News Category
From Date
To Date
Maximum Number of Result

නිජබිම සංකල්පය මත ඉදිරිපත් වන නව ව්‍යවස්ථාවේ බෙදුම්වාදී ලක්ෂණ

Jul 3, 2026 at 08:15 PM
|

බෙදුම්වාදී යුද්ධයේ තීරණාත්මක අවධියක් වූ 2008 සැප්තැම්බර් මාසයේදී "සිංහල හඬ" සංවිධානය හරහා පේරාදෙණිය විද්‍යාර්ථීන් පිරිසක් විසින් ප්‍රකාශයට පත් කළ "දෙමළ ඊළාම් නිජබිම ප්‍රශ්නය" නැමති පොත් පිංච මඟින් යුද්ධයේ දාර්ශනික පදනමට ප්‍රබල බුද්ධිමය ප්‍රහාරයක් එල්ල කරන්නට යෙදුණි. එම කෘතිය මඟින් මහාවංශය සමඟ සැසඳීමේදී ඉතා දුප්පත් ඉතිහාස මූලාශ්‍රයක් වූ "යාල්පාන වෛපවමාලෙයි" නම් වූ දෙමළ ඊළාම් නිජබිම සංකල්පය තහවුරු කෙරෙන ප්‍රධාන ඉතිහාස ග්‍රන්ථය ඉතා තර්කානුකූලව අභියෝගයට ලක් කොට ඇත. මුදලිඳු මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා මහතා විසින් සිංහලට පරිවර්තනය කළ එම මිත්‍යා ප්‍රබන්ධය රචනා කොට ඇත්තේ මයිල්වාගනම් පුලවර් නම් වූ අප්‍රකට පුද්ගලයකු විසින් 1736 තරම් මෑත කාලයේදීය. යාල්පානම් වෛපවමාලෙයි ප්‍රබන්ධය පිළිබඳ තර්කානුකූල විමර්ශනයක් මඟින් සහ වෙනත් පෙර අපර දිග විශ්වාසනීය ඉතිහාස මූලාශ්‍ර මඟින් දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ දාර්ශනික පදනම සුනු විසුනු කිරීමට දෙමළ ඊළාම් නිජබිම නම් වූ එම කුඩා කෘතිය සමත් වී ඇත.

එහෙත් යුද ජයග්‍රහණයෙන් පසුව එම මතවාදී පදනම තහවුරු කිරීම සඳහා දේශපාලන වේදිකාවේදී ඊට අදාළව බරපතළ බුද්ධිමය සංවාදයක් සිදුනොවූයේය. එම නිසා බෙදුම්වාදයේ දාර්ශනික පදනම මතවාදී වශයෙන් පරාජය කිරීම කෙතරම් පහසු වූවත් ඊට අදාළව දේශපාලන මෙහෙයුමක් දියත් වූයේ නැත. එම තත්ත්වය තුළ, අද වන විට එම දුප්පත් සහ ව්‍යාජ දාර්ශනික පදනම මත දියත් වූ යුද්ධය පරාජය කොට වසර 07 කට පසුව එම නිජබිම සංකල්පය මත පදන්ම් වූ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට තරම් වර්තමාන රජය ධෛර්යවන්ත වී ඇත. එය ඉතිහාසයේ ඛේදනීය සරදමක් නොවේද?

ටී.එන්.ඒ. පක්ෂයේ මැතිවරණ ප්‍රකාශන සහ එම පක්ෂයේ නායකත්වයෙන් ඇතිකරගත් සිංගප්පූරු එකඟතාව මෙන්ම 2009 සර්වපාක්ෂික විද්වත් කමිටු නිර්දේශ පමණක් නොව ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියේ "සුළුපියා" ලෙස කටයුතු කරන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ යම් ප්‍රකාශ ආදී විවිධ මූලාශ්‍ර සැලකිල්ලට ගැනීමේදී නව ව්‍යවස්ථාව සකස් වන්නේ එම නිජබිම සංකල්පය මත බවට ඉතා ප්‍රබලව තර්ක කළ හැකිය. ඒකීය වගන්තිය ව්‍යවස්ථාවේ තිබියදීම ලබා දී ඇති 13 වන සංශෝධනයේ ෆෙඩරල් බලතල වලට ඉතා සුළු එකතු කිරීමක් මඟින් ඒකීය ලේබලය යටතේ "ෆෙඩරල්" වලින් එහාට ගිය "කොන්ෆෙඩරල්" ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ තාක්ෂණික ගැටලුවක් නැත. එසේ කිරීම සඳහා ගන්නා වූ උත්සාහය තුළ මතුවිය හැකි දේශපාලන ගැටලු ව්‍යවස්ථා කෙටුම්පත් ඉදිරිපත් කිරීමටත් පෙර යම් ප්‍රමාණයකට විසඳා ගැනීමට බෙදුම්වාදී පාර්ශව සමත් වී ඇත.

