News Category
From Date
To Date
Maximum Number of Result

ව්‍යවස්තා සංශෝධනයේ සැබැ අරමුණ : රටේ ඒකීයභාවය සහ සම්බුද්ධ සාසනය පාවාදීම ද?

Aug 3, 2026 at 11:06 AM
|

ජනාධිපතිවරයා තම මැතිවරණ ප‍්‍රකාශණයෙන් ඉතා පැහැදිලිවම ජනවරමක් ඉල්ලා සිට්යේ ජනමත විවාරණයක් අවශ්‍ය නොවන ව්‍යවස්තා සංශෝධනයක් සඳහා පමණි. ඉන් අදහස් වූයේ වර්මාන ව්‍යවස්තාවේ පවතින සංශෝධනය හෝ ඉවත් කිරීම සඳහා ජනමතවිචාරණයක් අවශ්‍යවන වගන්ති වලට අත නොතබන බවය. එතුමාගේ ජයග‍්‍රහණය පිටුපස හෝ ඉදිරිපස සිටියා යයි වගකීම් පවරාගන්නා පිරිස් ජනාධිපතිවරණයට පසුව කරන ලද ප‍්‍රකාශ වලින් කියවුනේ රැවුලයි කැදයි දෙකම බේරාගැනීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයට අදාළව එවැනි මතයක් පළකල බවය. ඒ මඟින් තම විරුද්ධවාදින් විසින් රෙටි  ඒකීයභාවයට සහ සම්බුද්ධශාසනය සුරැකීමට අදාළ වගන්ති ගැන තමාට අභියෝග කිරීමට තිබු අවස්ථාව නැති කල බවට ඔවුන් පුරසාරමි දෙඩවීය. කෙසේ වෙතත් ඒ මගින් රටේ ජනතාවට ”කොලේවසා ගැසු” බව ඔවුන් විසින්ම පිළිගනු ලැබිණි.


දැන් එම කි‍්‍රයාවලියේම දිගුවක් ලෙස නැවත වරක් ”කොලේවසා” ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාවලියක් ආරම්භ කිරීමට මෛති‍්‍ර - රනිල් ආණ්ඩුව උත්සාහ ගන්නා බව පෙනේ. ජනාධිපතිවරයාගේ පුර්ණ අනුමැතිය සහිතව රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව ඉදිරිපත් කරන්නේ සමිමත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වන බවට පුර්ව නිඟමනයක් සහිතව ව්‍යවස්ථා කෙටුම්පතක් නිර්මාණය කිරීමටය. ඒ සඳහා ඔහු මිට පෙර ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා භාවිතාකළ ක‍්‍රමෙවිදයට සම්පුර්ණයෙන්ම වෙනත් ක‍්‍රමෙවිදයක් යෝජනාකොට ඇත.


එම යෝජනාවලිය මඟින් සමස්ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සමිපාදක සභාවක් බවට පත්කිරීමට යෝජනා කෙරේ. එම යෝජනාෙවි 24 වැනි වගන්තිය මඟින් ඉතා පැහැදිලි ව ප‍්‍රකාශ වන්නේ ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියේ සඳහන් පරිධි සංශෝධනය හෝ ඉවත් කිරීම් සඳහා ජනමතවිචාරණයක් අවශ්‍යවන වගන්ති වල වෙනස්කම් කරන බවය. එසේ නොවන්නේ නම් පනත් කෙටුම්පත අධිකරණයට ඉදිරිපත් නොකර සෘජුව ජනමත විචාරණයකට ඉදිරිපත්කරන බව ආරමිභයේදීම ප‍්‍රකාශ කිරීම අවශ්‍ය වන්නේ නැත. ඒ මඟින් වික‍්‍රමසිංහ මහතා විසින් තමා කරන්නට අදහස් කරන්නේ කුමක්දැයි යෝජිත ව්‍යවස්ථා සමිපාදක සභාවට පැහැදිලි මඟ පෙන්වීමක් ලබාදී ඇත. අප රටේ ව්‍යවස්ථාවේ ඒ ආකාරයට සංශෝධනය හෝ ඉවත්කිරීම් සඳහා ජනමත විචාරණයක් අවශ්‍යවන වගන්ති 11 ක් ඇත. පසුගිය කාලයේදී සරත් එන් ද සිල්වා, හිටපු අගවිනිසුරුතුමා ලබාදුන් අධිකරණ තීන්දුවක් අනුව ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය 3 වැනි වගන්තිය සමඟ එක්ව කියවිය යුතු බැවින් එවැනි වගන්ති 12 ක් ඇතැයි සැලකිය හැක.


