News Category
From Date
To Date
Maximum Number of Result

කපා කොටා ඇලවීමෙන් වෙළද ප‍්‍රතිපත්තියක් සකස් කළහැකිද?

Aug 3, 2026 at 09:50 AM
|

‘‘එට්කා’’ ගිවිසුම කෙසේ හෝ අත්සන් කළයුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් ක‍්‍රියාත්මක වන විද්වතුන් කිහිප දෙනෙකුගේ දායකත්වයෙන් සහ උපායමාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළදාම පිළිබද අමාත්‍යාංශයේ නමින් ජාතික වෙළද ප‍්‍රතිපත්තියක් ප‍්‍රකාශයට පත් කොට ඇත. නමුත් එම ලේඛනය සකස් කිරීමට පෙර ඒ සදහා විධිමත්ව බල අධිකාරිය පවරමින් කමිටුවක් පිහිටවමින් හෝ මහජන අදහස් ඉල්ලා සිටිමින් කිසිදු ප‍්‍රසිද්ධ දැන්වීමක් පළවූයේ නැත. එම ප‍්‍රතිපත්තිය සකස් කිරීම සදහා අදහස් ඉල්ලා සිටිමින් රාජ්‍ය ආයතන වලට යැවූ ආකෘතියක එසේ අදහස් ඉදිරිපත් කළහැකි අවසාන දිනය 2016 ජූනි 28 බව සදහන්වේ. එසේ අදහස් ලබා ගැනීමෙන් පසුව පත‍්‍රිකාවක් ලෙස එහි කතුවරුන් විසින් නම් කොට ඇති එම ප‍්‍රතිපත්තිය එළිදක්වන්නේ 2016 සැප්තැම්බර් මස 05 වැනිදාය. ඒ අනුවසති 5ක්  ඇතුලත ඒ සියලූ අදහස් සැලකිල්ලටගෙන ඒ 4 පිටු 112කින් සමන්විත ජාතික වෙළද ප‍්‍රතිපත්තිය සකස් කිරීමට එහි කතුවරුන්ස මත්වී ඇත.


එම ප‍්‍රතිපත්තියේ හෝ පත‍්‍රිකාවේ කතුවරුන් එතරම් කෙටිකාලයක් තුල ජාතික වෙළද             ප‍්‍රතිපත්තියක් සකස් කිරීම මගින් ගිනස් ලෝක වාර්තාවක් තබා ඇති බවට කිසිදු සැකයක් නැත. නමුත් එම විද්වතුන් විසින් 2003 සිට ආරම්භවූ සේවා වෙළදපල ආශ‍්‍රිත ‘‘සීපා’’ ගිවිසුමට අදාල සාකච්ඡුා ක‍්‍රියාවලිය තුල එවැනි ‘‘ආශ්චර්යයක්’’ හෝ දක්ෂකමක්’’පෙන්වූයේ නැත. අඩු තරමින් ඊට අදාළ සාකච්ඡුා ක‍්‍රියාවලිය අවසන් කොට 2008දී පළමු ගිවිසුම් කෙටුම්පත එළිදැක්වීමෙන් පසුව පැනනැගුණු මහජන විරෝධය හමුවේ හෝ ප‍්‍රතිපත්තියක් ගැන කතාකිරීමට එම විද්වතුන්ට උවමනාවක් තිබුනේ නැත. එනම් පසුගිය වසර 8ක කාලය තුල ජාත්‍යන්ත වෙළද ගිවිසුමකට එළඹීමට පෙර ඊට මගපෙන්වන ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බවට ඔවුන් විසින් කිසි දිනක අවධාරණය කර නැත. එවැන්නක් අවශ්‍ය බව මෙම විද්වතුන්ට කල්පනා වන්නේ පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට ලක්වූ‘‘එට්කා’’ගිවිසුමේ අවසන් කෙටුම්පත එළිදැක්වීමෙන් පසුවයි. එම ගිවිසුමේ කෙටුම්පත එම විද්වතුන්ගේ නායකත්වයෙන් ඉදිරිපත් කරන්නේ 2016 ජූනිමස 8 වැනිදාය. එනම් ප‍්‍රතිපත්තිය නිකුත් වීමට දළ වශයෙන් මාස දෙකකට පෙරය. එසේ ප‍්‍රතිපත්තිය එළිදැක්වීමට පෙර ප‍්‍රතිපත්තිය මුල්කරගෙන සකස් විය යුතු ගිවිසුම් කෙටුම්පත එළි දක්වන්නේ කෙසේද?