ඒ අනුව 13 වන සංශෝධනයේ බලතල ඉක්මවා යන ප්‍රතිපාදනයක් ලෙස 1987 සිටම ඉදිරිපත් වූ ඉල්ලීමක් වන පළාත් සභා සමගාමී බලතල ලැයිස්තුව ඉවත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හරහා යෝජනාවක් ඉදිරිපත් කරවා ගැනීමට ඔවුන් සමත් වී ඇත. එම යෝජනාවලිය තුළ සුළු ජාතීන්ගේ අභිලාෂ ඉටුකිරීමේ වුවමනාවද අවධාරණය කොට ඇත. දෙමළ සහ මුස්ලිම් සුළු ජන කොටස් වල සැබෑ අභිලාෂය විය යුත්තේ සියලු ජන කොටස් වලට සමානව සලකන ව්‍යවස්ථාවකි. නමුත් එම යෝජනාවලියෙන් හුවා දැක්වෙන්නේ බෙදුම්වාදී කප්පම් කරුවන්ගේ අභිලාෂයන්ය. එදා 1985 තිම්පු සාකච්ඡා වල සිට එම කප්පම්කරුවන්ගේ මූලික අභිලාෂය වූයේ තිම්පු සංකල්ප පිළිගන්නා ව්‍යවස්ථාවකි. එනම් දෙමළ ජනතාව වෙනම ජාතියක් බව, ඔවුන්ගේ නිජබිම උතුරු නැගෙනහිර පළාත බව සහ ඔවුන්ට ස්වයං තීරණ අයිතිය ඇති බව පිළිගැනීමය. "දෙමළ ඊළාම් නිජබිම ප්‍රශ්නය" කෘතියෙන් මූලික වශයෙන් අභියෝග කරන්නේ එම පිළිගැනීමටය.

වර්තමාන යහපාලන ආණ්ඩුවට tys උපතේ සිටම උරුම වූ ප්‍රධාන කොන්ත්‍රාත් ත්‍රිත්වයක් ඇත. ඉන් පළමුවැන්න බෙදුම්වාදී න්‍යාය පත්‍රයට අවශ්‍ය ආකාරයට රාජ්‍ය ව්‍යූහය දුර්වල කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමය. දෙවැන්න ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාව දුර්වල කොට දුර්මුඛ කිරීමයි; එය සිදු කරන්නේ සංහිඳියාවේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අවශ්‍යතාවයක් ලෙසිනි. එම ක්‍රියාවලි දෙක එකම අසිපතේ තල දෙකකි. ඒ මඟින් රට බෙදා වෙන් කිරීම සඳහා සහ ඉන්දීය සහ ඇමරිකානු අධිරාජ්‍යවාදී බලවේග වලට ශ්‍රී ලංකාවේ සහ දෙමළ ඊළමේ පය තබා ගැනීමට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කෙරේ. ආර්ථික සංවර්ධනයේ සහ සෞභාග්‍යයේ නාමයෙන් සාධාරණීකරණය කෙරෙන තුන්වන කොන්ත්‍රාත්තුව වන්නේ කොල්ලකාරී නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ නව මානයකට ගෙන යන නීතිමය සහ පරිපාලන වෙනස්කම් සිදුකිරීමයි. ඉදිරියේදී සම්මත කිරීමට පෙළගස්වා ඇති 15 ට අධික පනත් කෙටුම්පත් වල මූලික අරමුණ වන්නේ එයයි.

