
‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා මහින්ද මහත්තයාගේ ගෙදර තක්සේරු කරා කුලිය ලක්ෂ 46යි" - ජනපති (වීඩියෝ)
අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට අපට හැකි වුණා.ඒ වගේම අප ලැබූ ජනවරමට වග කියමින් අප රට මෙහෙයවනවා " යැයි ජනාධිපති ඉන්අනුර කුමාර දිසානායක මහතා අද සවස කළුතරදී ප්‍රකාශ කළේය .
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කළුතර වෙට්ටුමකඩ පකිස්ථාන් ක්‍රීඩාංගනයේ පැවැති පාක්ෂික හමුවක් අමතා කතා කරමිනි .
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය .
''පහුගිය කාලය තුල මේ රටේ ආණ්ඩු වෙනස්වූ ආකාර තිබුණා. ඇතැම් විට විවිධාකාර භාණ්ඩ බෙදීම් ,විදෙස් බලපෑම්,මාධ්‍ය මැදිහත්වීම් අදි විවිධ ක්‍රියා.එසේ නොමැතිව ජනතාවගේ මැදිහත්වීමෙන් ජනතාව අතට රාජ්‍ය බලය ලබා ගත් අවස්ථාව මෙයයි.
මේ ජයග්‍රහණය වැළැක්වීමට රට විනාශ කළ කණ්ඩායම් විවිධාකාර බොරු ප්‍රචාරය කළත් ජනතාව ඒවාට රැවටුනේ නැහැ .එම ජනතාවට පෙරළා සේවය කිරීම ජනතාවාදී ආණ්ඩුවක වගකීමක් .ආර්ථිකය ස්ථාවර කර විදෙස් සබඳතා ශක්තිමත් රාජ්‍ය යහපත් අතට හරවා ගැනීමට ගතවූ මාස දෙකක කාලය තුල අපට හැකිවී තිබෙනවා .
අපේ ඇමති මණ්ඩලය 21 යි.එදා පවුලට ,හිතවතුන්ට ඇමතිකම් බෙදා ගැනීමේ සංස්කෘතියක් තිබුණා .අපේ ඇමතිවරු ,මන්ත්‍රීවරු ජනතාව වෙනුවෙන් වගකීම් බෙදා ගන්න අය. අපේ ඇමතිවරු පිටුපස වාහන පෝලිම් ,පොලිස් රථ යන්නේ නැහැ .ඒක වෙනසක්.
තිබුණු ආණ්ඩුවල ඇමතිවරු රජයේ ගෙවල් බෙදා ගන්න පොර කෑවා.අපි කිසිම ඇමතිවරයකුට ආණ්ඩුවේ ගෙවල් දෙන්නේ නැහැ .
ඒවාට කුමක් කළ යුතුදැයි යෝජනා ඉදිරිපත් කිරීමට දැන් කමිටුවක් පත් කර තිබෙනවා.ඒ සමහර නිවාස හෝටල් වේවි.සමහරක් සංස්කෘතික මධ්‍යස්ථාන වේවි.තවත් ඒවා අධ්‍යාපන මධ්‍යස්ථාන වේවි මහින්ද රාජපක්ෂ මහත්තය ඉන්න නිවසේ රජයේ තක්සේරුව අනුව මාසික කුලිය විතරක් රුපියල් ලක්ෂ 46 ක්. පනත අනුව මාසික වැටුපෙන් 1/3 ක් ගෙවන්න පුළුවන් .ඒ රුපියල් 30,000 .ඉන්නම ඕන නම් ඉතිරිය අතින් ගෙවල ඉන්න පුළුවන් .චන්ද්‍රිකා ඉන්න නිවසත් ළඟදි තක්සේරු කරනවා .
අමාත්‍යාංශවල වාහන පිරිලා .කාර් සේල් වගේ. කුඩා රටකට ඔරොත්තු දෙන්නේ නැහැ .ළඟදීම ඒ වාහන වෙන්දේසි කරනවා .
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන යෝජනා ළඟදීම ගෙන එනවා .මන්ත්‍රීවරුන් වාහන පර්මිට් අරන් ලක්ෂ 60-70 කට වික්කා.ඉදිරියේදී කිසිම මන්ත්‍රීවරයකුට පර්මිට් ලැබෙන්නේ නැහැ ." යැයි පැවසීය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
