News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 2024 නොවැම්බර් 21 වනදා පෙරවරු 10ට පාර්ලිමේන්තුව කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කළුතර සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙල දෙවැනි වාර පරීක්ෂණයේ සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට දේශපාලන පක්ෂයකට සම්බන්ධ ප්‍රශ්න පහක් අන්තර්ගත වීම පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන දන්වා ඇත.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ නීතිපති දෙපාර්තමේන්තුව අතර සාකච්ඡා පැවැත්වෙන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති අධ්‍යක්ෂ නීතීඥ ජේ.එම්. විජේබණ්ඩාර පවසයි.

බේකරි හිමියන්ගේ සංගම්වල ඉල්ලීමට තිරිඟු පිටි මත පනවන ලද බද්ද ලිහිල් කිරීමට රජය සූදානම් වන බවත්, මිල ඉහළ යාම මත සහල් පරිභෝජනය පහළ ගොස් ඇති මොහොතක එය ක්‍රියාත්මක වුවහොත් රටේ භයානක තත්ත්වයක් මතුවිය හැකි බවත් සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති නිශාන්ත අත්තනායක මහතා පවසයි.

Mikhail Khodarenok යනු RT.com හි හමුදා විචාර රචනා කරන ලේඛකයෙකි. ඔහු විශ්‍රාමික කර්නල්වරයෙකි. ඔහු රුසියානු සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන කාර්ය මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරියෙකු ලෙස සේවය කළේය.

Mikhail Khodarenok යනු RT.com හි හමුදා විචාර රචනා කරන ලේඛකයෙකි. ඔහු විශ්‍රාමික කර්නල්වරයෙකි. ඔහු රුසියානු සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන කාර්ය මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරියෙකු ලෙස සේවය කළේය.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය සම්බන්ධව මහ මැතිවරණයට පෙර සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කළ යුතු බව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරියට විවෘත සංදේශයක් යොමු කර තිබේ.

ඉතිහාසය ඇත්තේ හුදෙක් දත්ත හැදෑරීම සඳහා පමණක් නොවන බවත්, ඉතිහාසය විසින් අනාගතය තීන්දු කරනු ලබන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

මහමැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන 14 වනදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.


ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.