2025 අප්‍රේල් මාසය මුල්කරගෙන මහා සමාගම් 2ක් සතොස ආයතනයේ සභාපතිවරයාට සහ කළමානාකරුවන්ට රුපියල් දහස් ගණනින් වවුචර්පත් 150ක් ලබාදී ඔවුන්ගේ භාණ්ඩ අඩු කොමිස් මුදලකට ප්‍රචලිත කිරීමට කරන ලද පෙළඹීමක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විර්ශණ කොමිසමට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් තවදුරටත් කටඋත්තර ලබාදීම සඳහා එම කොමිසමට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැමිණ තිබිණි.
රටේ බෞද්ධාගම ආරක්ෂා කිරීම සඳහා මෙතෙක් පවත්වාගෙන ගිය බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ඉවත් කිරීම ඇතුළු රටේ බරපතළ ගැටලු කිහිපයක් විසඳීමට මැදිහත් වන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහනාහිමියන්ට සහ නියංගොඩ විජිතසිරි සහ දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු අනු නාහිමිවරුන්ට ඊයේ (19) ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය.
රටේ අනාගත පරම්පරාවේ කොඳු නාරටිය බිඳින, අනන්‍යතාව නැති කරන, මොළ විකෘති කර මුල් සිඳ බිඳ දමන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අග්‍රාමත්‍ය හරිනි අමරසූරිය ගෙනවිත් ඇති බවත්, මේ දේවල් කිරීමට හරිනි අමරසූරියට USAID එකෙන් සල්ලි ගෙවා ඇත්දැයි ප්‍රශ්නයක් මතුවන බවත් හෙළ අභිමන් හෙළ අභිමන් ජාතික පෙරමුණේ නායක ආචාර්ය සුපුන් ජයසිංහ මහතා පවසයි.
ප්‍රධාන පුවත්
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්