News Category
From Date
To Date
Maximum Number of Result

අපේ ගොවියා සහ පිට රට ගොවියා එක් විට සතුටු කළ හැකිද?

Jul 3, 2026 at 08:19 PM
|

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විගස දින 100 වැඩසටහන තුළ ඉටු කළ පළමු පොරොන්දුව තිරිඟු සඳහා පනවා තිබූ විශේෂ බද්ද ඉවත් කිරීමයි. ඒ අනුව කිලෝග්‍රෑමයකට රුපියල් 10ක උපරිමයකට යටත්ව 15% ලෙස පනවා තිබූ බද්ද ඉවත් විය. පිටරට තිරිඟු ගොවියාට ඒ ආකාරයට සහනාධාර ලබාදීම නිසා දැන් තිරිඟු ඇට කිලෝග්‍රෑමයක් රට තුළට එන්නේ රුපියල් 38කට අඩු මිලකටය. තිරිඟු පිටි කෙසේ වෙතත් තිරිඟු ඇට මිල අඩුකරන බවක් ආණ්ඩුව මහජනයාට පොරොන්දු වූයේ නැත. එසේම මහජනයා එවැනි දෙයක් ඉල්ලා සිටියේද නැත. සමහරවිට ඡන්දයට පෙර යම් දේශපාලන නායකයින් තිරිඟු ඇට අඹරා පිටි විකුණන සමාගමකට එවැනි පොරොන්දුවක් දුන්නාද විය හැකිය.

දැන් එම බදු සහනය හෙවත් සහනාධාරය නිසාම සමාගමට රුපියල් මිලියන 13,000ක පමණ අමතර ලාභයක් ලැබෙන බව ගණන් හිලව් ඇති බව කිව හැකිය. සමාගමට ලැබෙන සහනාධාරයේ ප්‍රතිලාභ වෙළඳපොළ හරහා පිටරට ගොවීන් අතට ලැබේ. ඊට අමතරව එම ගොවීන්ට එම රටවල ආණ්ඩුවලින්ද සෘජු සහනාධාර ලැබේ. ඇමරිකාවේ තිරිඟු ගොවියාට අස්වැන්න අනුව 20% සෘජු සහනාධාරයක් ලැබේ. දැන් දේශීය වෙළඳපොළේ පිටි මිල අඩු වීම නිසා බේකරි හිමියන්ට වැඩි ලාභයක් සහ වෙළඳපොළක් ලැබී ඇත. රට පුරා "චූන් පාන්" වෑන් රථ දහස් ගණනින් සැරිසරන්නේ එම තත්ත්වය තුළය. වෙළඳපොළ දත්ත අනුව ලෝකයේ අඩුම පාන් මිල පවතින්නේ ශ්‍රී ලංකාවෙහිය. එම නිසා 2014 දී මෙට්‍රික් ටොන් ලක්ෂ 13ක් වූ වාර්ෂික තිරිඟු පිටි පරිභෝජනය මේ වන විට මෙට්‍රික් ටොන් ලක්ෂ 15 දක්වා ඉහළ ගොස් තිබිය හැකිය. අප රටේ සැබෑ තිරිඟු පිටි පරිභෝජනය නිවැරදිව ගණනය කිරීමේදී ප්‍රශ්නයක්ද ඇත. සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ප්‍රමාණයට වඩා තිරිඟු ඇට රට තුළට ගෙන එන බවට පසුගිය කාලයේදී චෝදනා එල්ල විය. රේගුව විසින් එල්ල කළ පරීක්ෂණයක් මඟින් ඒ බව අනාවරණය විය. නමුත් පරීක්ෂණය අවසන් වූයේ අදාළ නිලධාරියා වැඩ තහනමට ලක් වීමෙනි.

එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය විසින් රු. 3.50ට පාන් දීම සඳහා තිරිඟු පිටි වලට බදු සහන් දීම ආරම්භ කළ දින සිට තිරිඟු පිටි පරිභෝජනය ක්‍රමයෙන් දෙගුණයක් දක්වා වැඩි විය. ඒ අනුව වසරකට කිලෝග්‍රෑම් 30ක් වූ ඒක පුද්ගල තිරිඟු පිටි පරිභෝජනය කිලෝග්‍රෑම් 68 දක්වා වැඩි විය. ඊට සමගාමීව ඒක පුද්ගල සහල් පරිභෝජනය 135 සිට 105 දක්වා අඩු විය. එහි තර්කානුකූල ප්‍රතිඵලය සහල් පරිභෝජනය අඩු වීම නිසා වෙළඳපොළේ ව්‍යාජ අතිරික්තයක් ඇති වීමයි. යම් ආදේශකයක් නිසා හෝ මිල වැඩි වීම නිසා පරිභෝජනය අඩු වූ විට ඇතිවන අතිරික්තය ව්‍යාජ එකකි. සැබෑ අතිරික්තයක් ඇතිවන්නේ නිෂ්පාදනය වැඩිවීම තුළිනි. නමුත් අප රටේ නිලධාරීන් දිගින් දිගටම කියා සිටින්නේ රටේ වී අතිරික්තයක් තිබෙන බවය. ඒ මඟින් වී වගාවට අඩු සැලකිලි දැක්වීම සාධාරණීකරණය කෙරේ. එය ආහාර සුරක්ෂිතතාවයට අදාළව සියදිවි නසා ගැනීමේදී වැරදි න්‍යායකි.

අප රටේ ජාතික වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 40-45 අතර ප්‍රමාණයකි. ඒ අනුව දළ වශයෙන් සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 26ක් පමණ වේ. රටේ ජනතාව ඉන් අඩකට වඩා හෙවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 13ක් පාන්පිටි පරිභෝජනය කරන නිසා රට තුළ ඉතිරි වනවා යැයි කියන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 1.5 හෙවත් දළ වශයෙන් 5%කට මදක් වැඩි ප්‍රමාණයකි. දැනට රජය විසින් වී මිලදීගෙන ඒවා නරක්වීම නිසා සත්ව ආහාර ලෙස විකුණන ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ වේ. එය 3%කට වඩා වැඩි ප්‍රමාණයකි. බියර් සෑදීම සඳහා භාවිතා කරන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 0.15ක් හෙවත් 0.7%කි. අප රටේ පවතින ව්‍යාජ වී අතිරික්තය නිසා වී මිල පහත වැටීමේ ප්‍රශ්නයට උත්තර සොයන නිලධාරීන් දැන් උත්සාහ කරන්නේ බියර් සඳහා යොදා ගන්නා සහල් ප්‍රමාණය 0.7% සිට 2% දක්වා වැඩි කිරීමටය. මේ කැකිරිල්ලගේ අංක ගණිතයට අනුව ආණ්ඩුව මිලදී ගන්නා වී තොග නරක්වීමට ඉඩ හරින ප්‍රමාණය 3% සිට 5% දක්වා වැඩි කළ හොත් සත්ව ආහාර සඳහා වී තොග අඩු මිලට විකිණීමෙන් පවා ප්‍රශ්න විසඳිය හැකිය. ඒවා අඩු මිලට ගන්නා පාන් පිටි සමාගම් සත්ව ආහාර අංශය විසින් වීමද විශේෂ තත්ත්වයකි. ඒ අනුව ආහාර සුරක්ෂිතතාවය අනතුරේ හෙළන එම ක්‍රියාමාර්ග වලින් වාසි අත්වන්නේ කාටදැයි පැහැදිලි වේ.

නමුත් එම ව්‍යාජ විද්වතුන් සහ නිලධාරීන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ගොවි සංවිධාන නායකයින් සහල් පරිභෝජනය සියයට 5 කින් වැඩි කළ යුතු බව හෝ තිරිඟු පරිභෝජනය එම ප්‍රමාණයෙන් අඩු කළ යුතු බව කියන්නේ නැත. අනෙකුත් පක්ෂ වල දේශපාලන නායකයින් වී ගොවියාගේ ප්‍රශ්න ගැන හෝ රටේ ආහාර සුරක්ෂිතතාවය ගැන වචනයක්වත් කතා කරන්නේ නැත. තිරිඟු පිටි සමාගමට රුපියල් මිලියන 13000කට අමතර ලාභයක් ලැබෙන විට දේශපාලන නායකයින්ගේ කටවල් වැසීමත් අමාරු දෙයක්ද? කෙසේ වෙතත් සැබෑම ප්‍රශ්නය වන්නේ වුවමනා දේ කතා නොකරනවාට අමතරව ප්‍රශ්නය තවදුරටත් වර්ධනය වන දේ තේරුම් ගන්නේ කෙසේද?

