News Category
From Date
To Date
Maximum Number of Result

බෙදුම්වාදී නායකයින්ට කප්පම් දීම වෙනුවට දෙමළ ජනතාවට අයිතිවාසිකම් දීම

Aug 3, 2026 at 10:02 AM
|

රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා විසින් ආරම්භ කළව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය මේ වන විට එක්තරා ආකාරයක උපක‍්‍රමික හැරවුම් ලක්‍ෂයකට ලගාවි ඇති බව පෙනේ. ඔහු විසිනි විපක්‍ෂ බලවේග මෝහනය කොට ශිඛරයකින් පහළට තල්ලූ කිරීම සඳහා එහි මුදුනට රැගෙන යන ආකාරයට ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය තුළ ඉදිරියට රැගෙන යන බව පැහැදැලිව දක්නට ලැබුණි. ව්‍යාජ විපක්‍ෂ බලවේග ඒ සඳහා කැමැත්තෙන් සැදී පැහැදී සිටින බවට විවාදයක් නැත. එහෙත් සැබෑ විපක්‍ෂය දේශපාලනිකව නොව තාක්‍ෂණිකව මෝහනය කිරීම සඳහා ඔවුන් වටා සිටින විවිධ උපදේශකයින් ආකාර 4කින් කටයුතු කරන බව පෙනේ. පළමු පිරිස තර්ක කරන්නේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියෙන් පිටතට පැමිණිමට මහජනයා අනුමත නොකරන බවයි. නමුත් එම ක‍්‍රියාවලිය මහජනයා විසින් ලබාදුන් අනුමැතියට පිටින් සහ ව්‍යවස්ථා විරෝධිව සිදු කිරීම පිළිබඳව ඔවුහු කතා නොකරති. 


දෙවන පිරිස ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය තුළ සිටීම මගින් ඒ තුළ සිදුවන්නේ කුමක්දැයි දැනගත හැකි බවට තර්ක කරති. එහෙත් එසේ දැනගන්නා තොරතුරු මත වහා ක‍්‍රියාත්මක වීම යනු තොරතුරු දැන ගැනීම සම`ග බැදී ඇති ඊළග ක‍්‍රියාව ඔවුහු අමතක කරති. ව්‍යස්ථා සභාවට ඉදිරිපත් කළ උපකමිටු වාර්තා පිළිබඳව දැනුවත් වී මාසයකට අධික කාලයක් ගත වුවද ඔවුන් ඒවායේ අඩංගු කරුණු පිළිබඳව කිසිවෙක් විසින් නිලවශයෙන් මතයක් පළකොට නැත. ඉතා බරපතළ තොරතතුරුදැනගැනීමෙන් පසුවත් ඔවුහු තම නිහ`ඩ මත දිගටම පවත්වාගෙන යති. තුන්වන පිරිසත් කල් මැරීම සඳහා ව්‍යවස්ථා සභාවේ රුදී සිටිය යුතු බව පවසති. එහෙත් එසේ කල් මරන්නේ දවස් වලින්ද එසේ නැතහොත් මාස හෝ අවුරුදු වලින්ද යන්න පිළිබඳව ඔවුන් තුළ අදහසක් නැත. හතරවන පිරිසගේ අපදෙස් අනුව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය තුල රැදී සිටීම මගින් විපක්‍ෂයට අවශ්‍ය සංශෝධන ප‍්‍රමාණයක් ව්‍යවස්ථාවට ඇතුළකරගත හැක. ඒ අදඳබාල උපදේශකයින්ට අනුව මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත බලයට ඒම සඳහා ඔහුට වාසි සහගත ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රනිල් වික‍්‍රමසිංහ මහතා එක`ග වේ. අවසාන වශයෙන් බොහෝ උපදේශකයින්ගේ පොදු මතය අනුව දෙමළ ජනතාවට යම් දෙයක් දීමට විපක්‍ෂය විරුද්ධ නොවන බව ඔනුන්ට පෙන්විය යුතුය. ඒ අනුව සුළු ජාතික ඡුන්ද ලබාගැනීම සඳහා ආණ්ඩුව විසින් ගෙන එන යම් සංශෝධන වලට එක`ග විය යුතුය. නමුත් ඔවුන් කිසි විටෙක ජාතිවාදී බෙදුම්වාදී දේශපාලකයන්ට කප්පම්දීම සහ ජනතාවට අයිතිවාසිකම් ලබාදීම යන ක‍්‍රියාමාර්ග ගැන කතා නොකරති. 


