News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දීය – ශ්‍රී ලංකා එකඟතාවන් මෝදි – රනිල් ගිවිසුමෙන් ඔබ්බට!

Dec 22, 2024 at 08:16 AM
|

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශීය පර්යේෂණ යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණීම වසරකට තහනම් කළේය. ඒ 2024 වසරට අදාළවය. එම තහනම චීනය ඉලක්ක කර ක්‍රියාත්මක කළ බව රහසක් නොවේ. ඉන්දියාව වෙනුවෙන් ඇමෙරිකාවද එහිදී ඍජුව මැදිහත් විය. පසුගියදා පැවැත්වූ ඉන්දු-ලංකා සාකච්ඡාවේදී එම තහනම දීර්ඝ කිරීමේ අවශ්‍යතාව ඉන්දියාව නැවතත් අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරකු වන චීනය ඉලක්ක කර ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම කිසිසේත්ම සාධාරණ නැත. මෙම කාරණාවේදී ශ්‍රී ලංකා රජය මුහුණ දෙන්නේ විසඳා ගැනීමට නොහැකි ගැටලුවකටය. එම තත්ත්වය උභතෝකෝටිකයකි. තමන්ට පෙර සිටි ජනාධිපතිවරුන් මෙන්ම දිසානායක ද ශ්‍රී ලංකා භූමිය කිසිසේත්ම ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට නැවතත් මෝදි අග්‍රාමාත්‍යවරයාට ප්‍රතිඥාවක් දුන්නේය. එය ඉන්දීය ස්ථාවරය වෙනස් කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවනු ඇත.ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙසැම්බර් 16, 2024 වන දින ඇතිකර ගනු ලැබූ එකඟතාවන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ (2022 ජුලි-2024 සැප්තැම්බර්) ඉන්දීය නායකයා සමග 2023 ජුලි 21 වන දින නව දිල්ලියේ දී ඇතිකර ගත් ගිවිසුම සමග සමස්තයක් ලෙස සලකා බැලු විට සම්පූර්ණයෙන්ම එකඟය. නව එකඟතාව හරහා මෝදි-වික්‍රමසිංහ ගිවිසුම තවදුරටත් පුළුල් කර ඇත.

දිසානායක ජනාධිපතිවරයා තම තෙදින නිල සංචාරය (15 සිට 17 දක්වා) ආරම්භ කිරීමට සති කීපයකට පෙර එජාප නායක වික්‍රමසිංහ ඉන්දියාවේ කළ පෞද්ගලික සංචාරයකදී අවධාරණය කළේ තමන් මෝදි අග්‍රාමාත්‍යවරයා සමග ඇතිකර ගනු ලැබූ ගිවිසුම එයාකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බවයි. එය එලෙසම සිදුවී ඇත.

මෝදි අග්‍රාමාත්‍යවරයා සහ දිසානායක ජනාධිපතිවරයා අතර සිදුවූ සාකච්ඡාව නිසියාකාරව වටහා ගැනීමට නම් දෙරට නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය, ඉන්දීය නායකයා මාධ්‍ය හමුවේදී හින්දි බසින් කළ ප්‍රකාශයේ ඉංග්‍රීසි පරිවර්තනය සහ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි ඉන්දීය මාධ්‍යයට කළ ප්‍රකාශය සහ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට දුන් පිළිතුරු අවධානයෙන් කියවිය යුතුය. එම ප්‍රකාශ සමග මෝදි – වික්‍රමසිංහ ගිවිසුම ද අධ්‍යයනය කළ යුතුමය.

මෙම ලිපිය සම්පාදනය කරන අවස්ථාවේ (දෙසැම්බර් 18) ඉන්දීය-ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (මන්ත්‍රී ආසන 40) හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඉලංකෙයි තමිල් අරසු කඩ්චි (මන්ත්‍රී ආසන 08), නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (මන්ත්‍රී අසන 05) සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය/මන්ත්‍රී ආසන 03) තම ප්‍රතිචාරය දක්වා නැත.

අදාළ ඉන්දීය ප්‍රකාශ සම්බන්ධයෙන් නිසියාකාර අධ්‍යනයක් කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයකට වුවමනාවක් නැත. ඒ වෙන කිසිදු කාරණාවක් නිසා නොව විපක්ෂය නියෝජනය කරන සෑම පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් මෝදි-වික්‍රමසිංහ ඓතිහාසික ගිවිසුම සමග එකඟ වී ඇති නිසාය.

