News Category
From Date
To Date
Maximum Number of Result

ව්‍යවස්ථා සම්පාදක සභාවෙන් ඊළමට දොරවල් අටක්!

Aug 3, 2026 at 11:12 AM
|

පාර්ලිමේන්තුව තළ මන්ත‍්‍රිවරුන්ගේ ප‍්‍රශ්න වලට සාධාරණ උත්තරයක් ලබානොදෙන ‘‘යහපාලන රේජීමය’’ පාර්ලිමේන්තුවෙන් පරිභාහිරව ව්‍යවස්ථා සම්පාදක සභාවක් නිර්මාණය කොට මන්ත‍්‍රිවරු සියලූ දෙනාගේ සහභාගීත්වයෙන් ව්‍යවස්ථාවක් හැදීමට තරම් ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ වන්නේ කුමක් නිසාද? විපක්‍ෂයේ විවිධ කණ්ඩායම් එම ප‍්‍රශ්නයට තර්කානුකූල උත්තරයක් සොයාගත් බවක් මහජනයාට පෙනෙන්නේ නැත. කෙසේ වෙතත් මෙම නව ක‍්‍රමවේදය තේරීමට ආණ්ඩුවට බලකරන්නේ නිල විපක්‍ෂය වන ටී.එන්.ඒ පක්‍ෂය බවට කිසිදු සැකයක් නැත. ඔවුන් ශ‍්‍රී ලංකා ආණ්ඩුව සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග අත්සන් කළා යැයි කියන තුන් පාර්ශවීය ගිවිසුමේ ප‍්‍රධාන කොන්දේසියක් වන්නේ ද එයම බවට විවාදයක් නැත. අර්ධ විපක්‍ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණට ලබාදී ඇති භූමිකාව බව පෙනෙන්නේ හොරු අල්ලන ඝෝෂාව මගින් එම ක‍්‍රියාවලියේ භයානකකම වසන්කිරීම බව පෙනේ. 


ඒ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ විවිධ කණ්ඩායම් විවිධ උපකල්පන වලට එළඹෙන්නේ තම තමාගේ ස්ථාවරයන්ට සාපේක්‍ෂව ඊට සරිලන ආකාරයට බවද පෙනේ. ඔවුන් තවමත් යහපාලන රේජීමය බලයට ගෙනඒම සඳහා පිඹුරුපත් සකස් කළ ඉන්දියානු සහ ඇමෙරිකානු ඔත්තුසේවා වල උවමනාවන්ට සාපෙක්ෂව හෙවත් සතුරාගේ පැත්්තේ සිට ප‍්‍රශ්නය දෙස බලන්නට ඉගෙනගෙන නැත. එම බුද්ධිමය දුප්පත්කම නිසා ඔවුන් දැනුම්වත්ව සහ නොදැනුවත්ව යන ආකාර දෙකටම අනුව සතුරාගේ න්‍යායපත‍්‍රයට පහසුකම් සලසන තත්වයකට පත්ව ඇත. ඔවුන් හැදෙමින් පවතින ව්‍යවස්ථාව ජාතියට මර උගුලක් වන බවට දේශපාලන ස්ථාවරයක සිටිමින් සහ ආණ්ඩුවේ ප‍්‍රමුඛතම ව්‍යාපෘතිය වන එම ක‍්‍රියාවලියට දායක වන අතර ආණ්ඩුවට එරෙහිව මහ ජනතාව මහපාරට කැඳවීමේ තම දේශපාලන උපායමාර්ගය පැහැදිලි කරන්නේ කෙසේද? 