එම පරස්පරය පැහැදිලි කිරීම සදහා හේතු 3ක් ඉදිරිපත් කළ හැක. පළමුවැන්න අදාළ ප‍්‍රතිපත්තිය පත‍්‍රිකාවක් ලෙස  හෝ ලේඛනයක් ලෙස එළිදක්වා නොතිබුණා වුවත් ගිවිසුමේ                                                                                                                                                                                                                                                                                                           අඩංගු වන කොන්දේසි සහ එකගතාවයන්ට අදාළ ප‍්‍රතිපත්තිමය පදනම පිළිබදව                                                                      මෙම විද්වතුන් අතර පූර්ව එකගතාවයක් තිබෙන බව පිළිගැනීමය. දෙවැන්න එම විද්වතුන්ගේ ඒකපාර්ශවීය සහ අත්නෝමතික ක‍්‍රියා පිිළිවෙත ආවරණය කිරීම සහ ඉන්දියානු නිලධාරීන්ට යටත්වීමේ අවමානයෙන් ගැලවීම සදහා හෙවත් මහජනයා ඇන්දවීම එසේ පමාවී හෝ ප‍්‍රතිපත්තියක් නමින් යම් ලේඛනයක්  සකස් කළ බව පිළිගැනීමය.                                                                                                                                              


නමුත් ඇත්ත වශයෙන්ම සිදුවූයේ එම තර්කානුකූල පැහැදිලි කිරීමට වඩා වෙනස් දෙයකි. ‘‘එට්කා’’හිතවාදී විද්වතුන් දරුවා ලැබුණු පසු පියා සෙවීමට උත්සාහ කරන්නේ රජයේ වෛi නිලධාරීන්ගේ සංගම යවිසින් කරන ලද අභියෝගයෙන් ගැලවීම සදහා සදහා බව දැන් පැහැදිලිවම පෙනේ. ‘‘සීපා’’සහ‘‘එට්කා’’විරෝධී කථිකාව තුල එම සංගමය විසින් දිගින් දිගටම ඉදිරිපත් කළ ඉල්ලීම වූයේ වෙළද ප‍්‍රතිපත්තිය පමණක් නොව ගිවිසුම සකස් කිරීමේ ක‍්‍රියාවලියට අදාළ බල අධිකාරීය පැවරීම සහ එහි ක‍්‍රියාදාමය මෙන්ම  ඊට වගකිවයුතු පුද්ගලයන්ද එළිදරව් කරනලෙසය. එසේ නැතහොත් ආණ්ඩුව නිතර කතාකරන යහපාලන මූලධර්ම වලට අනුව විනිවිධ භාවය සහ වගවීම සහතික වන ලෙසය. එය බැලූ බැල්මට සාධාරණ ඉලිලීමකි. ඊට අමතරව රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය විසින් ජාත්‍යන්තර වෙළද ප‍්‍රතිපත්තියක් නැති රටක එවැන්නක් සකස් කිරීම සදහා මග පෙන්වන පොත් පිංචක්ද ප‍්‍රකාශයට පත් කළේය. ඒ මගින් ඔවුන් එවැනි කටයුත්තකට උනන්දුවක් නැති අර්ථ ශාස්ත‍්‍ර විද්වතුන්ට සහ ඔවුන්ගේ ආයතනවලට ආදර්ශයක් සපයා ඇත. 