එම වගන්ති අතුරින් රෙටි ඒකීයභාවයට සහ ඒ නිසාම ජාතික ආරක්‍ෂාවට අදාළ 2 වගන්තිය සහ ඓතිහාසික රාජ්‍ය පාලන ව්‍යුහයට සහ සමිප‍්‍රදායට අදාළව සමිබුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීමේ වගකීම් දැක්වෙන 9 වැනි වගන්තිය රටට තීරණත්මකව වැදගත් වේ. ඒසේ වැදගත් වීමට තවත් හේතු දෙකක් බලපාන බවද මෙහිදී පෙන්වාදිය යුතුය. පළමුවැනි හේතුව එම වගන්ති දෙක ඉවත්කරන ලෙසට බෙදුම්වාදී බලවේග විසින් ප‍්‍රභල ඉල්ලීමක් ඉදිරිපත් කිරීමය. දෙවැනි හේතුව ඊට අදාළව ජනාධිපතිවරණයට පෙර වර්තමාන අගමැතිවරයා විසින් බෙදුම්වැදි පක්‍ෂ වලට එවැනි සහතිකයක් ලබාදී ඇති බවට එල්ල වූ චෝදනාවයි. ඉහත සඳහන් කල ආකාරයට ජනාධිපති මැතිවරණ ප‍්‍රකාශණය තුලද ”කොලේවසා ගසන්නේ ” මෙම වගන්ති දෙකට අදාළවය.

ඉන්දියානු ව්‍යවස්ථාවේ එවැනි වගන්ති හැඳින්වෙන්නේ සංශෝධනය කළ නොහැකි ස්ථිර වගන්ති ලෙසය. ඒවා ව්‍යවස්ථාවේ මුලික ව්‍යුහයට අයත් වන නිසා ජනමත විචාරණයකින්වත් වෙනස්කළ නොහැක. ඉන්දියානු ව්‍යවස්ථාවේ අධිකරණ ස්වාධීනත්වයට අදාළ වගන්තිය එවැනි වගන්තියකි. එසේනම් යහපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැනම වහසිබස් දොඩන ආණ්ඩුවක් තම රටේ ව්‍යවස්ථාවේ මුලික ව්‍යුහයට අදාළ වගන්ති වෙනස්කිරීමට අදහස් කරන තත්වයකදී ඒ බව අදාළ යෝජනාවේ පුර්විකාවට ඇතුල් නොකරන්නේ කුමක් නිසාද? විශේෂයෙන්ම එවැන්නක් කිරීම අවශ්‍ය වන්නේ ආණ්ඩුව තම ජනවරම ලබාගැනීමේදී ජනමතවිචාරණයක් අවශ්‍යවන වගන්ති වෙනස් නොකරන බවට පොරොන්දු වු බැවිනි. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවට ව්‍යවස්ථා සමිපාදනයේදී වඩා යෝග්‍ය ක‍්‍රමය වන කෙටුමිපතට අදාළව 120 (අ* වගන්තියට අනුව අධිකරණයේ මතය විමසා ඉන්පසුව ජනමතවිචාරණයට ඉදිරිපත්කළ හැක. එසේ නොමැතිව අධිකරණය මඟහැර 120 (ආ* වගන්තිය හරහා සෘජුව ජනමතවිචාරණයට ඉදිරිපත් කරන්නේ ඒ බරපතළ සංශෝධන පිළිබඳව ජනමතවිචාරණයට පෙර සංවාදයක් ඇති වීම වැළැක්වීමට යයි තර්ක කල හැක. ඒ නිසා ආණ්ඩුව තමාගේ යටි අරමුුණු පිළිබඳව යෝජනාවේ පුර්විකාවේ සඳහන් නොකිරීම පුදුමයට කාරණයක් නොෙවි. 


