News Category
From Date
To Date
Maximum Number of Result

13න් එහාට යාම සහ 13 මත ගොඩනැඟීම: මත දෙකේ යටි අරමුණු

Jul 2, 2026 at 08:01 PM
|


මේ දිනවල ජාතිවාදී දේශපාලන විද්වතුන් යැයි කියා ගන්නා පිරිස් සහ ටී.එන්.ඒ පක්ෂයේ න්‍යායාචාර්යවරුන් අතර බරපතළ මතවාදී ගැටුමක් පවතින බවට විවිධ ක්‍රමවේද මඟින් හුවා දක්වයි. ඒ අතර ටී.එන්.ඒ පක්ෂයේ ඉනිශියා "මධ්‍යස්ථ මතධාරීන්" සහ "බෙදුම්වාදී අන්තවාදීන්" අතර මාරාන්තික ගැටුමක් ඇතිවී තිබෙන බවටද විවිධ වාර්තා නිර්මාණය වේ. එම ගැටුම් තුළින් මහජනයාට පෙන්වීමට උත්සාහ කරන්නේ ව්‍යවස්ථාවට අදාළව ටී.එන්.ඒ පක්ෂය යම් මධ්‍යස්ථ තැනකට පසු බැසීමට යථාර්ථවාදී වුවද අන්තවාදීන් නව ෆෙඩරල් ව්‍යවස්ථාවක්ම ඉල්ලා සිටින බවයි. ඒ මඟින් ප්‍රධාන වශයෙන් බහුතර සිංහල ජනතාවගේ මනස තුළ ගම්‍ය වන්නේ අන්තවාදීන් භයානක වුවත් මධ්‍යස්ථවාදීන් "....." ඉල්ලා සිටින්නේ නැති බවයි. අන්තවාදීන් පරාජය කිරීම සඳහා මධ්‍යස්ථවාදීන්ගේ මතයට එකඟවීම තර්කානුකූලහෙයි මතයක් ඒ මඟින් තහවුරු වේ.

තේ ආකාරයට මධ්‍යස්ථ මතධාරී සහ අන්තර් මත අතර පවතින ගැටුම අතිශයෝක්තියෙන් සමාජගත කිරීම සඳහා පසුගිය දිනවල විශේෂ සම්මන්ත්‍රණයක්ද සංවිධානය කොට තිබුණි. එහිදී නාට්‍යමය ආකාරයට එම ගැටුම ඉදිරිපත් කෙරිණි. එහිදී දක්නට ලැබුණු විශේෂත්වය වන්නේ ඉහත සඳහන් කළ අන්තර්වාදී සහ මධ්‍යස්ථ යන පාර්ශ්ව දෙකට අමතරව තවත් තුන්වන පාර්ශ්වයක්ද සිටින බවයි. ඒ අනුව අන්තවාදීන්ගේ ඉල්ලීම වන්නේ බුද්ධාගමට හිමි තැන සහ ඒකීය යන වචනය ව්‍යවස්ථාවෙන් ඉවත් කරන ආකාරයට නව ෆෙඩරල් ව්‍යවස්ථාවක් ලබා ගැනීමය. ඒ තුළ සැඟවී ඇති අනෙක් මතය වන්නේ රට ෆෙඩරල් කිරීමට නම් ව්‍යවස්ථාවෙන් ඒකීය වචනය ඉවත් කළ යුතු බවය. එහෙත් ව්‍යවස්ථා විරුද්ධවාදීන්ගේ මතය වන්නේ ව්‍යවස්ථාවේ ඒකීය වචනය එසේ තිබියදී ......... රට ෆෙඩරල් කළ හැකි බවය. සුමන්තිරන් මන්ත්‍රීවරයාද එය අනුමත කර ඇත.

