News Category
From Date
To Date
Maximum Number of Result

ඖෂධ අධිකාරිය නපුංසක කිරීමේ දෙවන ශල්‍යකර්මය

Aug 3, 2026 at 09:42 AM
|

පසුගිය දින වල විවිධ පිරිස් විසින් අභිනවයෙන් පිහිටවූ ඖෂධ නියාමන අධිකාරියේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරු දැරූ මහාචාර්ය වරුන් දෙදෙනාට එරෙහි විවිධ චෝදනා එල්ළ කිරන්නට යෙදුනි. ඔවුනට එරෙහිව එල්ලවූ චෝදනා අතුරින් ප‍්‍රධාන චෝදනාවක් වන්නේ රටේ ඖෂධ හිගයක් ඇති කිරීමට ක‍්‍රියා කිරීමයි. එහෙත් රටේ ඖෂධ හි`ගයක් ඇත්නම් ඊට වගකිව යුත්තේ රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාල නිලධාරීන් මිස ඖෂධ අධිකාරියේ නිලධාරීන් නොවේ. එසේ වුවත් එම චෝදනා පදනම්කර ගනිමින් හෝ ඊට පරිබාහාර මහජනයා නොදන්නා වෙනත් හේතු මත ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධානීන් දෙදෙනාම ඉල්ලා අස්විය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් බලපෑම් එල්ල කළ බව වාර්තා විය. කෙසේ වෙතත් එම මහාචාර්ය වරුන් දෙදෙනා ඉවත්කර ගැනීම සදහා දියත්වූ මෙහෙයුම පිටුපස ඖෂධ මාෆියාව ක‍්‍රියාත්මක වූ බව මේ වන විට ප‍්‍රසිද්ධ රහසකි. 


ඖෂධ අධිකාරියේ නිලධාරීන් දෙදෙනාට විරුද්ධව ඖෂධ මාෆියාව විසින් එල්ල කළ චෝදනාව හෙවත් සැබෑ චෝදනාව කුමක්ද?  ඒ ‘‘ හදිසි අවශ්‍යතාවය’’ නැමති ලේබලය යටතේ ලියාපදිංචි නොකළ යම් ඖෂධ වර්ගය ආනයනය කිරීම සදහා විරුද්ධතාවයක් නොමැති බවට ලිපියක් ලබා නොදීමය. ඖෂධ අධිකාරිය විසින් එසේ අවස්ථා කිහිපයකදී එවැනි ලිපි ලබාදීම ප‍්‍රතික්‍ෂ්ප කොට ඇත. එම වරද ඖෂධ ආනයනය කරන සමාගම්වල සහ රජය වෙනුවෙන් සමාගම් වලින් ඖෂධ මිලදී ගන්නා ඖෂධ සංස්ථාවේ යම් නිලධාරීන්ගේ උදහසට හේතු වන බවට විවාදයක් නැත.


කෙසේ වෙතත් තමාට හිතවත් සමාගම් හරහා වැඩි මිලට ලියාපදිංචිනොකළ හෝ ලියාපදිංචිය අහෝසිවී ඇති ඖෂධ  ආනයනය කිරීමට  උත්සාහ කරන පිරිස් නිදහසට කාරනාවක් ඉදිරිපත් කරති. ඔවුනට අනුව් ඖෂධයක ලියාපදිංචිය අවසාන වන කාලය වන වසර 5 ඉක්මවා යාමට පෙර අධිකාරිය විසින්  ලියාපදිංදිය අලූත් නොකිරීම නිසා එම තත්වය උදාවී ඇත. ඒ අනුව ඖෂධ අදිකාරියේ යම් නිලධාරීන් තමාට හිතවත් සමාගම්වල උවමනාව මත තවත් සමාගමක් විසින් ලියාපදිංචිය ලබා ගන්නා ඖෂධයක කාලය දීර්ඝ කිරීමේ ක‍්‍රියාවලිය පමා කිරීමට කටයුතු කරන බවට ප‍්‍රති චෝදනා එල්ලවේ. නමුත් නිදහසට කාරනා ලෙස අධිකාරියේ වගකිව යුත්තන් ප‍්‍රකාශ කරන්නේ සේවක හිගය සහ වෙනත් පරිපාලන ගැටළු නිසා පමාවීම් සිදුවිය හැකි බවයි. 