දීර්ඝ කාලයක් විධායකය සහ ව්‍යවස්ථාදායකය සම්පූර්ණයෙන්ම අසාර්ථක වීම තුළ 2020 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව බංකොලොත් බවට ගෝඨාභය රාජපක්ෂ රජය නිල වශයෙන් පිළිගත්තේය. නමුත් අතිශය දුර්වල සහ දූෂිත මූල්‍ය පාලනය හේතුවෙන් ශ්‍රී ලංකාව බංකොලොත් වූයේ ඊට බොහෝ කාලයකට පෙරය. ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීම සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම 2020 ජුලි මාසයේදී සිදුවීම සහ ඊට හරියටම වසරකට පසුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇතිකර ගනු ලැබූ ගිවිසුම ආන්දෝලනාත්මකය.

නරේන්ද්‍ර මෝදි භාරතීය ජනතා පක්ෂයේ අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකයා ලෙස 2014 දී තම පක්ෂය ඓතිහාසික ජයග්‍රහණයකට මෙහෙයවීය. ආසන 282 ලබා තම බලය ස්ථාපිත කළ මෝදි වසර 11 තුළ මහ මැතිවරණ තුනක් ජයග්‍රහණය කර ඇත. ඉන්දියාව ලෝකයේ බලවත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට මෝදි දුන් නායකත්වය පිළිබඳව ඉන්දියාවට ප්‍රීතියට පත්වීමට හැකිය. ඉන්දියාව ශ්‍රී ලංකාව සමග 2023 දී ගිවිසුම් ගත වූයේ ලෝක බලවතෙක් සහ කලාපීය බලවතා ලෙසය. මෝදි අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය තුළ ඉන්දියාව ලැබූ තීරණාත්මක ශීඝ්‍ර සංවර්ධනය සහ ශ්‍රී ලංකාවේ තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. මෝදි අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ 2014 සිට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ තත්ත්වය සංසන්දනය කිරීම තුළ අප රට ආර්ථික-දේශපාලනික-සමාජීය වශයෙන් කඩා වැටීම තේරුම් ගත හැකිය. මෙම කාලය තුළ ජනාධිපති ධුරය හෙබවූ මෛත්‍රිපාල සිරිසේන (2015-2019), ගෝඨාභය රාජපක්ෂ (2019-2022) සහ රනිල් වික්‍රමසිංහ (2022-2024) මෙම තත්ත්වයට වගකිව යුතුය.

ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සහ ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක අනුර කුමාර දිසානායක 2024 ජනාධිපතිවරණය සහ 0මෑතකදී පැවැත්වූ මහමැතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කිරීම විමසා බැලිය යුතු වන්නේ ද්‍රවිඩ බෙදුම්වාදී ත්‍රස්තවාදය 2009 දී පරාජය කළ ශ්‍රී ලංකාව බංකොලොත් කිරීමට අඩු වැඩි වශයෙන් එක් එක් ආණ්ඩු දායක වූ ආකාරය සම්බන්ධයෙන්ද අවධානය යොමු කරමිනි. මෝදි-වික්‍රමසිංහ ගිවිසුම ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් කඩාවැටීමේ ප්‍රතිපලයකි. දේශපාලන ව්‍යාකූලත්වය සහ අස්ථාවර භාවය ඊට අවශ්‍ය පරිසරය නිර්මාණය කළේය. සමස්ත කඩා වැටීම තුළ ජනතා කෝපය ‘අරගලය’ හරහා පුපුරා යෑම ශ්‍රී ලංකාව අඩපණ කළ බව අමුතුවෙන් කිවයුතු නැත.

දෙවරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී පරාජය වූ රනිල් වික්‍රමසිංහ 2022 දී ජනාධිපති ධුරයට පත්වීම සහ යන්තම් වසර 6 වයසැති ජාජබ 2024 ජනාධිපතිවරණය ජයග්‍රහණයේ කිරීම තුළ නව ඉන්දු-ලංකා ගිවිසුම සාකච්ඡා කරමු.

දිසානායක ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමට පෙර විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයෂන්කර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවිය. දෙපාර්ශ්වය අතර හයිද්‍රාබාද් නිවාසයේ සාකච්ඡා පැවැත්වීමට පෙර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සීමා කරන ලද සාකච්ඡාවක් පැවැත්වූ බවට ඉන්දීය විදේශ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ලියුම්කරු මිට පෙර අවධාරණය කළ පරිදි භූමියේ තත්ත්වය වටහා ගැනීමට ඉන්දියාව නිකුත් කරන ලද ප්‍රකාශ අවධානයෙන් විමසා බැලිය යුතුය. මෝදි-වික්‍රමසිංහ ගිවිසුම (Promoting Connectivity, Catalyzing Prosperity( India -Sri Lanka Economic Partnership Vision) සහ මෝදි-දිසානායක ගිවිසුම (Fostering Partnerships for a Shared Future) විමසා බැලිය යුතුය.