ඔවුන්ගේ දෙවන ඉල්ලීම හෙවත් ක‍්‍රියාවලියේ විනිවිදභාවය සහ වගවීම සහතික කිඑරීමට අදාළ ක‍්‍රියාමාර්ග ඉතා පහසුවෙන් ගත හැකි වුවත් අද වන තුරු එය ඉටුවී නැත. විද්වතුන් යැයි ලේබල් අලවාගත් පිරිස්වලට තිරය පිටුපස සිට ඉන්දියානු උවමනාවන්  ඉටුකිරීමට හැකිවී තිබෙන්නේ එසේ එම ක‍්‍රීයාවලිය රහසක් ලෙස තබා ගන්නා බැවිනි. එම චෝදනාව අසාධාරණයැයි කෙනෙකුට තර්ක කළහැක. එසේනම් එම රහස අමාත්‍යවරයාගේ පටන් පහළට සෑම දෙනා විසින්ම රැක ගැනීමට උනන්දුවන්නේ කුමක් නිසාද යන්න ඔහු හෝ ඇය විසින් පැහැදිලි කළ යුතුය. රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය විසින් ප‍්‍රකාශයට පත් කළ‘‘වෙළද ගිවිසුම් සදහා තාර්කික ප‍්‍රවේශය’’නම්වූ පොත් පිංචට අනුව සියල්ල සිදුවිය යුතුයැයි ඔවුන් කිසිවිටෙක පවසා නැත. නමුත් ඔවුන් දිගින් දිගටම ඉතා ප‍්‍රභල ලෙස අවධාරණය කළේ ප‍්‍රතිපත්තියක් සකස් කිරීමේ ක‍්‍රමවේදයේ වැදගත්කම පිළිබදවය. ඔවුනට එසේ බල කිරීම සහ ක‍්‍රමවේදයක් යෝජනා කිරීමට සදාචාර බලයක් ඇත. ඔවුන් මීට පෙර වැටුප් කොමිසමක් පත් කිරීම සදහා මෙන්ම වැටුප් කොමිසමේ් ක‍්‍රියාවලියට ප‍්‍රභල දායකත්වයක් සපයා ඇත. ඇත්ත වශයෙන් එම ක‍්‍රියාවලිය යෝජනා කළේ ඔවුන් විසින්ය.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් ‘‘එට්කා’’ සංවාදය තුල දිගින් දිගටම ඉල්ලා සිටියේ ජනාධිපතිතුමාගේ බලතල යටතේ ජාතික වෙළද ප‍්‍රතිපත්තියක් සකස් කිරීම සහ එය යාවත්කාලීන කිරීම සදහා ස්ථාවර ස්වාධීන කොමිසමක් පත් කරන ලෙසය. එවැන්නක් වැදගත් වන්නේ ඒ මගින් මහජනයාට, විශේෂයෙන්ම වෘතිය සමිති සහ විද්වත් සංවිධාන වලට තම යෝජනා සහ අදහස් විවෘතව ඉදිරිපත් කිරීමට හැකි වන නිසාය. එවිට ඊට අදාල තර්ක විතර්ක මාධ්‍ය වලට විවෘත වන අතර කොමිසමේ සාමාජිකයන්ට පක්ෂපාතී නීන්දු ගැනීමට තිබෙන ඉඩද අවමවේ. ප‍්‍රතිපත්ති සම්පාදනය පිළිබද ශාස්ත‍්‍රීය අධ්‍යාපනයක් සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇති විද්වතුන් ඉදිරිපත් කරන එක් පොදු මතයක් ඇත. එනම් ප‍්‍රතිපත්ති සම්පාදනයේදී අන්තර්ගතයට වඩා ඊට ලගාවන ක‍්‍රියාදාමය වැදගත් වන බවය. මෙම ලියුම් කරුද එම මතය සාධාරණීය කරණය කරන්නේ ඊට අදාල සුදුසුකම් සහ ජාත්‍යන්තර අත්දැකීම් සහිතව මිස හුදු දේශපාලන උවමනාවකින් නොවේ.