ඒ සියලූ උපදේශකයින්ගේ තර්ක වලින් ආණ්ඩුවේ මූලික උපායමාර්ගික අවශ්‍යතාවයන් ඉටුවේඤ. එනම් ආණ්ඩුව විසින් කරගෙන යනුලබන ව්‍යවස්ථා විරෝධී කූඨ ක‍්‍රියාවලියට විපක්‍ෂය පටලවා ගැනීම මගින් ඊට සුජාත භාවය ලබාදීමය. ඒ අනුව ව්‍යවස්ථා කෙටුම්පතෙහි අඩංගු ප‍්‍රතිපාදන විපක්‍ෂය විසින් අනුමත කරන බව අවසාන මොහොත දක්වා මහජනයාට ඒත්තු ගැන්වීමට ආණ්ඩුවට ඉඩ ලැබේ. විපක්‍ෂයෙන් දායක වන ක‍්‍රියාවලියක් තුළින් උපදින ව්‍යවස්ථාවක රටට හානිකර දේ තිබිය හැකිද යන ප‍්‍රශ්නය ඒමගින් මතු කරයි. ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය තුළ ඒකාබද්ධ විපක්‍ෂය තොරම්බල් වෙමින් සිටින අතරතුරු එහි භයානක කම මහජනයාට වටහාදීම පහසු නැත. එසේ යම් කාලයක් ‘ඝන්ධබ්බයින්’ ලෙස සිටිමින් ව්‍යවස්ථා සභාවේදී එම ක‍්‍රියාවලියට අභියෝග නොකරන තත්වයක් තුළ එම සභාවට වාර්තාවක් පමණක් ඉදිරිපත් කොට ව්‍යවස්ථා කෙටුම්පත හදිසියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විට කරන්නේ කුමක්ද? එවිට හදිසියේ නින්දෙන් අවදි වී විරෝධය පළ කිරීමෙන් මහජන විරෝධය කුළුගැන්විය නොහැක. මහජන විරෝධය ප‍්‍රභලව මතු නොවන තත්වයක් තුළ මන්ත‍්‍රීවරුන් තුළ මානසික බලපෑමක් ඇති කිරීම පහසු නැත. ‘රට පාවාදී ගමට එන්න එපා’ යන පණිවිඩය ප‍්‍රභලව සමාජයෙන් මතු වන්නේනම් බෙදුම්වාදී ව්‍යවස්ථාවකට අත් එසවීමට පෙර සෑම මන්‍්‍රිවරයෙක් තුළම තම තීන්දුව පිළිබඳව දෙවරක් සිතීමට පෙළඹවීමක් ඇතිවේ. ව්‍යවස්ථා සභාවට කෙටුම්පත ඉදිරිපත් නොකර ගණ්ධබ්බ කාලය දිගු කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ පළමු වටයේදී ඊනියා වාත්රාවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගැනීමටය. එහිදී එම වාර්තාවට ව්‍යවස්ථා සභාවේදී විශේෂ බහුතරය සහිතව අනුමැතිය ලබාගතහොත් කෙටි කාලයක් තුළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එම බහුතරය ආරක්‍ෂා කර ගතහැකි යැයි ආණ්ඩුව කල්පනා කරන බව පැහැදිලිව පෙනේ. කෙසේ වෙතත් අෘණ්ඩුව දැන් තම ‘ඒ’් සැලසුම හෙයවත් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේ සැලසුම අකුලමින් ‘බී’ සැලසුම හෙවත් පවතින ව්‍යවස්ථාවට සංශෝදනයක් ගෙන ඒමට උත්සාහ කරන බව පෙනේ. ඊට හේතුව පසුගිය දිනවල මතු වූ විරෝධය හමුවේ තුනෙන් දෙකේ විශේෂ බහුතරය ආණ්ඩුවට අහිමි වීමේ වැඩි ඉඩක් පැවතීමයි. එය හදිසියේම විරෝධතාවලට පිළිතුරු ලෙස සකස් කළ සැලසුමකට වඩා පලමු සැලසුමට විරෝධය මතුවුවහොත් ගෙනඒම සඳහා සකස් කළ එම සැලසුමේ අතුරු සැලසුමක් ලෙස සැලකීම වඩා ප‍්‍රඥාගෝචර වේ. 


