
ජානක පෙරේරාගේ ඝාතකයා කෙහෙළියගේ ආරක්ෂකයෙක්... නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට පැමිණිල්ලක්
මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ආරක්ෂකයකු බව හෙළිදරව් කරමින් උතුරු මැද පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශ්ශංක දිසානායක නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට ඊයේ (16) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට පැමිණි හෙතෙම ජනමාධ්‍යයට පැවසුවේ, මෙම ඝාතනය සිදුකළ බෝම්බකරු කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සිටි උමර් හබ්තාප් නමැති මුස්ලිම් ජාතිකයා බවයි.
කීර්තිමත් හමුදා නිලධාරියකු වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා 2001 වසරේදී හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්, ඉන්දුනීසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර, අනතුරුව දේශපාලනයට ප්‍රවේශ වන්නේ එවකට පැවැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදු පෙරමුණු අණ්ඩුවට එරෙහිව විපක්ෂයේ හිඳිමිනි.
ඔහු උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ නායකයාව හිඳ මහඇමැති අපේක්ෂක ධුරය අපේක්ෂා කරමින් පළාත් සභා මැතිවරණ සටන දියත් කරන අතරතුර අනුරාධපුර ඔහුගේ මැතිවරණ කාර්යාලය තුළදී එල්ලවන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කෙරිණි.
“උතුරේ හිටපු මන්ත්‍රීවරයෙක් වන රාජා කූනේස්වර යන මන්ත්‍රීවරයා ඊ. පී. ආ.ර් එල්. එෆ්. (EPRLF) සංවිධානයේ උමර් හබ්තාප් නම් මුස්ලිම් ජාතිකයෙක් මට ගෙනත් භාරදුන්නා. මම ඔහුව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට ගිහින් භාරදුන්නා. ඔහු අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ තමා හිටියේ. එතන ගොඩක් සිද්ධි සංවිධානය වුණා” යැයි ද පැමිණිලිකරු මෙහිදී ජනමාධ්‍ය හමුවේ කීවේය.
“මෙම සිද්ධියට මැදවච්චිය පොලිසියේ සී.අයි විමලසිරි සම්පූර්ණයෙන්ම සහයෝගය දැක්වූවා. මෙම ඝාතනය කරලා යන වෙලාවේ උමර් හබ්තාප් ළඟ තියාගෙන එයාට තුවක්කු ලබාදීලා ආරක්ෂාව දීලා තිබුණා. මේක සම්පූර්ණයෙන්ම දිසානායක කියන ඕ.අයි.සී. තමයි කළේ. ඒවා හෙළිකරනකොට මට බොරු නඩු දැම්මා. මම දැන් ඒවගෙන් නිදොස් කොට නිදහස් වුණා” යැයි ද ඔහු කීවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
