කස්සප හිමි ඇතුළු පිරිසට එරෙහි නඩුව: පොලිසිය කළ බලපෑම් අඩංගු අධිකරණ කාර්ය සටහන් අතුරුදන්.. ව්‍යවස්ථාවේ සඳහන් බුදුදහම ආරක්‍ෂා කරන්නෙ බුද්ධ ප්‍රතිමාවක් වැඩමවූ භික්‍ෂූන්ට පහරදී රිමාන්ඩ් කරවීමෙන් දැයි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා අසයි
වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිසි අවසරයකින් තොරව ත්‍රිකුණාමලය සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයට යාබදව බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිසිය විසින් බලංගොඩ කස්සප හිමිපාණන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ සිව් නමකට හා ප්‍රදේශවාසීන් පිරිසකට එරෙහිව ත්‍රිකුණාමලය පොලිසිය මගින් ගොනුකර ඇති පැමිණිලි ඉදිරියට පවත්වාගෙන යෑම වළක්වමින් නියෝගයක් නිකුත් කරන්නේ ද නැති ද යන නියෝගය ලබන 30 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (22දා) පස්වරුවේ දින නියම කළේය.
එමෙන්ම එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ සිව්නම හා ප්‍රදේශවාසීන් පස්දෙනා ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් නියෝගය හා භික්‍ෂූන් වහන්සේලාට හා ගම්වැසියන්ට පහරදුන් බව කියන පොලිස් නිලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට නියෝගයක් කරන්නැයි පෙත්සම්කාර පාර්ශ්වය කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ද එදින නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ තීරණය කළේය.
ත්‍රිකුණාමලය කල්‍යාණවංශ හා බලංගොඩ කස්සප හිමිවරුන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති සී. එන්. වාකිස්ට මහතා විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය හා කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේදී ඊයේ කැඳවිණි.
එම පෙත්සම් කැඳවූ අවස්ථාවේ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා කරුණු දක්වමින් පෙත්සම්කාර භික්‍ෂූන් වහන්සේ ඇතුළු පිරිස දෙවන වරටත් පසුගිය 19 වැනිදා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට අදාළව අධිකරණයේ නියමයෙන් කැඳවනු ලැබූ ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ කාර්ය සටහන්වල ඉතා වැදගත් කොටසක් එනම් සැකකාර භික්‍ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට ඇප ලබාදීමට විරුද්ධත්වය නොදැක්වීමට නම් පොලිස් අධිකාරිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත් කරගත යුතු බවට පොලිසිය කළ කරුණු දැක්වීම එකී කාර්ය සටහන්වල නොමැති බව අභියාචනාධිකරණයට පෙන්වා දුන්නේය. පොලිසිය කළ එකී බලපෑම ඇතුළු සටහන් ඉවත් කර තිබීම ඉතා බරපතළ කරුණක් වන්නේ යැයි ද ජනාධිපති නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඬුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ ඇති ජනවාරි 19 වැනි දිනට අදාළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ සම්පූර්ණ කාර්ය සටහන් කැඳවන ලෙසට නියෝග කළේය.
එම පෙත්සම් දෙකේ වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇති නීතිපතිවරයා හැර ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා, පොලිස්පතිවරයා, මඩකලපුව දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු සෙසු වගඋත්තරකාර පොලිස් නිලධාරීන් හා වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු සෙසු වගඋත්තරකරුවන් 16 දෙනා වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා අධිකරණයට පැවසීය.
බුද්ධ ශාසනයට මුල්තැනදී සම්බුද්ධ ශාසනය රැක බලා ගන්නා බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇතත් බුද්ධ ශාසනය ආරක්‍ෂා කරනුයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කළොත් පොලිසිය භික්ෂුන් වහන්සේලාට වුවද පහරදී අත්අඩංගුවට ගන්නේ යැයි කියන පණිවුඩය සමාජගත කිරීමෙන් වන්නේ දැයි විමසීමට සිදුවී ඇතැයි ද ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා විනිසුරු මඩුල්ල හමුවේදී පැවැසීය.
නීතිඥ ලිලන්ති ද සිල්වා මහත්මිය හා නීතිඥ අනුෂා පේරුසිංහ මහත්මිය මගින් ගොනු කර තිබූ එම පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ කනිෂ්ක විතාරණ මියුරු ඉගලහේවා, සංජීව වීරවික්‍රම ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා හා ජනාධිපති නිතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටියහ. රජයේ අධිනීතිඥ කළන කොතලාවල, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් ශනිල් කුලරත්න යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් වික්‍රම ද ආබෲ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. එම පෙත්සම් සලකා බැලීම සිදුකළ අවස්ථාවේ ත්‍රිකුණාමලය සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරය අයත් අමරපුර නිකාය මුලවංශික පාර්ශ්වය වෙනුවෙන් උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය ලෙව්කේ ඥානිස්සර හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ කිහිපනමක් ද වැඩම කර සිටියහ.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..