනට ලියාපදිංචි සිසුන්ගෙන් රජයේ වෛද්‍යපීඨවල විදේශීය සිසුන්ගෙන් අය කරන පාඨමාලා ගාස්තුවට සමාන ගාස්තුවත් අය වන ලෙස හිග මුදල් අය කිරීමය. පස් වැන්න ආයතනයේ දැනට සේවය කරන අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය රජයේ වෛද්‍ය පීඨවලට බදවා ගැනීමේ පටිපාටි වලට අනුව නැවත බදවා ගැනීමය. හයවැන්න මූලික සුදුසුකම් සම්පූර්ණකර නොමැති සිසුන් සිටීනම් එම සුදුසුකම් සම්පූර්ණ කිරීමට ඔවුන්ට කාලය ලබා දීමය. හත්වැන්න පුහුණුවට අදාල හිදැස් පිරවීම සදහා කෙටිකාලීන කඩිනම් පුහුණු පාඨමාලා හදුන්වාදීමය. අටවැන්න අවසන් විභාගය සමත් සිසුන්ගේ නිර්දේශිත පුහුණුවට අදාළ හිදැස් පිරවීමෙන් පසුව වෛද්‍ය සභාවේ පොදු විභාගයට පෙනී සිටීමේ අවස්ථාව ඔවුනට ලබා දීමය. නම වැන්න රජයට පවරාගත්  වෛද්‍ය පීඨයේ සායනික කටයුතු සදහා හෝමාගම, අවිස්සාවේල්ල, සහ රත්නපුර රෝහල් ආශ‍්‍රිත පුහුණු අවස්ථා ලබා දීමය. දසවැන්න නවක සිසුන් බදවාගැනීමේදී ජනසතු කළ සයිටම් ආයතනයේ ශීෂ්‍ය අවස්ථා වලින් සාධාරණ ප‍්‍රතිශතයක් සාධාරණ පාඨමාලා ගාස්තුවක් යටතේ සුදුසුකම් සහිත පෞද්ගලික සිසුන් සදහා ලබා දීමය. නමුත් එම කොන්දේසිය එම වෛද්‍ය පීඨයට පමණක් සීමා වන බවට දැඩි ප‍්‍රතිපත්තිමය සහතිකයක් රජය විසින් ලබාදිය යුතුය. 

වෛද්‍ය වසන්ත බණ්ඩාර


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.