නව පනත යටතේ ඖෂධ අධිකාරිය නැවත පිහිටුවීමෙන් සෘජුව එහි එදිනෙදා කටයුතු සාමාන්‍ය තත්වයට ගෙන ඒමට යම් කාලයක් ගත වන බවට විවාදයක් නැත. සේවක හිගයක් ඇතිනම් ප‍්‍රශ්නය තව බරපතල වන බවද පිළිගත හැක. එහෙත් එම පනත පිලිබ`දව මහජනයා තැබූ බලාපොරොත්තු සහ ඔවුන්ට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකිවී ඇත්තේ එවැනි සරල පරිපාලන දුර්වලතා නිසා පමණක්ද? ඖෂධ වෙළදුන් විසින් මිල අධික ඖෂධ පමණක් ගබඩා කර ගනිමින් ඒවා හිතූ හිතූ මිල ගණන් වලට විකුණමින් මහජනයා ගසා කෑමේ ක‍්‍රියාවලිය ඉදිරියේ ඖෂධ අධිකාරිය අසරණ වන්නේ එවැනි පරිපාලව අඩුපාඩු නිසා පමණක්ද? පනතේ මූලික අරමුණු නොසලකා එදිනෙදා පරිපාලන කාර්යක්‍ෂමතාව ගැන පමණක් කරදර වන ඊනියා ‘‘දක්ෂ නිලධාරීන් ’’ අදාළ තනතුරු වලට පත් කිරීමෙන් පමණක් ප‍්‍රශ්නය විසදිය හැකිද?


ඖෂධ මාෆියාවට අවශ්‍ය වන්නේ ඖෂධ ලියාපදිංචි කිරීමේ වගකීම පමණක් ඔවුනට අවශ්‍ය ආකාරටය ඉටු කරන‘‘ වැල යන අතට මැස්ස ගහන’’ නිලධාරීන් පිරිසකි. වෙනත් වචන වලින් කියන්නේ නම් අළුත් පනත යටතේ පරණ වැඩම කරන පිරිසකි. නව ඖෂධ පනතේ බල නහර කැපීම හෙවත් පනත නපුංසක කිරීමට තමා විසින් සිදු කළ සියුම් ශල්‍යකර්ම නැවත ප‍්‍රතිසංස්කරණය කිරීමට ද`ගලන නිලධාරීන් විසින් ඖෂධ අධිකාරියේ වගකීම් බාර ගැනීම ඖෂධ මාෆියාව ඉවසන්නේ නැත. වැඩිය දැ`ගලූවොත් ඉල්ලා අස්වීමට සිදුවන බවට ඔවුන් අනතුරු අ`ගවන්නේ අනාගතයේ පත්වීමට නියමිත අය ඇතුළු සියලූම දෙනාටය.


මෙම තත්වය තුල පොදු මහජනයා හෙවත් පනතේ සහ අධිකාරියේ සියලූ අවුල්වල අහිතකර ප‍්‍රතිඵලය භුක්ති වි`දින පිරිස් කළ යුත්තේ කුමක්ද? පළමුවෙන්ම ඖෂධ අධිකාරියේ නව නායකත්වය විසින් ඖෂධ මාෆියාවේ කූඨ ඉල්ලීම් වලට යටත්වීම ප‍්‍රතික්‍ෂ්ප කිරීම මහජනයාගේ ඇගයීමට ලක්විය යුතුය. නමුත් යහපත් දේ සහ නිවරදිදේ කිරීමට ඔවුන්ගේ මනස තුල කොතරම් විලි රුදාවක් තිබුනත් ඊට අවශ්‍ය උපාංග නොමැතිනම් ඔවුන්ගේ උත්සාහයෙන් ප‍්‍රතිඵලයක් ලබා ගත නොහැක. රියදුරු කොතරම් දක්‍ෂ වුවත් ඔහු කොතරම් දැගලූවත් ට‍්‍රැක්ටරයේ න`ගුල නැතිනම් සී සෑමට නොහැකි බව අධිකාරියේ සිටින යහපත් මිනිසුන් මෙන්ම එළියේ සිටින වෛiවරු ඇතුළු සෙසු විද්වතුන් තේරුම් ගත යුතුය.


