News Category
From Date
To Date
Maximum Number of Result

Colombo Dockyad plc කොටස් 51% ක් ඉන්දියානු රජයට අයිති එරට නාවික හමුදාවට ආයුධ සකසන Mezagon Dock shipbldesr සමාගමට විකිණීමට එරෙහිව අද දින පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද ස්වාධීන වහන්සේ සහ දේශප්‍රේමි ජාතික පෙරමුණේ නායක නුවන් බෙල්ලන්තුඩාව මහතා විසින් ජනාධිපතිට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට මෙන්ම බිමල් රත්නායක ඇමතිවරයාට ලිපි යොමු කර තිබේ.

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉහළ පෙළේ මාඕවාදී නායකයෙකු ඝාතනය කළ බව ඉන්දීය හමුදාව නිවේදනය කර තිබෙනවා. මධ්‍යම චතිස්ගාර් ප්‍රාන්තයේ ඉන්දීය ආරක්ෂක හමුදා සමඟ සටන් කරමින් සිටියදී මොහු මියගිය බවයි, ඉන්දීය හමුදාව පවසන්නේ.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

රජෙක් වගේ ගෙදර යන්න හිටිය මහින්ද අයියා හොරෙක් වෙලා ගෙදර ගිය බව ගෝඨාභය රාජපක්ෂ මහතා වරක් පැවසූ බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් ඉතා නොසැලකිලිමත්ව සහ අසංවේදී ලෙස ධනය රැස්කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකුට සහ එක් පොලිස් අධිකාරීවරයෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

තිස් අවුරුද්දක් පැවති යුද්ධයේදී එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් සටන් කළ පිරිසත් එහි සාමාජිකයන්වත් තමන් නියෝජනය කරන ජනතාවට සහ තමාට විරුවන් බව පැවසීමට තනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන තමන් පැකිලෙන්නේ නැති බවත් යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාමනාදන් අර්චුනා පවසයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට කඩිනමින් ළඟාවීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.


ප්‍රධාන පුවත්

සලේට දිනපතා නීතිඥ සහාය බෑ, පුළුවන් සතියකට වතාවයි.. - ශානිගේ තීරණයට සලේගේ බිරිඳගෙන් දැඩි විරෝධය

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කිරීම හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේට දෛනිකව නීතිඥ සහාය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

භාණ්ඩාගාර මංකොල්ලය: වැරැද්ද කාගෙද?.. මහ බැංකුවයි-භාණ්ඩාගාරයයි මූණට මූණ ඇනකොටා ගනී!

ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ණය පියවීම් කටයුතු සඳහා වෙන්කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් මිලියන 750කට අධික) රාජ්‍ය මුදලක් සංවිධානාත්මක සයිබර් ප්‍රහාරයක් (Cyber Theft) හරහා සොරකම් කිරීමේ සිදුවීමක් මුල් කරගනිමින්, මහා භාණ්ඩාගාරය (Treasury) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අතර බරපතල ආයතනික සහ පරිපාලනමය ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.

විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව: ගුරු, විදුහල්පති සේවා වල ස්වාධීනතාවය නැති කරල, වැටුප් විශ්මතාවයක් නෑ කියන්නයි මේ හදන්නෙ - ඒකාබද්ධ ගුරුසේවා සංගමය

ගුරු සේවාවේ උසස් වීමක් ලෙස සලකා විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව යනු වෙනත් වටයකින් සමාන්තර සේවා අහෝසි කිරීමට ගන්නා උපක්‍රමයක් බව ඒකාබද්ධ ගුරුසේවා සංගමය චෝදනා කරයි.

ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..

පසුගිය වසර 30ක යුද්ධයේදී සන්නද්ධ හමුදාවන් සිය වගකීම 100%ක්ම ඉටු කරමින් රට දෙකකට බෙදීමේ තර්ජනයෙන් මුදාගත් බවත්, එලෙස දිනාගත් යුද ජයග්‍රහණය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බෙදුම්වාදී මතවාද පරාජය කිරීමේ වගකීම බාර ගැනීමට විශ්‍රාමික රණවිරුවන් කිසිසේත් පසුබට නොවන බවත් "රණවිරු ජනපවුර" සංවිධානය අවධාරණය කරයි.

ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු අටක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ නඩු ගොඩගැසීමෙන් යුක්තිය පසිඳලීමේ කටයුතු වලට බාධා මතුව ඇතැයි අධිකරණ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්

මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

යුද්ධය අවසන් වූවද බෙම්වාදීන්ගේ මාර්ග සිතියම අවසන් වී නොමැති බවත්, බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම යාමට බිඳවැටුනු ආරක්ෂක හමුදාවක් අවශ්‍ය බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්

යුක්රේනය සහ රුසියාව අතර පවතින ගැටුමේදී රුසියාව ඊනියා “සාමූහික බටහිර” (Collective West ) කඳවුරට එරෙහිව තනිව සටන් කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.