කෙසේවෙතත් මහජන අදහස් ලබාගෙන ව්‍යවස්ථාව සම්පාදනය කිරීමෙන් පසුව ජනමතවිචාරණයක් අවශ්‍යවන වගන්ති සංශෝධනය කරනවාද නැත්ද යන්න තීරණය කෙරෙන බවට ප‍්‍රතිතර්කයක්ද ඉදිරිපත් කළ හැක. එහෙත් සද්භාවයෙන් එසේ කරන්නේ නම් ව්‍යවස්ථා කෙටුමිපත ජනමත විචාරණයකට ඉදිරිපත් කරන බවට ආරම්භයේ දීම තීන්දුවක් ගැනීම අවශ්‍ය වන්නේ නැත. ඒ අනුව ආරම්භයේ දීම අවසාන කි‍්‍රයාවලියත් තීන්දු කරන්නේ කෙටුමිපත දැන්ටමන් සකස්කොට අවසන් නිසා බවටද තර්ක කළ හැක. ජනාධිපතිවරණයේදී බෙදුම්වාදි - ජාතිවාදි පක්‍ෂවලට වර්තමාන ආණ්ඩුවේ ප‍්‍රධානීත් විසින් ලබාදුන්නා යැයි චෝදනාවට ලක් වී ඇති පොරොන්දු අනුව ද මුලික කරුණු ”ආරම්භයේ දීම තීරණයකොට ඇත” යන චෝදනා සාධාරණීකරණය වේ. ඊට අමතරව පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සමිපාදක මණ්ඩලයක් බවට පත් කිරීමට පෙර නොර්වේ රටේ විද්වතුන් සහ අප රටේ විද්වතුන් යයි කියන ජයමිපති වික‍්‍රමරත්න වැනි බෙදුම්වාදී හිතවාදීන් විසින් ව්‍යවස්ථාවේ මුලික රාමුව සකස් කරමින් සිටින බවට පළ වූ වාර්තා අනුව ද ඒ බව තහවුරු වේ.


ආණ්ඩුවට ව්‍යවස්ථාව වෙනස් කිරීමේ බලය සහ අයිතිය ඇත. එහෙත් ඒ සඳහා නීත්‍යානුකූල මෙන්ම මහජනයාට වඩාත් පිලිගත හැකි ක‍්‍රමවේදය භාවිතා කළ යුතුය. ආණ්ඩුවේ සද්භාවය මුලික වශයෙන්ම අභියෝගයට ලක්වන්නේ මීට පෙර ව්‍යවස්ථා සමිපාදනය සඳහා යොදාගත් තේරීම් කාරක සභා ක‍්‍රමය වෙනුවට මෙවර සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සමිපාදක මණ්ඩලයක් බවට පත්කිරීමට උත්සාහ කිරීම නිසාය. නමුත් ආණ්ඩුව කියන්නේ එම කි‍්‍රයාවලිය මාධ්‍යයට නිරාවරණය නොවන නිසා සහ විනිවිද භාවයෙන් තොර නිසා එම ක‍්‍රමෙවිදය නුසුදුසු බවය. එය පට්ටපල් බොරුවකි. ‘මංගල මුණසිංහ කම්ටුවට’ සහ ‘ජී.එල්. පිරිස් කම්ටුවට’ එවැනි ප‍්‍රශ්නයක් තිබුනේ නැත. අනෙක් පැත්තෙන් ආණ්ඩුව කියන්නේ සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සමිපාදක මණ්ඩලයක් බවට පත්කිරීම වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී බවය. වර්තමානයේ පාර්ලිමේන්තුවේ සැබෑ විපක්‍ෂය ලෙස කටයුතු කරන මන්තී‍්‍රවරුන්ට කථා කිරීමට අවම කාලයක් හෝ ලබා නොදෙන ආණ්ඩුවක් ඊට වඩා වැඩි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක ලබාදීම සඳහා නව ව්‍යුහයක් ගැන කථාකිරීම ඉළ ඇදෙන විහිළුවකි.