එහිදී න`ගුල නැතත් ට‍්‍රැක්ටරයෙන් මඩ කළ හැකියයි විවාදයක් තිබිය හැක. පනතේ අවශ්‍ය උපාංග නොමැතිව විවිධ දේ කිරීම දැගලීමෙන් ම`ඩ කිරීමට මිස පිලිවෙලකට හීයක් හෑමටනම් ලැබෙන්නේ නැත. හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වචන වලින්ම එතුමාට උසාවියේ බංකු ගානෙ රස්තිවයාදුවීමට සිදුවූයේ දුම්කොළ පනතේ අවශ්‍ය ප‍්‍රතිපාදන  නොමැතිව  රෙගුලාසි පැනවීමට උත්සාහ කිරීම නිසාය. නමුත් අවාසනාවකට එතුමා ඒ තුලින් පාඩම් ඉගෙන ගෙන ඖෂධ පනතට අවශ්‍ය උපාංග සියල්ල ඇතුල් කිරීමට උත්සාහ නොකළේය. එතුමා එසේ කටයුතු නොකළා පමණක් නොව වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පනත පිලිබදව පාර්ලිමේන්තුවේ විවාද කිරීමට පවා අවස්ථාව නොදී ඒ දුර්වල පනත කලබලයේ සම්මත කරනවිට ඊට ඉඩදී  බලා සිටියේය. 


ඖෂධ මාෆියාවේ ශල්‍යකර්ම නිසා පනතේ නියාමන වගකීමට අදාළ ප‍්‍රධාන බල නහර 10ක් කැපී ගොස් ඇත. දැන් එසේ කපා දැමූ බල නහර නැවත ප‍්‍රතිසංස්කරණය කිරීම වෙනුවට දෙවන ශල්‍යකර්මයක් මගින් ආයතනයේ නිලධාරීන්ගේ බලය බීදීමටද උත්සාහයක් ගනිමින් ඇත. එමනිසා මහජනයා සහ විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයේ වෘතිකයින් මේ අවසාන පැයේදී මැදිහත්වන්නේ නැතිනම් ඖෂධ මාෆියාව විසින් ඖෂධ අධිකාරිය නපුංසක ආයතනයක් බවට පත් කරනු ඇත. ඊට එරෙහිව පනතට අවශ්‍ය උපාංග හෙවත් ප‍්‍රතිපාදන ඇතුලත්කොට එය ශක්තිමත් කිරීම සදහා මහජන ක‍්‍රියාකාරීත්වයක් පණ ගැන්වීම සදහා පූර්ව කොන්දේසියක් ඇත. ඒ පනතේ බල නහර කපා  ඇතිකරන ලද දශමහා දෝස මොනවාදැයි හදුනා ගැනීමය. මෙම ලිපියේ ප‍්‍රධාන අරමුණ ඒ දශ මහා දෝෂ පිළිබදව මහජන සංවාදයක් ඇති කිරීමය. ඒ අනුව එම දෝෂ නිවැරදි කළ යුතු ආකාරය මෙසේ ඉදිරිපත් කෙරේ.