නමුත් එවැනි ස්වාධීන කොමිසමක් පත්කළ විට දැනට තිරය පසුපස සිටිමින් තමාගේ පක්ෂපාතී න්‍යායපත‍්‍ර රටේ ජනතාව මත පටවන විද්වතුන්ට ප‍්‍රසිද්ධියේ තමාගේ විද්වත්භාවය පරීක්ෂාවට ලක් කිරීමට සිදුවේ. ඒනිසා ස්වාධීන කොමිසමකට එකගවීම යනු ඔවුන්ගේ රක්ෂාව නැතිවන වැඩක් බවට විවාදයක් නැත. කෙසේවෙතත් රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය බලවත් වෘතීය සමිතියක් බැවින් සහ ඔවුන් දිගින් දිගටම තම ඉල්ලලීම ඉදිරිපත් කරන බැවින් කුමන හෝ කමිටුවක් මගින් ප‍්‍රතිපත්තියක් හෝ පත‍්‍රිකාවක් ලෙස මගින් කුමන හෝ ලේඛනයක්  එළියට දැමීමට ඔවුන්ට සිදුවිය. දැන් රටේ ජනතාවට හෝ සෙසු විද්වතුන්ට විවාද කිරීමට සිදුවන්නේ වැරදි ක‍්‍රමවේදයක් තුලින් එළියට දැමූ ලේඛනයක අන්තර්ගතය පිළිබදවය.  ඉහත සදහන් කළ ආකාරයට යම් කූඨ අරමුණක් සහ අසරණ මනෝ භාවයකින් යුතුව කළබලයේ සකස් කරන ලේඛනයක දක්නට ලැබෙන දුප්පත් ගුණාංග බොහෝමයක් එම ඊනියා ප‍්‍රතිපත්තියේ දක්නට ඇත.

පළමුවෙන්ම එම විද්වතුන් තමා විසින් සකස් කළ ලේඛනය ශ‍්‍රී ලංකාවේ ජාතික වෙළද ප‍්‍රතිපත්තියේ කෙටුම්පතක් ලෙස නම් කළත් ඊට අදාළ පැහැදිලි කිරීමේදී ඔවුන් පෙන්වීමට උත්සාහ කරන්නේ වෙනත් පින්තූරයකි. එනම් එම ලේඛනය හෙවත් පත‍්‍රිකාව ප‍්‍රතිපත්තියක් නොව ප‍්‍රතිපත්තියක් සකස් කිරීම සදහා යොදාගත හැකි උපායමාර්ගික ප‍්‍රතිපත්ති රාමුවක් බවය. නමුත් එම ලේඛනය මගින් මහජනයාට තේරුම් ගත හැකි සහ රජයට මගපෙන්වන පැහැදිලි උපය මාර්ගික ප‍්‍රවේශයක් ඉදිරිපත්කොට නැත. උදාහරණයක් ලෙස ඉන්දියානු වාණිජ දෙපාර්තමේන්තුව විසින් නිකුත්කොට ඇති 2015-2020අන්තර්ජාතික වෙළද ප‍්‍රතිපත්තියේ මූලික අංග නැමති ලේඛනය මගින් ඉතා පැහැදිලිව අවධරණය කරන්නේ අපනයනය දිරිගැන්වීමට සහ අන්තර්ජාතික වෙළදාමට පහසුකම් සලසන ක‍්‍රමවේද දියුණු කිරීමට අදාළව යොදා ගන්නා ක‍්‍රමවේද සහ උපාංග පිළිබදවය. නමුත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති පත‍්‍රිකාවේ එවැනි නිශ්චිත නිර්දේශ නොමැති අතර ඒ වෙනුවට ඔනෑම රටක් විසින් සලකා බැලිය හැකි පොදු උපායමාර්ගික උපාංග 10ක් පිළිබද සංකල්පීය කරුණු  ඇතුලත් කොට ඇත. එම ප‍්‍රතිපත්ති පත‍්‍රිකාව තුල පාඨ ග‍්‍රන්ථ සහ ජාත්‍යන්තර ගිවිසුම් සහ සාකච්ඡුා පත‍්‍රිකා වලින් කරුණු විශාල වශයෙන් උපුටා දක්වා ඇත. 