කෙසේ වෙතත් ඉනිශියා මධ්‍යස්ථ මතධාරීන්ගේ මතය වන්නේ එවැනි නව ව්‍යවස්ථාවක් වෙනුවට 13වන සංශෝධනය ඉක්මවා යන බලතල ලැබෙන්නේ නම් සෑහීමට පත්විය හැකි බවයි. එසේනම් ඉහත සඳහන් කළ තුන්වන පාර්ශ්වයේ මතය කුමක්ද? ඔවුහු ඉතා සුවිශේෂී මතයක් ඉදිරිපත් කරති. ඊට අනුව 13වන සංශෝධනයෙන් එහාට නොයා යුතුය. නමුත් ඒ මත තවදුරටත් ගොඩනැඟිය යුතුය. එම මතය අනුව 13මත ගොඩනැඟීම යනු වත්මන් ව්‍යවස්ථාවේ පවතින 13වන සංශෝධනය මඟින් ලබා දී ඇති බලතල ක්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත්කොට නව ප්‍රතිපාදන මඟින් එය තවදුරටත් එය ශක්තිමත් කිරීමයි. ඒ මඟින් ගම්‍ය වන්නේ තිබෙන බලතල සිරස් අතට තවදුරටත් ශක්තිමත් කෙරෙන බවයි.

එනම් ඉනිශියා මධ්‍යස්ථ මතධාරීන් 13 වන ව්‍යවස්ථාව ඉක්මවා යන ආකාරයට තිරස් අතට නව බලතල ප්‍රමාණයක් එකතු කරමින් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමද? පවතින 13වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත්කොට ඊට තිරස් හෝ සිරස් යන යන කුමන ආකාරයට බලතල එකතු කළත් ඒ මඟින් 13 වැනි සංශෝධනය ඉක්මවා යන බෙදුම්වාදී බලතල ප්‍රමාණයක් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට උත්සාහ කෙරෙන බව කුඩා දරුවන්ට වුවද තේරුම් ගත හැකිය. ඒ අනුව "සිරස් 13 + සහ තිරස් 13+" අතර ගැටුම මහජනයා නොමඟ යැවීම සඳහා කෙරෙන නාට්‍යය ඉදිරිපත් කිරීමක් බව පැහැදිලිව පෙනේ.

ඉනිශියා මධ්‍යස්ථ මතධාරීන් සහ තුන්වන පාර්ශ්වය අතර මත ගැටුම ව්‍යාජයක්නම් මධ්‍යස්ථ මතධාරීන් සහ අන්තවාදීන් අතර පවතින ගැටුම කුමක්දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. පිළිතුර ලෙස කිවහැක්කේ එයද එක්තරා ආකාරයක ව්‍යාජයක් බවය. එසේනම් මේ නාට්‍යයේ නාට්‍යයේ සැබෑ අරමුණ පැහැදිලි කරන්නේ කෙසේද? මෙම පාර්ශ්ව ත්‍රිත්වය අතර කෙරෙන ව්‍යාජ සංවාදය පැහැදිලි කළ හැක්කේ සැබෑ ලෙසම බෙදුම්වාදීන්ට අවශ්‍ය කුමක්ද යන්න තේරුම් ගැනීමෙනි.

ඉන් පසුව එසේ ඔවුන්ට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා කේවල් කිරීමේදී බහුතර සිංහල ජනතාව ගොනාට ඇන්දවීම සඳහා යොදා ගන්නා මානසික යුද උපක්‍රම තේරුම්ගත යුතුය. බෙදුම්වාදී බලවේග වලට මූලික වශයෙන් තාක්ෂණිකව අවශ්‍ය වන්නේ නීත්‍යනුකූලව වෙනම රාජ්‍යයකට ආසන්න බල ව්‍යුහයක් හෙවත් ෆෙඩරල් බලතල සහිත රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමය. ජාත්‍යන්තර අත්දැකීම් අනුව ඒ සඳහා ක්‍රමවේද දෙකක් යොදා ගැනේ. පළමුවැන්න ව්‍යවස්ථා සංශෝධන මඟින් එවැනි රාජ්‍ය ව්‍යුහයක් නිර්මාණය කිරීමය. දෙවන ක්‍රමය වන්නේ සුඩානය බෙදා වෙන්කිරීම සඳහා යොදාගත් ක්‍රමය වන ජාත්‍යන්තර ගිවිසුමක් මඟින් රාජ්‍ය පාලන ව්‍යුහයක් නිර්මාණය කිරීමය. 2002 දී ශ්‍රී ලංකාවේදී සටන් විරාම ගිවිසුම හරහා තාවකාලික ආණ්ඩුවක් නිර්මාණය කරමින් ක්‍රමවේද දෙක දෙමුහුන් කිරීමේ උත්සාහයක් දියත්විය.

