News Category
From Date
To Date
Maximum Number of Result

රුසියානු-ශ්‍රී ලංකා ඒකාබද්ධ උපායික ප්‍රති අභ්‍යාසයක් පසුගිය ඔක්තෝබර් 25 සහ නොවැම්බර් 04 දිනවල මාදුරුඔය හමුදා පුහුණු පාසලේ දී පැවති අතර, ඒ සඳහා මෙරට රුසියානු තානාපති ලෙවන් ධගරියන් මහතා ද සහභාගී විය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන 10 වැනිදා සිට දෙසැම්බර් මස 5 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනි පුටුව ලෙස හැඳින්වෙන පෙලිස් පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය සංජීව ධර්මරත්න මහතාට හිමිවී ඇති බව වාර්තා වේ.

කොටපොළ විවිධ සේවා සමූපකාර ප්‍රාදේශික නිලවරණයෙන් බහුතර බලය හිමිකර ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හැකි විය.

පාර්ලිමේන්තුවේ පරිපාලනය ප්‍රතිව්‍යුහගත කරණය කිරීම පිළිබඳ කමිටු වාර්තාවට විරෝධය පළ කරමින් එහි ඇතැම් සේවකයන් අයවැය කාලයේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සූදානම් වෙමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ලෝකයේ නායකත්වය හිමි වන්නේ චීනයටද? නැතහොත්, මේ තාක්ෂණික හා දේශපාලනික අර්බුද මැද ඇමරිකාව නැවත නැඟිටීද? මෙසේ මේ මොහොතේ ලෝකයේ බලය ගමන් කරන දිශාව පිළිබඳ බරපතල කතිකාවක් ගොඩනැඟෙමින් තිබේ.

ත්‍රස්ත කණ්ඩායමකින් තම ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බව පවසමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ආරක්ෂක ලේකම් වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

නව යොවුන් වියේ පසුවන්නන්ගේ කණ්ඩායම් සම්බන්ධ වූ හැලොවීන් රාත්‍රී ගැටුමකින් පසු වොෂින්ටන් නගරයේ බලධාරීන් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් සඳහා රාත්‍රී පහක් පුරා ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර ඇත.

රට පුරා ව්‍යාප්ත වී මහා විවසනයක්ව පවතින මත්ද්‍රවය උවදුර මැඩපැවැත්වීමට ජනාධිපතිවරයා අතිශයින් වැදගත් වැඩසටහනකට නායකත්වය දෙද්දී, සමාගම් හයකට ගංජා වගා කිරීමට අක්කර 66ක් දීමෙන් මත්ද්‍රව්‍ය මැඩලීමේ වැඩසටහන තුළ දෙබිඩි පිළිවෙතක් ඇති බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.


ප්‍රධාන පුවත්

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.