News Category
From Date
To Date
Maximum Number of Result

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක වියදම් සඳහා වාර්ෂිකව වෙන් කරන රුපියල් කෝටි 110ක මුදලින් වැඩිම මුදලක් වැය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් බවට හෙළිවී ඇත.

ජනාධිපතිවරු පස් දෙනෙක් අලිරාජා සුභාෂ්කරන්ගේ ඩොලර් කඳුමතින් පියාසර කළ බවත්, මීට දශකයකට පමණ එහා සිට ඔහු මෙරට තුළ තම මෙහෙයුම් දියත් කළ බවත් මාධ්‍ය හමුවකදී හෙළිදරව් වී තිබේ.

දක්ෂම යාත්‍රිකයන් නිර්මාණය කරන්නේ රළු මුහුද බවට කතාවක් ඇති බවත්, තමා කුඩා කල සිට ලැබූ අත්දැකීම් පන්නරය කරගනිමින් අද දේශපාලනික වශයෙන් යම් ගමනක් පැමිණ ඇති බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලැබෙන තෙක් පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ජාතික ජන බගවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායම් නායක කේඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

සීමාසහිත ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් නිකුත් කරන ලද බව පැවසෙන එක්තරා නිවේදනයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

තේරී පත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ටෙහෙරානය විවේචනය කරන අමෙරිකානු මාධ්‍යවේදියකු ඝාතනය කිරීමේ කුලී කොන්ත්‍රාත්තුවක් පැවරී සිටි බවට චෝදනා කෙරෙන ඉරාන ජාතිකයාට ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල සංචාරකයන් ඉලක්ක කිරීමේ වගකීම ද පැවරී තිබී ඇතැයි එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.

වෛද්‍ය මොහොමඩ් සාෆි විසින් ඉකුත් දා මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් සිදු කළේය.

‍2024 ඔක්තෝබර් මාසය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 587.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.