News Category
From Date
To Date
Maximum Number of Result

අද වන විට මෙරට විදේශ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.5ක් බව නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා සඳහන් කරයි.

සංක්‍රමණික හා විගමන පනත ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා හේතුවෙන් රටවල් කිහිපයක විදේශිකයන් නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් රැකියා කටයුතු සහ ව්‍යාපාර කටයුතුවල නිරත වන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා එක්සත් ජනපද අන්‍යෝන්‍ය තීරුබදු අනුපාත අඩු කරගැනීම සඳහා එක්සත් ජනපදය සමඟ ඇති කර ගත් වෙළඳ සහ ආරක්ෂක ගිවිසුම් පිළිබඳ සම්පූර්ණ තොරතුරු හෙළි කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටී.

යුක්රේන අර්බුදය තීරණාත්මක අවධියක පවතින හෙයින් සියලු පාර්ශවයන් එකම අර්මුණකට් යොමු වී වැඩි එකඟතාවයක් ගොඩනඟා ගත යුතු බවත් දේශපාලන විසඳුමක් සඳහා වැඩි උත්සාහයක් ගත යුතු බවත් එක්සත් ජාතීන්ගේ (එජාස) චීනයේ නියෝජ්‍ය ස්ථිර නියෝජිත ගෙන්ග් ෂුවාං, පසුගිය අගෝස්තු පළමුවනදා යුක්රේන අර්බුදය පිළිබඳව රැස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී පැවසීය.

රුසියාව විසින් අලුතින් භාවිතයට ගන්නා අතරමැදි දුර මිසයිලයක් වන ඔරෙෂ්නික් මිසයිල ප්‍රහාර වලට එරෙහිව සටන් කිරීමට යුක්රේනයට හෝ එහි බටහිර ආධාරකරුවන්ට කිසිදු ක්‍රමයක් නොමැති බව පෙන්ටගනයේ හිටපු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක විශ්ලේෂකයෙකු වන මයිකල් මැලූෆ් පසුගිය 1 වනදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී RT පුවත් සේවය වෙත පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශ චක්‍රලේඛ මඟින් ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ලැයිස්තුවලදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පැහැදිලිව දක්වා තිබියදීත්, එම ක්‍රමවේද සහ නිර්ණායකයන් උල්ලංඝනය කිරීම නිසා ගැටලු ඇතිවී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ යෞවන සමාජ සම්මේලනය අද පැවති අතර, ඒ සඳහා සහභාගි වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාට යෞවන සමාජ නියෝජනය කරමින් එහි පැමිණ සිට තරුණ තරුණියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

ඕනෑම ප්‍රතිසංස්කරණයක් ආරම්භ කිරීමට පෙර එම ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන්නේ ඇයි දැයි අවබෝධයක් තිබිය යුතු බවත්, ඒ සම්බන්ධයෙන් සංවාදයක් රට තුළ ඇති කළ යුතු බවත්, ඕනෑම රටක යම් ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කිරීමේ දී මැදින් කඩාපැන එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරිපත් නොකරන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කාන්තා පරපුර සංවිධානය විසින් 'අධ්‍යාපන ඇමතිනීගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ජනපතිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමපාත නොවීම' සම්බන්ධව අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් ඊයේ (01) දින පැවැත්වුණි. මෙම අවස්ථාවට කන්තා පරපුර සංවිධානයේ විධායක කමිටු සාමාජිකා ෆාතිමා හර්ෂණී සහ කාන්තා පරපුරේ ක්‍රියාකාරිනියන් සහභාගි විය.


ප්‍රධාන පුවත්

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.