ව්‍යවස්ථානුකූලව වෙනම රාජ්‍යයකට ආයතන බලතල සහිත ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමෙන් පසුව වෙනම රාජ්‍යයක් දක්වා යන ගැටුම සහිත මාවත නීත්‍යනුකූල හෝ ව්‍යවස්ථානුකූල නොවේ. නමුත් එම ගැටුම් නිර්මාණය කරනු ලබන්නේ නීත්‍යනුකූල බලතල ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය ඉඩ නොදෙනවා යන තර්කය මතය. ඒ අනුව එම ගැටුම් සාධාරණීකරණය කිරීම සඳහා නිරායුධ මහජනයා වීදි සටන් වලට යොමු කොට ඔවුන්ගේ මළ මිණී මතින් ජාත්‍යන්තර මැදිහත් වීමට ආරාධනා කරනු ලැබේ. ඒ පිළිබඳව හොඳම උදාහරණයක් කොන්ගෝ රාජ්‍ය වෙන් කිරීමේදී සර්බියන් හමුදාවට එරෙහිව නේටෝ ප්‍රහාර කැඳවීමේ උපක්‍රම තුළින් ඉගෙන ගත හැකිය. ආර් සම්බන්ධන් මහතාගේ ප්‍රකාශයකට අනුව ඔවුන් ඊළාම් අරමුණ අතහැර නැත. එහෙත් ඔවුන් ඒසඳහා යොදාගන්නා උපායමාර්ගය වෙනස්කොට ඇත. එනම් යුද්ධය වෙනුවට "ගාන්ධිවාදී" මහජන වීදි සටන් යොදා ගැනීමට එම සටන් වලට රජයේ හමුදා පහර දුන්නොත් මැදිහත් වන ලෙස ඔහු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී. එසේනම් බෙදුම්වාදී උපාය මාර්ගය අනුව වෙනම රාජ්‍යයකට ආයතනික බල ව්‍යුහයන් සහිත ෆෙඩරල් රාජ්‍යයක් ලබා ගැනීම සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍යද? එසේ වුවහොත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත්කොට එය ශක්තිමත් කිරීමෙන් පමණක් එම අරමුණ ඉටු කරගත හැකිද?

හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතාට අනුව 13 වැනි සංශෝධනය මඟින් ඉන්දියාවේ පවතිනවාටත් වඩා බරපතළ ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණයවේ. උදාහරණයක් ලෙස ඉන්දියාවේ පළාත් විෂයකට අදාළව මධ්‍යම රජය විසින් නීතියක් සම්මත කරන්නේනම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරය ප්‍රමාණවත් වේ. නමුත් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය බහුතරය ප්‍රමාණවත් වේ (මෙහි මුල් පිටපතේ වාක්‍යය නැවත ලියවී ඇත). නමුත් ශ්‍රී ලංකාවේ 13 වැනි සංශෝධනයට අනුව එවැනි නීතියක් සම්මත කිරීම සඳහා ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය විශේෂ බහුතරය අවශ්‍යවේ. එසේනම් 13 වැනි සංශෝධනය මඟින් හුදු වචන මාත්‍රයක් පමණක් බවට පත්කොට න්‍යායාත්මකව ෆෙඩරල් රාජ්‍යයක් බිහිවී ඇත. එසේනම් බෙදුම්වාදීන් දිගින් දිගටම එම රාජ්‍ය ව්‍යුහය බාර ගැනීමට අකමැති වන්නේ ඇයි? එයට හේතුව 13 වැනි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට එරෙහිව යම් බාධක ප්‍රමාණයක් පැවතීම සහ එය තව දුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබීමය.

හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතාට අනුව එම බාධක පැනවෙන්නේ විධායක ජනාධිපතිවරයාට සෘජුව සහ ආණ්ඩුකාරවරයා හරහා ක්‍රියාත්මක කළ හැකි බලතල නිසාය. එම බලතල ඉවත් කළහොත් හෝ ව්‍යවස්ථාවේ වචන හරඹ මඟින් දුර්වල කළහොත් 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරමින් ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීමට හැකිවේ. ව්‍යවස්ථා සම්පාදක සභාවට ඉදිරිපත් වූ උප කමිටු වාර්තාවල සඳහන් යෝජනා අතරින් ප්‍රධාන වන්නේ එසේ 13වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත් කිරීමය.

බෙදුම්වාදී මාර්ග සිතියම තුළ බාධාවකින් තොරව ඉදිරියට යාම සඳහා එම බාධක ඉවත් කිරීම පමණක් ඉවත්කිරීම පමණක් වුවද ප්‍රමාණවත් වේ. එහෙත් එවිට එම මාර්ග සිතියම ඔස්සේ බලතල භුක්ති විඳිමින් නීත්‍යනුකූලව යාමට බලාපොරොත්තු වන දුර අඩුවේ. එනම් මධ්‍යම රජයට එම ගමනට එරෙහිව යම් නීත්‍යනුකූල බාධක පැනවීමට ඉඩක් ලැබේ. වෙනත් වචන වලින් කියන්නේනම් එවිට බෙදුම්වාදීන්ට මහජන වීදි සටන් හරහා ජාත්‍යන්තර මැදිහත්විමට පාර කපන ..... කනුවම ගැලවීමට පෙර මධ්‍යම ආණ්ඩුවේ නීත්‍යනුකූල කකුලෙන් ඇදීම් වලට මුහුණ දීමට සිදුවේ.

යහපාලන ආණ්ඩුව යටතේ ලැබී ඇති වාසිදායක තත්ත්වය තුළ එවැනි කුඩා අවාසියකට වුවද මුහුණ දීමට බෙදුම්වාදීන් සූදානම් නොවනු ඇත. ඔවුන් 13වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත්කොට එනම් එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කොට ඉන් එහාට යා යුතු යැයි කියන්නේ ඒ නිසාය. ඉනිශියා මධ්‍යස්ථ බෙදුම්වාදීන් සහ ජාතිකවාදීන්ට හිතවාදී බව පෙන්වන ඉනිශියා බෙදුම්වාදී විරෝධී තුන්වන පාර්ශ්වය විසින් 13වන සංශෝධනයෙන් එහාට යාම සහ ඒ මත ගොඩනැඟීම යනුවෙන් දෙයාකාරයකට ඉදිරිපත් කරන්නේ ඒ එකම අවශ්‍යතාවය බව ඉතා පැහැදිලිව පෙනේ. එවැනි තත්ත්වයක් තුළ බෙදුම්වාදී බලවේග විසින් දියත්කොට ඇති ක්‍රියාවලිය පරාජය කිරීමටනම් එකම අවශ්‍යතාවය වෙනස් මත දෙකක් ලෙස ඉදිරිපත් කිරීමේ මානසික යුද උපක්‍රමය තේරුම්ගත යුතුය. දෙවනුව 13වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම මඟින් බෙදුම්වාදීන්ගේ මූලික තාක්ෂණික අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ඉටුවන්නේනම් නව ව්‍යවස්ථාවක් ඉල්ලමින් රණ්ඩු කිරීමේ මානසික යුද උපක්‍රමයද තේරුම්ගත යුතුය. කෙසේ වෙතත් මහා පින්තූරය තේරුම් ගැනීම සඳහා දෙවන මානසික යුද උපක්‍රමය පළමුව තේරුම් ගැනීම වැදගත් වනු ඇත. ඇත්ත වශයෙන්ම එය ඉතා පැරණි ප්‍රාථමික උපක්‍රමයකි. එනම් මහා විශාල ඉල්ලීමක් ඉදිරිපත්කොට "සුළු දේකට" එකඟ වීමයි. ඒ මඟින් මහජන මනසේ පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුළද සුභවාදී මනෝභාවයක් තහවුරු වේ. නමුත් සැබවින්ම ඒ "සුළුදේ" හරයෙන් "මහදේට" සමාන වන අතර ඒ සුළුදේ ලබා ගැනීම මඟින් මූලික බෙදුම්වාදී උපාය මාර්ගික අවශ්‍යතාවය ඉටුවේ.