ඒවා අතරින් පළමුවැන්න වන්නේ මිල පාලනය සදහා මිල සූත‍්‍ර හදුන්වාදී ඒවා ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත‍්‍රණය පිහිටුවීම සදහා ප‍්‍රතිපාදන පනතට ඇතුලත් කිරීමය. දැන් අදාළ රෙගුලාසි ඔෂධ සමාගම්  විසින් අභියෝගයට ලක් නොකරන ආකාරයට පැනවීම සදහා ඖෂධ පනතේ ප‍්‍රතිපාදන නොමැත්ි බැවින් පාරිභෙෘ්ගික අධිකාරියට එම වගකීම පැවරී ඇත. ඒ අනුව එම වගකීමද තවත් දහසකුත් එකක් කිසිදා ඉටුනොකරන වගකීම් ගොන්නට එකතුවී ඇත. 


දෙවැන්න ජාතික ඖෂධ සංග‍්‍රහය සහ අත්‍යවශ්‍ය ඖෂධ ලයිස්තුව නීතිගත කිරීමය. එවිට ඒවා සකස් කිරීමේ වගකීම ඖෂධ අධිකාරියට පැවරෙන අතර ඊ ට අනුව පමණක් ඖෂධ ලියාපදිංචි කිරීම සහ ආනයනය කිරීමට ඉඩ ලැබේ. විද්වතුන්ගේ පුළුල් නියෝජනයකින් එම ලේඛන සකස්වූ පසුව දැන් සිදුකෙරෙන ආකාරයට ප‍්‍රතිඵල දායක නොවන ඖෂධ අත්‍යවශ්‍ය ලේබය යටතේ ලියාපදිංචි කිරීමට හෝ ලියාපදිංචිය නොමැතිව ‘‘හදිසි’’ ලේබලය සහ ‘‘ විරෝධතා නැත’’ ලිපි යටතේ ආනයනය කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. 


තුන්වැන්න ඖෂධ ලියාපදිංචි කිරීමේදී ඖෂධයක තත්වය බිදවැටීම් පිළිබද ඉතිහාසය සහ මිල සාධකය  ප‍්‍රධාන නිර්නායක ලෙස සැලකීමය. එසේ දේශීයව ගුණාත්මකත්ව  බිද වැටීම මෙන්ම අදාළ වෙළද නාමය වෙනත් රටක අසාදු ලේඛණගතව ඇත්ද යන්නද සැලකිල්ලට ගත යුතුය. එම නිර්නායකය සැලකිල්ලට ගතයුතු ආකාරය නිශ්චිතව පනත මගින්ම නිර්දේශ කිරීම වැදගත් වන්නේ පසු අවස්ථාවල රෙගුලාසි පැනවීමේ දී ඖෂධ මාෆියාවේ බලපෑම් මත සිදුරු වලින් රිංගා යාම වැලැක්වීම සදහාය. හතරවැනි නිවැරදි කිරීම වන්නේ විනිවිද භාවය සහිත අසාදුලේඛන ගත කිරීමේ ක‍්‍රමවේදයක් හදුන්වාදීමයි. එහිදී ඖෂධයක ගුණාත්මක තත්වය බි`දවැටීම පිළිබද විධිමත් වාර්තා තැබිය යුතු අතර එම තොරතුරු මහජනයාට දැනගැනීමට හැකිවිය යුතුය. බිදවැටීම් නිවරදි කිරීම සදහා ගන්නා ලද පියවර පිළිබ`ද තොරතුරු සහ ඊට අදාළව ලබාදුන් දඩුවම් පිලිබ`ද දැනගැනීමට මහජනයාට ඇති අයිතිය ඖෂධ අධිකාරිය මෙන්ම ඖෂධ සමාගම්ද පිළිගත යුතුය. 