දැන් ජේ.වී.පී ගොවි සමිති නායකයින් යෝජනා කරන්නේ වී සඳහා වන සහතික මිල නීතිගත කරන ලෙසයි. වෙළඳපොළ පිළිබඳව අබ මල් රේණුවක දැනුමක් ඇත්නම් එවැනි බොළඳ යෝජනා ඉදිරිපත් වන්නේ නැත. සහතික මිල නීතිගත කළ විට ඊට වඩා අඩු මිලට වී මිලදී ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බවටද පත්වේ. එවිට කුඩා මෝල් හිමියා වී මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම අතහරින අතර මහා මෝල් හිමියාගේ ඒකාධිකාරය තවදුරටත් ශක්තිමත් වේ. එවිට ගොවියා පමණක් නොව පාරිභෝගිකයාද මහා මෝල් හිමියාගේ අත්අඩංගුවට පත්වේ. මේ සරල න්‍යාය තේරුම් ගත නොහැකි අය ගොවි සමිති නායකයින් වීම රටේ අවාසනාවකි.

දැන් ආපසු හැරී බලන විට ඒ ආකාරයට චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ සිටම වී මිල පහත වැටීමේ ප්‍රශ්නයට විවිධ උත්තර සපයා ඇත. වෙළඳපොළ තත්ත්වයන් වෙනස් නොකර කුඩා මෝල් හිමියාට බලහත්කාරයෙන් ණය ලබාදී ඔවුන් නැත්තටම නැති කිරීමේ සිට පිට රටින් තාවකාලික ගබඩා ආනයනය කොට රජය මිලදී ගන්නා වී ප්‍රමාණය වැඩි කිරීම දක්වා විවිධ විසඳුම් ඇමතිවරුන් යටතේ ඉදිරිපත් කොට ඇත. ඒ ඒ කාලවලදී මොළ සේදීමට ලක්වූ නිලධාරීන් විසින් දේශපාලනඥයින්ට ලණු ගිල්ලවීම මඟින් රාජ්‍ය අරමුදල් නාස්ති කිරීම හැර ප්‍රශ්නය තාමත් විසඳී නැත.

ඊට අමතරව දැන් අලුත් ප්‍රශ්නයක්ද ඇතිවී ඇත. රජය මඟින් මිලදී ගන්නා වී තොග සහල්කර විකිණීමට නොහැකි තත්ත්වයක් යටතේ ඒවා පාඩුපිට සත්ව ආහාර සඳහා සහ බියර් සමාගම් වලට විකිණීම නිසා රජය විසින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක්ද උදා වී ඇත. ආණ්ඩුව විසින් වී මිලදී ගැනීම නවත්වා පාඩුවන මුදල් ප්‍රමාණය කුඩා සහල් සහ සහල් පිටි මෝල් හිමියන්ට සහනාධාර ලෙස ලබා දෙන්නෙක් නම් ප්‍රශ්නයෙන් භාගයක් විසඳිය හැකිය. නමුත් වසර 20ක් තිස්සේ අතීසාරයට අමුඩ වල සීමාවක් නැතත් තවදුරටත් කරන්නේ ඒ බොළඳ දුප්පත් ක්‍රියාවම නොවේද?

දින 100 පොරොන්දු අනුව ඉහළ දැමූ වී සඳහා වන සහතික මිල දැන් ආණ්ඩුව නිල වශයෙන්ම පහත දමා ඇත. ඒ අනුව රුපියල් 45 ට මිලදී ගැනීමට පොරොන්දු වූ නාඩු කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 38කටය. රුපියල් 50කට මිලදී ගැනීමට පොරොන්දු වූ සම්බා කිලෝව දැන් වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නේ රු. 41කටය. ඒ සමඟ මෙතෙක් කලක් නිහඬව සිටි ගොවීන් ශබ්ද නඟා කතා කිරීමට පටන්ගෙන ඇත. නමුත් ව්‍යාජ විපක්ෂයේ දේශපාලනඥයින් තාමත් සිටින්නේ කසාය බීපු ගොළුවන් සේය. එසේ නැතහොත් මොළ සෝදාගත් නිලධාරීන්ගේ "අතිරික්ත තියරිය" අනුව වී වගාව ක්‍රමයෙන් අතහැරීම වක්‍රව සාධාරණීකරණය කරති. පොහොර සහනාධාරය මුදලින් ගෙවන බවට ලබාදුන් පොරොන්දු කඩ කිරීම ගැනද ඔවුන් නිහඬව සිටිති.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා 2002 දීත් කුඹුරු ගොඩ කිරීමට කතා කළ අයෙකු බැවින් එතුමා හෝ එතුමාගේ මුදල් අමාත්‍යවරයා වී වගාව අතහැරීමට යෝජනා කිරීම පුදුමයක් නොවේ. ඔවුන් "කෙසෙල් රාජ්‍ය" න්‍යාය පිළිගන්නා පිරිසක් බැවින් සුද්දාට කෙසෙල් වැවීම සඳහා කුඹුරු යොදාගෙන ඉන්දියාවෙන් අඩු මිලට සහල් ආනයනය කිරීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. සහල් වලින් බියර් සහ මධ්‍යසාර සෑදීම ඔවුන්ට අනුව කෘෂි නිෂ්පාදන වලට වටිනාකම් එකතු කිරීමේ ප්‍රවේශයකි. එහෙත් ආණ්ඩුවට පිස්සු කෙළිය හැක්කේ හැලියේ දිය රත්වනතුරු පමණි. ලෝකයේ තෙල් මිල පහත වැටීම නිසා සහ විපක්ෂයේ අලසයින් ළිපට පිඹින්නේ නැති නිසා තවම වතුර රත්වන්නේ නැත. එහෙත් ඉදිරි මහ කන්නයේදී අස්වනු කැපෙන විට "වී මිල ප්‍රශ්නය" නැවත කරළියට පැමිණෙනු ඇත. එවිට මෙතෙක් කල් වැඩ කළ ආකාරයට බඩවැල් බරවූ විට කැලයට දුවන තාලයට ප්‍රශ්නය විසඳිය නොහැකි බව ආණ්ඩුව තේරුම් ගනු ඇත. එසේ නැතහොත් මළ සරමේම පහවන බවට කිසිදු සැකයක් නැත.