මහජන විරෝධයට පිළිතුරු ලෙස පළමු සැලසුම අකුලා ගැනීම මගින් ආණ්ඩුවට යම් සදාතාර බලයක් ආරෝපණය වේ. එසේම ඒ මගින් මහජනයා තුළ ව්‍යාජ ආරක්‍ෂාකාරී හැ`ගීමක් ද ඇතිවේ. ඊට අමතරව ඒ මගින් දෙවන සැලසුම පිළිබඳ සුභවාදී පින්තඳරයක් මැවීම සඳහා සමාජ මනෝ භාවයද සකස් වේ. බෙදුම්වාදී බලවේග පැත්තෙන් ගත්විට ද එය ඔවුන්ට අළුත් අත්දැකීමක් නොවේ. ඔවුන් මුලින්ම ඉතිහාසය පුරාම භාවිතා කළ උපක‍්‍රමය වුයේද උපරිමය ඉල්ලා විශාල ඝෝෂාවක් කොට පසුව අවශ්‍ය දේ කෙසේ හෝ ලබාගැනීමය. ඒ අනුව නව ව්‍යවස්ථාවක් වෙනුවට පවතින ව්‍යවස්ථාව යටතේ 20 වැනි සංශෝධනය හෝ අකමැත්ත පෙන්වා පසුව දියුණු නම්‍යලීත්වයක් පෙන්වමින් ඊට එක`ග වනු ඇත. 


ඒ ආකාරයට බෙදුම්වාදීන්ට ‘ඉල්ලන දේ’ නොලැබුණා යන පදනම බහුතර සිංහල ජනතාව අතර නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යම් සුභවාදී මනෝභාවයක් ඇති කරයි. එම තත්වයද සැලසුම් සහගත අපෙක්ෂාවක් මිස අහඹු වාසියක් නොවේ. නව ව්‍යවස්ථාවක් මගින් පැරණි ව්‍යවස්ථාවේ අඩංගු වූ ‘‘බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය’’ දීම හෝ ‘‘ඒකීය වගන්තිය’’ වැනි ‘‘ලේබල්’’ ඉවත් නොකිරීම පිළිබඳ යම් බෙදුම්වාදීන් පිරිසක් දිගින් දිගටම විරෝධය පළ කිරීමටද ඉඩ ඇත. නමුත් එම සංශෝධනය මගින් 13 වැනි සංශෝධනය ඉක්මවා යන බලතල ප‍්‍රමුණයක් ලබාගැනීම මධ්‍යස්ථ බෙදුම්වාදීන් හෙවත් බෙදුම්වාදී න්‍යායාචාර්ය වරුන්ගේ අපෙක්ෂාව බවට කිසිදු සැකයක් නැත. ඉතිහාසය පුරාම බෙදුම්වාදීනේග කේවල් කිරිමේ උපායමාර්ගය තුළ මෙම ඊනියා අන්තවාදී සහ මධ්‍යස්ථවාදීප  බලවේග දෙක විසින් තම භූමිකාව මැනවින් ර`ග දක්වා ඇත. මේ දිනවල මරණ තර්ජන කරමින් ර`ගදක්වන්නේඒ පැරණි භූමිකාවේ නව අධ්‍යක්ක්‍ෂණයක් මිස අන්කවරක්ද? 