පස්වැනි  නිවරදි කිරීම ඖෂධ වල මිල ප‍්‍රදර්ශනය කිරීම අනිවාර්ය කිරීමය. මිල තොරතුරු රෝගීන්ට ලබා දීමේ වගකීම නීතිමය වශයෙන් ඖෂධ අධිකාරියට පැවරිය යුතුය. ඒ අනුව බහුලව භාවිතාවන ඖෂධ ප‍්‍රමානයක මිල ප‍්‍රදර්ශනය කරන ලෙස අධිකාරිය විසින් අලෙවිසල් වලට නියෝග කළ යුතුය. එසේම ඖෂධ නිකුත් කිරීමට පෙර මිල සංසන්දනය කිරීම සදහා රෝගියා විසින් ඖෂධ නාම වල සහ වෙළ`ද නාම වල මිල ගණන් ඉල්ලා සිටින විට ඒ වා ලබා දීමට අලෙවිසල් හිමියා නීතියෙන් බැ`දී සිටියි. සය වැන්න අලෙවිසැලක් පවත්වාගෙන යාමේ මූලික කොන්දේසියක් ලෙස අත්‍යවශ්‍ය ඖෂධ ලයිසිතුවට අයත් අධිකාරිය විසින් නියම කරන බහුලව භාවිතා වන ඖෂධ වර්ග ප‍්‍රමානයක ඖෂධ නාමයෙන් තොග පවත්වාගෙන යාම අනිවාර්ය කිරීමයි. එම ඖෂධ ලයිස්තුවේ යම් ඖෂධයක තොග අවසන් වී ඇති විට පැහැදිලිව පෙනෙන ලෙස එම ඖෂධ වල ලයිසිතුවක් මිල ගණන් සහිතව ප‍්‍රදර්ශනය කළ යුතුය. එසේම වෛiවරයා විසින් ඖෂධ නාමයෙන් නිර්දේශ කළ ඖෂධයක තොග නොමැති අවස්ථාවක ඊට විකල් ප වෙලදනාමවල මිල ගණන් සහ ඖෂධ නාමයේ මිල ගණන් සන්සන්දනය කිරීම සදහා මිලදී ගන්නාට තොරතුරු ලබා දීමට අළෙවි කරන්නා නීතියෙන් බැදී සිටින ආකාරයට පනතට ප‍්‍රතිපාදන ඇතුලත් කළ යුතුය. 


පස්වැනි නිවරදි කිරීම වන්නේ වෛiවරයා විසින් ඖෂධ වට්ටෝරු ලිවීමේදී  ඒවා රෝගියාට කියවිිය හැකි ආකාරයට ඉංග‍්‍රීසියෙන් ‘‘කැපිටල්’’ අකුරින් ලිවීම හෝ පරිඝණකය මගින් මුද්‍රණය කළ යුතු බවට නීතිමය ප‍්‍රතිපාදන පනත මගින් පැනවීමය. එමෙන්ම ඖෂධ නාමයෙන් ඖෂධ නිර්දේශ කිරීම සහ වෛiවරයා විසිනයම් වෙලද නාමයක් නිර්දේශ කරන්නේනම් එය ඖෂධ නාමයට යටින් වරහන් තුල ලිවීම අනිවාර්ය කළ යුතුය.  ඉහත සදහන් කළ ආකාරයට වෛiවරයා ඖෂධ නාමය සහ වෙලද නාමය යන දෙකම නිර්දේශ කළ විට අළෙවිකරන්නා ඒවා අතර පවතින මිල වෙනස පිලිබදව මිලදී ගන්නා දැනුවත්කොට  කැමති ඖෂධය තෝරා ගැනීමේ අයිතිය රෝගියාට ලබා දිය යුතුය. එමෙන්ම අදාළ වෙළ`ද නාමය නොමැති අවස්ථාවල විකල්ප වෙලදනාමයේ මිල සහ නිර්දේශිත වෙල`ද නාමයේ මිල අතර වෙනස පිළිබද තොරතුරු ලබා දීමද අනිවාර්ය කළ යුතුය.් 