මෝදි-වික්‍රමසිංහ ගිවිසුමට ප්‍රධාන කරුණු 5 අයත් විය. නමුත් පසුගියදා ඇතිකර ගනු ලැබූ එකඟතා අතර නව යෝජනා තිබිණි. එයින් වඩාත් වැදගත් වුයේ ‘උපාය මාර්ගික සහ ආරක්ෂක සහයෝගිතාවය’ සම්බන්ධයෙන් ඇතිකර ගනු ලැබූ එකඟතාවයන්ය. එය (Strategic” Defence Cooperation) යන ශීර්ෂය යටතේ කරුණු 5 ක් මත අවධාරණය කර තිබිණි.

මෝදි අග්‍රාමාත්‍යවරයා දිසානායක ජනාධිපතිවරයා සමග පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ දෙපාර්ශ්වය ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට (Security Cooperation Agreement ) ඉක්මනින්ම එළැඹීමට තීරණය කළ බවයි. එලෙසම ශ්‍රී ලංකා මුහුදේ ජල ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වූ බවයි.

මෝදි අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක සහයෝගිතා ගිවිසුම සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීම ඒකාබද්ධ ප්‍රකාශයේ ඒ සම්බන්ධව ඉදිරිපත් කළ කරුණට වඩා වෙනස්ය. එහි සඳහන් වූයේ දෙපාර්ශ්වය ආරක්ෂක සහයෝගිතාවය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව රාමුවක් නිර්මාණය කිරීමේ හැකියාව විමසා බැලීමට තීරණය කළ බවත් ජල ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධයෙන් සහයෝගිතාව වර්ධනය කිරීමට කටයුතු කරන බවත්ය.

ශ්‍රී ලංකාව මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස් ලැබීමෙන් පසුව කිසිදු රටක් සමග ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට ඇතුළු වී නැත. ඉන්දියාව 1980 මුල් කාලයේදී ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ස්ථාපිත කළ කාලයේදීවත් ශ්‍රී ලංකාවට එවැනි අවශ්‍යතාවයක් නොවීය. නමුත් ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය අවි ආයුධ සහ පුහුණුව ලබා දුන්නේය. හතර වන ඊළාම් යුද්ධයේදී (2006-2009) ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය තීරණාත්මක විය. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ඉවහල් විය.

ශ්‍රී ලංකාවේ පිහිටීම සහ දේශපාලනිකව ස්ථානගත සහ වීම තුළ යම් රටක් සමග ‘ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට’ එළැඹීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ අතර සම්මුතියක් ඇති විය යුතු නොවේද?

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය දැරූ 2001-2003 සමයේදී ද ඉන්දියාව සමග ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට එළැඹීමට දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය. නමුත් එය සාකච්ඡාවකට පමණක් සීමා විය. නැවතත් යෝජිත ආරක්ෂක සහයෝගිතා ගිවිසුම නිල වශයෙන් දෙරට අතර ප්‍රධාන මාතෘකාවක් ලෙස නවතම ගිවිසුමට ඇතුළත් වී ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළ කරුණු අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ණය ආධාර 2022 සහ 2023 සැපයීම, ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 තුළම ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම, දැනට ක්‍රියාත්මක චෙන්නායි -පලාලි ගුවන් සේවය සහ නාගපටිනම්-කන්කසන්තුරෙයි අතර මුහුදු ප්‍රවාහන සේවයට අමතරව රාමේස්වරම් සහ තලෙයිමන්නාරම අතර ද එවැනි නාවික ප්‍රවාහන සේවයක් නුදුරේදී ම පිහිටුවීම ද විය. කෙසේ වෙතත් දෙපාර්ශ්වය නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයට අනුව මීට පෙර ක්‍රියාත්මක වූ නමුත් පසුව නතර වූ රාමේස්වරම් සහ තලෙයිමන්නාරම අතර මුහුදු ගමන් මාර්ගය නැවත ආරම්භ කිරීමට නියමිතය.

WION නාලිකාව වෙනුවෙන් මාධ්‍යවේදියකු ඉන්දියාව සහ ලංකාව අතර ස්ථාපිත කිරීමට යෝජනා කළ ගොඩබිම් මාර්ගය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් විදේශ ලේකම් වික්‍රම් මිස්රි වැළකිණි.

දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඇමෙරිකානු පරීක්ෂණයකට භාජනය වී සිටින ගෞතම් අදානිට අයත් සමාගම කොළඹ වරායේ බටහිර පර්යන්තයේ කර ඇති ආයෝජන සහ අනෙකුත් ආන්දෝලනාත්මක අදානි යෝජනා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා නොකළ බව වික්‍රම් මිස්රි ප්‍රකාශ කළේය. කොළඹ වරාය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම කිසිදු සඳහනක් නොවූ බව ඉන්දීය විදේශ ලේකම්වරයා කළ ප්‍රකාශය ඇත්ත වශයෙන්ම මවිතයට හේතුවකි.

ඇමෙරිකාව ඩොලර් බිලියන 553 ආයෝජනය කිරීමට නියමිතව තිබූ කොළඹ බටහිර පර්යන්තයට සම්බන්ධවූ අනෙකුත් පාර්ශ්ව දෙක වරාය අධිකාරිය සහ ජෝන් කීල්ස් සමාගමයි. අදානිට එරෙහිව දූෂණ චෝදනා එල්ලවීමත් සමගම ඇමෙරිකානු ආයෝජනය ඉවත් කර ගැනීම සිදු විය. අදාළ මුදල ගෞතම් අදානි විසින් යොදවන බවට ප්‍රකාශ වී ඇත. මෙවැනි බරපතල කරුණක් දෙරට අතර ඉහළ පෙළේ සාකච්ඡාවේදී අවම වශයෙන් අවධානය යොමු නොවූ බවට ඉන්දීය විදේශ ලේකම්වරයා කරන ප්‍රකාශය පිළිගත හැකිද?

අග්‍රාමාත්‍ය මෝදිගේ කුළුපඟ මිතුරකු වන අදානිට එරෙහිව ඇමෙරිකාව එල්ල කරන චෝදනාව දෙරට අතර හොඳහිත පළුදු කිරීමට හේතු විය හැකිය. ඇමෙරිකාව 2005 දී එවකට ගුජරාටයේ මහ ඇමැති වී මෝදිට රාජ්‍යතාන්ත්‍රික වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය. ඔහුට නිකුත් කර තිබූ සාමාන්‍ය වීසා අවලංගු කළේය. ඒ 2002 දී ගුජරාටයේ මුස්ලිම් ජනතා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට මූලික වූ බවට චෝදනා කරමිනි.

ඉන්දු-ලංකා මුහුදු සීමාව ඉන්දීය ධීවර ප්‍රජාව නිරන්තරයෙන් සංවිධානාත්මකව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඉන්දියාව කිසිසේත්ම සූදානම් නැත. මෙවර ඉන්දු-ලංකා සාකච්ඡාවේදී ද ඉන්දියාවේ ස්ථාවරය වූයේ දැනට තිබෙන තත්ත්වයේ වෙනසක් සිදු නොවිය යුතු බවයි. තමිල්නාඩු බලපෑම හේතුවෙන් ඉන්දියානු ධීවරයින් ශ්‍රී ලංකා මුහුද ආක්‍රමණය කිරීම කිසි දිනෙක නැවැත්වීමට අවස්ථාවක් නැත.

ඉන්දියාව තම නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය යොදවා තම අසල්වැසියාගේ මුහුදු සීමාව සංවිධානාත්මකව ආක්‍රමණය කිරීමේ ක්‍රියාදාමය වැළැක්වීමට සූදානම් නැත. තමිල්නාඩු ධීවර ප්‍රජාවගේ අවශ්‍යතාව ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ අයිතිය උල්ලංඝනය කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ශ්‍රී ලංකාවේ ජීවත්වන ද්‍රවිඩ ප්‍රජාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නිතරන කතා කරන කිසිදු ඉන්දීය දේශපාලනඥයකු තමන් පීඩාවට පත්කරන්නේ උතුරු -නැගෙනහිර ජීවත්වෙන ද්‍රවිඩ ධීවර ප්‍රජාව බව අමතක කර ඇත.

ධීවර ගැටලුව සම්බන්ධයෙන් විදේශ ලේකම්වරයා අපූරු ප්‍රකාශයක් කර තිබිණි. මොනයම්ම තත්ත්වයක් යටතේදිවත් බලය පාවිච්චි කිරීමට දෙපාර්ශ්වය එකඟ වූ බවයි. ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කරන ඉන්දීය ධීවරයන් ඉතාමත් කලහකාරී ලෙස යම් අවස්ථාවල හැසිරෙන බව ඉන්දියාව අමතක කිරීම සුදුසු නැත. ඉන්දීය ධීවරයින් කලහකාරී ලෙස තම යාත්‍රා හැසිරවීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික යාත්‍රාවලට හානි වූ අවස්ථා ඇත. පසුගිය ජුනි මාසයේ කන්කසන්තුරය මුහුදු ප්‍රදේශය ආක්‍රමණය කර සිටි ධීවරයින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී නාවික හමුදා නිලධාරියකු මරණයට පත් විය. ඉන්දියානු ධීවරයින් තහනම් ක්‍රම (bottom trawling) කිරීම සම්බන්ධයෙන් දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහුට නිසි ගෞරවය හිමිවිය යුතුය.