නමුත් ඉහත සඳහන් කළ ආකාරයට ඒකාබද්ධ විපක්‍ෂය ආණ්ඩුව විසින් පහසුකම් සලසන බෙදුම්වාදී මාර්ග සිතියමට යථාර්තවාදීව තේරුම්ගන්නා බවක් පෙනෙන්නේ නැත. ‘‘චන්ද්‍රිකාගේ පැකේජය’’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඊට ගිනිතබා පරාජය කළේ ඔහු ප‍්‍රතිපත්තීමය වශයෙන් එම ව්‍යවස්ථාවට විරුද්ධ වූ නිසා නොවේ. ඒ මිගින් ඔහු උත්සාහ කෙළේ චන්ද්‍රිකා ජනාධිපතිනිය දේශපාලන වශයෙන් අස්ථාවර කොට එම ක‍්‍රියාවලිය තමා බලයට පත් වූ පසුව නැවත වටයකින් ආරම්භ කිරීම සඳහාය. අප රටේ අවාසනාවකට ඒකාබද්ධ විපක්‍ෂය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉගෙන ගැනීමට තරම් නිහතමානී නැත. 


මේ වන විට ව්‍යවස්ථාවට ඇතුල්කළ යුතුය යන පදනමින් ඉදිරිපත් කළ බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් සියල්ල හඳුනාගැනීම සඳහා සාක්‍ෂි ලැබී නැත. 1976 වඩුකොඩෙයි සමුළුවේ සිට තිම්පු යෝජනා හරහා බෙදුම්වාදී බලවේග විසින් දිගිනි දිගටම ඉදිරිපත් කළ යෝජනා සියල්ල උප කමිටු වාර්තාවල අඩංගු වේ. ඒවා අතරින් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන යෝජනා සියල්ල 20 වැනි සංශෝධනයට ඇතුල්කළ හැක.දැන් බෙදුම්වාදී කප්පම්කරුවන්ගෙන් ඇසිය යුත්තේ එක ප‍්‍රශ්නයක් පමණි. එනම් ඉල්ලීමට අපතසු වූ වෙනත් යමක් තිබේද යන්න පමණි. ආණ්ඩුවේ මෙන්ම බෙදුම්වාදී බලවේග අන්නෝන්‍ය අවබෝධයෙන් යුතුව සැරසෙන්නේ කුමකටද? යන්න දැන් ඉතා පැහැදිලිව පෙනේ. එහෙත් විපක්‍ෂ බලවේග තම මතය ඍජුව ප‍්‍රකාශ නොකර ‘‘කෙකර ගාමීන්’’ සිටින්නේ කුමක් නිසාද? ඊට ප‍්‍රධාන හේතව ඉහත සඳහන් කළ ආකාරයට ‘‘දමළ ජනතාවට යමක් දිය යුතුය’’ යන මානසික බාධකය නොවේද? 


එම මානසික බාධකයෙන් ගැලවීම සඳහා ඇත්තේ එක් මාර්ගයක් පමණි. ඒ දෙමළ ජනතාවට ‘‘යමක් නොව සියල්ල දිය යතුය යන ස්ථාවරය නිර්භිතව රටට ඉදරිපත් කිරීමය. ඒ සඳහා වන පූර්ව කොන්දේසිය වන්නේ ජාතිවාදී බෙදුම්වාදී, ආගම්වාදී කුලවාදී පටු දේශපාලන ග්‍රෝත‍්‍රවාදී නායකයින් කිහිපදෙනෙකු අතට පොලිස් බලය දීම සහ සිංහල දෙමළ මුස්ලිම් සියලූ ජනතාවට අයිතිවාසිකම් අතර ඇති බරපතළ වෙනස නිරවුල්ව පැහැදිළි කිරිමයි. ඒ සඳහා රටේ බහුතර ජනතාව වන සිංහල ජනතාව බුක්ති විදින එහෙත් සුළුකර දෙමළ හෝ මුස්ලිම් ජනතාවට නුඹට ලැබි නැතැයි පැමිණිලි කෙරෙන සියළු අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද ලැයිස්තුගත කළ යුතුය. ඒ සඳහා සුළු ජාතික දේශපාලන පක්‍ෂ වලට ඉතා සද්භාවයෙන් යුතුව ආරාධනා කළ යුතුය. ඉන් පසුව ලෝකයේ වෙනත් කුමන හෝ රටක සුළු ජාතිකයින් බුක්ති විදින එහෙත් අප රටේ දක්නට හෝ ලබාදී නොමැති අයිතිවාසාකම් සහ වරප‍්‍රසාද තිබේනම් ඒවා ඉහත ලැයිස්තුවට එකතු කළ යුතුය. ඉන්පසුව ඒවා ලබාදෙන ලෙස සියළු විපක්‍ෂ දේශපාලන පක්‍ෂ එකට එකතුවී ආණ්ඩුවට බලකළ යුතුය. යම් විපක්‍ෂ වලවේගයක් ඊට එකුත\ විය නොහැකි බව පවසන්නේ නම් ඔවුන්ගේ සැබෑ අරමුණ ලෝකයම පැහැදිලි වනු ඇත. 


දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය විසදීම සඳහා  ඕනෑම කැපකිරිමක් කළ යුතු බව ජනාධිපතිතුමා විසින් ප‍්‍රකාශ කොට ඇති බැවින් ඉහත සඳහන් කළ සුළු ජාතික අයිතිවාසිකම් ලැයිස්තුව කොතෙක්දිගු වුවත් ගැටළුවක් නොවනු ඇත. එහෙත් යම් විශේෂ කාරණාද ඊට ඇතුල්විය යුතුය. විශේෂයෙන්ම තේසාවලාමේ වැනි යම් ජන කණ්ඩායමකට පමණක් විශේෂිත වූ නීති මගින් ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන පවා අත්හිටුවමින් කුලහීන දෙමළ ජනතාව පීඩනයට පත්කිරීමද අවසන් කළ යුතුය. එමෙන්ම විශේෂිත මුස්ලිම් විවාහ නිති මගින් කාන්තාවන්ට අයතු ලෙස සැලකීම වැලැක්වීමද එම ලැයිස්තුවට ඇතුළත් විය යුතුය. 


භූගෝලීයව සම්පත් පැතිරීම අනුව අධ්‍යාපන අවස්ථා සලකා බැලීම සහ ඉඩම් පරිහරණයේදී සමස්ථ ජනවාර්ගික අනුපාතය සැලකිල්ලට ගැනීම වැරදි නැත. එහෙත් රැකියා ලබාදීමේදී ජනවර්ග හෝ යම් බාසාවන් දැන සිටීම විශේෂ සුදුසුකමක් නොවිය යුතුය. රජයේ අවශ්‍යතාව අනුව රජයේ සේවකයින්ට අවශ්‍ය භාෂා දැනුම ලබාදීම රජෙයේ වගකීමකි. එහිදී ශේෂ්ඨාධිකරණය තුළ ජනවර්ග නියෝජනය විය යුතුයැයි ඉල්ලීම් ඉදිරිපත් කරන ‘‘ග්‍රෝත‍්‍රවාදී දුප්පතුන්’’ එම ප‍්‍රමිකීන් පිළිගන්ද යන්න සැක සහිතය. ජාතිබේද හෝ ආගම් බේදනොමැතිව සියළු ජනතාවට සමානව සැලකිය යුතු යැයි නිර්භිතව සමාජයට කතා කළ හැකි කොන්ද පණ ඇති මිනිසුන්ට ඒ දුප්පත් ග්‍රෝත‍්‍රවාදීන්ගේ මතය වැදගත් වන්නේ කෙසේද? එම නිසා එම ග්‍රෝත‍්‍රවාදී කප්පම්කරුවන්ගේ මතය නොසලකා ඍජුව ජනතාවට ඇමතීමට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රිවරුනට පිට කොන්දක් තිබිය යුතුය. 