එසේනම් ආණ්ඩුව ඒ ආකාරයට පැහැදිලි මාවතක් තිබියදී කැළයක් මැදින් අළුත් පාරක් කැපීමට උත්සාහ කරන්නේ කුමක් නිසාද? සාමාන්‍ය ක‍්‍රමවේදය අනුව ආණ්ඩුව විසින් කාරක සභාවක් පත් කලහොත් තම යෝජනා පළමුව ඊට ඉදිරිපත් කරන ලෙස විපක්‍ෂය විසින් ආණ්ඩුවට බලකරනු ඇත. එවැනි අවස්ථාවකදී කොලේවසා ගැසීමේ ආණ්ඩුවේ උපක‍්‍රමය අවුල්වනු ඇත. දෙවනුව ආණ්ඩුව උත්සාහකරන්නේ කාලබෝමිබයක් සඟවා ඇති මල්වට්ටියට සියළුම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ලවා අතගැස්සවීමය. ආරම්භයේ දී ඊට අතගැසු පසුව දෙවනුව ඊට විරුද්ධවීමේදී සදාචාර ප‍්‍රශ්නයකට මුහුණ දීමට සිදුවන්නේ සැබෑ විපක්‍ෂය ලෙස කටයුතු කරන මන්තී‍්‍රවරුන්ටය. ඒ අනුව ආණ්ඩුවේ මුලික උපක‍්‍රමය වන්නේ බෙදුම්වාදයට පාවඩ එළන බරපතල ව්‍යවස්ථා සංශෝධනවල වගකීම සමස්ත පාර්ලිමේන්තුව මත පැටවීම බව පැහැදිලි ව පෙනේ.


එහිදී තවත් විශේෂ තත්වයක්ද ආණ්ඩුව සැලකිල්ලට ගන්නා බව පෙනේ. ඒ වාමාංශික පක්‍ෂ විසින් බලය බෙදීමේ සංකල්පය විග‍්‍රහකරගන්නා ආකාරයේ පවතින පරස්පරතාවයයි. එම පක්‍ෂ බලය බෙදීමේ සංකල්පය අධිරාජ්‍යවාදී බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයෙන් වයුක්තව විග‍්‍රහකරති. එම තත්වය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෝ මානව අයිතිවාසීකම් සීනි තවරා බෙදුම්වාදී හලාහළ විෂ ඔවුන්ට ගිල්ලවීමේ ඉඩක් ඇතැයි ආණ්ඩුව කල්පනාකරන බව පෙනේ. යමි වාමාංශික පක්‍ෂ දැනටමත් ආණ්ඩුව විසින් අටවන ව්‍යවස්ථා සංශෝධන උගුලට පය තබා ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම සඳහා පිම්මක් පැණිය හැකි බවට මත පලකිරීම් තුලින් ඒ බව තහවුරු වේ. යමි පිරිසක් ආණ්ඩුවේ සැබෑ උපායමාර්හික අරමුණ තේරුම් නොගෙන එවැනි අද බාල බොළඳ තර්ක මත ඒ උගුලට පය තැබුවහොත් ආපසු භාරවිය නොහැකි මහා අර්බුදයකට සමස්ත ජාතියම ගොදුරු වනු ඇත.


මෙහිදී ”සැබෑ විපක්‍ෂයට ද” බරපතල අභියෝගයකට මුහුණ දීමට සිදුවේ. විධායක ජනපති ක‍්‍රමය සහ මනාප ක‍්‍රමය අහෝසි කිරීම යන ජනපි‍්‍රය සටන්පාඨ දෙකට විරුද්ධ වීම ඒ අභියෝගයයි. ආණ්ඩුව විධායක ජනපති ක‍්‍රමය වර්තමාන ජනාධිපතිවරයාගේ කාලය තුල පවත්වාගෙන යාමට තීන්දු කිරීම තුලින් තමාගේ හෙළුව දැන්ටමත් මහජනයාට පෙන්වා ඇත. සැබෑ ලෙසම ඔවුන් කරන්නට උත්සාහ කරන්නේ සහ එකා පසු පස එකා බැගින් ශී‍්‍ර ලංකාවට සැපත්වන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්මේන්තුවේ නිලධාරීන්ට අවශ්‍යවන්නේ විධායකයේ වැඩි බලතල අගමැතිට පවරා ගැනීමය. එහි අවසාන අරමුණ බෙදුම්වාදී බලහත්කාරයට එරෙහිව ක්‍ෂණිකව සහ සෘජුව තීන්දු ගැනීමට ජනාධිපතිවරයාට ඇති හැකියාව අහෝසි කිරීම බව මහජනයාට පැහැදිලි කිරීම අමාරු නැත. සුළු ජාතික ජාතිවාදී සහ බෙදුම්වාදී පක්‍ෂ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද මනාප ක‍්‍රමය අහෝසි කිරීමට කැමතිවන්නේ නැත. ඒ නිසා මනාප ක‍්‍රමය අහෝසි කිරීම වෙනුවට බොහෝ විට සිදුවන්නේ වෙනත් පැටලිලි ක‍්‍රමයක් හඳුන්වාදීම බව මහජනයාට ඒත්තු ගැන්විය යුතුය. ඒ අනුව විධායක ජනාධිපති ක‍්‍රමය සහ මනාප ක‍්‍රමය අහෝසි කිරීම නැමති ආණ්ඩුවේ ව්‍යාජ සළුපිළි ඉවත් කළ විට බෙදුම්වාදී හෙළුව මහජනයාට හොඳින් දැකගත හැකි වනු ඇත.