බාහිර බලවේග විසින් ආණ්ඩුව බලයට ගෙන එන්නේ බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයට අවශ්‍ය ආකාරයට රාජ්‍යයේ ව්‍යුහය වෙනස් කිරිමේ කොන්ත‍්‍රාත්තුව ඉටු කිරීම මුල්කරගෙන නොවේද? වර්තමාන ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියේ මූලිකයා ලෙස කටයුතු කරන ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා 2014දී ලන්ඩනයේ අමිර්තලංගම් අනුස්මරණ දේශනය පවත්වමින් කියාසිටියේ මහින්ද රාජපක්‍ෂ බලයේ සිටිනතුරු දෙමළ ජනතාවගේ ‘‘ප‍්‍රශ්නය’’ විසදීම සඳහා ව්‍යවස්ථාමය විසදුමක් ගෙනඒමට ඉඩක් නැති බවය. ඊට පෙර ‘‘එන්.ජී.ඹ්. ගෝඞ් ෆාදර්’’ කෙනෙකු වන ‘‘ඉන්ටර්නැෂනල් ක‍්‍රයිසින් ගෲප්’’ නැමති සුප‍්‍රසිද්ධ බෙදුම්වාදී රාජ්‍ය නොවන සංවිධානයේ  නායක ඇලන් කීනන්ගේ මුවින්ද ඒ වචනම පිටවිය. 2013දී මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම සඳහා ඇතිකරගත් කුප‍්‍රකට ‘‘සිංගප්පුරු එකගතාවයේ’’ ප‍්‍රධාන කොන්දේසිය වූයේද එයයි. ‘විකිලික්ස්’ හරහා එළිදරව් වූ තොරතුරු අනුව ඇමෙරිකානු තානාපතිනි පැටි‍්‍රෂියා බුටනේස් සහ සහකාර රාජ්‍ය ලේකම් රොබඞ්  ඕ බෙල්ක් 2009 සිටම එම අවශ්‍යතාවය අවධාරණය කළේය. 


ඒ අනුව මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහකොට රනිල් වික‍්‍රමසිංහ මහතා බලයට පත්කරන්නේ ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය ‘‘බුල්ඩෝසර්’’ කිරිමේ මූලික සහ පළමු උපාය මාර්ගික අවශ්‍යතාවය ඉටුකරගැනීම සඳහා බවට දේශපාලනයේ ‘‘අයන්න’’ දන්නා අයට නම් කිසිදු සැකයක් තිබිය නොහැක. ආණ්ඩුව ආරම්භකොට ඇති ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලියේ දිග පළල වටහාගත යුත්තේ මෙම මහා පින්තුරය හොදින් වටහා ගනිමිනි. මේ වන විට විපක්‍ෂය විසින් නිර්මාණය කොට දී ඇති හිදැස හෙවත් රික්තකය තුළ ආණ්ඩුව විසින් කිසිදු බාධාවකින් තොරව ව්‍යවස්ථා සම්පාදන මාර්ග සිතියම දිගහරිමින් ඇත. පළමවටයේදීම විධායක ජනාධිපති ක‍්‍රමය සහ ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීම වැනි සැරසිලිවලින් වසා තිබෙන බෙදුම්වාදී ව්‍යවස්ථා උගුල ඉදිරිපිටට විපක්‍ෂය කැදවාගැනීමට ආණ්ඩුව සමත්වී ඇත. ඒ සඳහා ආණ්ඩුව විසින් ව්‍යවස්ථා සම්පාදක සභාව නැමැති දියුණු තාක්‍ෂණික උපාංගය භාවිතා කළේය. විපක්‍ෂය විසින් බරපතල දේශපාලන ගැටළුවක් හෙවත් අභියෝගයක් තාක්‍ෂණිකව විසදීමට උත්සාහ කිරීම නිසා එම උගුලට  කොටුවිය. ඒ අනුව1995දී චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් ආරම්භ කළ බෙදුම්වාදී ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය නව මානයකට ගෙන ඒමට රනිල් වික‍්‍රමසිංහ මහතා සමත් වී ඇති බව පිළිගැනීමට සිදුවේ. 


