2025 පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
පෙරවරුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සිදුකරන ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇති අතර, පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා රජය විසින් ගෙන එනු ලබන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය පැවැත්වෙනු ඇති.
මේ අතර, 2020 වසරේ පැවති 09 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට වඩා මෙවර පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී, තේ පැන් සංග්‍රහවල වියදම් ඉහළ යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.
ඒ මීට අදාළව පළවූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්.
09 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේදි ඒ සදහා රුපියල් දෙලක්ෂ 87,340ක මුදලක් වැය වී තිබුණද මෙවර එනම් 10 වැනි පාර්ලිමේන්තු මංගල සැසියේ තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන් රුපියල් තුන් ලක්ෂ 39,628.55ක මුදලක් වැය වී ඇති බව එහි දැක්වුණා.
අදාළ කාලය තුළ වෙළෙඳපොළේ සිදු වූ මිල උච්ඡාවචනයන් මෙන්ම, ආර්ථික පසුබෑමත් සමග භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම ඊට හේතු වී ඇති බව අදාළ නිවේදනයේ සදහන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..