පාඨ ග‍්‍රන්ථවල අඩංගු සංකල්පීය කරුණු එසේ ‘‘කපා කොටා අලවා’’ ප‍්‍රතිපත්තිමය ලේඛන වල ප‍්‍රමාණය විශාල කිරීම යල් පැන ගිය උපක‍්‍රමයකි. ඉහත සදහන් කළ විවිධ ජාතයන්තර ආයතන වලට සේවය කරන ප‍්‍රතිපත්ති සම්පාදනයකින් හෙවත් අන් අයට කුලියට ප‍්‍රතිපත්ති නිශ්පාදනය කරන විද්වතුන් එම කලාව හෙවත් ක‍්‍රීඩාව හොදින් ප‍්‍රගුණකොට ඇත. අපේ රටේ ජාතික වෙළද ප‍්‍රතිපත්තිය සකස් කළ විද්වතුන් එම කලාවේ සහ ක‍්‍රීඩාවේ කෙළ පැමිණි අය බවට විවාදයක් නැත. ඔවුන් ඉතා සූක්ෂමව ඔවුනට අවශ්‍ය මූලික උපායමාර්ගික ප‍්‍රවේශයන් එම මහා ලේඛනය තුල සගවා ඇත. ඊට අමතරව පට්ටපල් බොරු ජනතාව නොමග යැවීම සදහා ඒ මහා චක‍්‍රලේඛ නය තුලට ඇතුලත් කර ඇත.

උදාහරණයක් ලෙස එම ඊනියා ප‍්‍රතිපත්තිය තුල එට්කා සහ සීපා ගිවිසුම් වලට අදාළ සේවා වෙළදාමේ 4 වැනි ක‍්‍රමවේදයට ශ‍්‍රී ලංකාව බැදී නැති බව හුවා දක්වා ඇත.(64 සහ79 පිටු* එය එම විද්වතුන් සහ අමාත්‍යවරයා ප‍්‍රමුඛ නිලධාරීන් දිගින් දිගටම තහවුරු කරන්නට උත්සාහ කළ පට්ටපල් බොරුවකි. ශ‍්‍රී ලංකාව අත්සන් කොට ඇති ලෝක වෙළද සංවිධානයේ ‘‘ගැට්ස්’’ ගිවිසුමට අනුව ඉන්දියාවට වඩා ඉතා පුළුල් ලෙස සහ සීමා බාධක වලින් තොරව සේවා වෙළදාමේ 4 වැනි ක‍්‍රමවේදය විවෘත කිරීමට ශ‍්‍රී ලංකාව එකගවී ඇත. ගිවිසුමේ පස්වන පරිෙඡ්දයට අනුව එසේ ලබා දෙන අවම එකගතාව හෙවත් බැදීම සේවා වෙළදාම ආශ‍්‍රිත වෙනත් ද්වීපාර්වික හෝ බහු පාර්ශ්වික ගිවිසුම් වල මූලික පදනම බවට පත්වේ. ඒ අනුව ශ‍්‍රී ලංකාව විසින් ගැට්ස් ගිවිසුම සංශෝධනය නොකරන්නේනම් ඉන්දියාව සමග අත්සන් කරන ‘‘සීපා හෝ එට්කා ගිවිසුම් වල සේවා වෙළදාම යන්නට 4 වැනි ක‍්‍රමවේදය ඇතුලත්වේ. එනම් ඉන්දියානුවන්ට රැකියා සදහා නිදහසේ ගමන් කිරීමට ඉඩ දීමට ගැට්ස් ගිවිසුම මගින් අප ලබාදී ඇති එකගතාව සීපා හෝ එට්කා ගිවිසුම් වල වගන්ති වලින් අවලංගු කළ නොහැක.

