පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගුයි ..අලුතින් නාමයෝජනා කැඳවීමට පනත් කෙටුම්පත ගැසට් කෙරේ
2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත් ගැසට් කර තිබේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීට අදාළව කැඳවනු ලැබූ නාමයෝජනා අවලංගු කිරීම සඳහා වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියෝග පරිදි ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.
එම පනත් කෙටුම්පතට අනුව පසුගිය 2023 වර්ෂයේ මාර්තු මස 9 වන දින පැවැත්වීමට දින නියම කරන ලද පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්කරන ලද නාමයෝජනා පත්‍ර අවංගු වනු ඇත.
දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් නම් කරනු ලැබූ අපේක්ෂකයින් සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ තැන්පතු ආපසු ගෙවීමට ද මෙම පනත් කෙටුම්පත මඟින් දැනුම් දී තිබේ.
අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් අනතුරුව පනත ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව මැතිවරණ කොමිශන් සභාව විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත්කළ යුතු අතර එම දිනය පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සිට මාස 3කට පෙර දිනයක් විය යුතු බව සඳහන්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..