ආණ්ඩුවේ ‘කොලේවසා ගැසීමේ’ ‘ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය’ මහජන ඇස් ඉදිරියේ හොඳින්ම එළිදරවි කළ හැක්කේ ඔවුන්ගේ සැබෑ අරමුණට අභියෝග කිරීම තුලිනි. ඉහත සඳහන් කල ආකාරයට ජනමත විචාරණයක් අවශ්‍ය වන ව්‍යවස්ථාවේ මුලික ව්‍යුහයට අයත්වන 2 වන සහ 9 වැනි වගන්ති සංශෝධනය නොකරන බවට ආණ්ඩුව විසින් ඉදිරිපත්කරන යෝජනාවේ පුර්විකාවට ඇතුල්කල යුතු බවට සැබෑ විපක්‍ෂයේ මන්ත‍්‍රිවරුන් ඉල්ලා සිටිය යුතුය. එසේ නොමැති නම් ඒ පිළිබඳව විශේෂ ප‍්‍රකාශයක් කරන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතුය. ඒ පුර්ව කොන්දේසිය ඉටුනොවන්නේ නම් රටට ජාතියට ආදරය ඇති කිසිදු මන්තී‍්‍රවරයකුට ඒ යෝජනාව අනුමත කරමින් එම සභාවේ රැදීමට සදාචාර අයිතියක් නැත.

නමුත් ප‍්‍රශ්නය එතැනින් අවසන් වන්නේ නැත. කිසිදු සද්භාවයක් නැති කොලේවසා ගැසීමේ මෙම කුමන්ත‍්‍රණකාරී ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාවලිය ‘ගෙදර ගියොත් අඹු නසී - මඟ හිටියොත් හෝ නසී’ පන්නයේ වැඩකි. මෙම කි‍්‍රයාවලිය ආරම්භකල පසු එය ජයග‍්‍රහණයෙන් හෝ පරාජයෙන් යන කුමන ආකාරයට අවසන් වුවත් එහි අවසන් එලය බෙදුම්වාදයට වාසිසහගත වේ. ජාත්‍යන්තර බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය දිගහැරෙන්නේ සිංහල ජනතාවගේ අනුකම්පාවෙන් ජයග‍්‍රහණය කිරීම සඳහා නොවේ. සිංහලයා බන්දේසියක තබා 13 වැනි සංශෝධනය ඉක්මවා යන බලතල ලබාදුනහොත් බෙදුම්වාදින් එය සතුටින් බාරගනු ඇත. එම කි‍්‍රයාවලිය සිංහලයා විසින් අඩාල කළද ඔවුන්ට ඉදිරියට යාමට මෙම ප‍්‍රවේශය මඟින් තල්ලූවක් ලැබේ. බෙදුම්වාදී න්‍යායපත‍්‍රයේ ගමනින් යමි දුරක් රෙටි ව්‍යවස්ථාව සහ නීතියට අනුව ඉදිරියට ගියත් එහි අවසාන සැතපුමි කිහිපය ඉදිරියට යන්නේ රෙටි නීතියට පිටින් ජාත්‍යන්තර මැදිහත් වීම මතය. යමි බලහත්කාරයක් සහ ප‍්‍රචන්ඩතාවයක් සහිතව දියත්වන එම අවසන් කි‍්‍රයාවලය ජාත්‍යන්තර නීතිය ඉදිරියේ සාධාරණකරනය කිරීම බෙදුම්වාදීන් මුහුණදෙන මුලික අභියෝගයයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනමත විචාරණයේ දී උතුරේ ජනතාව විසින් ඊට පක්‍ෂව ඡුන්දය ප‍්‍රකාශ කිරීම තුල බෙදුම් වාදීන් එම අභියෝ්‍යය ජයගනු ඇත. බෙදුම්වාදීන්ගේ පැත්තෙන් ගත්විට ජනමත විචාරණයක් මගින් සංශෝධනය කලයුතු වගන්ති සංශෝධනය නොකර 13 වැනි සංශෝධනය ශක්තිමත කරන වගන්ති ප‍්‍රමාණයක් සඳහා තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය ලබාගත්තද එය බරපතල ජයග‍්‍රහණයකි. උදාහරණයක් ලෙස උතුුරු නැගෙනහිර එක් කිරීම සඳහා වඩා ලිහිල් ප‍්‍රතිපාදනයක් ඇතුල්කර ගැනීම සහ සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම මඟින් වුවද බෙදුම්වාදීන්ට නීත්‍යානුකූලව ගමන් කරන දුර බොහෝ වැඩිකරගත හැක. 13 වැනි සංශෝධනයෙන් ලැබී ඇති පොලිස්, ඉඩම් සහ මහ ඇමති අරමුදල් බලතල වලට අමතරව ඉහත සඳහන් කල බලතල කිහිපයක් අළුතින් ලබාගැනීම තුලින් පමණක් වුවද බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයට එය ආරම්භයේදීම සැලසුම්කල ආකාරයටම ඉදිරියට ගමන්කළ හැක. බොහෝවිට එම ගමන වැලැක්වීම සඳහා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලබාදී ඇත බලතල ප‍්‍රමාණයක් තුනෙත් දෙකේ බලයෙන් ඉවත් කිරීම මඟින් පමණක් වුවද ගමන තවදුරටත් පහසු කළ හැක. මෙම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියේ අවම අරමුණ එය බවට කිසිදු සැකයක් නැත.


