
ටෙස්ට් හා එක්දින නායකයන්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සම්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා සහ ටෙස්ට් කණ්ඩායමේ නායකයා ගොනු කළ රීට් පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 28 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (18) දින නියම කළේය.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන මහත්වරු ගොනු කර ඇති රීට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා්, එහි නියෝජ්‍ය කොමසාරිස්වරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු එහි විධායක කමිටු සාමාජිකයින්, විගණකාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරු හමුවේ පෙත්සම කැඳවු අවස්ථාවේ ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගිනිමින් විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
1983 ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් හිමිවීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රිකට් ක්‍රිඩකින් සමඟ ලිඛිත ගිවිසුම් අත්සන් කළේ 1996 ලෝක ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුව බව පවසන පෙත්සම්කරුවෝ පසුගිය ජනවාරි 17 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව රැස්වී ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත ජාතික තලයේ ක්‍රීඩකයින් ආයතනයේ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින් වශයෙන් වර්ගීකරණය කිරීමට තීරණය කර ඇතැයිද පෙන්වා දෙති.
ජාතික තලයේ ක්‍රීඩකයින් කිසිදු අවස්ථාවක සේවක අර්ථසාධක අරමුදලේ හෝ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ඇතුළු අරමුදල්වල සාමාජිකයින් නොවන බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ තමන් ඇතු`ථ ක්‍රීඩකයින්ට එවැනි හිමිකම් නොමැති බවත් එවැනි තත්වයක් යටතේ ක්‍රිකට් ආයතනය ගත් එම තීරණය නීතියට සම්පූර්ණයෙන්ම පටහැණි බවත් පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් නීති විශාරදයින්ගෙන් තමන් නීති උපදෙස් ලබාගත් විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට, තමන් ස්වාධීනව සේවා සපයන්නන් මිස එහි සේවකයින් නොවන බවට තමන්ට නීති උපදෙස් ලැබුණු බව පවසන පෙත්සම්කරුවෝ එවැනි තත්වයක් යටතේ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ සලකා තමන් ඇතු`ථ ක්‍රිකට් කීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද පවසති.
ජාතික තලයේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ වර්ගීකරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය හා ඒ මත ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය හේතුවෙන් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට දැඩි අගතියක් සිදුවී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවෝ එහෙයින් අදාළ තීරණ බලරහිත කිරීමේ රිට් ආඥා නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.
පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු තමන්ගෙන් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
පෙත්සම සළකා බැලු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම ලබන 28 වැනිදා කැඳවීමට නියම කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
