වෛද්‍යවරුන් මාරු කිරීම විධිමත්ව කරන්නයි හදන්නේ - ඇමති නලින්ද
2013 වසරෙන් පසු විධිමත් ලෙස ක්‍රියාත්මක නොවූ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලිය, එළඹෙන 2026 පෙබරවාරි මුල් සතියේ සිට යළි ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
2013 වසරෙන් පසුව වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථානමාරුවීම් නිසි ක්‍රියාපටිපාටියකට අනුව සිදු නොවූ බවත්, මේ හේතුවෙන් ග්‍රාමීය රෝහල්වල දැඩි වෛද්‍ය හිඟයක් නිර්මාණය වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පිළිගත්තේය.
මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා පෙන්වා දුන්නේ, මේ වන විට ග්‍රාමීය රෝහල් සඳහා වෛද්‍යවරුන් අනුයුක්ත කරනුයේ වාර්ෂික ස්ථානමාරු යටතේ නොව පුරප්පාඩු පිරවීමේ පදනම මත පමණක් බවයි.
"මෙලෙස ආදේශකයින් ලෙස පැමිණෙන වෛද්‍යවරුන් රෝහලක රැඳී සිටින්නේ වසරක පමණ කෙටි කාලයක් පමණයි. නමුත් වාර්ෂික ස්ථානමාරු ක්‍රමය යටතේ වෛද්‍යවරයකු අනුයුක්ත කළ විට අවම වශයෙන් වසර පහක කාලයක් එම රෝහලේ සේවය කිරීමට ඔවුන් බැඳී සිටිනවා. ග්‍රාමීය රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීමට නම් මෙම ක්‍රමය අත්‍යවශ්‍යයි." යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
ප්‍රමාද වී ඇති සියලුම ස්ථානමාරු ද ඇතුළත් වන පරිදි 2026 පෙබරවාරි මස සිට නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවත්, ඒ හරහා ග්‍රාමීය රෝහල්වල පවතින වෛද්‍ය හිඟයට තිරසාර විසඳුමක් ලැබෙනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..