කෙසේ වෙතත් හමුදාව දුර්වල කිරීමේ ක්‍රියාවලිය ඉතා සංකීර්ණ සහ පුළුල් මෙහෙයුමකි. ඊට උතුරේ හමුදා කඳවුරු ආශ්‍රිත ඉඩම් නිදහස් කිරීම මඟින් ඒවා යුදමය උපාය මාර්ගික වශයෙන් දුර්වල කිරීම, කඳවුරු ප්‍රමාණය අඩු කිරීම සහ නැවත ස්ථාන ගත කිරීම, එම කඳවුරු වල හමුදා නිලධාරීන්ගේ ප්‍රමාණය අඩු කිරීම, ප්‍රාදේශීය වරායවල් සහ ගුවන්තොටුපළවල් සිවිල් පාලනයට යටත් කිරීම සහ ඒවායේ ක්‍රියාකාරීත්වයට විදේශීය සමාගම් සහ විදේශීය රාජ්‍යයන් මැදිහත් කර ගැනීම ආදී ක්‍රියාමාර්ග රාශියක් අයත් වේ. ඊට අමතරව අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත, අනාගතයේදී සම්මත කිරීමට නියමිත යුද අපරාධ අධිකරණ පනත සහ සාමාන්‍ය නීතිය යටතේ දේශප්‍රේමී රණවිරුවන්ට දඬුවම් කිරීම මෙන්ම හමුදා ඔත්තු සේවා නිලධාරීන් බොරු චෝදනා මත දීර්ඝ කාලීනව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තැබීම ආදී ක්‍රියාමාර්ගද ඊට අයත් වේ. එමෙන්ම යුද්ධයේ විවිධ වගකීම් දැරූ නිලධාරීන්ට උසස් වීම් සහ සේවා ලබා නොදීම, දිරි ගැන්වීම් සහ වරප්‍රසාද කපා හැරීම හරහා හමුදාව අතහැර යාමට පෙළඹවීම සහ අභ්‍යන්තර පරීක්ෂණ මඟින් යුද්ධය පැවති කාලයේ සිදු වූ විවිධ සිදුවීම් මුල්කරගෙන දඬුවම් කිරීම ආදී බහුවිධ ක්‍රියාමාර්ග හරහා ආරක්ෂක හමුදාව දුර්වල කිරීමේ සහ දුර්මුඛ කිරීමේ වුවමනාව ඉටු කෙරේ.

නිජබිම සංකල්පය මත පදනම්ව බෙදුම්වාදී අභිලාෂ ඉටු කෙරෙන නව ව්‍යවස්ථාව තුළට ඉතා සූක්ෂ්මව ඇතුළත් කෙරෙන මූලික බෙදුම්වාදී ප්‍රතිපාදන 8ක් හඳුනාගත හැකිය. දැනට 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාදී ඇති බරපතළ ෆෙඩරල් ලක්ෂණ එසේම තිබියදී එම අතිරේක ලක්ෂණ ඇතුළත් කිරීම මගින් ඒකීය ලේබලය යටතේ ෆෙඩරල් තත්ත්වය ඉක්මවා යන කොන්ෆෙඩරල් හෙවත් එක්සත් රාජ්‍යයක් බිහි කිරීමේ හැකියාව ඇත. බෙදුම්වාදීන් විසින් ඒකීය සහ එක්සත් යන වචන එක සමාන වචන ලෙස හුවා දැක්වීමට ගන්නා උත්සාහය අහඹු ක්‍රියාවක් නොවේ. එහිදී උපක්‍රමයක් ලෙස ඒකීය සංකල්පය, බුද්ධාගමට මුල්තැන දීම, ජාතික කොඩිය සහ ජාතික ගීය වෙනස් කළ යුතු බවට ව්‍යාජ මතයක් සමාජ ගත කළත් එම "ලේබල්" වෙනස් කිරීමේ වුවමනාවක් බෙදුම්වාදීන්ට නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ සිංහලයාට "ලේබල්" ඉතිරි කොට ෆෙඩරල් ලක්ෂණ වැකි තාක් ව්‍යවස්ථාවට ඇතුළත් කර ගැනීමටය. එහිදී ඔවුන් 13 වන සංශෝධනයෙන් දැනටමත් ලැබී ඇති බරපතළ බෙදුම්වාදී ප්‍රතිපාදන වන පොලිස්, ඉඩම් සහ මහ ඇමති මූල්‍ය බලතල මෙන්ම උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ආදිය පිළිබඳ සමාජ සංවාදයක් නැවත මතු කිරීමෙන් වැළකී සිටීමටද ඔවුන් හැකි තාක් පරිස්සම් වනු ඇත.