සිංහල, දෙමළ, මුස්ලිම් සියළු ජනතාවට සමානව සැලකීම යන පදනම යටතේ ජනතාවට අයිතිවාසිකම් ලබාදීම පිළිබඳව බහුතර සිංහල බෞද්ධ ජනතාව විරුද්ධ වෙන්නේ නැත. එය ඓතිහාසිකව සත්‍යයකි. එම ජනතාව විරුද්ධ වන්නේ බෙදුම්වාදී දේශපාලන නායකයන්ට බිය වී ඔවුන්ට ලබාදිය යුතු යැයි කියන කප්පම් ලබාදීම සඳහා යෝජනා කරන ව්‍යවස්ථා සංශෝධන වලට පමණි. පවතින ව්‍යවස්ථාව රැකග.  යුතු යැයි කිසිසේතම ඉන් අදහස් නොවේ. නමුත් ආණ්ඩුව දැනු සූදානම් වන්නේ පවතින ව්‍යවස්ථාවේ අඩංගු ‘‘නරක දේ’ ඉවත් කිරීමට නොවේ. එනම් තමා විසින් අතීතයේදී සම්මක කඵළ බෙදුම්වාදී ජාතිවාදී අංග ලක්‍ෂණ ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට නොවේ. ඔවුන් දැන්උත්සාහ කරන්නේ තමා බලයට පත්කළ බලවේග සතුටු කිරීම සඳහා අතීතයේදී සම්මත කළ බෙදුම්වාදී අංග ගක්‍ෂණ තවදුරටත් ශක්තිමත් කිරීමටය. 


ආණ්ඩුවේ මෛත‍්‍රී-රනිල් පාර්ශව දෙකම රහසිගත එක`ගතාවයෙන් යුතුව දැන් උත්සාහ කරන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත්කොට එය තවදුරටත් ශක්තිමත් කිරීමටය. එම විශේෂ බලවේග ආණ්ඩුවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන සද්භාවයෙන් යුතුව පාර්ලිමේන්තුවේදී සංශෝධන ඉදිරිපත්කිරීමට උත්සාහ කළහොත් සිදුවන්නේ අෘණ්ඩුවේ උගුලට පය තැබීමකි. එම නිසා 19 වැනි සංශෝධනය ගෙන එන අවස්ථාවේදී ඊට සංශෝධන යෝජනා කිරීම මගින් ආණ්ඩුවේ උගුලට ගොදුරු වූ ආකාරයම මෙවර 20 වැනි සංශෝධනයේදීත් එම වරදම සිදුකරන්නේ නම් මහජනයාගෙන් ඔවුන්ට කිසිදු සමාවක් නොලැබෙනු ඇත. එය ? වැටුනු වලේ දවල් වැටීමකි. ඒ මගින් මරණිය තුවාල සිදුවන්නේ ඒකාබද්ධ විපක්‍ෂයට පමණක් නොව සමස්ථ ජාතියටමය. 


