ටෙස්ට් හා එක්දින නායකයන්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සම්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා සහ ටෙස්ට් කණ්ඩායමේ නායකයා ගොනු කළ රීට් පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 28 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (18) දින නියම කළේය.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන මහත්වරු ගොනු කර ඇති රීට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා්, එහි නියෝජ්‍ය කොමසාරිස්වරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු එහි විධායක කමිටු සාමාජිකයින්, විගණකාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරු හමුවේ පෙත්සම කැඳවු අවස්ථාවේ ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගිනිමින් විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
1983 ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් හිමිවීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රිකට් ක්‍රිඩකින් සමඟ ලිඛිත ගිවිසුම් අත්සන් කළේ 1996 ලෝක ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුව බව පවසන පෙත්සම්කරුවෝ පසුගිය ජනවාරි 17 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව රැස්වී ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත ජාතික තලයේ ක්‍රීඩකයින් ආයතනයේ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින් වශයෙන් වර්ගීකරණය කිරීමට තීරණය කර ඇතැයිද පෙන්වා දෙති.
ජාතික තලයේ ක්‍රීඩකයින් කිසිදු අවස්ථාවක සේවක අර්ථසාධක අරමුදලේ හෝ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ඇතුළු අරමුදල්වල සාමාජිකයින් නොවන බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ තමන් ඇතු`ථ ක්‍රීඩකයින්ට එවැනි හිමිකම් නොමැති බවත් එවැනි තත්වයක් යටතේ ක්‍රිකට් ආයතනය ගත් එම තීරණය නීතියට සම්පූර්ණයෙන්ම පටහැණි බවත් පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් නීති විශාරදයින්ගෙන් තමන් නීති උපදෙස් ලබාගත් විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට, තමන් ස්වාධීනව සේවා සපයන්නන් මිස එහි සේවකයින් නොවන බවට තමන්ට නීති උපදෙස් ලැබුණු බව පවසන පෙත්සම්කරුවෝ එවැනි තත්වයක් යටතේ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ සලකා තමන් ඇතු`ථ ක්‍රිකට් කීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද පවසති.
ජාතික තලයේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ වර්ගීකරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය හා ඒ මත ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය හේතුවෙන් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට දැඩි අගතියක් සිදුවී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවෝ එහෙයින් අදාළ තීරණ බලරහිත කිරීමේ රිට් ආඥා නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.
පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු තමන්ගෙන් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
පෙත්සම සළකා බැලු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම ලබන 28 වැනිදා කැඳවීමට නියම කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..