ඒ ආකාරයට නව ව්‍යවස්ථාවක් සඳහා වූ ඉල්ලීම් අතහැරීමට න්‍යායාත්මකව බෙදුම්වාදීන්ට ගැටලුවක් නොවේ. නමුත් නව ව්‍යවස්ථාවක් ඉල්ලීම මඟින් සිංහල ජනයාගේ මොළය සේදීම සඳහා පදනමක් දමා ගන්නා ආකාරයට දෙමළ අන්තවාදී පාර්ශ්ව සතුටු කිරීමද අරමුණු කෙරේ. දෙමළ ජාතිකවාදය යුද්ධයෙන් දණ ගැස්සවූ සිංහල ජාතිකවාදය දණ ගැස්විය හැක්කේ කෙසේ හෝ ව්‍යවස්ථා සටනින් සිංහල ජාතිකවාදීන් පරාජය කිරීම මඟිනි. ඒ පිළිබඳ විවාදයක් නැත. එහෙත් සිංහල ජාතිකවාදයට පරපීඩකකාමීව පහරදීමේ මානසික වුවමනාව තෘප්තිමත් වන්නේ නව ව්‍යවස්ථාවක් මඟින් බුද්ධාගමට හිමි තැන අහිමි කිරීම, "ඒකීය වචනය ඉවත්කිරීම", ජාතික කොඩිය වෙනස් කිරීම සහ ජාතික ගීය වෙනස් කිරීම වැනි ඉල්ලීම් මඟිනි. ඒ මඟින් තවත් අතුරු වුවමනාවක්ද ඉටුවේ. එනම් සුමන්තිරන් මන්ත්‍රීවරයාම කියන ආකාරයට මෝඩ සිංහල ජනතාවට එවැනි ලේබල් ගැන කරදර වීමට ඉඩ හැර සැබෑ බෙදුම්වාදී ප්‍රතිපාදන පිළිබඳ කතිකාව යටපත් කළ යුතුය.