ගොවියාගේ පැත්තෙන් ගත් විට ආණ්ඩුවට මෙන්ම විපක්ෂයට කිව යුත්තේ වී මිල පහත වැටීමේ ප්‍රශ්නය විසඳීමට තිබෙන්නේ එක් උත්තරයක් බවය. මේ ආකාරයට ප්‍රශ්න විසඳෙන්නේ නම් බොහෝ විට ආණ්ඩුව විසින් වී මිලදී ගැනීම අවශ්‍ය නොවනු ඇත. එහෙත් ආහාර සුරක්ෂිතභාවය පැත්තෙන් ගත් විට රජය විසින් වෙළඳපොළ වගකීම ඉටු කිරීම වැදගත් වේ. කෙසේ වෙතත් ඒ වගකීම ඉටුකිරීම සඳහා මිලදී ගන්නා වී සහල් බවට පත් කර විකිණීමට නොහැකි නම් ඒ මැදිහත් වීමෙන් ලැබෙන්නේ නිෂේධාත්මක ප්‍රතිඵලයකි. මිලදී ගන්නා වී තොග ගබඩා කර තබා ගැනීමද යම් පිරිවැයක් දරා අවසානයේදී ඒවා අඩු මිලට සත්ව ආහාර ලෙස තිරිඟු පිටි මහා සමාගමට අයත් සත්ව ආහාර කර්මාන්තශාලාවට නම් එසේ වගකීම ඉටු නොකිරීම රටට මහත් යහපතකි.

ඒ අනුව එසේ කළ යුතු එකම දේ පිළිබඳව උපදෙස් දීමට වඩා දැන් වැදගත් වන්නේ ඒ එකම උත්තරය හැර අන් ආකාරයකට ප්‍රශ්න විසඳිය හැකි නම් කරලා පෙන්වන ලෙසයි. ඒ අභියෝගය තුන් වැදෑරුම් වේ.

  • පළමුවැන්න: ගොවියාට සහ කුඩා මෝල් හිමියන්ට අවම මට්ටමකින් හෝ ජීවත්විය හැකි ආකාරයට වී සහ සහල් මිල සඳහා එකඟතාවයක් ඇතිකර ගැනීමයි. එම එකඟතාවය අනුව තීරණය වන සහල් මිල භාර ගැනීම හැර අන් විකල්පයක් පාරිභෝගිකයාට නැත. ගොවියා සහ කුඩා මෝල් හිමියන් විනාශ කර පාරිභෝගිකයාට දීර්ඝ කාලයක් පැවතිය නොහැක. ඒ නිසා සහල් මිල පිළිබඳව සමාජ සම්මුතියක් ඇතිකර ගත යුතුය. ඒ අනුව වී කිලෝවකට රුපියල් 41ක් ගෙවා මෝල් හිමියාට කිලෝග්‍රෑම් එකක් සඳහා රු. 8ක් ගෙව්වත් දළ වශයෙන් නාඩු සහල් කිලෝවක් රු. 80ක සිල්ලර මිලට විකිණිය හැකිය. කැකුළු සහල් ඊට වඩා අඩු මිලකට විකිණිය හැකිය.

