ඥානසාර හිමිගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කරලා.. - ගම්මන්පිලගෙන් අනාවරණයක්
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ සිවුර බලහත්කාරයෙන් ඉවත් කර ජම්පරයක් ඇන්දවීමට කටයුතු කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.
පසුගිය ඔක්තෝබර් 08 වන දින බන්ධනාගාරයට ගොස් ඥානසාර හිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ පිළිබඳව තමන්ට පැහැදිලි කළ බව ඔහු සඳහන් කළේය.
2018 වසරේද මෙවැනිම සිදුවීමකදී හිමියන්ගේ විරෝධය මත නිලධාරීන් එය අත්හැර දැමුවද, මෙවර නිලධාරීන් පිරිසක් එකතුවී බලහත්කාරයෙන් ජම්පරය ඇන්දවීමට උත්සාහ කර ඇත.
මෙම සිදුවීම බන්ධනාගාර නිලධාරියෙකු විසින් ජංගම දුරකථන කැමරාවක් මඟින් වෙනත් ස්ථානයක සිටින අයෙකුට නිරීක්ෂණය කිරීමට සලසා දී තිබූ බවත්, උන්වහන්සේගේ සහ අදාළ නිලධාරීන්ගේ බලවත් අකමැත්ත මත ඉහළ නායකයන්ගේ බලපෑමක් නිසා මෙම සිදුවීම සිදුව ඇති බවත් ගම්මන්පිල මහතා කියා සිටියේය.
එහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා,
''ගලබොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි පසුගිය ඔක්තෝබර් 08 වැනිදා මම උන්වහන්සේ බැහැදකින්න වැලිකඩ බන්ධනාගාරයට ගියා. එතනදී උන්වහන්සේගේ සිවුරු ගලවලා ජම්පර් ඇන්දවීම සිදුවුණේ කොහොමද කියන එක ගැන මට පැහැදිලි කිරීමක් සිද්ධ කළා. 2018 දී වගේම මේ අවස්ථාවෙත් නිලධාරීන් ජම්පර් අන්දන්න උත්සාහ කරද්දී හාමුදුරුවෝ සුපුරුදු පරිදි විරෝධය පළ කළා. නමුත් 2018 දී හාමුදුරුවන්ගේ විරෝධය හමුවේ නිලධාරීන් වැඩේ අතහැරියත් මෙවර නිලධාරීන් වැඩේ අත්හරින්න සූදානම් වුණේ නැහැ. ඒ වෙනුවට නිලධාරීන් විශාල පිරිසක් එකතුවෙලා හාමුදුරුවන්ව බලහත්කාරයෙන් ජම්පරේ ඇන්දවීමේ වෑයමක නිරත වුණා.
මෙතනදී එක නිලධාරියෙක් තමන්ගේ ජංගම දුරකථනයේ කැමරාව ක්‍රියාත්මක කරමින් කවුරුහරි වෙනත් ස්ථානයක සිටින බලවත් පුද්ගලයෙකුට නිලධාරීන් බලහත්කාරයෙන් ජම්පරේ ඇන්දවීමට දරන වෑයම නිරීක්ෂණය කරන්න අධීක්ෂණය කරන්න අවස්ථාව සලසා දුන්නා කියන එක හාමුදුරුවෝ දැකලා තිබුණා. ඒ නිසා හාමුදුරුවන්ට ජම්පර් ඇන්දවීම සිදුවුණේ හාමුදුරුවන්ගෙත්, නිලධාරීන්ගෙත් බලවත් අකමැත්ත තිබියදී මාලිමාවේ ඉහළ නායකයන්ගේ බලපෑම මතයි කියන එක අපි ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.
අවසාන වශයෙන් තමන්ගේ ඇඟේ ඉතුරු වුණු භික්ෂූත්වය එකම ලකුණ වෙච්ච අඳනකඩය ගලවල අතට ගත්තම හාමුදුරුවෝ දැඩි කම්පාවකට පත්වුණා. නිලධාරීන් ඒ අඳනකඩය භාරගන්න අත් දිගු කරාම හාමුදුරුවෝ මනසේ ඇතිවෙලා තිබ්බ දැඩි කම්පනය නිසා නිලධාරීන්ට අඳනකඩය දෙන්නේ නැතුව අඳනකඩය උඩට විසි කරා. ඒක ඒ ස්ථානයේ කැරකැමින් තිබුණු විදුලි පංකාවේ රැඳී තිබෙනවා. ඥානසාර ස්වාමීන් වහන්සේට ජම්පරේ ඇන්දවීම සිදුවුණේ උන්වහන්සේගෙත්, නිලධාරීන්ගෙත් දෙපාර්ශ්වයම බලවත් අකමැත්ත මත ඉහළින් ආපු බලපෑමක් නිසාය කියන එක අපි අවධාරණයෙන් කියා සිටිනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..