කෙසේ වෙතත් ව්‍යවස්ථා සංශෝධනය කුමන්ත‍්‍රණකාරී ලෙස සිදු කිරීමට විරුද්ධව මත දක්වන යමි විද්වතුන්ගේ යෝජනා මඟින්ද එම කූඨ කි‍්‍රයාවලියට තල්ලූවක් ලැබේ. උදාහරණයක් ලෙස ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය ප‍්‍රකාරව සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වගන්ති වලට වෙන් වශයෙන් ඡුන්දය ඉල්ලීම සිදුකලහොත් බෙදුම්වාදීන්ට වාසිදායක වේ. එවිට එක් පැත්තකින් මහජනයාට් තීන්දුව ව්‍යාකූල වන අතර අනෙක් පැත්තෙන් සංශෝධනයෙන් යමි කොටසක් හෝ අනුමත කරගැනීමේ අනතුර මතුවේ. එම නිසා ව්‍යවස්ථාව සමස්තයක් ලෙස ජනමත විචාරණයට ඉදිරිපත් කිරීම වඩා වාසිදායක වන්නෙ සමස්ථ කි‍්‍රයාවලිය සහමුලින්ම පරාජය කිරීමේ උවමනාව ඇති පාර්ශවයටය.


අවසාන වශයෙන්, ජාතන්තර ඔත්තු සේවාවල සහ ඩයස්පෝරාවේ පීඩනය මත ආණ්ඩුව විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශේධන ක‍්‍රියාවලිය කඩිනම් කලත් එය ඔවුනටම පාරාවලල්ලක් කිරීමේ විභවය සැබෑ විපක්‍ෂය සතු බව කිව යුතුය. ඒ අනුව රට පවාදෙන ආණ්ඩුවට විරුද්ධව තීරණාත්මක සටන 09 වැනි දා පාර්ලිමේන්්තුවෙන් ආරම්භ කිරීමේ අවස්ථාව දැන් ඔවුනට ලැබී අත. රණවිරුවන් 28,000 ක් දිවි පුදා තවත් 29,000 ක් අතපය අහිමිකොටගෙන සහ ඊට පෙර 60,000 ක් තරුණයන්ද දිවි පුදා නතර කළ ක‍්‍රියාවලිය පාර්ලිමේන්තුව තුලින් නැවත ආරම්භ කිරීමට ඉඩ නොදෙන බව ඔවුන් උස් හඩින් ජනතාවට පැවසිය යුතුය.   


වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.