ඊට අමතරව පාඨ ග‍්‍රන්ථ වලින් සහ එක් ප‍්‍රධාන විද්වතෙකුගේ පර්යේෂණ පත‍්‍රිකා රාශියකින් උපටුා ගත් පොදු සංකල්පීය කරුණ,ු උපදෙස් සහ නිර්දේශ තොගයක් අතර සගවා ඇති ප‍්‍රධාන උපායමාර්ගික ප‍්‍රතිපාදන කිහිපයක් හදුනාගත හැක. ඒ අතරින් පළමුවැන්න ආනයන සදහා සීමා පැනවීම් නොකළ යුතු බවයි. ඊට අදාළ මානසික බාධක ඉවත් කිරීම මගින් දේශීය නිශ්පාදනය ආරක්ෂා කිරීමට අදාලව ගත යුතු ප‍්‍රතිපත්තිමය තීරණ අවතක්සේරු කිරීමට එම පත‍්‍රිකාව මගින් විශේෂ අවධානයක් යොමු කොට ඇත. ඊට අමතරව අපනයන දිරිමත් කිරීමට සහ ආනයන අධ්‍යෙමත් කිරීම සදහා යොදා ගන්නා බදු සහ බදු ගෙවන උපාංග මගින් තරගකාරීත්වය පාලනය කිරීම නොකළයුතු බවට ඒ මගින් අවධාරණය කෙරේ.කෙසේවෙතත් එට්කා ගිවිසුමේ තරගකාරී ප‍්‍රතිවිරුද්ධ පාර්ශවය වන ඉන්දියාව විසින් එම උපාංග යොදා ගනිමින් ආරක්ෂණවාදී වෙළද ප‍්‍රතිපත්තියක්අනුගමනය කිරීම වරදක් බව එහිදී කියවෙන්නේ නැත.


එසේම එම ප‍්‍රතිපත්ති සම්පාදකයන් විසින්  ඕනෑම රටක  ඕනෑම කාලයක යහපත් යැයි තර්ක කළ හැකි පරිසර හිතවාදී වෙළදාම, තිරසාර සංවර්ධනය, පොදු ජනතාව ඇලත කර ගැනීම වැනි වර්ණ ගැන්වූ අරමුණු වලට අදාළ වන දීර්ඝ සංකල්පීය විස්තර එම ප‍්‍රතිපත්ති පත‍්‍රිකාවට ඇතුලත් කොට ඇත. නමන් එම සුන්දර අරමුණු යථාර්තයක් බවට පත් කළ හැකි ප‍්‍රායෝගික උපායමාර්ගික ප‍්‍රවේශයන් පිළිබද නිර්දේශ ඔවුන් ඉදිරිපත් කරන්නේ නැත.ඒ අතර ප‍්‍රතිපත්ති සම්පාදනයේ දී ගුරුකොට ගතයුතු ප‍්‍රමිතීන් සහ ක‍්‍රමවේද පිළිබද දීර්ඝ විස්තර පාඨ ග‍්‍රන්ථ වලින් කපා කොටා ඇලවීම ඔවුන් විසින් අති දක්ෂ ලෙස සිදුකොට ඇත. ඒ අනුව වෙළද ගිවිසුම් අත්සන් කිරීමට පෙර අදාළ සාකච්ඡුා ක‍්‍රියාවලිය කළමණාකරණය කළ යුතු ආකාරය පිළිබදවද බොහෝ උපදෙස් ලබා දීමට එම විද්වතුන් නිර්ලෝභී වී ඇත.ඒවා ගැන ඉගෙන ගැනීමට ප‍්‍රතිපත්තියක් වමින් ලේඛනයක් සකස් කිරීමට අවශ්‍ය නැත.

