2022 වසරෙන් පසුව සිදුවන දරුණුතම නොසන්සුන්තාවයකට ඉරානය මුහුණ දෙමින් සිටී
දිගු කාලීන ආර්ථික අර්බුදයක් සහ ජාතික මුදල් ඒකකයේ දැඩි අස්ථාවරත්වය හේතුවෙන් ඇති වූ මහජන විරෝධතා රැල්ලකට ඉරානය මේ වන විට මුහුණ දී තිබේ. විරෝධතා දක්වන ජනතාව සමඟ තම නියෝජිතයන් සම්බන්ධ වී සිටින බව කියා සිටි ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු ඒජන්සිය විසින් මෙම නොසන්සුන්තාවයට සතුට පල කරන පණිවිඩ සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කර ඇත
ඉරාන රියාලය ඩොලරයට සාපේක්ෂව වාර්තාගත අවම අගයක් වූ මිලියන 1.44 ක් පමණ දක්වා පහත වැටීමෙන් පසු පසුගිය සති අන්තයේ ටෙහෙරාන් වෙළෙන්දෝ වර්ජනයක නිරත වීමත් සමඟම සිදුවීම් ආරම්භ විය. මිට වසරකට පෙර රියාලය ඩොලරයට සාපේක්ෂව 860,000 ක් වූ අගයක රැඳී තිබුණි. කෙසේ වුවද ඉරාන නිලධාරීන් ආර්ථික ගැටළු පිළිගෙන නොසන්සුන්තාවයට 'තීරණාත්මක ප්‍රතිචාරයක්' ලබා දෙන බවට පොරොන්දු විය.
ඉරානයේ පරම ප්‍රතිවාදියා වන ඊශ්‍රායලය විවෘතව නොසන්සුන්තාව අනුමත කළ අතර, මොසාඩ් ඔත්තු ඒජන්සිය එහි ෆාර්සි භාෂා X ගිණුමෙන් විරෝධතාකරුවන් දිරි ගන්වමින් ඔවුන්ගේ නියෝජිතයන් විරෝධතා දක්වන ජනතාව තුළට කාවැදී ඇති බව ප්‍රකාශ කළේය. "එකට වීදි බැස යන්න. කාලය පැමිණ ඇත. අපි ඔබ සමඟ සිටිමු," මොසාඩ් ඔත්තු ඒජන්සිය එහි ෆාර්සි භාෂා X ගිණුමේ ලියා පළ කළේය. "දුර සිට හෝ වචන හරහා පමණක් නොවේ. අපි ඔබ සමඟ භූමියේ ද සිටිමු."මොසාඩ් ඔත්තු සේවය අවධාරණය කළේය.
නොසන්සුන්තාව රට පුරා නගර කිහිපයකට පැතිර ගිය අතර එය දේශපාලනික ප්‍රශ්නයක් බවටද පත් විය. 1979 දී ඉස්ලාමීය විප්ලවය විසින් පෙරළා දැමූ රාජාණ්ඩුව නැවත ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටි සමහර විරෝධතාකරුවන් දැක්වූ විරෝධතා බොහෝ ස්ථානවල ප්‍රචණ්ඩකාරී විය. අන්තර්ජාලයේ සංසරණය වන තහවුරු නොකළ දර්ශනවලින් පෙනී යන්නේ, විරෝධතාකරුවන් ඉරානයේ ප්‍රභූ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) සම්බන්ධ රජයේ ගොඩනැගිලි සහ වෙනත් ස්ථාපනයන්ට පහර දී ඒවා ගිනි තබන ආකාරයයි.
IRGC තුළ පැරාමිලිටරි මිලීෂියාවක් වන Basij හි කඳවුරක් වයඹදිග ඉරාන නගරයක් වන Chenareh හි ගිනි තබා ඇති බව වාර්තා වේ. අන්තර්ජාලයේ සංසරණය වන සත්‍යාපනය නොකළ දර්ශනවලින් පෙනී යන්නේ කඳවුරේ පරිශ්‍රය විශාල පිරිසක් විසින් කඩා දැමූ බවත්, ගොඩනැගිල්ල තුළ විවෘත ගිනිදැල් දක්නට ලැබෙන බවත්ය.
බටහිර ඉරාන නගරයක් වන Anza හි රූගත කර ඇති බව විශ්වාස කරන තවත් වීඩියෝවකින්, විරෝධතාකරුවන් විශාල පිරිසක් ආරක්ෂක හමුදා කොතැනකවත් නොපෙනෙන දේශීය IRGC ගොඩනැගිල්ලක් පුළුස්සා දමන ආකාරයද නිරූපනය වේ.
බටහිර නහවාන්ඩ් නගරයේ රූගත කර ඇති තවත් වීඩියෝවකින්, ආරක්ෂක හමුදා යැයි විශ්වාස කරන කළු ඇඳුමින් සැරසුණු පුද්ගලයින්, නොපෙනෙන කණ්ඩායමකට වෙඩි තබා පලවා හරින ආකාරය සහ සිවිල් වැසියන් ඔවුන්ට ගල් විසි කරමින් සහාය දක්වන ආකාරය පෙන්වයි.
විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර මරණ සහ තුවාල වාර්තා වී ඇත. 2022 දී හිජාබ් නුසුදුසු බවට චෝදනා ලැබූ 22 හැවිරිදි මහ්සා අමිනී පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය යාමෙන් ඇති වූ කැලඹීමෙන් පසු ඇති වූ දරුණුතම විරෝධතා මෙය බව දේසහ්පාලන විශ්ලේෂකයෝ පවසති. එම විරෝධතා සති ගණනාවක් පුරා ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාවයක් ඇති කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රට පුරා 200 කට අධික පිරිසක් මිය ගිය අතර දහස් ගණනක් අත්අඩංගුවට ගන්නා ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා