ඉරාන රජයට එරෙහි විරෝධතා දඩමීමා කරගනිමින් අමෙරිකාව ඉරානයට අත පෙවීමේ සූදානමක..
ඉරානය තුළ මේ වන විට ක්‍රියාත්මක වන රජයට එරෙහි විරෝධතාවලට අමෙරිකානු එක්සත් ජනපදය මැදිහත් වුවහොත්, එය රතු ඉර ඉක්මවා යාමක් ලෙස සලකා පසුතැවීමට සිදුවන ආකාරයේ දැඩි ප්‍රතිචාරයක් ලබා දෙන බව ඉරාන ඉහළ පෙළේ නිලධාරීන් අනතුරු අඟවා තිබේ.
ඉරාන රජය විසින් විරෝධතාකරුවන්ට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවහොත්, ඔවුන් බේරා ගැනීම සඳහා අමෙරිකාව මැදිහත් වන බවට ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගිය සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කිරීම මෙම උණුසුම් තත්ත්වයට මූලික හේතුව වී ඇත.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ අමෙරිකාව මේ සඳහා ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බවයි.
මෙම තර්ජනයට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ උපදේශක අලි ෂම්කානි පවසා ඇත්තේ, ඉරානයේ ජාතික ආරක්ෂාව යනු "රතු ඉරක්" මිස වික්‍රමාන්විත ට්විටර් පණිවිඩ සඳහා ඇති විෂයක් නොවන බවයි. ඕනෑම ව්‍යාජ හේතුවක් මත ඉරානයේ ආරක්ෂාවට අත පෙවීමට උත්සාහ කරන ඕනෑම හස්තයක් කපා දමන බවට ද ඔහු අනතුරු ඇඟවීය.
මීට අමතරව, ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලාරිජානි පෙන්වා දී ඇත්තේ අමෙරිකානු මැදිහත්වීම මුළු කලාපයේම ස්ථාවරත්වයට තර්ජනයක් වන අතර, මැද පෙරදිග සිටින අමෙරිකානු සොල්දාදුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ද අමෙරිකානු ජනතාව අවධානය යොමු කළ යුතු බවයි.
ඉරානය මීට පෙරද කලාපයේ සිටින අමෙරිකානු සෙබළුන්ට ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර ඇති අතර, පසුගිය ජුනි මාසයේදී කටාරයේ පිහිටි අමෙරිකානු ගුවන් කඳවුරකට ප්‍රහාර එල්ල කර තිබුණි.
ඉරාන මුදල් ඒකකය වන රියල් අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මිලියන 1.4 ක් දක්වා අසාමාන්‍ය ලෙස පහත වැටීම හේතුවෙන් හටගත් ආර්ථික අර්බුදය මෙම විරෝධතාවලට මූලික හේතුව වී තිබේ.
මේ වන විට විරෝධතා හයවන දිනටත් ක්‍රියාත්මක වන අතර, එහිදී පුද්ගලයන් හත් දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.
මෙය 2022 වසරේ මහ්සා අමිනිගේ මරණයෙන් පසු ඉරානයේ ඇති වූ විශාලතම නොසන්සුන්තාව ලෙස සැලකේ.
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් මුලදී විරෝධතාකරුවන්ගේ "සාධාරණ ඉල්ලීම්වලට" සවන් දෙන ලෙස රජයට උපදෙස් දෙමින් සාකච්ඡාමය ප්‍රවේශයක් ගත්තද, දැනට පවතින තත්ත්වය හමුවේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ඕනෑම විදේශීය මැදිහත්වීමකට හෝ "ද්‍රෝහී ක්‍රියාවකට" එරෙහිව දැඩි පියවර ගන්නා බවට අනතුරු අඟවා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..