News Category
From Date
To Date
Maximum Number of Result

අයි.එස්.අයි.එස් විදේශීය අන්තවාදී ත්‍රස්ත සංවිධාන මෙරට ව්‍යාප්ත කිරීමට දායක වෙමින්, ඊට මුදල් ආධාරය ලබා දුන්නේ යැයි කියන සැකකරුවන් 15 ක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඉදිරියේ පැමිණිලි 15ක් ගොනු කළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (17) පැවසීය.

මෙම වසරේදී මෙරටට ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 22,950 ක් රේගුව නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් රේගුව රඳවා ගත් ලුණු තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි 91.81 ක් බවත් ආරංචි මාර්ග පැවැසුවේය.

‘වටවල තේ’ නිෂ්පාදනය ප්‍රවර්ධනය සඳහා මෑතකදී නිකුත් කළ “Him, Her and Them” නම් කෙටි චිත්‍රපටය LGBTQI තේමාවන් ප්‍රවර්ධනය කළ බවට එල්ල වූ මහජන විවේචන හමුවේ ඉවත් කර ඇති අතර, මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ 'කූඹියෝ' ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්න බව සමාජ මාධ්‍ය තුළ තොරතුරු හුවමාරු වෙමින් පවතී.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ආසියානු සංවර්ධන බැංකුව එක් ව සකස් කළ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සැලැසුම් හේතුවෙන් අද වන විට මන්නාරම දූපතේ ජනතාව හා එහි ජෛව ප්‍රජාව දැවැන්ත අනතුරකට මුහුණ දී ඇති බව පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි.

ඉන්දීය නිල සංචාරයේ නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව තිබේ.

DEI (Diversity, Equity, and Inclusion) නාමයෙන් ආයතන තුළ සමලිංගික හැසිරීම සහිත පිරිස් වලට විශේෂිතව සැලකීම මගින් සමලිංගිකත්වය ආයතන තුළ ප්‍රචලිත කිරීම සහ අවසානයේ දී සමාජය තුළ ප්‍රචලිත කිරීම මගින් සමස්ත සමාජය බිඳවැට්ටවීමේ දුෂ්ට මෙහෙයුමට ශ්‍රී ලංකාවේ රාශියක් දායක වන බව අප පාඨකයින් රාශියක් අප වෙත දන්වා ඇත.

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශව දෙකක් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

මෑතකදී අත්අඩංගුවට ගන්නා ලද පුවක්දණ්ඩාවේ සනා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ජාතික ජන බලවේගයේ ප්‍රබල ආධාරකරුවෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා සඳහන් සඳහන් කරයි.


ප්‍රධාන පුවත්

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.