News Category
From Date
To Date
Maximum Number of Result

හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගත්තේ කොටි නායකයෙකුගේ බොරු සාක්ෂි මත යයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව, 1987 දී එක්සත් ජනපදය සමඟ ඇති කරගත් අතරමැදි පරාස න්‍යෂ්ටික බලකා (INF) ගිවිසුම පවත්වාගෙන යාම සඳහා වන කොන්දේසි "අතුරුදහන් වී" ඇති බවත් "තවදුරටත් තමන් බැඳී නොමැති" බවත් මොස්කව් පරිපාලනය පවසයි.

ජනාධිපති ලේකම්වරයාගේ රාජකාරි නිල රථය රාජකාරි වේලාවෙන් පසු ජනාධිපති ලේකම්වරයා නොමැති අවස්ථාවක දී අනතුරකට ලක්ව ඇති බවත්, ආණ්ඩුව පවසා තිබුනේ මෙවැනි අවභාවිතා සිදු නොවන බව වුවද මේ වන විට එවැනි අවභාවිතා වීම් සිදුවන බව පෙනෙන්නට ඇති බවත් මාධ්‍යවේදියෙකු අද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ අවස්ථාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසා සිටියේය.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් සහ විරුද්ධව කිසිඳු ඡන්දයක් ලැබී නොතිබුණි.

ගාලු මුවදොර අරගලයේ පෙරමුණේ සිටි ක්‍රියාකාරිකයෙකු වන කැලුම් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට අද පෙරවරුවේ කැඳවා තිබුණි.

කොරියානු සමාජය නව ලිබරල් ආර්ථිකය සහ අධ්‍යාපනය තුළ බිඳවැටීමකට ලක්වූ පසු සමාජීය හා පුද්ගල වටිනාකම් පිළිබඳ සංවාදයක් එරට තුළ ඇතිවූ බවත්, කොරියාව විසින් නිර්මාණය කළ ටෙලිනාට්‍ය නිර්මාණ මගින් එම ව්‍යාපෘතිය මනාව පිළිබිඹු වන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

මේ වනවිට ජාතික ආරක්ෂාවට කිසිඳු ප්‍රශ්නයක් නොමැති බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසයි.

"Ceylon Today" පුවත් පත ඊයේ (04) ""A Comparative Analysis of the Israel-Iran and Russia-Ukraine Conflicts. Implications for Sri Lanka's National Security-- ඊශ්‍රායල්-ඉරාන සහ රුසියානු-යුක්රේන ගැටුම් පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක්. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සඳහා ඇඟවුම්" යනුවෙන් විශ්ලේෂණාත්මක ලිපියක් පල කරමින් සාවද්‍ය මත සමාජගත කරන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය පවසයි.මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස පවසන රුසියානු තානාපති කාර්යාලය රුසියානු සමූහාණ්ඩුව සැමවිටම තමන්ගේ ශ්‍රී ලාංකික මිතුරන්ට බොහෝ සේ උපකාරී වී ඇති බවත් බටහිර රටවල් විශේෂයෙන් ලැට්වියාව විසින් ඇති කරන ලද බාධක ජය ගනිමින් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දුන් බවද සිහිපත් කරයි.

මුස්ලිම් කාති උසාවියේ කාතිවරු නීත්‍යානුකූල ලෙස වැඩකටයුතු නොකරන බවත්, සාක්ෂි ඉදිරිපත් කළ ද ඒවා නොසලකා හරිමින් කාතිවරයාගේ අභිමතය අනුව කටයුතු කරන බවත් මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුලේ ලේකම් මොහොමඩ් මර්ෂූක් පවසයි.


ප්‍රධාන පුවත්

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.