‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා මහින්ද මහත්තයාගේ ගෙදර තක්සේරු කරා කුලිය ලක්ෂ 46යි" - ජනපති (වීඩියෝ)
අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට අපට හැකි වුණා.ඒ වගේම අප ලැබූ ජනවරමට වග කියමින් අප රට මෙහෙයවනවා " යැයි ජනාධිපති ඉන්අනුර කුමාර දිසානායක මහතා අද සවස කළුතරදී ප්‍රකාශ කළේය .
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කළුතර වෙට්ටුමකඩ පකිස්ථාන් ක්‍රීඩාංගනයේ පැවැති පාක්ෂික හමුවක් අමතා කතා කරමිනි .
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය .
''පහුගිය කාලය තුල මේ රටේ ආණ්ඩු වෙනස්වූ ආකාර තිබුණා. ඇතැම් විට විවිධාකාර භාණ්ඩ බෙදීම් ,විදෙස් බලපෑම්,මාධ්‍ය මැදිහත්වීම් අදි විවිධ ක්‍රියා.එසේ නොමැතිව ජනතාවගේ මැදිහත්වීමෙන් ජනතාව අතට රාජ්‍ය බලය ලබා ගත් අවස්ථාව මෙයයි.
මේ ජයග්‍රහණය වැළැක්වීමට රට විනාශ කළ කණ්ඩායම් විවිධාකාර බොරු ප්‍රචාරය කළත් ජනතාව ඒවාට රැවටුනේ නැහැ .එම ජනතාවට පෙරළා සේවය කිරීම ජනතාවාදී ආණ්ඩුවක වගකීමක් .ආර්ථිකය ස්ථාවර කර විදෙස් සබඳතා ශක්තිමත් රාජ්‍ය යහපත් අතට හරවා ගැනීමට ගතවූ මාස දෙකක කාලය තුල අපට හැකිවී තිබෙනවා .
අපේ ඇමති මණ්ඩලය 21 යි.එදා පවුලට ,හිතවතුන්ට ඇමතිකම් බෙදා ගැනීමේ සංස්කෘතියක් තිබුණා .අපේ ඇමතිවරු ,මන්ත්‍රීවරු ජනතාව වෙනුවෙන් වගකීම් බෙදා ගන්න අය. අපේ ඇමතිවරු පිටුපස වාහන පෝලිම් ,පොලිස් රථ යන්නේ නැහැ .ඒක වෙනසක්.
තිබුණු ආණ්ඩුවල ඇමතිවරු රජයේ ගෙවල් බෙදා ගන්න පොර කෑවා.අපි කිසිම ඇමතිවරයකුට ආණ්ඩුවේ ගෙවල් දෙන්නේ නැහැ .
ඒවාට කුමක් කළ යුතුදැයි යෝජනා ඉදිරිපත් කිරීමට දැන් කමිටුවක් පත් කර තිබෙනවා.ඒ සමහර නිවාස හෝටල් වේවි.සමහරක් සංස්කෘතික මධ්‍යස්ථාන වේවි.තවත් ඒවා අධ්‍යාපන මධ්‍යස්ථාන වේවි මහින්ද රාජපක්ෂ මහත්තය ඉන්න නිවසේ රජයේ තක්සේරුව අනුව මාසික කුලිය විතරක් රුපියල් ලක්ෂ 46 ක්. පනත අනුව මාසික වැටුපෙන් 1/3 ක් ගෙවන්න පුළුවන් .ඒ රුපියල් 30,000 .ඉන්නම ඕන නම් ඉතිරිය අතින් ගෙවල ඉන්න පුළුවන් .චන්ද්‍රිකා ඉන්න නිවසත් ළඟදි තක්සේරු කරනවා .
අමාත්‍යාංශවල වාහන පිරිලා .කාර් සේල් වගේ. කුඩා රටකට ඔරොත්තු දෙන්නේ නැහැ .ළඟදීම ඒ වාහන වෙන්දේසි කරනවා .
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන යෝජනා ළඟදීම ගෙන එනවා .මන්ත්‍රීවරුන් වාහන පර්මිට් අරන් ලක්ෂ 60-70 කට වික්කා.ඉදිරියේදී කිසිම මන්ත්‍රීවරයකුට පර්මිට් ලැබෙන්නේ නැහැ ." යැයි පැවසීය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..