ආණ්ඩුවේ ‘බී’ සැලසුම මගින් ඒකාබද්ධ විපක්‍ෂයට හා රටට බරපතල තුවාල සිදුවිමක් මෛත‍්‍රී- රනිල් පාර්ශ්ව දෙකම බරපතල වාසි රැසක් අත්පත්කරගනු ඇත. එනම් ඔවුන් එක ගලකින් කුරුල්ලන් කිහිපදෙනෙකු බිම දමාගනු ඇත. ඔවුන්ගේ පළමු ජයග‍්‍රහණය වන්නේ දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග සතුටු කර ආන්ඩුවේ පැවැත්ම ආරක්‍ෂාකර ගැනීමය. නමුත් එම අපායේ විවේකය ඔවුන්ට ලැබෙන්නේ බෙදුම්වාදීන් තමා ලබාගන්නා ජයග5හණ මත පය තබාගෙන ඒකපාර්ශවීය වෙනම රාජ්‍යයක් කරා යන ගමන ආරම්භ කරන තෙක් පමණි. දෙවැනි ජයග‍්‍රහණය වන්නේ රනිල් විරෝධයක් මතුකොට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ ‘‘මෛත‍්‍රී ප‍්‍රතිරූපය’’ වර්ධනය කිරීමය. එහිදී නව ව්‍යවස්ථාවක් මගින් බුදුදහමට හිමි තැන සහ ඒකීය වගන්තිය ඉවත් කිරීමට රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ගනු ලැබූ උත්සාහය පරාජය කළ වීරයින් බවට පත්වනනේ මෛත‍්‍රී පාර්ශ්වයයි. තුන්වන ජයග‍්‍රහණය වන්නේ පවතින බෙදුම්වාදී බිය ව්‍යාජ ලෙස තාවකාලිකව සමනය කිරීමට හැකිවීමයත 20 වැනි සංශෝධනය කිසිදු නව ව්‍යවස්ථාවකින් සිදුවිය හැතිව තිබූ අනතුර පහව ගිය බවට සුභවාදී සමාජ මනෝභාවයක් ගොඩනැගෙනු ඇත. එ මගින් ආණ්ඩු විරෝධය සමනය වී ආණ්ඩුව ශක්තිමත් වේ. ආණ්ඩුවේ හතරවැනි ජයග‍්‍රහණය වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාට දේශපාලන භූමිකාව අහිමි කිරීමය. එනම් මහින්ද සාධකය දේශපාලන සමීකරණයෙන් ඉවත් කිරීමය. යුද්ධයෙන් රට බේරාගත් නායකයා සහ ව්‍යවස්ථා කුමන්කත‍්‍රණය පරාජය කොට රට බේරාගත්නායකයා අතර ප‍්‍රතිරූප ගැටුමේදී පවතින තත්වය තුළ ජයග‍්‍රහණය හිමි වන්නේ කාටද? පසුගිය දිනවල ස්වෙච්ඡුාවෙන් දේශපාලනයෙන් ඉවත්වන ලෙස ප‍්‍රභල රටවල් තානාපති අංශ මගින් මහින්ද රාජපක්‍ෂ මහතාට බලකරන බව වාර්තා විය. ඒ අනුව දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග විසින් රට බේරාගත් නායකයා යන විරුධාවලිය මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ගලවා ගැනීමට විශාල ප‍්‍රචාරක යුද්ධයක් දියත් කරනු ඇත. එම මෙහෙයුමේ අවසාන වාසිය ලැබෙන්නේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට වඩා රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමාට බව තේරුම් ගැනීම අමාරු නැත. 


13 ශක්තිමත් කරන 20 වැනි සංශෝධණයක් මගින් ආණ්ඩුව අපේක්ෂා කරන පස්වැනි ජය‍්‍රහණය වන්නේ ඒකාබද්ධ විපක්‍ෂය බේද බින්න කිරීමය. ජාතිවාදී නායකයින්ට කප්පම්දීම සහ ජනතාවට අයිතිවාසිකම් දීම යන පරස්පර දේශපාලන උපායමාර්ග පටලවාගෙන සිටින යම් වාමාංශික පක්‍ෂ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීම සාදාරණිකරනය කිරීමට ඉඩ ඇත. එම පක්‍ෂ 1987දී ජේ. ආර්.  ජයවර්ධන රජයට සහය දුන් ආකාරයට මෙදා මෛත‍්‍රීපාල සිරිසෙන මහතාට සහය දීමට ඉඩ ඇත. එය  බොහෝ විට රනිල් වික‍්‍රමසිංහ මහතාට විරුද්ධව මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහයදීමක් ලෙස තවදුරටත් සාදාරණිකරණය කිරීමටද ඉඩ ඇත. එම සංවාදයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ‘‘චන්ද්‍රිකා පැකේජ්වාදීන්ද ව්‍යවස්ථා සංශෝධනයට ආවඩනු ඇත. ‘‘මෛත‍්‍රී ලේබලය’’ අලවා 20 වැනි සංශෝධනය ගෙන ඒම මගින් ජාතිකවාදී බලවේග අත්රද යම් බේදභින්න ඇති කිරීමට ඉඩක් ලැබෙනු ඇත. එම නිසා ඌරන්ගේ මස් උගේ පිටේ තබා කපන්නා සේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහයෙන් 20 වැනි සංශෝධනයට විශේෂ බහුතරය ලබාගැනීමේ බරපතළ ඉඩක් ඇත. එම සූක්‍ෂම මෙහෙයුම පරාජය කළ නොහැකි වුවහොත් ඒ පිළිබඳ කතාව ශ‍්‍රී ලංකාව නම් වූ රටේ ඉතිහාසයේ අවසන් පරිච්ෙඡ්දය බවට පත්වනු ඇත.            



වෛද්‍ය එම්. වසන්ත බණ්ඩාර 

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.