News Category
From Date
To Date
Maximum Number of Result

2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (27) ආරම්භ වීමට නියමිතව තිබේ. කාරක සභා අවස්ථා විවාදය අද පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂයන් ඇතුළු මුදල් අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය එහිදී සිදුකිරීමට නියමිතය.

කොටහේන ප්‍රදේශයේ මෑතකදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ මරණ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩබලන පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබේ. හැකි ඉක්මනින් වාර්තාව ඉදිරිපත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බව අමාත්‍ය විජේපාල ජනමාධ්‍ය වෙත පවසා ඇත.

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල් අවභාවිත කිරීමට ආධාර අනුබල දෙමින් රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මඟනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් දෙදෙනකු ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ (25දා) නියෝග කළාය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපන කිරීමේදී සිදු වූ බව කියන මුදල් ගනු දෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 2013 වසරේ සිදු වූ එයාර් බස් ගනු දෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතය.

මේ අවස්ථාවේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් උපයන ඩොලර් මුදල් සඳහා බදු මුදල් අය කරගැනීමට සිදුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

රුසියානු - යුක්‍රේන යුදමය තත්වය රුසියානු ජයග්‍රහණය දෙසට තල්ලු වෙමින් පවතින බවත් ඉන් පසුව ලෝකයේ තත්වයන් වෙනස් වනු ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති LEVAN S. DZHAGARYAN මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ”‍යුක්‍රේන ප්‍රොක්සි යුද්ධය : ඇත්ත සහ බොරුව”‍ (Ukraine Proxy War: The Truth and Lies) නමින් ‘අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය‘ විසින් සංවිධානය කළ ඡායාරූප ප‍්‍රදර්ශනය හා සම්මන්ත‍්‍රණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද අවධාරණය කළේය. ‘‘රුසියාව කිසිම විටක යුරෝපා ජාතීන් සහ ඇමෙරිකානු වැසියන්ට කිසිදු විරුද්ධත්වයක් නැති බවත් රුසියාව තුළ ඇත්තේ සමස්ත අධිරාජ්‍යවාදයට එරෙහිව සටනක් පමණක් බවයි. “

බටහිර අධිරාජ්‍යවාදීන් තමන්ගේ අවි ආයුධ යුක්‍රේනයට ලබාදීම හරහා බලාපොරොත්තු වූයේ රුසියාව පරාජය කිරීමට හැකිවනු ඇතැයි කියා වුවද, නමුත් ගතවූ කාලයේ දී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඇතුළු ජනතාවට බටහිර කඳවුරේ යුද උපායික උවමනාව පරාජය කරා ගමන්කරවීමට හැකිවී ඇති බවද ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

වසර 3ක් තිස්සේ පවතින රුසියාවට එරෙහි යුක්රේන යුද්ධය පිළිබඳව මෙරට ජනයා තුළ පවතින ආකල්පය නිර්මාණය කර ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන්, යුරෝපා සංගමයෙන් සහ ඔවුන්ට හිතවාදී රටවලින් මෙන්ම එම රටවලට සමීප මෙරට දේශපාලන සහ සමාජ කණ්ඩුයම්වලින් විසින් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

අමෙරිකාවේ RM PARKS සමාගම, ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී අද (26) විවෘත කළේය.


ප්‍රධාන පුවත්

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.