News Category
From Date
To Date
Maximum Number of Result

පසුගිය රජයන් සමයෙහි උගණ්ඩාවේ තැන්පත් කරන ලද මුදල්, එම ආයෝජකයන් ගැන පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජාතික ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මහතා පවසයි.

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාව යටතේ පුද්ගලයින් පිරිසක් නාරාහේන්පිට ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපතිවරණය ජය ගත්තද ආණ්ඩුවක් නොමැතිව ලොකු වෙනස්කම් කළ නොහැකි යයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

තම රජයේ පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයකු සිය රැස්වීමවලට සහභාගි වන පාක්ෂිකයන්ට සංග්‍රහ කටයුතු කිරීමේදී ලබාදිය හැකි වන්නේ පානීය ජල බෝතලයක් පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශක ලෙස ක්ෂේත්‍රයේ ඉහළ වෘත්තිකයකු වන ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා මෑතකදී පත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක සහ ඇමැති විජිත හේරත් මහතා පසුගියදා ප්‍රකාශ කළේ අන්තර්ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත් චරිතයක් වන ආචාර්ය හාන්ස් විජයසූරිය, ඩිජිටල් පරිවර්තනය සඳහා වූ රජයේ දැක්මට සහාය දැක්වීම සඳහා ආයතනික ලෝකයේ ලාභදායී තනතුරකින් ඉවත්ව සැළකිය යුතු පෞද්ගලික කැපකිරීමක් කර ඇති බවයි.

පාසල් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී WhatsApp වැනි සන්නිවේදන මාධ්‍ය අධ්‍යාපන කටයුතු සදහා නොව සන්නිවේදන කටයුතු සඳහා පමණක් භාවිතා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මිය චක්‍රලේඛයක් මගින් සියලුම විදුහල්පතිවරුන් හා අධ්‍යාපන බලධාරීන් වෙත දැනුම් දී ඇත.

ජනාධිපති අනුර දිසානායන මහතා හා ජාතික ජනබලවේගයෙන් කළුතර දිස්ත‍්‍රික්කයට තරග වදින නිලන්ති කොට්ටච්චි මහත්මිය සමගි ජන බලවේගයේදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රශ්න කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් මිලියන 132,500ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් නොවැම්බර් 12 දා සිදු කරයි.


ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.