කෙසේ වෙතත් ඉහත සඳහන් කළ "ලේබල්" ඉවත් කරන බවට සමාජය තුළ මතු වී ඇති ඝෝෂාව තුළ ඒවා ඉවත් කිරීමට ඉඩ නොදෙන බවට ප්‍රතිඥාවක් ලබා දීම මඟින් විශේෂයෙන්ම ජනාධිපතිවරයාට ලකුණු දමා ගැනීමේ ඉඩක් විවෘත වේ. එමඟින් මහජනයා තුළ ව්‍යාජ ආරක්ෂාකාරී මනසක් ඇති කොට "කොළේ වසා" ඉදිරිපත් කරන බරපතළ බෙදුම්වාදී සංශෝධන පිළිබඳ සමාජ අවධානය අඩු කිරීමේ හැකියාවක්ද ලැබේ. එසේ වුවත් එම "ලේබල්" වල සුළු වෙනස්කම් කිරීම සහ පසුව විරුද්ධ පක්ෂ වල "ප්‍රබල ඉල්ලීම්" මත ඒවා නැවත වෙනස් කිරීමේ උපක්‍රමයද ආණ්ඩුව යොදා ගන්නා බවට සැකයක් නැත. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය සහ ටී.එන්.ඒ. පක්ෂය වැනි පිටත සිට ආණ්ඩුව පවත්වා ගෙන යාමට තල්ලුව දෙන බලවේග එසේ විවිධ ව්‍යාජ සංශෝධන ඉදිරිපත් කිරීම මඟින් ඔවුන්ගේ ප්‍රතිරූපය බේරා ගැනීමටද උත්සාහ කරනු ඇත. බොහෝ විට එසේ සංශෝධනය කිරීම සඳහාම යම් වගන්ති ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ව්‍යවස්ථා පැකේජයට ඇතුළත් කෙරෙන බවට සැකයක් නැත.

මෙම විචිත්‍රවත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අවසානයේදී බෙදුම්වාදී අභිලාෂයන් ඉටු කිරීම සඳහා ව්‍යවස්ථාවට ඇතුළත් කෙරෙන මූලික ප්‍රතිපාදන 08 මෙසේ හඳුනා ගත හැකිය.

  • පළමුවැන්න: රටේ ජන සංයුතිය මෙන්ම ජන කොටස් වල විවිධත්වය සහ ලක්ෂණ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ මුවාවෙන් තිම්පු සංකල්ප ත්‍රිත්වයෙන් 02ක් වන දෙමළ ජනතාව වෙනම ජාතියක් බව උතුරු නැගෙනහිර ඔවුන්ගේ නිජ භූමිය බව තහවුරු කිරීමයි. ඒ තුළ මුස්ලිම් ජනතාවද ජාතියක් ලෙස පිළිගත යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් විය හැකිය. එවිට ඔවුන් බහුලව ජීවත් වන ප්‍රදේශ පිළිබඳව සඳහනක් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ ඉඩක් ඇත. ඒ මඟින් මුස්ලිම් බෙදුම්වාදී බලවේග ඉල්ලා සිටින "ඒකාබද්ධ නොවූ මුස්ලිම් රාජ්‍යය" සංකල්පය තහවුරු කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

  • දෙවැන්න: දෙවන බෙදුම්වාදී ප්‍රතිපාදනය වන්නේ තිම්පු සංකල්ප වල තුන්වැන්න වන ස්වයං තීරණ අයිතිය සංකල්පය සහ ඒ සමඟ ගැට ගසා රටේ පරමාධිපත්‍යය සමස්ත රටේ ජනතාව අතර සහ පළාත් සභා ප්‍රදේශයක ජනතාව අතර බෙදී යන බව පිළිගන්නා සංකල්ප ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමයි. ඒවා මූලික අයිතිවාසිකම් යටතේ ඉතා සූක්ෂ්මව ඇතුළත් කිරීමට ඉඩ ඇත. බොහෝ විට ඒ සඳහා මූලික අයිතිවාසිකම් පුද්ගල සහ පොදු වශයෙන් වර්ගීකරණය කිරීමටද ඉඩ ඇත. බලය බෙදී යාමේ සංකල්පය යටතේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලතල මධ්‍යම ආණ්ඩුව සහ පලාත් සභාව අතර පැහැදිලිව සහ නිශ්චිතව වෙන් කර පෙන්වනු ඇත.

  • තුන්වැන්න: තුන්වන බෙදුම්වාදී ප්‍රතිපාදනය වන්නේ දැනටමත් යෝජනා වී ඇති ආකාරයට සමගාමී බලතල ලැයිස්තුව ඉවත් කිරීමයි. එම ඉල්ලීම 1987 දී 13 වෙනි සංශෝධනය සකස් කරමින් පවතින අවස්ථාවේ සිටම ඉදිරිපත් වූවකි. එම සංශෝධනය 13 වෙනි සංශෝධනයෙන් එහාට යාමක් ලෙස සැලකෙන බරපතළ එකකි. එය අනාගතයේදී රට දෙකඩ කිරීමේ ක්‍රියාවලිය ජාත්‍යන්තර නීතිය යටතේ සාධාරණීකරණය කිරීමේදී අවශ්‍ය වන ප්‍රධාන සංකල්ප දෙක වන ස්වයං තීරණ අයිතිය සහ පරමාධිපත්‍යයේ බෙදීයාම ප්‍රායෝගිකව තහවුරු කිරීම සඳහා වැදගත් වන මූලික ප්‍රතිපාදනයකි. මෑත කාලීනව ටී.එන්.ඒ. පක්ෂය විසින් එම ඉල්ලීම වඩාත් සංකීර්ණ කිරීම සඳහා පළාත් බලතල ලැයිස්තුව සහ සමගාමී ලැයිස්තුව යන බලතල ලැයිස්තු දෙකම ඉවත් කිරීමේ යෝජනාවක්ද ඉදිරිපත්කොට ඇත. එමඟින්ද සිදුවන්නේ එකම දෙයකි. නමුත් එවිට මහජන ඇස් ඉදිරියේ සමගාමී ලැයිස්තුව පමණක් ඉවත් කිරීමේදී ඇතිවන භීතිය යම් ප්‍රමාණයකට සමනය වේ.

  • හතරවැන්න: හතරවන බෙදුම්වාදී ප්‍රතිපාදනය වන්නේ සෙනෙට් සභාව නමින් පාර්ලිමේන්තුවට ඉහළ ආයතනයක් පිහිටුවීම සහ ව්‍යවස්ථාව ආශ්‍රිත ගැටුම් විසඳීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවීමයි. මධ්‍යම ආණ්ඩුව විසින් නව අණපනත් සම්මත කිරීමේදී බෙදුම්වාදී වුවමනා ආරක්ෂා කිරීම සෙනෙට් සභාවේ මූලික අරමුණ වේ. ඊට අමතරව එමඟින් විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් ගනු ලබන යම් තීන්දු නැවත පරීක්ෂාවට ලක් කිරීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමටද ඉඩක් විවෘත වේ. ශ්‍රේෂ්ඨාධිකරණයට පිටින් පිහිටුවනු ලබන මෙම නව ව්‍යවස්ථා අධිකරණයට විනිසුරුවන් නොවන එන්.ජී.ඕ. කාරයින් ජනවාර්ගික පදනමින් පත් කිරීමට ප්‍රතිපාදන සැලසෙනු ඇත. යම් අවස්ථාවක පළාත් සභාවකට හෝ කලාප සභාවකට එරෙහිව ජනාධිපතිවරයා විසින් ගනු ලබන හදිසි ක්‍රියාමාර්ග පවා නැවත සලකා බැලීමට මෙම නව ව්‍යවස්ථා අධිකරණයට බලය ලැබෙනු ඇත.

