ඉංග්‍රීසි විෂයයේ මොඩියුලයට Buddy.net දැමූ උපදේශක මණ්ඩලයේ සිටි ආචාර්යවරයකුගේ දුව පළාත් පාලන මැතිවරණයේ දී NPPයෙන් ඡන්දයත් ඉල්ලා..
හය ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයයේ මොඩියුලයට ගැටලු සහගත වෙබ් අඩවියක් ඇතුළත් කිරීමට සම්බන්ධව අදහස් දක්විමින් ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් අමිල සඳරුවන් පවසන්නේ මෙම මොඩියුලයේ උපදේශක මණ්ඩලයේ සිටින ආචාර්යවරයකුගේ දුව පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී එන්.පී.පී.යෙන් ඡන්දය ඉල්ලා ඇති බවය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව කී ලේකම්වරයා මෙසේද පැවසීය.
‘‘ලිංගික අධ්‍යාපනය කියන එක රටකට අවශ්‍යයයි. නමුත් ඒ සඳහා වන ප්‍රමිතීන් තිබෙනවා. නියාමයන් තිබිය යුතුයි. මොඩියුල සකස් කිරීමට ප්‍රාමාණික වියතුන් සම්බන්ධ කර ගන්න කියලා අපි කිව්වා. දෙමව්පියන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේවට සම්බන්ධ විය යුතුයි. විශ්වවිද්‍යාලවල තියෙන අධ්‍යාපන පීඨ හතරෙන් කිසිම ආචාර්යවරයෙක් සම්බන්ධ කර ගත්තේ නැහැ. මේ ප්‍රතිසංස්කරණ බිඳ වැටෙන්න ප්‍රධාන හේතුවක් ඒක. මේ ප්‍රශ්න සහගත මොඩියුලය පාසල්වලට යවනකල් කිසිකෙනෙක් දන්නේ නැහැ. සමලිංගික වෙබ් අඩවියක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ. ප්‍රශ්නය ඊටත් එහා ගිහිල්ලා තියෙන්නේ.
ඒ මොඩියුලය සකස් කළ කර්තෘ මණ්ඩලය සහ උපදේශක මණ්ඩලයේ මරු පිරිසක් ඉන්නවා. ඒ උපදේශක මණ්ඩලයේ ඉන්නවා ජාතික අධ්‍යාපන ආයතනයේ එක ආචාර්යවරයෙක්. ඔහුට විරුද්ධව විගණන පරීක්ෂණයක් කරලා වාර්තාවක් තියෙනවා. අධ්‍යාපන සුදුසුකම් නොමැතිව තනතුරු දරලා මූල්‍ය වංචාවක් කරලා තියෙනවා. ඒ ගැන පරීක්ෂණයක් කරලා තියෙනවා. දුව එන්.පී.පී. එකෙන් පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වුණු කෙනෙක්. මේ තොරතුරු ගැන ආණ්ඩුව වගකියනවාද?
ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපපන ලේකම්වරයා, අධ්‍යාපන ඇමැතිවරිය තමන්ට විරුද්ධව ද සී.අයි.ඩී. යන්නේ? ඔවුන්ට මේ ප්‍රශ්නය අපි කිව්වානේ කලින්. ඔවුන් හරිනම් ඉල්ලා අස්වෙන්න ඕනෑ. එන්.පී.පී. එක තමන්ගේ බල ව්‍යාපෘතිය ඇතුළේ මේ කළ වැඩේ වහගන්නේ කොහොමද කියලා අපි අහනවා. ඔය ආචාර්යවරයා ගැන අපි හරිනි අමරසූරියට ලිඛිතව දැනුම් දුන්නා. මෙයාව මේ වැඩේට ගන්න එපා කියලා අපි කිව්වා නමුත් ඇහැව්වේ නැහැ.’’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි