News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුවෙන් රඟ දක්වන්නේ දේශපාලන වෛශ්‍යාවකගේ සහ සියදිවි නසා ගැනීමේ බෝම්බකරුවකුගේ භූමිකාවයි - ජාතික සංවිධාන කියයි

Jan 17, 2026 at 11:31 AM
|

සිංහල බෞද්ධයන් අනුරාධපුරය පසුකරගෙන නාගදීපය වඳින්නට යාම සිංහල ජාතිවාදී් ක්‍රියාවක් බවට සහ සිංහල ජාතිවාදයට ඉඩ නොදෙන බවට ගම්‍ය වන ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් සිදුකිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

"වර්තමාන ජනාධිපතිවරයා පක්‍ෂයේ අතීත උරුමයට පස්ස හරවමින් මේ රඟ දක්වන භූමිකාව පිළිබඳව අප කම්පාවට පත් වෙනවා. වෛශ්‍යාවක් අත මිට සරු ගැනුම්කරුවකුට සතුටු කිරීම සහ ඔහුට ඉඟියක් ලබාදීම සඳහා ප්‍රසිද්ධියේ අඟපසඟ ප්‍රදර්ශනය කරන ආකාරයට තමයි ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කරන්නේ. එය හැඳින්වීම සඳහා දේශපාලන ගණිකාවකගේ භූමිකාවක් ලෙස හැර වෙනත් ආකාරයක් නැහැ. ඔහු මේ කරන්නේ ඩයස්පෝරාව සහ දෙමළ වෙල්ලාල ජාතිවාදීන් සතුටු කිරීම සඳහා කරුණු දැක්වීමක්. ඒ මගින් ඔහුට ජාතිවාදී නොවන බහුතර සිංහල බෞද්ධ ජනයාට ලබා දෙන පණිවිඩය පිළිබඳව ඔහු කිසිම සංවේදීතාවක් නැහැ. 

ඔහුගේ එම ප්‍රකාශය අනුව තව බොහෝ දේවල් කළ යුතුයි. කඳුකරයේ ඉන්දියානු සම්භවයක් සහිත ජනතාවට කරදරයක් වන නිසා බෞද්ධයන් ශ්‍රී පාදය අඩවියට නොයා යුතු අතර අනුරාධපුරයට හෝ නුවරට ගොස් ශ්‍රී මහ බෝධිය හෝ දළදාව වැඳීම පමණක් සිදුකළ යුතුයි. එසේම ශ්‍රී ලංකාවේ බෞද්ධයන් කණ්ඩායම් ලුම්බිණියට  ගොස් වන්දනාමාන කිරීම නිසා ඉන්දියාවේ ශිව සේනා සාමාජිකයින්ගේ සිත් රිදෙන බැවින් සහ ඩොලර් සංචිත සිඳී යන බැවින් වහාම ඒ මෝඩ ක්‍රියාවක් නැවැත්විය යුතුය. ඊට අමතරව මුස්ලිම් ජනතාව මක්කම වන්දනාවට යාම සහ කතෝලික ජනතාව ජෙරුසෙලමට යාම මගින් යුදෙව්වන්ගේ සිත රිදෙන බැවින් ඒ වෙනුවට දවටගහ පල්ලියට හෝ රාගම බැසලිකාවට යා යුතුය. මෙම නියෝග වහා නිකුත් කළ යුතු අතර ඒ මගින් සියයට 65 ක් වූ අහිංසක හින්දු දෙමළ ජනතාව පාගාගෙන සිටින හින්දු සහ ක්‍රිස්තියානි වෙල්යාලයින් ඉමහත් සතුටට පත්වනු ඇත. ඒ මගින් උතුරේ පළාත් සභා ඡන්දය දිනා ගැනීමට පදනම වැටෙනු ඇතැයි සිතනු මැනවි.

දකුණේ ජනතාව කිසිදු හින්දු කෝවිලක් පුළුල් කිරීම හෝ පාරවල් වසා ගෙන වේල් කරත්ත පෙරහර පැවැත්වීම පිළිබඳව විරෝධයක් දක්වා නැත. ඔවුන් ඒවාටද වන්දනාමාන කරති. එහෙත් ත්‍රිකුණාමලයේ ඓතිහාසික පන්සලක බුදු පිළිමයක් තැබීම ජාතිවාදී ක්‍රියාවකි. එවැනි භික්‍ෂූන්වහන්සේලා සිරගත කළ යුතුය. ඒ මගින් උතුරේ ජාතිවාදී වෙල්ලාලයින් සතුටුකර රට බෙදුම් වාදයෙන් ගලවා ගතයුතුය.

බුදු පිළිමයක් තැබීම මුල්කරගෙන ත්‍රිකුණාමලයේ මාලිමා මන්ත්‍රීගේ බලපෑමට වෙරළ සංරක්ෂණ නිලධාරීන් විසින් භික්ෂූන් වහන්සේලා සිරගත කිරීමට සැලැස්වුවද ඒ මගින් අභියාචනාධිකරණයේ තීන්දුවක් පවා උල්ලංඝනය වෙයි. එම නිලධාරීන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පවා ලක් විය හැක. ඊට අමතරව ඒ ආකාරයට පනත උල්ලංඝනය කළ බව කියන කෝවිල් හතලිහකට ආසන්න ප්‍රමාණයක් පිළිබඳව පියවර නොගැනීම නිසා රාජකාරිය පැහැර හැරීමේ වරදට අමතරව මහා පරිසර විනාශයක් සිදුකර රටට පාඩු කිරීම මගින් බලවත් වරදක් සිදු කරයි. එම වරද නිවැරදි කිරීම සඳහා දකුණේ හෝටල් රාශියක් කඩා දැමීමටද ක්‍රියා කළ යුතුය. ඒ මගින් බිඳවැටෙන ව්‍යාපාර සහ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා මුදල් විශුද්ධි කරන පනත සංශෝධනය කර එම දේපළ මිලදී ගැනීම සඳහා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කළ යුතුය.

ඊට අමතරව අවස්ථාව යොදා ගනිමින් ආරම්භ කළ 'භික්ෂු දඩයමේ' තවදුරටත් ඉදිරියට ගෙනයාම සඳහා ICCPR පනතක් යොදාගත යුතු අතර ඒ සඳහා භික්ෂූන් වහන්සේලාගේ කුමන හෝ වරදක් අල්ලා ගැනීම සඳහා උන්වහන්සේලාට වනචාරීන් ලෙස අමතා එම වැරදි කිරීමට පෙළඹවිය යුතුය. ඒ සියලු ක්‍රියාමාර්ග මගින් බෙදුම්වාදී ජාතිවාදී වෙල්ලාලයින් සතුටු කිරීම මගින් සහ එම වෙල්ලාලයින්ගේ සිත රිදවන ඊනියා දකුණේ සිංහල ජාතිවාදීන්ට මානසික බාධක පැනවීම මගින් බෙදුම් වාදය පරාජය කළ හැක. ඒ නිසා පළාත් සභා මැතිවරණය පවත්වාගෙන මහ ඇමතිට යටත් වන ආණ්ඩුකාරවරුන් විශේෂයෙන්ම ඩයස්පෝරාව විසින් නම් කරනු ලබන NGO කාරයින් පත්කර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්ම කිරීමට බිය නොවිය යුතුය.

එම ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය මීට පෙර සිටි බියගුළු ජනාධිපතිවරුන් අට දෙනකු නොකළ ආකාරයට තමා දේශපාලන වශයෙන් සියදිවි නසා ගැනීමට බිය නැති මහා නායකයකු ලෙස ලෝකයට පෙන්වීම මගින් ස්වයං තෘප්තියක් ලබා ගැනීමය. ඒ මගින් අවසානයේදී තමා පමණක් නොව තමාට ජනාධිපතිවීමට පාර කපා දුන් දේශපාලන ව්‍යාපාරය සහ එහි අතීත නායකයින් පමණක් නොව සමස්ත රටම පාවාදීමට ඉතා දියුණු පරාර්ථකාමී පරිත්‍යාගයක් ලෙස ඉතිහාසයේ සටහන් වනු ඇත. නමුත් ඉතිහාසය විසින් එය සමාන කරනුු ඇත්තේ ඉතා සතුටින් තම ජීවිතය සහ තම අරමුණට එරෙහි මිනිසුන් සමූහයක් විනාශ කරන සියදිවි නසා ගැනීමේ බෝම්බ කරුවෙකුගේ භූමිකාවටය. ඒ අනුව ඊලාම් රාජ්‍යයේ මහා විරු සුසානයක සමරු පලකයකට හිමිකම් ලබා ගැනීමට භාග්‍යය ලැබෙනු ඇත."

සම්බන්ධිත පුවත් | Related News

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ප්‍රධාන පුවත්

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.