  • පස්වැන්න: පස්වැනි බෙදුම්වාදී ප්‍රතිපාදනය වන්නේ පළාත් සභාවල ප්‍රධාන නිලධාරීන් සහ කොමිෂන් සභා පත් කිරීමේ පූර්ණ බලය මහ ඇමතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය වෙත ලබාදීමයි. ඒ තුළ විශේෂයෙන්ම ආණ්ඩුකාරයා පත්කිරීමේදී මහ ඇමතිවරයාගේ කැමැත්ත විමසීම අනිවාර්ය කෙරෙනු ඇත. ඒ මඟින් ආණ්ඩුකාරවරයාගේ බලය දුර්වල කිරීම හරහා ජනාධිපතිවරයා විසින් කරනු ලබන මැදිහත් වීම් අවම කෙරෙනු ඇත.

  • හයවැන්න: හයවැනි බෙදුම්වාදී ප්‍රතිපාදනය වන්නේ ජනාධිපතිවරයා විසින් හදිසි තත්ත්වයකදී පළාත් සභාව විසුරුවා හැරීම හෝ හමුදාව කැඳවීම වැනි තීන්දු ගැනීමට යම් බාධා ඇති කරන ආකාරයට දුර්වල කිරීමයි. ඒ මඟින් ජනාධිපතිවරයාගේ තීන්දු මෙම නව ව්‍යවස්ථා අධිකරණය මඟින් බල රහිත කිරීමේ හෝ වෙනස් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. එහිදී මහජන ආරක්ෂක පනත යටතේ මේ වන විට ජනාධිපතිවරයා සතු බලතලද දියාරු කෙරෙනු ඇත. මෙම ක්‍රියාමාර්ග ජනාධිපති බලතල අඩුකිරීම හෙවත් ජනාධිපතිවරයාගේ තටු කැපීම නැමැති දේශපාලන වශයෙන් වාසිදායක සටන් පාඨයට මුවා වී එම ක්‍රියාමාර්ග වල බරපතළකම සමනය කෙරෙනු ඇත.

  • හත්වැන්න: හත්වැනි බෙදුම්වාදී ප්‍රතිපාදනය වන්නේ පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා සතු මූල්‍ය බලතල වලට පරිබාහිරව ස්වාධීනව ක්‍රියාත්මක කළ හැකි මූල්‍ය බලතල ප්‍රමාණයක් පළාත් සභාවට සහ මහ ඇමතිවරයාට ලබාදීමයි. විශේෂයෙන්ම මහ ඇමතිවරයාට ස්වාධීනව තම දේශපාලන වුවමනාවන් අනුව කළමනාකරණය කළ හැකි අරමුදලක් ඇති කිරීමටද අවසර ලැබෙනු ඇත. එහිදී පළාත් සභාව ජාතික මූල්‍ය කොමිෂමෙන් හෝ මහ බැංකුවේ අවසරය නොමැතිව විදේශ අරමුදල් සහ ණය ලබා ගැනීමට ප්‍රතිපාදන සැලසුණ ඇත. එමඟින් කොටිලාගේ කළු සල්ලි සුදු කිරීමටද පොටක් පෑදෙනු ඇත.

  • අටවැන්න: අටවැනි බෙදුම්වාදී ප්‍රතිපාදනය වන්නේ පළාත් සභා ආශ්‍රිත ඉඩම් බලතල ශක්තිමත් කිරීම මඟින් මධ්‍යම රජයේ කටයුතු වලට පළාත් ඉඩම් යොදා ගැනීමේදී බාධා ඇති කිරීමයි. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවට අදාළව ඉඩම් යොදා ගැනීමේදී සීමා පැනවීමට එමඟින් පළාත් සභාවට බලය ලැබේ. එවිට හමුදා කඳවුරු පවත්වාගෙන යාම සඳහා පළාත් සභාවේ අවසරය ලබා ගැනීමට සිදුවනු ඇත. එම බලය යොදා ගනිමින් උතුරු නැගෙනහිර හමුදා කඳවුරු වල භූමිය සීමා කිරීමට, ඒවා ඉවත් කිරීමට හෝ නැවත ස්ථාන ගත කිරීමට බලපෑම් කෙරෙනු ඇත.