ඉහත සඳහන් කළ පළමු යුද උපක්‍රමය හෙවත් 13 වන සංශෝධනය බලාත්මක කිරීමට අදාළව 13න් එහාට යාමට සහ 13 මත ගොඩනැඟීම යනුවෙන් ආයතන වශයෙන් සමාන මත දෙකක් දෙපිරිසක් දෙකට බෙදී ඉදිරිපත් කරන්නේ කුමක් නිසාද? පළමුවෙන්ම ඒ මඟින් ඒ ආකාර දෙකෙන් කුමන ආකාරයට එකඟ වුවත් නව ව්‍යවස්ථාවක් .... භයානක හානි බවට මතයක් තහවුරු වේ. දෙවැන්න මධ්‍යස්ථ බෙදුම්වාදීන් සහ ජාතිකවාදීන්ට හිතවත් බව පෙන්වන තුන්වන පාර්ශ්වය අතර පරස්පරයක් හෝ ගැටුමක් තිබෙන බව පෙන්වීමයි. ඒ මඟින් තුන්වන පාර්ශ්වය හෙවත් ජාතිකවාදී සළු පිළි පොරවාගත් පිරිස් වලට ජාතිකවාදී ජාතිකවාදී බලවේග උදෙසා වැඩි පිළිගැනීමක් ලැබේ. එම පිළිගැනීම භාවිත කොට එම බලවේග වල මොළය සේදීමේ බලයක්ද මෙම ව්‍යාජ ජාතිකවාදීන්ට ආරෝපණය වේ. එමනිසා ඒ මඟින් තුන්වන පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන යෝජනාව සහ ඉනිශියා මධ්‍යස්ථ බෙදුම්වාදීන්ගේ යෝජනාව අතර තාක්ෂණික වෙනසක් නැති වුවත් එක් යෝජනාවක් ජාතික බලවේග වලට ගිල්ලවීමට ඉඩ ඇත.

මෙම මහා පින්තූරය තුළ 20වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස ගෙන එන්නේ ඉහත සඳහන් කළ ව්‍යාජ ජාතිකවාදීන්ට ගිල්ලවනු ලබන යෝජනාව බවට කිසිදු සැකයක් නැත. එනම් 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත්කොට ඒ මත තවදුරටත් ගොඩනඟමින් එය ශක්තිමත් කරන යෝජනාවලියකි. එවිට යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් 13 න් එහාට යාමට ඉඩ නොදුන් බව පවසා උදම් ඇනීමටද ඉඩ ඇත. ඊට අමතරව තවත් පිරිසක් තමා ව්‍යවස්ථා සම්පාදක සභාව තුළ දිගින් දිගටම රැඳී සිටි බැවින් භයානක නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සාහය පරාජය කොට "හානිකර නොවන" සංශෝධනයක් ගෙන ඒමට හැකිවූ බවට උදම් අනනු ඇත. එවිට ශ්‍රී ලාංකික ජාතියට ඉතිරි වන්නේ එම සංශෝධන වලට විශේෂ බහුතරය ලබාදෙන මන්ත්‍රීවරුන්ට පමණක් නොව ඊට ඉඩ සලසමින් නිහඬව සිටි අයටද සදාකාලිකව සාප කරමින් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ අවසාන ජවනිකාව පෙළගැස්වීමේ අවස්ථාව පමණි.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර

2016.0304

සම්බන්ධිත පුවත් | Related News

’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය
පහත පළකෙරෙන අතිගරු ජනාධිපතිතුමාට යොමුකෙරෙන ලිපියෙන් ඉල්ලා සිටින පරිදී රජරට වකුගඩු රෝගය පාලනය කිරීමට අදාල මූලික පියවරක් ලෙස කෘෂි රසායන භාවිතය පාලනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එම අමාත්‍යාංශයේ
පසුගිය දිනවල සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල ප‍්‍රචාරයක් ලබාදෙමින් ‘‘ආහාර සුරක්‍ෂිතතාව’’ තහවුරු කිරීම සඳහා මෙහෙයුමක් දියත් කරන්නට යෙදුනි. එහෙත් ඔවුන්ට එම වචන වල නිවැරිදි තේරුම පිළිබඳවත් අවබෝධයක් නොතිබිනි. ඔවුන්ට අනුව ‘‘ආහාර ආරක්‍ෂාවට’’ :ත්‍දදා ී්ෙැඑහ* අදාලව ගන්නා පියවර මඟින් ‘‘ආහාර සුරක්‍ෂිතතාව’’ :ත්‍දදා ීැජමරසඑහ* තහවුරු වේ. එය ඉතා කණගාටුදායක තත්වයකි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.