පාර්ලිමේන්තු තේරිම් කාරක සභා හරහා ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති රාමුව පළමුවෙන්ම ඉදිරිපත් කිරීමට සිදුවීමේ අවුල බේරමින් සමස්ථ පාර්ලිමේන්තුව මත වගකීම පැවරෙන ව්‍යවස්ථා සම්පාදක සභා ක‍්‍රමය හදුන්වා දීමට ඔහු සමත්විය. එම ක‍්‍රියාවලිය 1972දී යොදාගත් ක‍්‍රියාදාමයට වඩා ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වන ආකාරයට සිදුවේ. එහිදී සමස්ථ පාර්ලිමේන්තුවම ඊට සහභාගීවනවාට අමතරව මහජන අදහස් ලබාගැනීමේ ක‍්‍රියාවලියක් ඊට බද්ධ කිරීම මගින් එම ක‍්‍රියාවලියට වැඩි වලංගු භාවයක් ලබාදී ඇත.  දැන් එම ක‍්‍රියාවලිය බෙදුම්වාදී ටී.එන්.ඒ. පක්‍ෂය සහ ආණ්ඩුවේ එක`ගතාවයෙන් ජාත්‍යන්තරව පිළිගත හැකි ආකාරයට සිදුවෙමින් ඇත. ඒ පිළිබඳව මානව හිමිකම් කොමසාරිස්ගේ ප‍්‍රසාදයද පළවී ඇත. එම තත්වය තුළ සකස්වන ව්‍යවස්ථාව රනිල්ගේ ‘‘පැකේජය’’ ලෙස නම් කෙරෙනවා වෙනුවට සමස්ථ පාර්ලිමේන්තුවේම පැකේජයක් බවට පත්වේ. ඒ අනුව එම ජයග‍්‍රහණය  පශ්චාත් යුද නව ඊළාම් මාර්ග සිතියමේ පළමු බාධකය හෙවත් පළමු දොර විවෘත කිරීමක් ලෙස සැලකිය හැක. ඉන්පසුව පැනනගින දේශපාලන තත්වයන්ට අනුව විවිධ මට්ටම්වලදී ඊළාම් මාවතට විවෘතවන විවිධ දොරවල් විවෘත කිරීමට මෙම ක‍්‍රියාවලිය තුළ ඉඩ ලැබේ.  


එම ක‍්‍රියාවලිය තුළ ආණ්ඩුවට මුහුණදීමට සිදුවන බරපතලම අභියෝගය වන්නේ දැනටමත් පිටත සකස් වෙමින් පවතින ව්‍යවස්ථා කෙටුම්පත් වලින් පවතින තත්වය අනුව ඉදිරිපත් කිරීමට වඩාත් සුදුසු කෙටුම්පත ඉදිරිපත් කිරීමට පෙර ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා සම්පාදක සභාවෙන් එළියට පැනීම වළක්වා ගැනීමය. එසේ වුවහොත් ‘‘සමස්ථ පාර්ලිමේන්තව’’ යන ලේබලය ඉවත්කර ගැනීමට සිදුවන නිසා එම ක‍්‍රියාවලියේ වලංගුභාවයට බරපතල අගතියක් සිදුවේ. ඒ අනුව ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රයට අනුගත වී ඇති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන් සහ වෙනත් සැකකටයුතු උපදේශකයින් යොදාගනිමින් ව්‍යවස්ථා සම්පාදක සභාවේ දිගටම රැදී සිටීමේ තාක්ෂණික වැදගත්කම විපක්‍ෂයට අවධාරණය කෙරෙමින් ඇත. නමුත් ඒ තුළ රුදී සිටින ලෙස පොදුජන ඉල්ලීමක් බිම් මට්ටමේදී නොමැති බව සහ එදා 2000දී පැකේජය ඉදිරිපත් කිරීමේදී කළ ආකාරයට ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව ඊට එරෙහිව වාද කිරිමේ පැහැදිලි ඉඩක් තිබෙන බව විපක්‍ෂය විසින් තේරුම් නොගැනීම කණගාටුදායක තත්වයකි. ආණ්ඩුවට සැබෑ ලෙසම අභියෝගය වන්නේ ව්‍යවස්ථා කෙටුම්පත සභාවට හෝ මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරන තෙක් විපක්‍ෂය කොටුකර තබා ගැනීමය. ඊට පසුව ඔවුන් එළියට පැනගත්තද එය අර්ථ ගැන්වෙන්නේ ඡුන්දය නොදීමක් ලෙසය. එවිට ව්‍යවස්ථා සම්පාදක සභාවේ වලංගුභාවය අභියෝගයට ලක් නොවේ. පළමු එනම් පළමු ඊළාම් දොරටුවේ යතුර නැතිවන්නේ නැත. 