කෙසේ වුවත් හමුදා කඳවුරු කුඩා කිරීම, යම් ප්‍රමාණයක් ඉවත් කිරීම සහ නිලධාරී සංඛ්‍යාව අඩු කිරීම වැනි බෙදුම්වාදී වුවමනාවන් ව්‍යවස්ථාව සම්මත කිරීමට පෙර ඉටු කර දෙන බවක්ද පෙනෙන්නට ඇත. මෙම අටවැදෑරුම් බෙදුම්වාදී ප්‍රතිපාදන සහිත ව්‍යවස්ථා කෙටුම්පතෙහි සැර බාල කිරීම සඳහා විවිධ වචන හරඹ යොදා ගන්නවා ඇත. ඊට අමතරව නව පන්නයේ මූලික අයිතිවාසිකම් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී සහ සිවිල් අයිතිවාසිකම් ප්‍රමාණයක් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම මඟින් කරනු ලබන සැරසිලි මඟින්ද බෙදුම්වාදී ප්‍රතිපාදන පිළිබඳ සංවාදය යටපත් කෙරෙනු ඇත. ජනාධිපති බලතල අඩු කිරීම සහ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම වැනි සැරසිලි ඒ සඳහා විශේෂයෙන් යොදා ගනු ඇත. එම සැරසිලි කොතෙක් වර්ණවත් වනු ඇත්ද යන්න පැහැදිලි වන්නේ සමලිංගික අයිතිවාසිකම් පවා ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට යෝජනා කිරීම මඟින් පැහැදිලි වේ.

ඒ සියල්ලටම වඩා මෙම නව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළදී සහ පාර්ලිමේන්තුව තුළදී මෙන්ම අමාත්‍ය මණ්ඩලයේදී වරින් වර කරනු ලබන විවිධ සංශෝධන සිදු කිරීමේ ක්‍රියාවලිය තුළින් මහජන විරෝධය සමනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරනු ඇත. නමුත් ඕනෑම රටක් බෙදා වෙන් කිරීමට ප්‍රතිපාදන සලසන ව්‍යවස්ථාවක් මහජන ඡන්දයෙන් හෙවත් ජනමත විචාරණයකදී සම්මත කර ගැනීම පහසු ක්‍රියාවක් නොවේ. දැනටමත් විපක්ෂ කණ්ඩායම් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට පටලවා ගැනීම මඟින් සහ ඔවුන් ලවා තමන්ට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරවා ගැනීම මඟින් අභියෝගයෙන් 50%ක් ජය ගැනීමට ආණ්ඩුව සමත් වී ඇත. ඒ තුළ ව්‍යවස්ථාව එළියට දැමූ පසු ඊට විරුද්ධ වීම සඳහා අවශ්‍ය වන සදාචාර බලයද විපක්ෂයට අහිමි වේ. දැනටමත් විවිධ වාමවාදී කණ්ඩායම් එකතු කිරීමට යම් ඔත්තු සේවා විසින් ගන්නා වූ උත්සාහය තුළින් පැහැදිලි වන්නේ තවත් පෙරමුණකින් සුළු ජාතික හිතවාදී ව්‍යවස්ථාවක වැදගත්කම සාධාරණීකරණය කිරීමට විශේෂ උත්සාහයක් ගැනෙන බවය. මෙහිදී විපක්ෂය තුළ මානසික බාධක පැනවීම විශේෂ උපක්‍රමයක් ලෙස භාවිත වනු ඇත. එනම් සුළු ජාතික ඡන්ද ලබා ගැනීම සඳහා යම් දෙයක් දිය යුතුය යන ස්ථාවරයට විරුද්ධ නොවී සිටීමේ තත්ත්වයක් ඇති කිරීමයි. නමුත් සැබෑ ලෙසම එම මානසික බාධක ජය ගත හැක්කේ බෙදුම්වාදී නායකයින්ට කප්පම් දීම වෙනුවට සුළු ජාතික සාමාන්‍ය ජනතාව ඇතුළු සියලු පුරවැසියන්ට රටේ කුමන ප්‍රදේශයක ජීවත් වුවත් සමානව සැලකිය යුතුය යන ස්ථාවරයේ දැඩිව සිටීම මඟිනි.


වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

2019-09-09

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.