අටවැනි නිවරදි කිරීම වන්නේ ඖෂධ නිර්දේශ කිරීම  පිළිබදව වෛiවරුන්ට නව දැනුම ලබාදෙන මාසික ප‍්‍රකාශයක් නිකුත් කිරීම ඖෂධ අධිකාරියේ නීතිමය වගකීමක් බවට පත් කිරීමයි. ඒ අනුව දැනට ඉතා සීමිත ආකාරයට ඖෂධ නීතිගත සංස්ථාව විසින් නිකුත් කරන ප‍්‍රකාශනය වඩාත් දියුණු ලෙස නිකුත් කිරීමේ වගකීම ඖෂධ අධිකාරියට පැවරිය යුතුය. එම  වගකීම ඖෂධ සමාගම් වලට පැවරිය නොහැක. නම වැන්න ආචාර ධර්ම විරෝධී ලෙස රෝහල් ආශ‍්‍රීතව ඖෂධ ප‍්‍රචලිත කිරීම පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් බවට පත් කළ යුතුය. නව ඖෂධ පිළිබදව වෛiවරුන් දැනුවත් කිරීමේ වගකීම ඖෂධ අධිකාරිය විසින් දැරිය යුතු අතර සමාගම් වලට අවශ්‍යනම් ඊට දායක වීමේ ඉඩ කඩ සහ ක‍්‍රමවේද පරිපාලන වශයෙන් සකස් කළ හැක. යම් සමාගමක් අධ්‍යාපන සැසියක් සංවිධානය කරන්නේ නම් යම් ප‍්‍රමිතියකට යටත්ව අධිකාරියේ අවසරය ලබා ගැනීම නීතියෙන් අනිවාර්ය කළ යුතුය.


දස වැනි නිවරදි කිරීම වන්නේ පනත ක‍්‍රියාත්මකවී වසර 02ක් ඇතුලත දී ඒ වන විට ලියාපදිංචිවී ඇති ඖෂධ නව නිරිනායක යටතේ නැවත ලියාපදිංචි කිරීමයි. එහිදී මිළ ගුණාත්මක තත්වය සහ මිළ සාධකය යන නිර්නායක එක්ව සලකා එක් ඖෂධයක් සදහා ලියාපදිංචි කළ හැකි වෙළ`ද නාම ප‍්‍රමානයට යම් සීමාවක් පැනවිය යුතුය.  මුල් අවධියේ දී කරනු ලබන නැවත ලියාපදිංචි කිරීමේ ක‍්‍රියාවලිය කාර්යක්‍ෂමව කිරීම සදහා කොන්ත‍්‍රාත් පදනම හො ආවරණ පදනම යටතේ සේවකයින් බදවාගත හැක. දස වැනි ප‍්‍රතිපාදනය අන්තර්කාලීන ප‍්‍රතිපාදනයක් වේ. සෙසු ප‍්‍රතිපාදන පනත් අරමුණු ඉටුකර ගැනීම සදහා අත්‍යව්‍ය උපාංග සේ සලකා ඒවා ක‍්‍රියාත්මක කිරීමට අදාළ සවිස්තරාත්මක කරුණු පනතට ඇතුලත් කළ යුතුය. එවිට රෙගුලාසි පැනවීමේදී එම ප‍්‍රතිපාදන දුර්වල කිරීමට තිබෙන ඉඩ අවම වේ. මහාචාර්ය සේනක බිබිලේගේ උතුම් අරමුණු ඉටුකර ගැනීම සදහා ඒ සියලූ කරුණු ඉතා වැදගත්වේ. ඒවා නොසලකා පනතට ‘‘බිබිලේ ’’ ලේබලය ඇලවීම දුප්පත් ක‍්‍රියාවකි. තරුණ කාලයේ බිබිලේ වෙනුවෙන් තද බල ලෙස දේශපාලනිකව පෙනී සිටි වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා යටතේ එවැන්නක් සිදුවීම කිිසිසේත්ම සාධෘරණ නොවේ. 


වෛi කේ.එම්. වසන්ත බණ්ඩාර


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.