රත්නපුර ශික්ෂණ රෝහලේ ගැටලුව විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වීම ගැන GMOA නිවේදනයක්..
රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා ස්ථාන මාරු කර තිබේ.
ඒ එම රෝහලේ වෛද්‍යවරුන්ගේ දින දෙකක වැඩ වර්ජනයෙන් පසුවයි.
මෙම පියවරෙන් පසු එම රෝහලේ ක‍්‍රියාත්මක කර තිබූ වෛද්‍ය වැඩ වර්ජනය අවසන් කිරීමට පියවර ගෙන ඇත.
එම ස්ථාන මාරු කිරිමට පෙරාතුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
රත්නපුර ශික්ෂණ රෝහලේ ගැටලුව විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වීමෙන්, රත්නපුර රෝහලේ වෛද්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව දෙවැනි දිනටත්.
රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ පීඩාකාරී සහ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය දැඩි පීඩාවකට පත්ව සිටින අතර එය රෝහලේ රෝගී සත්කාර සේවාවන්ට ද බලපා ඇත.
අදාල අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පවත්වා රෝහල් කාර්ය මණ්ඩලය මුහුණ දී ඇති ගැටළු විසඳමින්, ආරක්ෂිත වෘත්තීය පරිසරයක් රෝහල තුළ ඇතිකිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වීම හේතුවෙන් මීට පෙර ප්‍රකාශයට පත්කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කල්දැමුවද, මෙතෙක් එම එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් අපොහොසත් වී ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශ විමර්ශනය ආරම්භ වුවද, අදාළ ප්‍රශ්නගත රෝහල් අධ්‍යක්ෂවරයා තනතුරේ සහ රෝහල තුළ සිටියදීම විමර්ශනය පැවැත්වීම පිළිගත නොහැකි තත්ත්වයකි.
එය අදාළ විමර්ශනයේ අපක්ෂපාති සහ පාරදෘශ්‍ය බවට දැඩි බාධාවක් වී ඇති අතර, අධ්‍යක්ෂවරයාට ඇති චෝදනා වල සාක්ෂිකරුවන්ටද බලපෑම් එල්ල වෙමින් පවතී. විමර්ශනයට අදාල ලිපි ලේඛන වෙනස් කිරීමේ සහ අස්ථානගත වීමේ අවදානමක් පිළිබඳවද තොරතුරු වාර්තා වී ඇත.
එසේම අදාල රෝහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යංශ විමර්ශනය මඟ හරිමින් කටයුතු කරන ආකාරයක්ද දක්නට ඇත.
එමෙන්ම බාහිර පුද්ගල කණ්ඩායම් විටින් විට රෝහල තුළට පැමිණෙමින් වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට විවිධ තර්ජන සිදුකිරීම හේතුවෙන්, රෝහල් පරිශ්‍රය තුළ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් ද නිර්මාණය වී ඇත.
මෙම ප්‍රවණතාවයන් සමාලෝචනය කරමින්, රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියා කලාපයට සාධාරණ පාරදෘශ්‍ය විමර්ශනයක් පැවැත්වීමට බල කරමින්, එතෙක් ඔහු රෝහල් අධ්‍යක්ෂ තනතුරෙන් තාවකාලිකව ඉවත් කිරීමට ඉල්ලා සිටිමින් සහ රෝහල් පරිශ්‍රය තුළ ආරක්ෂාව තහවුරු කිරීමට ඉල්ලා සිටිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු වගකිවයුතු බලධාරීන් සමඟ සාකච්ඡා කීපයක් පැවැත්වුවද, මෙතෙක් එම ගැටළුවට විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වී ඇත.
පවතින සම්මත ක්‍රමවේදය තුළ මෙම ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට ඕනෑවටවත් වඩා කාලය ලබා දී තිබුණද, රත්නපුර රෝහලේ වෛද්‍යවරුන්ගේ ආරක්ශාව තහවුරු කිරීම සහ රෝගී සත්කාර සේවාවන් පවත්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය සාධාරණ විසඳුම් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් අසමත් වී ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් තම වගකීම් ඉටු නොකිරීමේ පසුබිමක රත්නපුර රෝහලේ ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රත්නපුර ශික්ෂණ රෝහල් ශාඛාව ඊයේ දින, එනම් 2025.09.02 වන අඟහරුවාදා දින උදෑසන 08.00 සිට ආරම්භ වන පරිදි පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් රත්නපුර ශික්‍ෂණ රෝහල තුළ ආරම්භ කරන ලදී.
එහෙත් අද දින උදෑසන වනතුරුත් මෙම අර්බුදය විසඳීම සඳහා කිසිදු සාධනීය විසදුමක් ලබාදීමට, සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් අසමත් වීම ඇතුලු ප්‍රවණතාවයන් සමාලෝචනය කරමින්, අද දින උදෑසන 08.00 ට අවසන් වීමට තිබූ සංකේත වැඩ වර්ජනය, අඛණ්ඩව දෙවැනි දිනටත් දීර්ඝ කිරීමට, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ රත්නපුර රෝහල් ශාඛාව විසින් තීරණය කරන ලදී.
මෙම වැඩ වර්ජන කාලසීමාව තුළදී හදිසි සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා එලෙසම පවත්වාගෙන යනු ලබන අතර, දෛනික ප්‍රතිකාර සේවාවන් සියල්ල අඩාල වනු ඇත.
මෙම වැඩවර්ජනයේ සම්පූර්ණ වගකීම රෝහල් අධ්‍යක්ෂවරයා සහ එම ගැටලුව විසඳීමට ඕනෑ තරම් කල් ලබා දී තිබියදීත්, එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමට අසමත් වූ සෞඛ්‍ය අමාත්‍යංශ බළධාරින් භාරගත යුතුය.
මෙම ගැටලුව විසඳිම සඳහා දරණ ඇතැම් ප්‍රයත්නයන්ද සෞඛ්‍ය අමාත්‍යංශය තුලට මෑතක පැමිණි යම් නිලධාරීන් හා පාර්ශවයන් විසින් අවහිර කරමින් සිටින බවට තොරතුරු ලැබි ඇති අතර එමඟින් අවසානයේ සිදු වනුයේ මෙම ගැටලුව තවත් තිව්‍ර වී රත්නපුර ශික්ෂණ රෝහලේ රෝගී සත්කාර සේවාවන් සම්පූර්ණයෙන්ම අඩපණ වීම පමණි.
වෛද්‍යවරුන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලයේ සහ රෝගීන්ගේ ජිවිත ආරක්ෂාව නොතකා හරිමින් තවදුරටත් මෙම ගැටලුව විසඳිමේ වගකීම ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු වගකිවයුත්තන් අසමත් වන්නේ නම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියේදි තවත් තිව්‍ර කිරීමට වුවද සිදු වනු ඇති අතර එහි සමස්ථ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය භාර ගත යුතුය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..