News Category
From Date
To Date
Maximum Number of Result

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යෝජනා කර තිබූ විශේෂ දැනුවත් කිරීමේ රැස්වීම කල් දමන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඉල්ලා තිබේ.

රුසියා-යුක්රේන ගැටුම වර්තමානයේ අතිශය තීරණාත්මක සහ සංක්‍රාන්ති සමයකට එළඹ ඇති බවත්, එමගින් යුක්රේනය බරපතළ ආර්ථික හා හමුදාමය අර්බුදයකට මුහුණ දී සිටින බවත් අලුත්ම විග්‍රහයන් මගින් පෙන්වා දෙයි.

22 වන ව්‍යවස්ථා සංශෝධනයේ විනිසුරුවරුන් සම්බන්ධයෙන් සිදුවූ සාකච්ඡාවේදී කිසිඳු විද්වතෙකු සමග සාකච්ඡා කර නොමැති බවත්, විද්වතුන් ලෙස සලකා ගන්නා පැලවත්තේ පුද්ගලයන් සමග පමණක් සාකච්ඡා කර ඇති බවත් ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පවසයි.

2021 වසරේ ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ දී ගිනි ගෙන විනාස වූ X - Press Pearl නැවේ හිමිකරුවන් ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් අය කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද අමෙරිකානු ඩොලර් බිලියනයක (රුපියල් කෝටි 30,000ක) වන්දි මුදල අහිමි කිරීම පිළිබඳ ව ජනාධිපති අනුර දිසානායකට සහ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනට එරෙහි ව එල්ල වී ඇති චෝදනාවක් පිළිබඳව ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය අන්තර්ජාල නාලිකාව හරහා කරුණු අනාවරණය කරයි.

අද (20) සිට දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

‍22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයින් පිරිසක් අද (20) පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

''මේ ලංකා ඉතිහාසයේ වෙච්ච තවත් වංචාවක්, මේක රේගුව ඇතුළේ අර කන්ටේනර 123ට අමතරව වුණු වංචාවක්'' යැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක (19) වැනිදා පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදුකළේය.

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් ජනමත විචාරණයක් පවත්වන ලෙසත් ඉල්ලමින් යාපනයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත කරුණු 15ක සන්දේශයක් බාර දී ඇති බව වාර්තා වේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ‘කංජිපානි ඉම්රාන්’ නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවට සමාජ මාධ්‍ය හා ඇතැම් පාර්ශව අතර ප්‍රචාරය වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල තහවුරු කරයි.


ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.