නීතිවිරෝධී සංක්‍රමණිකයෝ ලක්ෂයක් ලංකාවට එන්න සූදානමින් - පොලිස් අුැමතිගෙන් හෙළිදරව්වක්
ඉදිරි දිනවලදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලක්ෂයකට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බවට තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි රොහින්ග්‍යා සරණාගතයන් පිරිස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදා බුද්ධි අංශය සිදුකළ විමර්ශනවලට අනුව මෙම තොරතුරු ලැබී ඇති බව අමාත්‍ය විජේපාල පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
අනවසර සංක්‍රමණිකයන් පිළිබඳ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්නයක් ලෙස රජය හඳුනාගන්නා බව අමාත්‍ය විජේපාල පැවසීය.
රෝහින්ග්‍යා සරණාගතයන් 116 දෙනකු පසුගියදා බෝට්ටුවකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
“මෙම ගමන සඳහා එම පිරිස මිනිස් ජාවාරම්කරුවන්ට ඔවුන්ගේ මුදලින් මිලියන 80ක් පමණ ගෙවා තිබෙනවා. මේ සරණාගතයින් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි” ඔහු පැවසීය.
නීතිවිරෝධී සංක්‍රමණිකයන් සරණාගතයන් ලෙස හඳුනාගන්නේ නම්, ඒ අනුව ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සඳහන් කළ මහජන ආරක්ෂක අමාත්‍යවරයා, අන්තර්ජාතික නීතිවලට අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව ද සඳහන් කළේය.
“අපි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හරහා සරණාගතයන් පිරිසට අවශ්‍ය ආහාර සහ ජලය ඇතුළු සියලු පහසුකම් සපයා තිබෙනවා” යැයි රොහින්ග්‍යා සරණාගතයන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු දක්වමින් ඔහු පැවසීය.
2024 දෙසැම්බර් 19 වන දින මුලතිව් වෙරළ තීරයෙන් මුදාගත් මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයන් සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්