මෝදි සහ දිසානායක සාකච්ඡාවෙන් පසුව ඉන්දියාව නිකුත් කළ කිසිදු ප්‍රකාශයක 13 වැනි සංශෝධනය සඳහන් නොවුවත් එමගින් බලාපොරොත්තු වූ ලෙස බලය බෙදා හැරීම නිසි ලෙස සිදු කළ යුතු බවට මෝදි අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා නායකයාව උනන්දු කළ බවට විදේශ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

13 වැනි සංශෝධනය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට ඇතුළු කිරීමට ඉන්දියාව අනුගමනය කළ මිනීමරු ක්‍රියාදාමය තුළ ඉන්දීය හමුදා ජීවිත 1,500 අහිමි විය. තුවාල වූ ප්‍රමාණය 3,000 අධිකය. ත්‍රස්තවාදය පැතිර වූ අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ද්‍රවිඩ කාන්තා ත්‍රස්තවාදී ප්‍රහාරයකින් 1991 දී මරණයට පත් විය. ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව පුහුණු කළ ත්‍රස්තවාදීන් මාලදිවයිනේ එවකට ජනාධිපති මොහමඩ් අබ්දුල් ගයුම් මරා දැමීමට 1988 නොවැම්බර් මාසයේ කළ උත්සාහය ව්‍යර්ථ කිරීම හේතුවෙන් එම රට මහත් ව්‍යසනයකින් ගැලවුන බව ලෝකයට අමතක නැත.

දැන්වත් රටක් ලෙස දේශීය සහ විදේශීය අභියෝගවලට මුහුණ දීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ තේරුම් ගත යුතුය. සියල්ල දේශපාලනීකරණය කිරීමෙන් වැළකිය යුතුය.

සැබෑ දේශීය සහ විදේශීය අභියෝග හඳුනා ගත යුතුය. ජාජබ විසින් තෝරාපත් කරගනු ලැබූ කථානායක අසෝක රන්වලට ප්‍රකාශ කර පරිදි උසස් අධ්‍යාපන සුදුසුකම් නොමැති බව පවසා ඔහුට එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සැලැස්වීම අභියෝගයක් නොවන බව විපක්ෂය තේරුම් ගත යුතුය. සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමට (2015 දී) සහ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි දයා ගමගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට (2020) පත්කළ රටක කථානායකවරයාට ඉල්ලා අස්කිරීමට දේශපාලන පක්ෂ බල කිරීමත් විහිළුවකි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වූ රන්වල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට එකම හේතුව වූයේ ජාජබ සමස්ත මැතිවරණ ව්‍යාපාරය තුළම ජනතාවට තමන් අවංක වන බවට දුන් පොරොන්දුවයි.


ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

සම්බන්ධිත පුවත් | Related News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,
2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.
ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ ගැන අහලත් ඇති. අපේ උරුමය ගැන බොහොම ලස්සනට ලියන Samarasinghe NH මැතිතුමාත් මේ ගැන වරක් මතක් කරල තිබුනා.
මේ අවුරුද්දේ ජනවාරි 18 සහ 19 දවස් දෙක ඇතුලේ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නීති විරෝධී විදිහට මුදාහරින්න ආණ්ඩුව කටයුතු කළා.ඊට උපදෙස් දුන්නේ ජනාධිපති අනුර කුමාර සහ වරාය ඇමති බිමල් රත්නායක බව කියමින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය පවා නිකුත් කළා.ඒ වගේම රේගු වෘත්තීය සමිති එකමුතුවෙන් කිව්වේ මේ බහාලුම් ඇතුලේ මත්ද්‍රව්‍ය,අවි ආයුධ,ප්‍රමිතියෙන් තොර බෙහෙත් සුවඳ විලවුන් වර්ග ඇතුළු නීති විරෝධී බඩු ඕනි දෙයක් තියෙන්න පුලුවන් කියලයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ද අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ ද බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .
කුප්‍රකට සීනි බදු වංචාව පිළිබඳව සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ජනමාධ්‍යයේ සඳහන් විය.
මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.