සඟවන තොරතුරු ප්‍රසිද්ධ කරනු.. නැත්නම් නඩු දානවා.. - තොරතුරු කොමිසමෙන් ජනාධිපති කාර්යාලයට නියෝගයක්..
රජය සතු වාහන විවිධ අමාත්‍යාංශ සහ රායතන වෙත ලබාදීමේදී එම වාහනවල ලියාපදිංචි අංක ඇතුළු තොරතුරු ප්‍රසිද්ධ කිරීම මගින් පුද්ගලිකත්වයට හානියක් නොවන බවත්, එවැනි තොරතුරු දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇති බවත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව තීරණය කර ඇත.
ඒ අනුව, 2024 සැප්තැම්බර් 23 දිනෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදුන් වාහන නැවත ලබාදුන් ආයතන, අමාත්‍යාංශ සහ එම වාහනවල ලියාපදිංචි අංක ඇතුළු තොරතුරු 2026 ජනවාරි 31 වන දිනට ප්‍රථම අභියාචක වෙත මුදාහරින ලෙස කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට නියෝග කළේය.
ආර්. එස්. හෙට්ටිආරච්චි මහතා විසින් 2025 ජනවාරි 29 දින කරන ලද තොරතුරු ඉල්ලීමක් සම්බන්ධයෙන් මෙම අභියාචනය ගොනු කර තිබුණි. එහිදී 09 වන විධායක ජනාධිපතිවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ වැටුප් හා දීමනා සහ ඔවුන්ට ලබා දී ඇති වාහන පිළිබඳ තොරතුරු ඉල්ලා තිබුණි. මීට අමතරව, හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලය අවසානයේ භාර දුන් වාහන නැවත ලබාදුන් ආයතන හා ඒවායේ අංක පිළිබඳව ද තොරතුරු විමසා තිබුණි.
අදාළ තොරතුරු ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලය (පොදු අධිකාරිය) විසින් මුලින් ප්‍රතික්ෂේප කර තිබුණේ පනතේ 5 (1) (අ) වගන්තිය යටතේ පුද්ගලිකත්වයට හානි වන බව පවසමිනි. කෙසේ වෙතත්, කොමිෂන් සභාව පෙන්වා දුන්නේ රාජ්‍ය ආයතන සහ අමාත්‍යාංශ "තනි පුද්ගලයෙකු" ලෙස අර්ථ දැක්විය නොහැකි බැවින් එම තර්කය වලංගු නොවන බවයි.
රජය සතු වාහන වෙන් කර ඇති ආකාරය දැනගැනීමට පුරවැසියන්ට අයිතියක් ඇත.
මහජන සුභසිද්ධිය වෙනුවෙන් මෙවැනි තොරතුරු හෙළිදරව් කිරීමේ වැදගත්කම පුද්ගලිකත්වයට වන හානියට වඩා වැඩි බව කොමිසම අවධාරණය කළේය.
තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සාධාරණීකරණය කිරීමට පොදු අධිකාරිය අපොහොසත් වී ඇති බවද නිරීක්ෂණය විය.
මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට පැහැර හරිනු ලැබුවහොත්, තොරතුරු පනතේ 39 වන වගන්තිය ප්‍රකාරව පොදු අධිකාරියට සහ අදාළ තොරතුරු නිලධාරියාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දී ඇත. තවද, නියමිත කාලය ඉක්මවා තොරතුරු ලබාදෙන බැවින් මේ සඳහා කිසිදු ගාස්තුවක් අය කිරීමට අවසර හිමි නොවේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?