ආණ්ඩුව මුහුණ දෙන දෙවන අභියෝගය හෙවත් ටී.එන්.ඒ. පක්‍ෂය ප‍්‍රමුඛ බෙදුම්වාදීන් විසින් විවෘත කර ගැනීමට බලාපොරොත්තුවන දෙවන දොරටුව වන්නේ ව්‍යවස්ථා කෙටුම්පත සභාවේ සාමාන්‍ය බහුතරයකින් සම්මතකර  ගැනීමය. රනිල්--සම්බන්ධන් සන්ධානය දැනටමත් ඒ සඳහා අවශ්‍ය යතුර සංඛ්‍යාත්මකව තමා අත තබාගෙන ඇත. එම ක‍්‍රියාවලිය එතැනින් ඉදිරියට ගෙන යාමට ඉඩක් නොලැබුනද බෙදුම්වාදී බලතල සහිත ව්‍යවස්ථාවක් සමස්ථ පාර්ලිමේන්තුවම නියෝජනය වන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයකින් සම්මතවීම යනු බෙදුම්වාදීන්ගේ පැත්තෙන් ගත්විට බරපතල ජයග‍්‍රහණයකි. මහජන විරෝධයන් පැන නොනගින තත්වයක් තුළ එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට හෝ ජනමත විචාරණයකට ඉදිරිපත් නොකර ඍජුව ක‍්‍රියාත්මක කිරිමේ නීතිමය ඉඩක් ඇත. එය ජාත්‍යන්තරව පිළිගත් භාවිතාවකි. ශ‍්‍රී ලංකාවේදී 1972දී එම භාවිතාව සාර්ථකව අත්හදාබලා ඇත. 

තුන්වන දොරටුව විවෘතකර ගැනීම අවශ්‍යවන්නේ සාමාන්‍ය බහුතරයෙන් අනුමත වූ ව්‍යවස්ථාව ඍජුව ක‍්‍රියාත්මක නොකර එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිමේ අවශ්‍යතාව මතු වූ විටය. ව්‍යවස්ථා සම්පාදක සභාව තුළ විශේෂ බහුතරය ලබාගත නොහැකි වුවහොත් අමාත්‍ය මණ්ඩලය හරහා පාර්ලිමේනතුව දක්වා යන මාර්ගය වෙනුවට පාර්ලිමේන්තුව හරහා අමාත්‍යමණ්ඩලය දක්වා යමේ මාවත තෝරාගැනීමට සිදුවේ. ඒ අනුව ව්‍යවස්ථා සම්පාදක සභාව හරහා ඊළම දක්වා යන තුන්වන දොරටුව විවෘත වන්නේ ව්‍යවස්ථා සම්පාදක සභාවේදී විශේෂ බහුතරයකින් ව්‍යවස්ථාව සම්මතවුවහොත් පමණි. එවිට පාර්ලිමේන්තුවේදී මුල්වටයේදී අභියෝගයට ලක් නොවී අමාත්‍යමණ්ඩලය දක්වා ඍජුව ඉදිරිපත් කිරිමේ අවස්ථාව හිමිවේ. එවිට හතරවන දොරටුවක් අමාත්‍ය මණ්ඩලයේදී විවෘත කිරීමට ඉඩ ලැබේ. 