  • දෙවැන්න: සහල් පිටි සහ තිරිඟු පිටි අතර මිල වෙනස අවම වශයෙන් රුපියල් 20ක මට්ටමක තබා ගැනීමයි. උදාහරණයක් ලෙස සහල් පිටි කිලෝග්‍රෑම් එකක සිල්ලර මිල රුපියල් 90ක් නම් පාන්පිටි කිලෝවක මිල රු. 110ක් විය යුතුය. එම මූලික කොන්දේසිය සපුරාගත හැකි නම් තිරිඟු පිටි පරිභෝජනය 10% ත් 20% ත් අතර ප්‍රමාණයකින් අඩුකර ගැනීම සහ ව්‍යාජ සහල් අතිරික්ත ප්‍රශ්නය විසඳීම ඉතා සරල කාරණයකි. ඒ සඳහා ඉවත් කළ තිරිඟු බද්ද නැවත පැනවීමට අමතරව කිලෝවකට තවත් රුපියල් 10ක බද්දක් පැනවීම අවශ්‍ය විය හැකිය. ඒ මඟින් රජයට ලැබෙන රුපියල් මිලියන 20,000කට අධික බදු ආදායමෙන් වතුකරයේ ජනතාවට සහ සමෘද්ධි ලාභීන්ට සහන ලබාදිය හැකිය. දැනට සමෘද්ධිය සඳහා වැය කරන්නේ රු. මිලියන 15,000ක් පමණි.

  • තුන්වැන්න: පාන් පිටි පරිභෝජනය අධෛර්යමත් කිරීම සහ සහල් සහ සහල් පිටි පරිභෝජනය දිරිමත් කිරීම සඳහා අධ්‍යාපනික සහ සීමා කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමයි. අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදෙස් පොත් පිංචේ මුල් පිටුව සැරසීමට පාන් ගෙඩියක් දැමීමේ සිට යම් රෝහල්වල කුස්සියෙන් රෝගීන්ට පාන් දීම රෝහල් සුභසාධන ආයතනවල බේකරි පවත්වාගෙන යන තරමට පාන් සංස්කෘතියක් ගොඩනඟා ඇත. එම අමාත්‍යාංශයේ ප්‍රධානීන් රෙද්දක් ඇඳගෙන බෝ නොවන රෝග වැළැක්වීම සඳහා මහා ව්‍යාපෘති දියත් කරන්නේ කෙසේ දැයි පැහැදිලි නැත. ඔවුන්ට ධෛර්යය තිබේ නම් එක පෑන් පහරකින් රෝහල් වලින් සහ ආපනශාලා වලින් තිරිඟු පිටි කෑම ඉවත් කළ හැකිය. එවිට අහස කඩාවැටේවි යැයි එම නිලධාරීන් බිය වන්නේ නම් තිරිඟු පිටි ආහාර වෙනුවට ලබාදිය හැකි පෝෂ්‍යදායී දේශීය ආහාර ලැයිස්තුවක් ඔවුන්ට ලබාදිය හැකිය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් නිලධාරීන් පත්තර කැබලි වල මස් එතීමේ ආදීනව ගැන රූපවාහිනී වැඩසටහන් කරති. නමුත් බහුජාතික සමාගම් විසින් ක්ෂණික පාන්පිටි නූඩ්ල්ස් සහ පාන් පිටි කොත්තු ප්‍රචලිත කිරීම සඳහා අජිනමොටෝ හෙවත් මොනොසෝඩියම් නැමති විෂ සහිත රසකාරකය යොදා ගැනීම සඳහා කිසිදු පියවරක් ගන්නේ නැත. එම විෂ රසකාරක යොදන්නේ නැත්නම් ඒවා ළමුන් අතර ප්‍රචලිත කළ නොහැකිය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සෞඛ්‍ය පනත හකුලා දමා බහුජාතික සමාගම් වල කුලීකරුවන් සේ ක්‍රියා කිරීම අවසන් කිරීමද ගොවියාගේ ප්‍රශ්න විසඳීම සඳහා පූර්ව කොන්දේසියකි. අවසාන වශයෙන් කිව යුත්තේ වැඩිපුර ඉවසන්නා කෝප වූ විට වඩා දරුණු බවට සමාජ පිළිගැනීමක් ඇති බවය. රටේ ජනගහනයෙන් 50%කට වැඩි අහිංසක ගොවි ජනතාව සහ කුඩා සහල් සහ සහල් පිටි මෝල් හිමියන් නොසලකමින් සහ බහුජාතික සමාගම් සතුටු කරමින් ආණ්ඩුව යන මේ ගමනට වැඩි ආයුෂ නැති බවද කිව යුතුය.


වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.