කොත්තු රොටී නැමති බැලූ බැල්මට ආකර්ශනීය එහෙත් ශරීරයට අහිතකර ක්‍ෂණික ආහාරය ක්‍ෂණිකව සකස් කළත් ඊට යොදා ගන්නේ පෙර දිනයේ හෝ දින කීපයකට පෙර සකස් කළ රොටී සහ මස් හෝ එළවළු වර්ග බව රහසක් නොවේ. ඒ ආකාරයටම එට්කා හිතවාදී විද්වතුන් විසින් වෙළද ප‍්‍රතිපත්තියක් නමින් කොත්තු රොටියක් ක්‍ෂණිකව සකස්කොට සැරසිලි සහිතව මේසයට ඉදිරිපත් කළත් එහි අඩංගු වන්නේ ඊට පෙර කාලයකදී සකස් කළ ද්‍රව්‍ය වලින් කපා කොටා සොයාගත් දේවල්ය. ඔවුන් දැන් දැන් අනෙක් විද්වතුන්ට කියන්නේ එම කෑම වට්ටෝරුවෙන් අවශ්‍යදේ තෝරාගෙන කැමති සෝස් වර්ගයක් යොදාගෙන ආහාරයට ගන්නා ලෙසය. ඒත් බලාසිටින්නන්ට පෙනෙන්නේ ඉතා හොද ආහාරයක් පිගාන පිරෙන්නට සකස්කර දී ඇති බැවින් දැන් ගැටළුවක් නොමැතිව ආහාරයට ගත හැකි බවය.

කෙසේවෙතත් මෙම‘‘ කොත්තු රොටී’’ නාඩගමේ තිර පිටපත ලියා ඇත්තේ ‘‘එට්කා’’ ගිවිසුමේ අන්තර්ගතය පිළිබදව නිර්නායක පනවන  ඉන්දියානු කෝකියන් විසින් බවට සැකයක් නැත. දැන් එහි අවසාන ජවනිකාව අනුව ජාතික ප‍්‍රතිපත්තියකට අනුව එට්කා ගිවිසුම සකස්වන බැවින් විරෝධතා එල්ල කිරීමට හේතුවක් නැත. ඒ නිසා වෙනත් ප‍්‍රතිපත්ති සකස් කිරීමට ස්වාධීන කොමිසම් පත්කිරීමේ උවමනාවක්ද දැන් නැත. මහජනයාගේ පැත්තෙන් ගත්විට විද්වතුන් පිරිසක් විසින් මහා බර සාර ග‍්‍රන්ථයක් සම්පාදනය කොට ඇති බැවින් ඊට අනුව එට්කා ගිවිසුම අත්සන් කළහොත් ගැටළුවක් ඇතිවිය නොහැක. මේ බොරුව සීපා වෙනුවට එට්කා නමින් ලේබල් මාරු කරමින් සහ බොරු සාකච්ඡුා වලින් විවිධ විද්වත් කණ්ඩායම් අන්දවමින් ඉදිරියට ගෙන ගිය බලහත්කාරී සහ රැවටිලිකාරී ක‍්‍රියා පිළිිවෙතේම දිගුවක් නොවේද? මේ සෙල්ලමට අභියෝග කළ හැක්කේ මෙම ඊනියා ප‍්‍රතිපත්තිය හෝ පත‍්‍රිකාව ප‍්‍රතික්‍ෂ්පකොට ස්වාධීන කොමිසමක් මගින් විධිමත් ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතුය යන ඉල්ලීම ප‍්‍රභලව ඉදිරිපත් කිරීම මගිනි.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.