පාර්ලිමේන්තුව විසින් සම්මත කළ ව්‍යවස්ථා සම්පාදක සභාවක් පිහිටුවීමේ යෝජනාව තුළ අමාත්‍ය මණ්ඩලය විසින් කලයුතු දේ පිළිබඳව නිර්ණායක පනවා ඇතත් ව්‍යවස්ථාදායකය මගින් විධායකයට එවැනි නියෝගයක් පැනවීමේ ඉඩක් නැත. ඒ අනුව පවතින දේශපාලන තත්වයට සාපේක්‍ෂව  අමාත්‍ය මණ්ඩලයේ උප කමිටුවක් මගින් ව්‍යවස්ථා කෙටුම්පත නැවත සංශෝධනය කිරිමේ ඉඩ ලැබේ. එම හතර වන යතුර මගින් ඒ වන විට පවතින දේශපාලන බාධක ජයගැනීමේ ඉඩ ලැබේ. ඒ දක්වා ඊළාම් මාර්ග සිතියම දිගට ගෙනයාම අවශ්‍ය වන්නේ බරපතල බෙදුම්වාදී බලතලවලට නීත්‍යානුකූල වලංගුභාවය ලබාදීම සඳහා ව්‍යවස්ථා සම්පාදක සභාවෙන් අනුමත වූ ව්‍යවස්ථාව ඍජුව ක‍්‍රියාත්මක කිරීමට වාතාවරණයක් නොමැති තත්වයක් තුලය. ඉන්පසුව පස්වන යතුර අවශ්‍ය වන්නේ අමාත්‍ය මණඩලය විසින් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය සහ ජනමතවිචාරණය සඳහා ව්‍යවස්ථා කොටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමේදීය. ඒ මගින් අධිකරණයට ඉදිරිපත් නොකර ඍජුව මහජනයාට ඉදිරිපත් කිරීම හරහා අධිකරණ බාධකය නැමති දොරටුව හෙවත් හතරවන දොරටුව විවෘකර ගැනීමට හැකිවේ. එසේ නොමැතිව අධිකරණයේ බාධාකයට මුහුණදීමට සිදුවුවහොත් ඒ මගින් සිදුවන මහජන දැනුම්වත් වීම නිසා ජනමත විචාරණයේදී බරපතල නිශේධනාත්මක බලපෑමක් සිදුවිය හැක. එම බාධකය ජයග‍්‍රහණය කිරිම හෙවත් පස්වන දොර විවෘත කිරීමට ඉඩ සලසා ගැනීම යනු බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයේ ප‍්‍රබල ජයග‍්‍රහණයකි. 


පස්වැනි බාධකය හෙවත් දොරටුව ඊළාම් මාර්ග සිතියම තුළ මුණ ගැසෙන්නේ පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරය ලබාගැනීමේදීය. එහිදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් ව්‍යවස්ථා සම්පාදක සභාවේදී අනුමතකළ ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ නම් එය ඉතා සරල බාධකයකි. ඊට අදාළ යතුර ආණ්ඩුවේ සාක්කුවට දමා ගැනීමට ඉඩ ලැබෙන්නේ ඒකාබද්ධ විපක්‍ෂය විසින් සභාවතුළ වාද විවාද වලට සහභාගීවීමේ උගුලට පයතැබුවහොත් පමණි. කෙසේ වෙතත් විපක්‍ෂය ව්‍යවස්ථා සභාවේදී එක පයක් උගුලට තැබුවත් නැතත් පාර්ලිමේන්තුව තුළදීවිවිධ සංශෝධන වලට ඉඩ සලසමින් සහ සමහර බොරු යෝජනා අකුලා ගැනීම මගින් විපක්‍ෂයට උගුලක් ඇටවීමට ආණ්ඩුවට ඉඩ ලැබේ. උදාහරණයක් ලෙස එහිදී මහජන අදහස් කමිටුව හරහා මේ වන විට මහජනයාට අටවා ඇති උගුල ගලවා පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ට ඇටවීමට ඉඩක් ලැබේ.  


මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ ප‍්‍රධාන අරමුණක් වන්නේ මහජන සංවාදය වෙනත් අතකට රැගෙන යාමය. එනම් අන්‍යාගමික රාජ්‍යයක කථාව, සිංහ කොඩිය හෝ ජාතික ගීය ඉවත් කිරීම හෝ සමලිංගික කථා මගින් බරපතල බෙදුම්වාදී බලතල පිළිබඳව ඇතිවිය යුතු සංවාදය වෙනත් පැත්තකට යොමු කෙරේ. එය අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේදී එම යෝජනා ඉවත්කර ගැනීම මගින් මන්ත‍්‍රීවරුන් සහ මහජනයා අතර ව්‍යාජ ආරක්‍ෂිත මනසක් ඇති කිරීම සඳහාය. ඒකීය වගන්තිය ව්‍යවස්ථාවේ තිබීම බෙදුම්වාදීන්ගේ අරමුණට බාධාවක් නොවන බව සුමන්තිරන් මන්ත‍්‍රිවරයා ‘සිංගප්පුරු එක`ගතාව’ මගින් එළිදරව්කොට ඇත. එම වගන්තිය සිංහල බහුතරය සහ ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයන් ගොනාට ඇන්දවීම සඳහා ඉතා නිර්මාණශිලීව භාවිතාවන බවට කිසිදු සැකයක් නැත. ඒ අනුව සයවන දොරටුව විවෘතකර ගැනීමට අවශ්‍ය ප‍්‍රමාණයට හෙවත් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බලතල ප‍්‍රමාණයක් සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය ලබාගැනීමේන් බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයේ හැරවුම් ලක්‍ෂයකට ල`ගාවිය හැක. එසේ වංගුවක් ගැසීම අවශ්‍යවන්නේ ජනමත විචාරණයක් දක්වා ගමන් කිරීමට තරම් වාසිදායක දේශපාලන තත්වයක් නොමැති නම් පමණි. හත්වන දොරටුව හෙවත් ‘‘කොන්ෆෙඩරල්’’ බලතල සහිත ඊනියා එක්සත්, රාජ්‍යයක් හරහා රට බෙදීමේ න්‍යාය පත‍්‍රයට පහසු ජයග‍්‍රහණයක් අත්පත්කර ගැනීමේ දොරටුව විවෘත වන්නේ ජනමත විචාරණයට කෙටුම්පත ඉදිරිපත් කිරීම මගිනි. එහිදී ජයග‍්‍රහණය නොලැබුනත් උතුර නැගෙනහිර පලාත තුළ ප‍්‍රතිඵලය වෙනම විග‍්‍රහ කිරීම මගින්. බෙදුම්වාදයට වාසි සහගත තත්වයක් ලැබේ. එම වාසිය තුළ සිට ගනිමින් සහ පාර්ල්ිමේන්තුවේ විශේෂ බහුතරය මගින් ලබාගත හැකි දේ ලබාගැනීම තුළින් බෙදුම්වාදී මාර්ග සිතියමේ තව දුරටත් ඉදිරියට ගමත් කිරීමට හැකිවේ. ඒ අනුව අටවන දොරවුට හෙවත් මහජනයා විසින් බන්දේසියක තබා ඊළම පිරිනැමීමේ තත්වය නිර්මාණය වන්නේ ජනමත විචාරණය ජයග‍්‍රහණය කළහොත්ය. ඒ සදහා ඩයස්පෝරාව ඇති තරම් මුදල් විසිකරනු ඇත. එසේම සංවිධානාත්මකව හොර ඡුන්ද දැමීමේ සිට මැතිවරණ කොමිසමේ වාසිදායක තත්වය මෙන්ම ජාත්‍යන්තර නිරික්‍ෂකයින්ගේ මැදිහත්වීමද බරපතල ලෙස යොදාගනු ඇත. 


ජාතියේ අනාගත ඉරණම තීන්දු වන්නේ ඒකාබද්ධ විපක්‍ෂය මෙම මහා පින්තුරය තේරුම්ගන්නා ප‍්‍රමාණයට සාපෙක්ෂවය. ජනතා විමුක්ති පෙරමුණ මෙම ක‍්‍රියාවලිය තුළදී ආණ්ඩුවට පහසුකම් සලසමින් රට අර්බුදයට යැවීම තමාට දේශපාලන වශයෙන් වාසිදායක වන බවට කල්පනා කරන බව දැන් ඉතා පැහැදිලිව පෙනේ. ව්‍යවස්ථා සම්පාදක සභාව මගින් දියත්කොට ඇති ක‍්‍රියාදාමයට විපක්‍ෂය විසින් සුජාතභාවය ලබා දුනහොත් බෙදුම්වාදින්ට විවිධ මට්ටම් වලදී විවෘත වන දොරවල් ප‍්‍රමාණයෙන් එම ක‍්‍රියාදාමයේ භයානකකම පැහැදිලි වේ. කෙසේ වෙතත් මේ එක් යතුරක් හෝ නොමැතිව වුවද බෙදුම්වාදීන් දැනටමත් තමා සතුකොට ගෙන ඇති 13 වැනි සංශෝධන යතුර නියම ආකාරයට භාවිතා කිරීමට ඉඩ ලැබුනහොත් යම් දුෂ්කරතා සහිතව වුවත් ඊළම දක්වා දිවෙන කැලෑ පාර විවෘත කළහැකි බවද අමතක නොකළ යුතුය.         


වෛi කේ.එම්. වසන්ත බණ්ඩාර      

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.